මම සිද්දි ටිකක් කෙටියෙන් කියන්නම්කො
ඉස්සෙල්ලාම ඕන් මම ඩොමේනයක් ගත්තා ( කොල්ලා වෙබ් කාඩ් එකක් ගත්තා නොවැ. පොර වගේ ගිය ගමන් මගෙ බ්ලොගින් උගන්නන සයිට් එකට ඩොමේනයක් ගත්තා [ www.boggerhacks.info] . හදිස්සියට "එල්" අකුර ගහල නෑ. bogger කියල ගහල , මට ඉතින් සුපිරි කරුමයක් නෙ තියෙන්නෙ ) මේක නම් හරිද කියල 100 පාරක් විතර බලල ගත්තෙ. ) ඩොමේනය මතක තියා ගන්නත් ලේසියි. අනිත් අයටත් කියන්න හොඳෙ ...
www.dragond.info
මම 6720 ෆෝන් එකක් ගත්තා. කතා කරල වඩක් නෑ , සොෆ්ට්ලොජික් ලගෙන් ගත්තෙ [ කඩේ ගානට වඩා 6000 ක් වැඩියෙන් දීල ( මට ඉතින් අහවල් තැනෙ අමාරුවනෙ ) කොම්පැනියෙන්ම ගන්නව කියල පොර වගේ ගිහින් ගත්තෙ ! ] , ඩිස්ප්ලේ එකෙ ඩස්ට් කෑල්ලක් තියෙනවා , මම ඒක පෙන්නුවම කිව්ව දැන් බිල් කරල ඉවරයි , මාස 3 න් අරන් එන්න , රෙපෙයාර් කරල දෙන්නම් ලු , මුන්ගෙ අම්මලට W%*#$%@$ !! ඒ මදිවට ගෙදර ආවට පස්සෙ කෝල් කරන කොට ස්පීකරේ දෙදරනව , හත්තිකෙ මේව මටමනෙ වෙන්නෙ ... මීට වඩා හොඳයි 1100 එකක් අරන් ඉතුරු සල්ලි වලින් බ**ක් ගහල ගෙදර අවිත් නිදා ගත්තා නම් , නෑ මම කියන්නෙ මේ වගේ දේවල් වෙනකොට තරහ යන්නෙ නැද්ද කියන්නකෝ. .. ශෙක් , මට නම් හරිම අපලයි ... දේන් ආයෙ රත්නපුර යන්න වෙනව මේ මල හත්තිලව්ව මාරු කරන්න ... තාත්තා ලඟදිම මගේ පුත්‍රත්වභාවය අහෝසි කරල මාව ගෙදරින් එලියට ප්‍රක්ශිප්ත කරනව ...
[ අම්මප , ෆෝන් එක ලෙඩ .. ]
ඉස්සර ඩයරිය කියෝපු අය දන්නව ඇතිනෙ මම ලැප්ම කීයක් මාරු කලාද , සොෆ්ට්ලොජික් ලගෙන් ගත්ත දැන් තියෙන එකෙත් ඩෙඩ් පික්සල් බව... ( හොන්ද වෙලාවට තාම එකයි )
හ්ම්ම් ... විබාගේත් ලිව්ව, හැබැයි ඉතින් ලිව්ව කිව්වට ලිව්වම කියන්නත් බෑ ... පිසික්ස් පේපර් එකෙ ( පලවෙනි එක ) තව විනාඩි පහයි කියල සර් කාරය බෙරිහන් දෙන කොට තව ඉරි ගහන්න 20 ක් විතර ඉතුරුයි.. අනා රූනා කියල ඒටිකට ඉරි ගැහුව .. ඒ මදිවට කොපි කරන්න කියල එහා පැත්තට දා ගත්ත අම්මගෙ පුතා ඕනි එව පෙන්නන්නෙ නෑ... ඕනි නෑති ඒව බලෙන්ම දෙනව ... අනිත් පැත්තෙ හීටියෙ ගල් මෝඩයෙක් , ඒක නිසා කොපි කිරීමේ ඔපරේශන් එක ෆේල්ඩ් උනා... චෙමෙස්ට්‍රය් පේපර් එකෙදි පේපර් එක හදපු කුමාරිහාමි ගෙ අම්මවයි , තාත්තවයි මතක් කර කර හිටියා , ගණන් එකෙදි නම් මොනවැයින් මොනව උනාද කියල මතක නෑ ..
කොහොමෙන් කොහොම හරි අවුරුද්දට ගෙදර ස්කින් එකෙ මාරු කරීමේ වියාපාරය මේ ටිකෙ කෙරීගෙන යනව. ඩිස්ක් ඩිෆ්ෆ්‍රැග්මන්ට් එකකුත් දීල , අන්වෝන්ටඩ් , ඕල්ඩ් බඩු ටික අයින් කලා ( මගේ කාමරෙන් ) ඔය අතරෙ සීයගෙ කබඩ් එකකුත් මගෙ කාමරෙ තිබ්බා , මට ලොකු ඕනි කමක් තිබ්බා ඕක සියලාගෙ ගෙදෙට්ට ගුවන්ගත කරන්න . ඒත් ඒක ඉඩක් ලැබුනෙ නෑ . අන්තිමට කොහොම හරි ස්කින් එක මාරු කරන ගමන් ඒක කරන්න චාන්ස් එක ආව. මායි , අය්යයි , [ ඉන්ට්‍රොඩියුසින් ] සම්පත් නොහොත් පිස්සන්ගෙත් පිස්සයි තමා වැඩෙට සෙට් උනෙ.
පේන්ට් කරන උන්දැලයි , තව වැඩ කරන උන්දැල 3 දෙනෙකුයි එකතු වෙලා බොහෝම අමාරුවෙන් කටු ලොරියක ඕක පටෝ ගත්තා. දැන් ඉතින් ඕක ගෙනිහින් බාන්නෙ 80 පැනපු සීයයි ආච්චියි ද ? මටයි , අය්යටයි ( අලුතෙන් කියෝන අයට - මගෙම අය්යා නෙමෙයි , මාමගෙ පුතා ) සම්පතයටයි පැටෙව්වා වගේම නැගල පල කියල ඉහලින් නියෝගයක් ආව. අර කටු ලොරියෙ නැගල යනවට වඩා හොඳයි ඉස්කොලෙ ඇතුලෙ කලිසම ගලෝගෙන හෙලුවෙන් දුවන එක. සුපිරි චාටර්. කර්න්න දේකුත් නෑ. නැග්ගා.
ඔන්න දැන් යනව. ඔපරේශන් කබඩ් අවුට්.ඉස්සෙලාම තිබ්බෙ හොස්ටයිලා පිරුනු තඩි ෆෝට්‍රස් එකක් හැන්ගිල පහුකරන එක . අපෙ පැත්තෙ තිබ්බ පන්ති කරන තැනක්. කෙල්ලො වැහි වැහැලා. හපෝයි. කොහොම හරි මූන වහගෙන අපි දෙන්නා ( අය්යයි , මායි ) එතනින් මාරු උනා. සම්පත් කාරය නම් ආත්ල් එක ලොරියෙ පිටිපස්සට වෙලා කොමාන්ඩෝ කිය කියා කෑ ගගහ ගියා.
ඒට පස්සෙ එනව කොන්වෝයි එකක්යි. හපෝයි , කෙල්ලො පිරුනු ස්කූල් බස් එකක්. චාටර් කියන එකෙ මුදුන් පෙත්තටම යන්න චාන්ස් එක. අය්ය කිව්ව , බැරි වෙලා හරි හැන්ගිලා යනකොට මූන දැක්කොත් චාටර් නිසා මොරාල් පිට මූන පෙන්නගෙන යමු කියල. මොන මොරාල්ද ? සුපිරිම චාටර්. ඔන්න ඒට පස්සෙ තිබ්බෙ හෙන ගමක් මැදින් යන්න. අව්ලක් නෑ , ගමක් නෙ. වැඩිය චාටර් නෑ කියල අපි හිත හදා ගත්තා. මෙන්න බොලේ ලොවෙත් නැති විදිඅහට කෙල්ලො යනව ... මල කරුමෙ.
අපි බයික් වල නැගල 80 , 90 අල්ලනකොට කෙල්ලො තියා ආච්චියෙක්වත් නෑ. ලොරි කට්ටක නැගල හෙන පරන කබඩ් එකක් අල්ලගෙන නාට්ටාමි ජොබ් කරන කොට කෙල්ලො පාරට වෙලා ජිල් බෝලත් පනිනව.
ඔන්න කමක් නෑ කියමු. ටිකක් හයියියෙන් යනකොට මූන හරිය පෙන්නෙ නෑ නොවැ. මෙන්න හත්තිකේ පාර හදනව. මගෙ කරුමෙ සයිස් එක කවුරුත් ඉතින් දන්නවනෙ. මට නම් ජීවිතෙ එපා වෙලා ආයෙත් එපා උනා. ඔය අතරෙ පන්තියක් ඉවර වෙලා කෙල්ලෙක් එනව. ඔය ටිකෙ මගෙ අලුත් ෆෝන් කට්ට අරන් මම රෙකෝඩ් පාපක් දැම්මා. ( පරන එක තිබ්බ නම් යන ගමන් චාට වෙනවත් ගන්න තිබ්බ , ඒත් අලුත් එකනෙ , මගෙ කරුමස්තානෙ හැටියට යන ගමන් ගත්තා නම් ශුවර් එකටම ෆෝන් එක ගුවන්ගත් වෙනව )
ඔන්න ඔතන සීන් එක
http://www.youtube.com/watch?v=zlriXFVB2II
කොහොම කොහොම හරි චා වෙලාවෙලා කබඩ් එක සීයලා ගෙදරට බොහොම අමාරුවෙන් ට්‍රාන්සර් කොරා....
සම්පත් කාරයා නම් හොඳට ආතල් එකක් ගත්තා ... මමයි අය්යයි නම් තව කාලෙකට ගෙයින් එලියට බහින්න වෙන්නෙ නැති වෙන්නම ලයින් එක චාකරගත්තා.... තවත් ඩ්‍රැගන් ගෙ ජීවිතේ චාමැක්ස් උන දවසක් .... හික්ස
updated :-
කොල්ලගේ බ්ලොග sinhala bloggers සංගමේ නෑ නොවැ... හපෝයි .. කාලින්ග අය්යට රිපෝර්තු කරන්න
වෙනව







14 අදහස්:
ඈ බන් මකර කොළුවො මොකැ මේ සයිට් එක හිටි ගමන් වහන්නේ??.. ඉදලා ඉදලා පොඩි ආතල් එකක් ගන්න කියවන්න තියෙන්නේ මේකම විතරය් නොවැ...
ඩොමේන් එකක් ගත්තා කිව්වා?? මොකක්ද? dragond.info or boggerhacks.info ??
ලොක්කට වර්ඩ්ප්‍රෙස් ගැන දනුමක් තියෙනවා නම් ෆ්‍රී ඩොමේන් එකක්[.com /.info /.net] එක්ක හොස්ටින් දෙන්නම්.. විස්තර කියලා මම මූණුපොතෙන් එවන්නම් මැසේජ් එකක්..
නිවාඩුපාඩු වෙලාවට ලියහල්ලා... සිංඩියෙන් අයින් කරලද? අවුලක් නෑ අනිත් එකට ඇප්ලයි කරහන් කවදාවත් හැලෙන්නේ නෑ :P
උඹටත් මාර වැඩ නේද වෙන්නේ :p
උඹේ ගම කොහෙද බං රත්නපුරේ සොෆ්ලොජික් එකෙන් ෆෝන් ගන්නෙ?
උඹේ හතර කේන්දරේම පාළුයි වගේ. මහණ වෙයං
/දොඩන්
හික් හික්... උඹටත් වෙන වැඩ.. :D
"සම්පත් කාරය නම් ආත්ල් එක ලොරියෙ පිටිපස්සට වෙලා කොමාන්ඩෝ කිය කියා කෑ ගගහ ගියා."
හික් හික් හික්..මරු බන් ලිපිය..
Dragen ගේ life එක රස සාගරයක් නොවැ.......
නාටම්බි ලා තුන් දෙනා මරු ආතල් එකක් අරගෙනනනේ
දිගටම ලියපන් බන්ස් නවත්තනේ නැතුව
උබේ ඔය අපලේ මටත් ටිකක් විතර තියෙනවා
@ Dar[K]
දෙකම ගත්තා සහෝ ...
සමහර වෙලාවට වහන්න වෙනව බන් ... සොරි , පුලුවන් තරම් වහන්නෙ නැතිව ඉන්න බලන්නම් , නැත්නම් මට උඹේ ඊමේල් ඇඩ්‍රක් එක දීපන්කො
තැන්කූ , ඒත් බ්ලොගර් හොඳයි බ්‍රෝ , මම මේ ටෙම්ප්ලේට් එකටත් ගොඩාක් මහන්සි උනානෙ
@ ඉශාන් තිළිණ
ආයේත් අහල ... හික්ස් .. බ්‍රෝ අවිස්සාවෙල්ලෙ නේද ?
@ Anonymous
මම ඇහැලියගොඩ .....
ඔය කතාව හැමෝම කියනව , මට මහන වෙන්නත් සිරාවටම අයිඩියා තිබ්බා ( වනගත වෙලා භාවනා කරන්න ) ඒත් ඉතින් ...................... එහෙම කරලත් බෑ නොවැ ..
@ Thilina
ඔව් බන්
@ පොතේ ගුරා
තැන්කූ සහෝ ....
@ පබලු
රස සාගරේ කෙසේ වෙතත් ලොවෙත් නැති විදිහට චාටර් නම් වෙනව .. හික්ස්
@ මනුශාන්
ඔව් ඔව්
ඈ බන් මේ ලෝකේ තියෙන උපරිම චාටර් වදින්නේ උඹටමද බං. හැම දාම බැලුවොත් මොකක් හරි අවුලක්. :P
දිගටම ලියහන්. උඹ ලියන විදියට කියවන්නත් ආසයි ආයේ කිචි කවාගන්නේ නැතිව හිනාත් යනවනේ :)
හ්ම්ම් කමක් නෑ ඒත් ගත්ත කිව්ව ඩොමේන් දෙකම රි ඩිරෙක්ට් වෙන්නේ එකම තැනකට... මේල් එක ප්‍රසිද්ධියේ දාන්න බැරුවා නොවැ !! මම මැසේජ් එකකින් එවන්නම්
pajatahi ne seen eka. ela machan digatama liyapan .mama hamadama meka kiyawanawa
අඩේ ! ෆට්ට මචන්!
අපොයි..
අදහස් දක්වන්න