+ -

Pages

එකම ලෙය | Same Blood : අපේ පළමුවැනි කෙටි චිත්‍රපටය


මේ තියෙන්නෙ අපේ පලවෙනි කෙටි චිත්‍රපටය. මේකෙ නම Same Blood : එකම ලෙය. මේ චිත්‍රපටියෙන් අපි කියන්න උත්සාහ ගත්තෙ ජාතීන් අතර තිබිය යුතු සමඟියේ වැදගත්කම.

මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම පටිගත කලේ ජංගම දුරකතනයකින් [ camcorder එකක් video එකෙ දකින්න ලැබුනත් එක භාවිතා කලේ නෑ , මොකද ඒකෙ ටේප් එක ප්‍රශ්නයක් , අපි camcorder එක භාවිතා කලේ , ලේසියෙන් කිව්වොත් , "ඇඩ්" එකට ]


මුලු ෆිල්ම් එකම පටිගත කරන්න යන්න ඇත්තෙ පැය 4 ක විතර කාලයක්. A\L උපකාරක පන්ති , ඉස්කොලේ වගේ දේවල් නිසා මේ වෙනුවෙන් ඒ තරම් කාලයක් වැය කරන්න අපිට හැකියාවක් තිබ්බෙ නෑ. 

කොහොම උනත් , ගොඩාක් අයගෙන් අපි බලාපොරොත්තු උනාට වඩා ගොඩාක් සතුටු විය හැකි ප්‍රතිචාර ලැබුනා. මේ නිසාම අපේ 2වැනි කෙටි චිත්‍රපටයත් ඉක්මනටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පාර නම් camcorder එක භාවිතාකරනවා. 

චිත්‍රපටය නැරඹුවාට ස්තූතියි.

ප.ලි. - මේ චිත්‍රපටයේ මගේ දායකත්වය තියෙන්නෙ සහය අධ්‍යක්ශන , සංස්කරනය සහ පොඩි කොටසක රඟපෑමෙන් [ මෝටර්බයික් කරු ]







5 Blog.Dilshan.me: එකම ලෙය | Same Blood : අපේ පළමුවැනි කෙටි චිත්‍රපටය මේ තියෙන්නෙ අපේ පලවෙනි කෙටි චිත්‍රපටය. මේකෙ නම Same Blood : එකම ලෙය. මේ චිත්‍රපටියෙන් අපි කියන්න උත්සාහ ගත්තෙ ජාතීන් අතර තිබිය යුතු සමඟියේ ...
< >