මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.

මේ තියෙන්නෙ Addict තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපටයක්.
චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි.
මේක හදන්න ගියේ විනාඩි 20ක් වගේ කාලයක්.
චිත්‍රපටය තත්පර 45කට වඩා වැඩි වෙන්න බෑ කියල තිබ්බා.නැත්නම් මීට වඩා හොඳට ගහනවා..මේකත් මේ කපල කලප බොහොම අමාරුවෙන් තප්පර 45ට අඩු කරගත්තෙ.
තව එකක් තියෙනවා..තාම ඒක එඩිට් කරල ඉවර නෑ.
මේක බලල හොඳ නරක කියන්න.



link : http://youtu.be/l1W2niWF3MM
share on FB : https://www.facebook.com/photo.php?v=2575358744869




link - http://www.youtube.com/watch?v=_R74cXkhy7o


අපි මේ පොඩි ෆිල්ම් එක හැදුවෙ ගේම් ප්ලේ එකක් වගේ වෙන්න.
මෙක හදන්න භාවිතා කල එකම සොෆ්ට්වෙයා එක 'ulead'
ලෝඩ් බාර් එක 'powerpoint 2010' න් හදල තියෙන්නෙ.
එෆෙක්ට් ටිකත් වෙනම අරන් ක්‍රොම් කරල විතරයි.
මතක් කරල කමන්ට්ස් දාන්න.
ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.

මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ].  පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.


 125 KB | RAR | mediafire
last update on - 2011/01/19








ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.

FyRa , මගෙ පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.

තාම ටෙස්ටින් තත්වෙ තියෙන්නෙ. ඒ නිසා බග්ස් හෙමත් ඇති. මේකෙ සාකච්චා රෙකෝඩ් වෙනවා. කම්මැලි නැති අය මට ඒක එවන්න [ dilshanzmail@gmail.com ].ඒක මට මේකෙ වැඩිදියුනු කිරීම් වලට ගොඩාක් උදව් වෙනවා.
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.




 450 KB | RAR | mediafire


link :- http://www.mediafire.com/?f2e6a605g58sjpm
මෙන්න ඊයෙ දැම්ම සොෆ්ට් එකෙම අලුත් version එක
මේක .NET වලින් හදපු නිසා unicode හෙමත් සපොර්ට්

බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ template එක තමන්ට ඕනි විදිහට edit කරගන්න දන්නෙ නෑනෙ.
මෙන්න ඒවගේ අයට මම හැදුව පොඩි ටූල් එකක්
මේකෙන් ඔයාලට තත්පර ගානක් ඇතුලත ඔබේ blogger / blogspot බ්ලොගයේ template එකෙ කල හැකි ප්‍රධානම වෙනස්කම් බොහෝමයක් කල හැකියි.




මේකෙන්


  • මුල පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • පැරනි පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • ඊලඟ පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • labels යන නම වෙනස් කරන්න
  • comment යන නම වෙනස් කරන්න
  • comments යන නම වෙනස් කරන්න
  • post a comment යන නම වෙනස් කරන්න
  • labels යන නම වෙනස් කරන්න
  • label ගණනය අය්න් කරන්න
  • comment box එකට උඩින් යමක් ලියන්න
  • ලියන්නාගේ නම වෙනස් කරන්න
  • search කියන වචනය වෙනස් කරන්න
  • බ්ලොගයට icon එකක් දාන්න
  • Email me බොත්තමක් දාන්න
  • උඩට යන්න බොත්තමක් දාන්න
  • මෙටා ටැග් එකතු කරන්න
  • බ්ලොගය ගැන විස්තරයක් ලියන්න [search engine එකෙ result එකට දිස් වෙන්න ]
  • බ්ලොගය ලියන්නගේ නම  [search engine එකෙ result එකට දිස් වෙන්න  ]
  • ලියන්නාගේ නම බ්ලොගය යටින් ලියන්න
  • Dig බොත්තමක් දාන්න
  • Navigation bar අය්න් කරන්න
  • Subscribe to-post (atom) අය්න් කරන්න



වගේ වැඩ කරන්න පුලුවන්. 
මේකෙ ගුණ දොස් මට කියන්න

කොහොමටත් මෙකේ Help එකෙ තියෙන විදිහට ආරක්ශක පියවරවල් අනුගමන කරල කරොත් ප්‍රශනයක් නෑ.

 2.5 MB | RAR


mediafire  - http://www.mediafire.com/?89alrr77kb6jkk1
megaupload -  http://www.megaupload.com/?d=XK2ECSOF

older version [written in VB6] - http://www.mediafire.com/?e2aqh5aah4z7ley [ 800 KB | mediafire | RAR ]


updated
කාලෙකට පස්සෙ තාක්ශනික ලිපියක් ලියන්න හිතුනා
මේ ගැන දැනටමත් කට්ටිය ලිපි ලියල තියෙනවද දන්නෙ නෑ , කොහොම හරි VPN  ගැන වැඩිය දන්නෙ නැති අය මේකෙන් ඒ ගැන යමක් ඉගෙන ගනීවි යැයි හිතනවා.

VPN

Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ශිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි. මෙය Wide Area Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැඳින්විය හැක.


1990 වර්ශයේ අග භාගය වන තුරු දුරස්ථ පරිගනක ජාල බොහෝ විට සම්ඹඳ වූවේ ඒ සඳහා වෙනම නිර්මාණය කරන ලද පෞද්ගලික කේබල් මාර්ග මගින් හෝ dial-up දුරකථන මාර්ග මගිනි. මේවා එකල ඉතා මිල අධික වුව අතර දත්ත ආරක්ශාව ඒතරම් හොඳ තත්වයක නොපැවතිනි.

ආරක්ශිත VPN මගින් දත්ත encrypt කරීමක් කරනු ලබයි. මෙමඟින් කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවාදැයි දැනගත නොහැක.මෙම නිසා packet sniffing ( මෙය ආරක්ශ රහිත ලෙස ජාල අතරේ හුවමාරු වන දත්ත වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ක්‍රමයකි. wireshark වැනි මුදෘකාංග මඟින් කල හැක. ) හෝ වෙනත් අන් කිසියම් ක්‍රමයකින් විශේෂයෙන්ම හැකර් කරුවෙකුට ඔබගේ සන්නිවේදය වන තොරතුරු ලබාගැනීම අතිශයෙන් අසීරු කාර්‍යක් වේ.


VPN එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම මුදෘකාංග හා දෘඩාංග පිහිටුවාගත යුතුය. දෘඩාංග ලෙස අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්ඹන්ඳ වීමට අවශ්ය කරන උපාංග පමණක් වන අතර මුදෘකාංග ලෙස VPN සේවාව ලබාදෙන මුදෘකාංගයක් අවශ්‍ය වේ. පහත දැක් වෙන්නේ ඒ සඳහා ප්‍රසිද්ධ මුදෘකාංග කිහිපයකි.


1.CyberGhost - www.cyberghostvpn.com
2.Hotspot Sheild – www.hotspotshield.com
3.OpenVPN – www.openvpn.net


VPN භාවිතය මගින් මෙම ජාල සඳහා වැය වෙන මුදල් ඉතිරි කරගත හැකිවූ අතර පුද්ගලික භාවිතයට වෙන වෙනම සකස් කලයුතු ජාල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද නැතිවිය.
එසේම ඒ සියල්ලටම වඩා පරිශීලිකයන් හට ආරශක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසරීමට හා වෙනත් ජාල සමඟ දත්ත හුවමාරුවට මෙමඟින් හැකියාව ලැබිනි.

එසේම ඔබට proxy සේවාවකින් ලබාගන්නා සේවාවම VPN මුදෘකාංගයක් භාවිතයෙන්ද ලබාගත හැක. proxy වලට වඩා මෙහි ඇති වාසිය නම් proxy වෙබ් අඩවි වල මෙන් කරදරකාරී වෙළඳ දැන්වීම් නොමැති වීමත් , දත්ත ආරක්ශාව ප්ලිඹ්ද සහතික වීමට හැකිවීමත්ය. කෙසේ වුවත් VPN මුදෘකාංගයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා පිලිගත් මුදෘකාංගයක් භාවිතා කිරීම වඩාත් උචිතය.



උදාහරණයක් ලෙස අප CyberGhost මුදෘකාංගය සලකමු. දැනට ඇති පිලිගත් encryption තාක්ශණයක් වන 128-bit AES encryption තාක්ශණය භාවිතා කරන CyberGhost , වෙනත් VPN මුදෘකාංග හා සැසඳීමේදී වේගවත් සේවාවක් ලබාදෙයි. මෙහි basic version එක ඔබට www.cyberghostvpn.com
වෙබ් අඩවිය හරහා download කරගත හැක.



මෙය download වී පරිගනකයේ ස්ථාපනය කරගත් පසු එය භාවිතා කිරීමට නම් ඔබහට username හා password එකක් අවශ්‍යවේ. මේ සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස (www.cyberghostvpn.com ) සාමන්‍ය ආකාරයේ ගිනුමක් නිර්මාණය කර ගත හැක. දැන් ඔබ ඔබේ ගිනුම නිර්මාණයේදී ලබාදුන් username හා password භාවිතාකර CyberGhost මුදෘකාංගය open කරගන්න.

දැන් ඔබටත් CyberGhost හි VPN තාක්ශණය මඟින් ඔබටත් නිර්නාමිකව , ඔබගේ IP ලිපිනය සඟවාගනිමින් ආරක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරසැරිය හැක.


ප.ලි. - පරිගනක ලෝකයේ කිසිවක් 100% ආරක්ශිතවත් , කිසිවෙක් 100% නිර්නාමිකවත් නැත.


වන්නි මෙහෙයුම 2

මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.

මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල ,
ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක.

මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. නොවැම්බර් වල එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. news වලටත් පෙන්නුවා. කස්ටිය මාව දක්කද දන්නෙ නෑ.

කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක ඒ මදිවට ඒකෙ 4D වීඩියෝස් හිටන් තියෙනවා.හම්මො ! එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා.Certificate of Appreciation දෙකයි හම්බ උනෙ.

මේක හදල නම් ගොඩක් කල් , ඒත් අප්ලෝඩ් කරන්න තමා මෙච්චර කල් ගියේ. අන්තිමට බැරිම තැන මෙගාබයිට් 20 කෑලි වලට ස්ප්ලිට් කලා. ෆයිල් 7 බාගත කරලා , 001.rar එක ඕපන් කරල extract කරන්න.

මේ තියෙන්නෙ trailer එක.






megaupload | 130 MB | RAR
System requirements

Minimum


Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card


Recommended


Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher



ඔයාලගෙ අදහස් මට කියල යන්න

Official Web Page - http://dragond.info/?p=45
Ofiicial Web site - http://dragond.info
මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්.
හොල්මං අඩවිය 2

මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.
ඔව් , මගේ අනිත් පරිගණක ක්‍රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්‍රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ.


මගේ අනිත් ක්‍රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්‍රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්‍රීඩාවේ විශේශත්වයක් තියෙනවා.
ඒ තමා මේ ක්‍රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්‍රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්‍රීඩා වල දැක ඇති ආකාරයට.
මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්‍රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.


මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.


මෙතනින් බාගත කරගන්න


[ZIP / 58 MB]
[Mediafire]

Trailer
ඔබ ක්‍රීඩාව අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.



ඔබේ අදහස් මට ඉතාමත් වටී. ඒ නිසා අමතක නොකර comment එකක් දමා යන්න.