+ -

Pages

Monday, September 5, 2011

ඩ්‍රැගන්ඩී නැවතත්....


බුහහහා...
මට ආයෙත් මගේ පරන බ්ලොග පටන් ගන්න හිතුනා.
ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති.ඉස්සර ඩ්‍රැගන්ඩී කියන නමින් පිස්සු බ්ලොග් එකක් ලිව්වෙ මම තමා.මම ඒ කාලෙ ගොඩක් ඔපන් විදිහට හිතට එන ඔක්කොම ඒ විදිහටම ලිව්ව නිසාත් ඒ ලිව්ව ස්ටයිල් එක නිසාත් ඒ කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බ බ්ලොග් එක.මේ කියන්නෙ දෙදහස් නමවෙනි ගනන් වල.දෙදහස් අටෙ තමා මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.ඒ කියන්නෙ අවුරුදු 15 හිච්චි කොලුව කාලෙ.ඔය සින්ඩි හෙම නෑ ඒ කාලෙ ඕන්..කොහෙ හරි ගිහින් ස්පෑම් කලොත් තමා එකෙක් හරි පෝස්ට් කියෙව්වෙ.


[ මේ ඉස්සර වැටිච්ච කමෙන්ට් වගයක්.ඉස්සර තිබ්බ පෝස්ට් ගැන පොඩි අයිඩියා පාරක් අලුතෙන් කියෝන අයට ගන්නයි මේක දැම්මෙ.මේව තිබ්බ සමහර පෝස්ට් නම් ආරක්ශක හේතූන් මත ඩ්‍රාෆ්ට් වෙලා ඇති.ලොකු කරල බලන්න ඕනි නම් ක්ලික් කරන්ට පින්තූරෙ උඩින් ඕන්.. ]


කොහොම කොහොම හරි මම ඔය කාලෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා හෙම හදල පස්සෙ දඩ කම්පියුටර් ගේම් හිටන් හදල මගෙ බ්ලොග හරහයි ඒ කාලෙ තිබ්බ මගෙ සයිට් එක හරහයි දෙන්න පටන් ගත්තා.මේ වෙනකොට ඩ්‍රැගන්-ඩී කියන අනුවර්ථ නමින් හිටපු මම කව්ද කියල ගොඩක් අය දැනගත්තා.

ඉස්සර ආදි කාලෙ මම කව්ද කියල නොදන්න නිසා හොඳ සිංහලෙන් 18+ විදිහට තමා මම ලිව්වෙ.ඊට පස්සෙ මම ටිකෙන් ටික ජීවිත කතාව කියන එක නතර කරල මම හදන එක එක දේ සහ 'පොශ්' පෝස්ට් දාන්න පටන් ගත්තා.ඒත් ඒ වෙනකොට බ්ලොග් එකෙ තිබ්බ යුනික් ගතිය නැතිවෙලා සාමාන්‍ය ටෙක් බ්ලොග් එකක් බවට පත් වෙලයි තිබ්බෙ.

ඔය කාලෙ මම අපේ ඉස්කොලෙ තිබ්බ ප්‍රසන්ගයක් ගැන අලි පෝස්ට් එකක් ලිව්වා.ඒ කාලෙ කියෝපු අය නම් දන්නව ඇති ඉතින් මම මට අල්ලනෙ නැති දේවල් ගැන ලියන විදිහ.කොහොම හරි එකෙ සංවිධායක කමිටුවෙ එකෙක් ඔක දැකල ප්‍රින්ට් අවුට් එකක් අරන් ප්‍රින්සිපල් ට දීල ඒට පස්සෙ ඉස්කොලෙයි ඉස්කොලෙ වැඩයි විවේචනය කරා කියල මට සීන් දාල මාර වැඩ ටිකක් උනා.කොහොම හරි මගේ බ්ලොග් එකෙ අනිත් පෝස්ට් ගැනත් කියල මම පොඩ්ඩක් පිස්සු තද උන අහින්සක කොල්ලෙක් කියල ඔප්පු කරල ලොකු සීන් එකකින් බේරුනා.ඒත් ඒ එපා උන එපා විල්ල නිසා මම මගේ ටෙක් පෝස්ට් ඇරෙන්න අනිත් ඔක්කොම පෝස්ට් මැකුවා.

කොහොම හරි දැන් ඔවා වෙලා අවුරුද්දක් විතර ඇති.දැන් ආයෙ ඒ ලෙවල් හෙම ලියල ගෙදර ඉන්න නිසා මට හිතුනා අයෙ බ්ලොග් එක ලියන්න.මම කව්ද කියල දැන ගත්තත් කමක් නෑ ඔන්න ඔහේ පරන ස්ටයිල් එකෙන්ම ලියනවා මම.ඉස්සර තිබ්බ පෝස්ට් ඔක්කොම ඩ්‍රාෆ්ට් කරල හංගලයි තිබ්බෙ.මම කියවන්න හොඳයි කියල හිතුන ටිකක් අයෙ පබ්ලිශ් කලා.[ගොඩක් එවා කියවන්න බෑ, පෞද්ගලික වැඩියි.හිහ් හිහ්]
මොකක් උනත් ඔන්න ඩ්‍රැගන්-ඩී [අනේ මන්ඳ ඒ කාලෙත් දාගන්න නම්] ආයෙ බ්ලොගට බැස්සා.

පීස් අවුට් !!!

ඩ්‍රැගන්ඩී සහ ගැස්ටෝ...
දැන් ඉතින් මම මොකාද කියල කොහොමටත් දන්න නිසා ඉතින් පින්තූරත් එකම පෝස්ට් ලියන්න පුලුවන්.

5 Blog.Dilshan.me: ඩ්‍රැගන්ඩී නැවතත්.... බුහහහා... මට ආයෙත් මගේ පරන බ්ලොග පටන් ගන්න හිතුනා. ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති.ඉස්සර ඩ්‍රැගන්ඩී කියන නමින් පිස්සු බ්ලොග් එකක් ලිව්වෙ ...
< >