+ -

Pages

koobface වීම : Facebook

අද මා facebook වෙබ් අඩවියට ලොග් වෙන විට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබුනි!


එවිටම මට මා "koobface" වී ඇති බව කියමින් email එකක්ද ලැබිනි.මම ඒ වචනේ අසුවේද අදමය. එසේම ඒ email එකට පරිදි යම්කිසි worm / virus එකක් මගේ පරිගනකයේ ස්ථාපිත වී ඇති බව කියැවුනි. එම email එක ලැබුනේ සත්‍ය වශයෙන්ම facebook වෙබ් අඩවියෙන් යන්න තහවුරු කරගත් වහාම මා කලේ මගේ මුර පදය වෙනස් කිරීමයි.

කොහොම උනත් මේක false positive එහෙමත් නැත්නම් වරදවා වටහා ගැනීමක් කියල මට හිතුනේ මම කොයි කිසිමවිටක අන්තර්ජාලයේ සඳහන් වූ ලෙස, koobface කරගැනීමට අවශ්‍ය පියවරක් නොගත නිසායි.

මෙය අනිවාර්යෙන්ම වෙන්නට ඇත්තේ ඒට ටික මොහොතකට පෙර මගේ වෙබ් අඩවි වල සිදුවන පිටුපෙරලුම් ගණනය මගේ පරිගනකයෙන් යනවිට සිදු නොවීමට statcounter අඩවියේ ඔවුන්ගේ cookie එකක් install කරගත් නිසායි.කෙසේ වුවත් මම ඒ blocking cookie එක මකාදැමුවේ වැඩි හොඳටයි.

මා තවත් මේ "koobface" ගැන සොයාබලන විට සිත් ඇදගන්නා සුලු කරුණු කිහිපයක් මට සොයාගන්නට හැකි උනා.
koobface කියන්නේ facebook යන්නහි අකුරු පිලිවෙල වෙනස් කර හැදූ වචනයක්.
මේ koobface කියන්නෙ facebook , myspace , twitter වැනි social networks හරහා පරිශීලකයන් ගොදුරු කරගන්නා worm අකාරයේ Tojan horse එකක්. koobface, Windows , Mac OS X, Linux වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වන බව කියවෙනවා.
මෙයින් කෙරෙන්නේ credit card තොරතුරු , passwords වැනි දේ සොරාගැනීමයි.

මෙය බොහෝවිට පැතිරෙන්නේ video එකක් play වීමේදී එයට අවශ්‍ය codec එකක් නැති බව කියමින් එක install කරගන්නා මෙන් කියා එන දැන්වීමක් මගිනි.



එසේත් නැත්නම් එයින් දැනටමත් ආසාදනය වූ අයෙකු මගින් එන mail / Private message / link එකකිනි. මෙම link එක යොමුවනු ඇත්තේ මේම Trojan horse එක වෙතටයි.

කෙසේ වුවත් මෙය ටිකක් පැරනි වයිරසයක් නිසා දැන් ඒ තරම්ම ප්‍රභල ලෙස පැතිර යන්නෙ නැතිබව මම විශ්වාස කරනවා. නමුත් පිලියමට වඩා අරාක්ශාවීම හොඳ නිසා , මෙයින් ආරක්ශාවීමට නම් නොදන්නා කිසිම නොදන්නා script එකක් , codec එකක් හෝ නොදන්නා ඕනෑම "දෙයක්" install කර නොගැනීමටත් හැකි හැම විටම තමන්ගේ මෙහෙයුම් පද්ධතියත් , virus guard එකත් patch / update කරගැනීමටත් වගබලාගත යුතුයි.
5 Blog.Dilshan.me: koobface වීම : Facebook අද මා facebook වෙබ් අඩවියට ලොග් වෙන විට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබුනි! එවිටම මට මා "koobface" වී ඇති බව කියමින් email එකක්ද ලැබිනි...
< >