+ -

Pages

VPN තාක්ශණය

කාලෙකට පස්සෙ තාක්ශනික ලිපියක් ලියන්න හිතුනා
මේ ගැන දැනටමත් කට්ටිය ලිපි ලියල තියෙනවද දන්නෙ නෑ , කොහොම හරි VPN  ගැන වැඩිය දන්නෙ නැති අය මේකෙන් ඒ ගැන යමක් ඉගෙන ගනීවි යැයි හිතනවා.

VPN

Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ශිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි. මෙය Wide Area Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැඳින්විය හැක.


1990 වර්ශයේ අග භාගය වන තුරු දුරස්ථ පරිගනක ජාල බොහෝ විට සම්ඹඳ වූවේ ඒ සඳහා වෙනම නිර්මාණය කරන ලද පෞද්ගලික කේබල් මාර්ග මගින් හෝ dial-up දුරකථන මාර්ග මගිනි. මේවා එකල ඉතා මිල අධික වුව අතර දත්ත ආරක්ශාව ඒතරම් හොඳ තත්වයක නොපැවතිනි.

ආරක්ශිත VPN මගින් දත්ත encrypt කරීමක් කරනු ලබයි. මෙමඟින් කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවාදැයි දැනගත නොහැක.මෙම නිසා packet sniffing ( මෙය ආරක්ශ රහිත ලෙස ජාල අතරේ හුවමාරු වන දත්ත වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ක්‍රමයකි. wireshark වැනි මුදෘකාංග මඟින් කල හැක. ) හෝ වෙනත් අන් කිසියම් ක්‍රමයකින් විශේෂයෙන්ම හැකර් කරුවෙකුට ඔබගේ සන්නිවේදය වන තොරතුරු ලබාගැනීම අතිශයෙන් අසීරු කාර්‍යක් වේ.


VPN එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම මුදෘකාංග හා දෘඩාංග පිහිටුවාගත යුතුය. දෘඩාංග ලෙස අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්ඹන්ඳ වීමට අවශ්ය කරන උපාංග පමණක් වන අතර මුදෘකාංග ලෙස VPN සේවාව ලබාදෙන මුදෘකාංගයක් අවශ්‍ය වේ. පහත දැක් වෙන්නේ ඒ සඳහා ප්‍රසිද්ධ මුදෘකාංග කිහිපයකි.


1.CyberGhost - www.cyberghostvpn.com
2.Hotspot Sheild – www.hotspotshield.com
3.OpenVPN – www.openvpn.net


VPN භාවිතය මගින් මෙම ජාල සඳහා වැය වෙන මුදල් ඉතිරි කරගත හැකිවූ අතර පුද්ගලික භාවිතයට වෙන වෙනම සකස් කලයුතු ජාල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද නැතිවිය.
එසේම ඒ සියල්ලටම වඩා පරිශීලිකයන් හට ආරශක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසරීමට හා වෙනත් ජාල සමඟ දත්ත හුවමාරුවට මෙමඟින් හැකියාව ලැබිනි.

එසේම ඔබට proxy සේවාවකින් ලබාගන්නා සේවාවම VPN මුදෘකාංගයක් භාවිතයෙන්ද ලබාගත හැක. proxy වලට වඩා මෙහි ඇති වාසිය නම් proxy වෙබ් අඩවි වල මෙන් කරදරකාරී වෙළඳ දැන්වීම් නොමැති වීමත් , දත්ත ආරක්ශාව ප්ලිඹ්ද සහතික වීමට හැකිවීමත්ය. කෙසේ වුවත් VPN මුදෘකාංගයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා පිලිගත් මුදෘකාංගයක් භාවිතා කිරීම වඩාත් උචිතය.



උදාහරණයක් ලෙස අප CyberGhost මුදෘකාංගය සලකමු. දැනට ඇති පිලිගත් encryption තාක්ශණයක් වන 128-bit AES encryption තාක්ශණය භාවිතා කරන CyberGhost , වෙනත් VPN මුදෘකාංග හා සැසඳීමේදී වේගවත් සේවාවක් ලබාදෙයි. මෙහි basic version එක ඔබට www.cyberghostvpn.com
වෙබ් අඩවිය හරහා download කරගත හැක.



මෙය download වී පරිගනකයේ ස්ථාපනය කරගත් පසු එය භාවිතා කිරීමට නම් ඔබහට username හා password එකක් අවශ්‍යවේ. මේ සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස (www.cyberghostvpn.com ) සාමන්‍ය ආකාරයේ ගිනුමක් නිර්මාණය කර ගත හැක. දැන් ඔබ ඔබේ ගිනුම නිර්මාණයේදී ලබාදුන් username හා password භාවිතාකර CyberGhost මුදෘකාංගය open කරගන්න.

දැන් ඔබටත් CyberGhost හි VPN තාක්ශණය මඟින් ඔබටත් නිර්නාමිකව , ඔබගේ IP ලිපිනය සඟවාගනිමින් ආරක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරසැරිය හැක.


ප.ලි. - පරිගනක ලෝකයේ කිසිවක් 100% ආරක්ශිතවත් , කිසිවෙක් 100% නිර්නාමිකවත් නැත.
5 Blog.Dilshan.me: VPN තාක්ශණය කාලෙකට පස්සෙ තාක්ශනික ලිපියක් ලියන්න හිතුනා මේ ගැන දැනටමත් කට්ටිය ලිපි ලියල තියෙනවද දන්නෙ නෑ , කොහොම හරි VPN  ගැන වැඩිය දන්නෙ නැති අය මේකෙන...
< >