+ -

Pages

වන්නි මෙහෙයුම 3



මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ  ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )

ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ



ඉතින් අර සීන් එකත් ඇදුනට පස්සෙ ගොඩක් අයට හිතේ මගේ ගේම් එකට තමා කේස් ඇදුනෙ කියල, කෝල් එනව දවසට 4-5ක්. පොඩි එකා කාලෙ නිසා ඒ කාලෙ මම දාල තියෙන්නෙ මගේ පසනල් නම්බර් එක.ඉවරයි ඉතින්.

මේ දවස් ටිකේ හොඳටම වැස්සනෙ, මට ඉතින් ගොඩක් ෆ්‍රී ටය්ම් සෙට් වෙනවා මේ ටිකේ. කෝල් සහ ෆීඩ් බැක් ටිකත් එක්ක මට හිතුන වන්නි මෙහෙයුම 3 කියල එකක් හදන්න. තාම හදාගෙන යනවා, පලවෙනි මිශන් එක ඩිසයින් කරල ස්ටෑන්ස් අලෝන් එකක් ගහල පොඩි ඩිමෝ වර්ශන් එකක් විදිහට මෙන්න මේක අවුට් කලා අද.

මේක ගහන්න අඩුම

Dual Core 2GHz processor
1.5 GB ram
512 MB separate graphics card / HD4000 graphics ( මේක අනිවාර්යෙන් ඕනි )
[ මෙතනින් තමන්ගේ පරිගනකයේ ග්‍රැෆික් කාඩ් එකේ ප්‍රමාණය බලාගන්න ක්‍රමය බලන්න පුලුවන් ]
1GB space
windows xp, 7, 8 or 10

තියෙන්න ඕනි

හිර වෙන්නෙ නැතුව ගහන්න නම්

Core 2 Quad / i3
4GB ram
1GB graphics card / HD5500 graphics
1GB space
windows xp, 7, 8 or 10

තියෙන්න ඕනි

game launcher එක සමහර වයිරස් ගාඩ් වලින් නවත්වනව ඒ නිසා ගාඩ් එක පොඩ්ඩකට ඕෆ් කරල ඉන්න
ERROR 506 කියල ආවොත් ඒ කියන්නෙ ඔයාලගෙ ග්‍රැෆික් කාඩ් එකේ පවර් එක මදි
ගේම් එකත් එක්ක එන සපොර්ට් ෆෝල්ඩර් එකේ ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න හරියටම අවුලක් නැතුව වැඩ කරන්න ඕනි නම්
ගේම් එක හිර වෙනවා නම් මෙනු එකෙන් ග්‍රැෆික්ස් සෙටින්ස් අඩු කරගන්න

ගොඩක් ලොකු එකක් නම් නෙමේ. ගේම් එක සම්පූර්නෙන් සින්හල, හඬ කැව්වුත් මම තමා, ඉන්නෙත් මමමයි.

මෙන්න ස්කීන්ශොට් ටිකක් සහ ඩවුන්ලෝඩ් ලින්ක් එක













මෙන්න ගේම්ප්ලේ වීඩියෝ එක



මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක

Newer verion

v2 : Download [423MB]


Older versions

v1 : Download [418MB]


p.s. - ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න වෙයි ඩවුන්ලෝඩ් එක අතරතුරයි ප්ලේ කරන අතරතුරයි. එහෙම වෙන්න හේතුව මේකෙ launcher එක ඩිජිටලි සයින් කරපු එකක් නොවීම. මෙහෙම එකක් ඩිජිටලි සයින් කරන්න සහතිකයක් ගන්න අවුරුද්දකට ඩොලර් 160+ වගේ මුදලක් ගෙවන්න ඕනි. [https://www.comodo.com/landing/ssl-certificate/cheap-code-signing/?gclid=CLurz-PcjckCFQgnjgod8JICTw ]

ෆෝල්ස් පොසිටිව් [ http://www.howtogeek.com/180162/how-to-tell-if-a-virus-is-actually-a-false-positive/ ], ඒ කියන්නෙ මේ වගෙ සයින් නොකරපු එක්සිකුටබල්ස් ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් වලින් අල්ලනවා ශුවර් නැති නිසා, බලමු ඉස්සරහට ෆුල් වර්ශන් එක මම කොහොම හරි ඩිජිටලි සයින් කරල දෙන්නම් ශුවර් නෑ වගේ නම්.


How to RUN

1.  ඩවුන්ලෝඩ් ලින්ක් එක කිල්ක් කර ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න

2.  winzip වැනි මුදෘකාංගයක් ස්ථාපනය කර නැත්නම් මෙසේ එම ඩවුන්ලෝඩ් කරන ලද ෆයිල් එක උඩ රයිට් ක්ලික් කර extract all තෝරන්න ,

3.  දැන් extract තෝරන්න, එවිට ඔබ දැනට සිටිනා ෆෝල්ඩරයේම extract වූ ෆියිල් ටික දකින්න පුලුවන් වේවි

4.  දැන් support ෆෝල්ඩරයට ගොස් එහි dotNetFx40_Full_x86_x64, vcre2010dist_x86, vcredist_x86 සහ DirectX ෆෝල්ඩරයේ DXSETUP ඉන්ස්ටෝල් කරගන්න

5.  දැන් ඔබේ වයිරස් ගාඩ් එක තාවකාලිකව විසන්දි කරගන්න
       - AVAST තාවකාලිකව විසන්දි කරනා ක්‍රමය
       - Kaspersky තාවකාලිකව විසන්දි කරනා ක්‍රමය
       - ESET තාවකාලිකව විසන්දි කරනා ක්‍රමය
       - K7 තාවකාලිකව විසන්දි කරනා ක්‍රමය
       - Windows Defender තාවකාලිකව විසන්දි කරනා ක්‍රමය

     
6.  අවසන් අදියර ලෙස Operation Wanni 3 v2 ෆෝල්ඩරයේ Operation Wanni 3 ඩබල් ක්ලික් කරන්න
5 Blog.Dilshan.me: වන්නි මෙහෙයුම 3 මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ  ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් ...
< >