+ -

Pages

ශ්‍රී ලන්කාවේ පලමුවැනි 3D හොල්මන් [ Horror ] පරිගනක ක්‍රීඩාව , මගෙන්

ගොඩක් අය දැන් දන්නවා ඇති , මම ලන්කාවේ 4වැනි 3D FPS ගේම් එක හැදුව කියල. මම හිතුව ලන්කාවෙ තාම හදල නැති ජාතියෙ එකක් හදන්න. ඕන්න මම හැදුව හොල්මන් එකක්. මේක ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම එකට වඩා 4 ගුණයක් විතර මැප් එකක් තියෙනව. ඒකට වඩා සංකීර්ණ බවෙනුත් වැඩියි.

ඉස්සේල්ල එකට හම්බ උන ප්‍රතිචාර නිසා මම මේක නිදි මරාගෙන හැදුවෙ. laptopඑක ගාවින් නැගිට්ටෙම නැති තරම්.

[1 මිශන් එකයි තියෙන්නෙ]
--------

මේකෙ කතාව ගත්තොත් ,
ඔයා යනවා පාලු මන්දිරයකට ඒකෙ තියෙනවා කියන රත්තරන්  ගන්න.ඒ උනාට ඔයා ගිය ගමන් දොර ලොක් වෙනව.ඔයා අතේ තියෙන්නෙ පරන ශොට් ගන් එකකුයි , උණ්ඩ 2 කුයි විතරයි.මෙත්නින් තමා ඔයාගෙ ගමන ඇරඹෙන්නෙ. මැරිච්ච මිනිස්සු ගෙනල්ල කන හොල්මන් මන්දිරයක තමා ඔයා මේ ඉන්නෙ. කාමර වලට ගියාම සමහර වෙලාවට ඔයා දන්නෙම නැතිව හොල්මනක් පිටිපස්සෙ ඉන්න පුලුවන්.අනික තමා මේකෙ යතුරු නැතිව ඉස්සරහට යන්න බෑ.ඒ නිසා මොන ලෝකෙන් හරි යතුරු නම් හොයාගන්න.[අමාරු නෑ].ඉස්සරහට යනකොට හොඳ හොඳ තුවක්කු හම්බවෙයි.
අන්තිමට ඉස්සරහ දොරේ යතුරයි ,රත්තරනුයි අරන් , ඉස්සරහ දොර ගාවට ඇවිත් ඒක ඇරල එලියට යන්න.එහෙම ගියොත් ඔයා දිනුම්.මෙකේ උපදෙස් පරන එකේ වගේ පෙන්වන්නෙ නෑ.කටින් කියනව.[මම තමා ඉතින් කියන්නෙ].ටිකක් ස්පීකරේ සද්දෙ දාගන්න.නැත්නම් හරියට ඇහෙන එකක් නෑ.

ආ , තව එකක් , රැම් එක අඩු නම් [ 512 Mb - 1 GB අතර නම් ] ලෝඩ් වෙන්න 1-5 විනාඩි යයි. මුලදි ටිකක් ස්ලෝව් උනත් පස්සෙ හරි යයි.මට මේක වෙනින් කාගෙවත් චෙක් කරන්න නම් බැරි උනා.මේ හදපු ගමන් තමා දැම්මෙ.ගේම් එක ඉස්සෙල්ල එකට වඩා ලොකු නිසා බග්ස් ටිකක් ඇති. මට නම් හම්බ උනේ නෑ තාම. ඒත් තිබ්බොත් මට කියන්න.


කතා ඇති. ඔන්න රස විඳින්න.



















.

මේක අප්ලෝඩ් වෙලා ඉවර උනු ගමන් ඊලඟ ගේම් එකෙ වැඩ පටන් ගන්නවා. දැන් මම මේකට ඇබ්බැහි වෙලාද කොහෙද.. එක අතකින් තමන්ට ඕනි විදිහට ගේම් එක හදල ඒක ගහන කොට පට්ට ආතල් එකක් තියෙනව [මේක මට ගොඩාක් කාලෙක ඉඳ තිබ්බ ආසාවක් , මමම ගේම් හදල මමම ගහන් එක]
ආ තව එකක් , මමයි , J යි "සුපිරි" ගේම් එකක් හදන්න ඉන්නෙ.දැනට ඒක රහසක්.හැබැයි ඒක හිතාගන්නවත් බැරි විදිහට සුපිරි වෙයි කියල අපි හිතනවා. Laz ඒකෙ video කටයුතු කරගෙන යනවා.


P.S -

කාට හරි ගේම් එකකට අලුත් අයිඩියා එකක් තියෙය් නම් කියන්න. එහෙමත් නැත්නම් මැප් එකට හොඳ ලේඅවුට් එකක් , එහෙමත් නැත්නම් හොඳ කතාවක් , එහෙම දෙයක් තියෙන්වා නම් මට කියන්න , ඒකට උදව්වක් විදිහට [ඔයා කැමතිනම්] ඔයාගෙ මූන තියෙන කැරැක්ටර් එකක් මම ගේම් එකට දාන්නම්.

උදා :- මේ ඉන්නෙ මගෙ අය්යා කෙනෙක් , එයා තාම දැක්කෙ නෑ , මිනිහ බොඩි බිල්ඩින් කරන්නෙ , මම මිනිහව චඩියෙක්ට ඇන්ඳුව , තාම දැක්කෙ නෑ , දැක්කම මාව මරයි ... [ ඉස්සර ඉඳන් ඩයරිය කියෝපු නැති අයට - මෙන්න ඒ අය්යා ගැන ]


 නැවත ලියමි,

උදේ උනා , වෙලාව රෑ 12.10 යි. මේ රෑ කියන්න ආවෙ මේකයි.මට නුවර යන්න වෙලා.[ ඉස්කොලේ නිවාඩු කාලෙ නිසා නෑදෑ ගෙවල් වල මංගච්චන්න ඕනි නෙ ] ඒ නිසා දවස් 2-3ක් යනකම් ඔයාලගෙ කොමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න වෙයිද කියල ශුවර් නෑ.ඒ උනාට ඔයාලගෙ සහය කොමෙන්ට්ස් හා ඒමේල් වලින් මට නොඅඩුව ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. ගිහින් එනකොට මොකක් හරි හදල ගේන්නම්.ලැප් එක බුදු වෙවා !
5 Blog.Dilshan.me: ශ්‍රී ලන්කාවේ පලමුවැනි 3D හොල්මන් [ Horror ] පරිගනක ක්‍රීඩාව , මගෙන් ගොඩක් අය දැන් දන්නවා ඇති , මම ලන්කාවේ 4වැනි 3D FPS ගේම් එක හැදුව කියල. මම හිතුව ලන්කාවෙ තාම හදල නැති ජාතියෙ එකක් හදන්න. ඕන්න මම හැදුව හොල්මන...
< >