+ -

Pages

Tuesday, December 22, 2009

වල කජ්ජ ගැසීමට ගොස් අනූ නමයෙන් ...

දත් වෙනදා වගේම සුන්දර දවසක්.... මම කැමතිම Chemistry පන්තිය , උදේ 7.30 සිට 12.00 වෙන තෙක්. සර්ව ආතල්.. වෙලාව යන්නෙත් නැති නිසා අපි කරන්නෙ Stop Watch එක දාගෙන ඉකමනට වෙලාව යනව කියල හිතාගන්නව.
පන්තිය ගැන කිව්වොත් , ඒක කොරන්නෙ අර සිනාසීම පාපයක් යැයි සිතන සෑර්. පන්තියේ වර්ගපලය වර්ග අඩි 10 ක් විතර ඇති , ලමයි හැටක් විතරත් ඇති. ඉස්සර නාසි , යුදෙව්වන්ට ඊට වඩා ඉඩ දීල තිබ්බා ! නොදෝකින්
මම නම් ඕකෙ කරන්නෙ chewing gum එකක් හප හපා මොනව ගැන හරි හිත හිත ඉන්න එක. නැත්නම් අහල පහල ඉන්න එකෙක්ව චූන් කරනව කෙල්ලෙක් ගැන කියල. හැබැයි අද නම් වැඩ ටිකක් කලා.
මම ඔය පන්තියට යන්නෙ මගෙ 400 cc එකෙනෙ ( 135cc , මම හිතාගෙන ඉන්නෙ 400 cc කියල ) මම යන්නෙත් මගෙ යාලුවෙක් එක්ක ( ජාකෝලිස් ) මම නම් ගෙදරින් කියන නිසා හෙල්මට් එකක් දානවා , අරූට නම් නෑ. ඔන්න ඉතින් මම අද උදේම මිනිහ එනකම් බලා ගෙන හිටිය හිටියා නෑ , ඉතින් උන්දැගෙ ගෙදර ගියා. ටිකක් විතර දුර. මම ඒපැත්තෙ යන්න කැමති කෙලින් පාරක් තියෙන නිසා. 80 -90 විතර අල්ලන්න පුලුවන් වාහනත් නැති නිසා. මම ගෙදර යනකොට මූ ගෙදරින් පිටත් වෙලා. මම කිව්ව අපේ ගෙදර නම් ආවෙ නෑ කියල. මුන්ගෙ තාත්තා සැරයි. මෙයා ගෙදරින් ගිහින් ගොඩක් වෙලා. කොහෙ ගියාද දන්නෙ නෑ කිය කිය talks දාන්න ගත්තා.

එන පොට හරි නැති නිසා මිනිහ පොතක් ගන්න town එකට යන්න ඇති කියල මම මාරු උනා. කොහොම හරි ඒ අතරෙ මිනිහ අපේ ගෙදර ඇවිත්. මිනිහවත් දාගෙන මම යන්න පටන් ගත්තා.
මම 400cc කියල හිතාගෙන ඉන්න නිසා යන්නෙ 60 ට විතර. දැන් කට්ටිය හිතනව ඇති පන්ති යන්න තියෙන්නෙ ශෝක් කාපට් කරපු පාරක කියලා.
නෑ මේක කාපට් කරල  , තව ලස්සනට පාරෙ මාලු ඉන්න වලවලුත් හදලා... මීටර් 5 කට වාරයක් හෙන වන්ගු , පාර හදල තියෙන්නෙ හමර් වලට යන්න , පළල අඩි 4 ක් විතර ඇති.

මාත් ඉතින් DiRt 2 එකෙ පාර කියල හිතාගෙන ඇරල යනව. මම යන්නෙ  1st එකෙ , ඒ නිසා හෙන සද්දෙත් එනව, බයික් එක අලුත් නිසා තාම හරියට ටියුන් කරල නෑ , ඒ නිසා accelerator එක අත අරින්න බෑ , අල්ලගෙනම ඉන්නත් ඕනි. මම brake පාවිච්චි කරන්නෙ ඕනිම උනොත් විතරයි. ඉතින් හිතාගන්නකො පිටිපස්සෙ හෙල්මටුත් නැතුව ඉන්න එකාට යන ආතල් එක. අරූත් ඉතින් ආයෙ මාත් එක්ක එන්නෙ නෑ කිය කිය දහ අතේ දිවුර දිවුර කෑගහනව. ( ඌ ඕක හැමදාම කියල ඒලඟ දවසෙ ආයෙ නගිනව )

කොහොම හරි ඉතින් වැඩ දාගෙන ගිහින් පන්තිය ඉස්සරහින් හෙන බේක් පාරක් හෙම ගහල නැවැත්තුවා. කෙල්ලොත් බලනව. මාත් ඉතින් අය්ය වගෙ බැහැලා පොර වගෙ ඉන්නවා. මේ පැත්තෙ උන් මේට් එකෙ ගිහින් බැස්සත් 200 පල්සර් එකෙ ගිහින් බැස්සත් එකම කියල හිතන්නෙ. ඒ නිසා අව්ලකුත් නෑ 135 කියල !
ඔන්න පන්ති ඉවර උනා. ඒට පස්සෙ කොල්ලෙක් බයික් එක පොඩ්ඩක් ඉල්ලුවා. මාත් ඉතින් දීල ඉකමනට වරෙන් කියල හෙල්මට් එක දාගෙන පයින් ගියා. අරුත් රව්මක් ගහල ආව.
ඔන්න දැන් කෙල්ලො සෙට් එකත් බහිනව , මම බයික් එක අරූගෙන් අරන් පොඩ්ඩක් රේස් කරල හරෝල අරන් කට්ටිටය සැලුට් එකක් දාල යන්න ගත්තා [අද කරුමෙට මොකෙක් වත් නැග්ගෙත් නෑ. සාමාන්යෙන් කවෘ හරි town එකට යන්න මාත් එක්ක එනව. ජකෝ නම් කෑල්ලත් එක්ක පයින් යන්නෙ ]. වන්ගුවක් හෙම නමල ගත්තා ( අද නම් සිරාවටම නැමුනා ) ඒ නිසා පොඩ්ඩක් චූන් වෙලා ඊ ලඟ වන්ගුවත් හෙන ස්පීඩ් එකෙන් නැමුව.

දඩෝම් !!!


ගල් ගොඩක් උඩින් ගිහින් කනුවක් ඉම්බා !  ( මේක සිරා ඇත්ත , අම්මප , තාත්තප )

හත්තිකේ ගිය ආතල් එක. කඩයකුත් ඉස්සරහ. කට්ටිය ටක් ගාල දුවගෙන ආව. ඒ ගමේ පැත්තෙ මිනිස්සු හෙම දුවගෙන ආව. පොඩි උන් , ලමයින්ට බත් කවන අම්මලා බත් පිඟන් හිටන් උස්සගෙන ආව.

ඔක්කොම කමක් නෑ කියමුකො , කෙල්ලො ටිකත් දුවගෙන ආව. උන්ට හිතේ මට හොඳටම අමාරුයි කියල. කට්ටිය මාව අත ගන්න උනත් ලැහැත්තියි.

මල චාටර්. චාටර් කියන්නෙ ලෝක චාටර්. මට අමාරුත් නෑ. මුන් ටික මට අමාරු හදෝනවා. ඒ මදිවට මට ඇහෙනව නාකි මට බනිනවා , මුන්ට හෙමින් යන්න බැරි හැටි කියලා !
 
මට දැන් ඇඬෙන්න වගේ.. මගේ කල්යාන මිත්තර කන්ඩායම ටක් ගාල බයි එක උස්සල හෙම ගත්තා. අනිත් හු** ටික මගේ තුවාල පැත්තකින් තියල බයික් එකෙ හීරිච්ච තැන් බලනව. ඔය අතරෙ කොල්ලෙක් බයික් එකෙ නැගල මාව දාගෙන ගෙදර යන්න ගත්තා.

ටික දුරක් ගිහින් මට හිතුන ජාකෝලිස් හිටියෙ නැතොත් ගෙදර ශේප් කරන්නවත් එකෙක් නැති වෙයි කියල. මම ඉතින් ආයෙ අරුන් ටික එනකම් ඉඳල ජාකො වත් දාගෙන යන්න ගත්තා.
බයික් එක ගැන කිව්වොත් signal light එකක් ටිකක් කඩිලා , ඉස්සරහ ටිකක් හීරිලා , පල්ලෙහා බ්‍රේක් එක ඇද වෙලා , ඒක නම් හොඳටම ඇද වෙලා තිබ්බා. ඒ ඇරෙන්න දරුනු හානියක් නෑ. මම වැටෙන කොට සද්දෙ මහ හයියෙන් ඇහිල.


 මට ටිකක් තුවාලයි , අත සහ කකුල.. අසාද්‍ය නම් නෑ. අන්තිමට කට්ටිය ලෙඩ බලන්න හෙම ආව.

ගෙදරින් ලොකු සීන් එකක් ගියේ නෑ. තාත්තා දවල්ට කාල යන්න හදනකොටම තමා මම ආවෙ. තාත්තට කිව්ව බල්ලෙක් පැන්න , බයික් එක පොඩ්ඩක් වැටුන කියල. ඇවිත් බැලුව් බයික් එක දිහා , යට කැඩුන තැන් දැක්කෙ නෑ , මට තුවාල නෑ නේද ඇහුව , එහෙනම් බයික් එක ගැරජ් එකට දාන්න කිව්ව. මම තුවාල ටික ශිර්ට් එකෙන් වහගෙන හිටියෙ.
අම්මටත් කිව්ව බල්ලෙක් පැන්න කියල. අම්ම නම් බැන්නෙ නෑ. තුවාල උනා කියල තාත්තට කියන්න එපා කියල බෙහෙත් දා ගත්තා.

ඔන්න ඔය අතරෙ එනව කෝල් එකක්. සර් ගෙ නෝන. හෙනම ගහපන්. මෙන්න කිව්වෙ නැතෑ අම්මට , මම මාර හය්යෙන් බයික් එකෙ යන්නෙ , එයින් ගියා ඇති කියල. හොඳ වෙලාවට මගෙ යාලුවො ටික ශේප් කලා අම්මව. නැත්නම් හොඳ දේශනයක් අහගන්න වෙනව.
කොහොම හරි දැන් නම් ශේප්. ටය්ප් කරන්නත් ටිකක් අමාරුයි. මොකක් උනත් ලබන සතියෙත් බයික් එකේම පන්ති යනව.

යාලුවන් කියනා ලද පසු අදහස් ,

1. මම වන්ගුව නමන හැටි දැකපු කට්ටියට හිතුනලු මූ නම් වැඩි දුර යන්නෙ නෑ කියල.

2.මහ හය්යෙක් ලිස්සන සද්දෙකුයි , හැප්පෙන සද්දෙකුයි කට්ටිය ඇහුනවලු

3.කවුරුවත් මම වැටෙනව දැකල නෑ , වන්ගු නෙ !

4.කට්ටිය හිතිල තියෙන්නෙ සවලකින් කෑලි අහුලන්න වෙයි කියලලු

5.මම වැටුනට පස්සෙ කට්ටිය එනකොට මම නැගිටල හිනා වෙවී වෙවුල වෙවුල ඉන්නවලු , මට සාමාන්‍යෙන් මට කෙල උනොත් මටම හිනා යනව ..

6.අහල පහල උන් ටික හොඳට දෙහි කැපුවලු

7.මාත් එක්ක ආයෙ මොකෙක් වත් බයික් එකේ එන්නෙ නෑලු !


හත්තිකේ , ඕයින් ගියා ඇති. දතක් හෙම ගැලවුනා නම් ...... ලබන සතියෙත් ඕකෙම යනව...

5 Blog.Dilshan.me: 2009 අ දත් වෙනදා වගේම සුන්දර දවසක්.... මම කැමතිම Chemistry පන්තිය , උදේ 7.30 සිට 12.00 වෙන තෙක්. සර්ව ආතල්.. වෙලාව යන්නෙත් නැති නිසා අපි කරන්නෙ S...

Sunday, December 20, 2009

DragonD නැවතත්


අම්මියෝ... කාලයක් තිස්සෙ මට බ්ලොගක් අප්ඩේට් කොරන්න බැරි උනා නොවැ... විබාඝ , පවුල් පන්සල් වල ප්‍රශ්න අරව මෙව්ව නිසා මොලේ කචල් ගහල තිබ්බේ...
පවුල් පන්සල් ගහල ගියා , විබාගේ physics පේපර් එකෙ 2 පේපර් එකෙ ඔක්කොම ප්‍රශන දන්න එව්ව නිසා පේපර් එකෙ හෙලිකොප්ටරයක් ඇඳල ඒකෙ මිනී ඔලුවකුත් ඇන්ඳා ( අම්මප ඇත්ත ) , පේපර් එකට ලකුනු 28 % ... ෆිට් තමා !! ලබන වාරෙ දෙමාපිය රැස්වීමෙදි ස්වර්ග්ස්ත වෙන්න පුලුවන්....
දැන් ආයෙ කොල්ලා පරන ඩ්‍රැගාම උනා.......... ජය වෙවා........ මාක්ස්වාදීන් බංගවේවා !


දැන් ඉතින් පරන ජීවිතේ ආයෙ ගලාගෙන යනව.... කොල්ලා ආයෙ කාලයක් යනකම් ලව් නොකරන බවට දස අතේ දිවුරා ගත්තා. ආයෙ ආමාරුව හොඳටම වැඩි උනොත් බෝනික්කෙක් අරන් ඒකට ලව් කරනව... ශෙක්.. ගෑනු නම් එපෝ..

මම දැන් තනිකඩයා... අහුවෙන හැම කෙල්ලටම සෙවල හලනවා.. ඉස්සර ලව් කරන කාලෙ නම් වෙනින් කෙල්ලෙක් ඇඳුම් නැතුව ගියත් මම ඇහැක් ඇරල බලන්නෙ නෑ... දැන් නම් ඔක්කොම ඇඳුම් ඇඳගෙන ගියොත් හිතින් ඇඳුම් අයින් කරල බලනව........ඒත් අනේ ගෑනු නම් එපෝ !!!!


දැන් ආයෙ ටිකක් මහන්සි වෙලා පාඩම් කරනව...... හැබැයි තාමත් ගණන් පන්තියේදී අන්තිම පේලියට වෙලා ඉන්ටනෙට් යනවා. එක්කො Tom's Hardware එකෙ නැත්නම් How To Geek එකෙ ! සිරාවට මට නම් ගණන් එපා වෙලා... ( තාම ගණන් වල වාර විබාඝෙ ලකුනු ආවෙ නෑ )


හ්ම්... තවත් මේ බ්ලොග් ලියපු නැති කාලෙ උන වෙනස් කම් ගැන කෙටියෙන් කිව්වොත් ,

1.දැන් කොල්ලා තමන්ගෙ විප්ලවීය අදහස් පතුරල අනිත් උන්ගෙ මොලේ කචල් කරනවා
2.කොල්ලා බයික් එකෙ මද්‍යස්ත වේගය 60 Kmh-1 පමන රඳවා ගන්නවා ( අපේ පාරෙ ෆොටෝ එකක් දාන්නම්කෝ )
3.කොල්ලා මාක්ස්වාදීන්ටයි සමාජවාදීන්ටයි පලු යනකම් බනිනවා
4.කොල්ලා දැන් පැයක් විතර භාවනා කරනවා ( කසින , ආනාපානාසති )
5.කොල්ලා දැන් වලි හොය හොයා යනවා
6.කොල්ලා දැන් සිරා ලව් කරන උන්ට බොක්කෙන්ම සපෝට්

අද නම් පිටුවක් ලියන්න වෙලාව නෑ.... හෙට දිහාවට පිටුවක් ලියන්නම්...
බායි වේවා !!!!

5 Blog.Dilshan.me: 2009 අම්මියෝ... කාලයක් තිස්සෙ මට බ්ලොගක් අප්ඩේට් කොරන්න බැරි උනා නොවැ... විබාඝ , පවුල් පන්සල් වල ප්‍රශ්න අරව මෙව්ව නිසා මොලේ කචල් ගහල තිබ්බේ... ...

Sunday, September 27, 2009

5 Blog.Dilshan.me: 2009

Saturday, September 26, 2009

ඇස්ට්‍රො සහ සීවලී

හපොයි.... කාලෙකින් දින පොතෙ පිටුවකුත් ලියන්න බැරි උනා නොවැ....වැඩ වැඩ වැඩ..... මොනව කරන්නද ඉතින්... වෙලාවක් ලැබුන වෙලාවෙ පිටුවක් ලියල දාන්න හිතුනා...

ඔන්න අපෙ ඉස්කොලෙට කි.මී.20 විතර ඈතින් තියෙනව "සීවලි" කියල ඉස්කෝලයක්....ඕකෙ 100 වෙනි සංවත්සරයෙ නිසා ඒකෙ ප්‍රදර්ශනයක්... සිරා පට්ටලු.. ලොකු අය්යා නොහොත් රජ්ජුරුවොත් බහිනවලු.

ඔන්න 13 වසරෙ පන්තියක් ඉස්කොලෙන් එක්කගෙන යන්න තමා ලැහැත්තිය... ඇය් අපි ඔටුවොද ? අපිටත් යන්න ඕනි උනා... පන්තියට ආපු පලවෙනි මිස් ටම කිව්ව අපිටත් යන්න ඕනි කියල , එයාට බෑලු , ඒට පස්සෙ ගියා තව එක්කෙනෙක් ලඟට , උගෙ ගෙදෙට්ට මොකෙක්ද එනවලු , නොදකින් , මුන්ගෙ ගෙවල් වලටත් කවුරු හරි එන්නෙ අපි වැඩක් කිව්වොත් තමා... තව එකෙක් ගෙ ලමයි ගන්න ඕනි ලු.... කොහොම හරි අපි ගිහින් පිනා අය්යගෙනුත් අවසරෙ ගත්තට පස්සෙ ඕනි කියනවා හෙට පල කියල...

මට නම් ජීවිතෙ එපා උනා.. ඇය් අප්පා , මෙහෙම මැරිල මැරිල ඔහොමත් එව්වා කියන කොට... කොහොම හරි මායි තව සෙට් එකකුයි ඉස්කොලෙට නාගන්න කියල ඊලඟ දවසෙ ඉස්කොලෙ එන්නෙ නැතුව පාට කිට් එකෙන් යන්න ලැහැත්ති උනා....

උදේ නැගිට්ට පස්සේ ගෙදරින් අලි කේස් ටිකක් දැම්ම නිසත් , අත පය ගලෝගෙන එන්න වෙයි කියල හිතුන නිසයි මම ඉස්කොලෙන්ම යන්න හිතා ගත්තා..

5 Blog.Dilshan.me: 2009 හපොයි.... කාලෙකින් දින පොතෙ පිටුවකුත් ලියන්න බැරි උනා නොවැ....වැඩ වැඩ වැඩ..... මොනව කරන්නද ඉතින්... වෙලාවක් ලැබුන වෙලාවෙ පිටුවක් ලියල දාන්න ...

Wednesday, August 26, 2009

කතරගම ගියෙමු

ඔය වගෙ දුර ගමන් අපි යන්නෙ තනියෙන් නෙමෙයි. තව තාත්තගෙ යාලුවෙක් ගේ ෆැමිලි එකකුත් එක්ක තමයි අපි යන්නෙ. අපි සාමාන‍යෙන් අවුරුද්ද අවසානයේ විතර තමා කතරගම යන්නෙ , ඒත් මේපාර තාත්තගේ යාලුවට බාරයක් ඔප්පු කරන්න තියෙන නිසා කලින් යැවුනා.

ඔන්න ඉතින් දුර කතර ගෙවාගෙන අපි කතරගම යනව. වෑන් එක හෙම මට ඩ්‍රය්වින් පුරුදු වෙන්න කියල දුන්නට තාත්තා කාර් එක හෙම නම් අල්ලනවත් දෙන්නෙ නෑ මට. ඒත් ඔය ගොල්ලො දන්නව ඇති කතරගම යනකොට තියේනව "අඩි සීයෙ පාර" කියල හෙන කෙලින් පාරක්. ඔන්න ඕකෙ මට යන්න ජැක් පොට් එකකුත් ඇදුන. පොර වගෙ නැග්ගට මට හරියට යන්න බෑ. ඕන්න කොහොම හරි ජීවිතෙ පලවෙනි පාරට කාර් එකකුත් එලෝල අපි හම්බන්තොටට ආවා අලුතෙන් හදන වරාය බලන්න.

වරායට මෙහෙන් පලයන් කියල පෙනි පෙනී තියෙද්දිත් අපෙ අර ඩ්‍රය්වර් අන්කල් කාරයා ( අර ලෙශර් වර්ල්ඩ් ගිය එකා , මෙතන ඉඳන් අපි මිනිහට "මුජායි" කියමු , මෑන්ස් මුස්ලිම් ) ශොර්ට් කට් එකකට දැම්ම. එල. ඒ අපි ගිය පාරෙ අලුත් ප්‍රොජෙක්ට් එකක් රන් වෙනව , පාරෙ යන අයට කම්මලි නිසා පාරෙ මාලු බාන්න වලවල් හදලා. නොදකින් මුගේ ශෝට් කට්. ඔන්න ගියාට පස්සෙ ගේට්ටුව වහලා. පොලිසියෙනුත් දාලා. ටික වෙලාවකට පස්සෙ පොලිසියෙ පොරක් ආව.
මුජායි බැස්ස , ඒලඟට මිනිහ කියනව , "මේ... අපි පාර්ලිමේන්තුවෙන් , මේ ඉන්නෙ අමාත්ය ලේකම් තුමා . අපිට වරාය බලන්න ඕනි කියල." ( අර මම කිව්වෙ අඳුනන ඇමතියෙක් වීඅයිපී කාර් එකක් දුන්න කියල ) . හප්ප. පොලිසියෙ පොර දෙකට නැමිල තොප්පියත් ගලෝල කියනව , "සර් , මේ පිටිපස්සෙ ගේට්ටුව , ඉස්සර ගේට්ටුව තියෙන්නෙ xxx පාරෙන් යනකොට". ඕනි අපිටත් වෙන වැඩ.
5 Blog.Dilshan.me: 2009 ඔය වගෙ දුර ගමන් අපි යන්නෙ තනියෙන් නෙමෙයි. තව තාත්තගෙ යාලුවෙක් ගේ ෆැමිලි එකකුත් එක්ක තමයි අපි යන්නෙ. අපි සාමාන‍යෙන් අවුරුද්ද අවසානයේ විතර තමා...

Wednesday, August 19, 2009

ලෙශර් වර්ල්ඩ්

අම්මියෝ.... ඔන්න කාලෙකට පස්සෙ තමා මට වෙලාවක් ආවෙ ඩයරිය ලියන්න.සොරි වෙන්න ඕනි.

ඔන්න ඊයෙ අපි ගියා ලෙශර් වර්ල්ඩ්. මමයි , මලයයි , අම්මයි , තාත්තයි , අර අපෙ නෑදෑ වෙන අය්යයි , ඩ්‍රවර් අන්කලුයි. එහාට යන කොට 9.40 ට විතර ඇති. එකෙ ඉන්න උන්ට මොලෙ කචල්. උන් අපි ගෙනියන බෑග් අරව මේව බලල තමා යවන්නෙ , නිකන් ජනාදිපති මන්දිරේට යනව වගෙ. රෙස්පිශන් එකෙ හිටියෙ කෑලි දෙකක්. හැබැයි ඉතින් මේකප් තලියක් ගාලා , කොන්ඩෙ "ස්ටයික්" කරගෙන , පාට පාට ගාගෙන හිටියේ. ඩ්‍රයිවර් කාරය කොල්ලානෙ , මෑන්ස් ගිහින් පැකේජස් ගැන කතාවකට අර ගොල්ලන්ව අල්ලගත්තා. එලම තමා. අන්තිමට අපි පැකේජ් "B" එක තෝරගත්තා.

ඔන්න ඒට පස්සෙ අපිට කියනවා , පටන් ගන්නෙ 11.30 ටලු , අර උඩ ඉඳන් වතුරට වැටෙන මොකක්ද ගැජමැටික් එකෙ යන්න ඕනි නම් 3.00 වෙනකම් ඉන්නලු. නොදකින්. එතකම් ඉතින් හාල් ගරන්න ඈ... මායි අය්යයි වැඩක් නැති නිසා ඇවිල්ල ඉන්න කෑලි ටික ගනන් කරන්න ගියා. එකක් වත් නෑ. අපි පුවක් ගහක නැග්ගොත් ඒකෙත් දෙබලක් නොවැ. ඔන්න ඒට පස්සෙ චූටි බබාලට තියෙන පියාඹන පීරිසියක ඕනි නම් යන්න පුලුවන් ලු. ඒකෙ යන්න ටිකට් ගන්න දුර කතර ගෙවාගෙන යන්න ඕනි. ඒක අස්සෙ ටිකට් දීම නම් අන්තිමයි.
ඔන්න ඔහෙ ඒකෙවත් යනව කියල අපි පියාබන පීරිසියෙ ගියා, තුක් නොදකින්. ඒක බීප් බීප් ගගා කැරකෙනව. එච්චරයි. ඔය අතරෙ අපෙ අය්ය එකෙ කේන්ද්‍ර අපසාරී බලයක් ගැන බන කියනවා. මට ලෙශර් වර්ල් එපා උනා.
පොඩි ආතල් එක ගත්තට පස්සෙ අපි බඩට මොනවත් දාගෙන අනිත් ඒව බලන්න ගියා. ඔන්න ඒලඟ එක නිකන් රව්මකට හයි කරපු ඔන්චිල්ලාවක් වගේ එකක් . එකෙ නම් නැග්ගෙ මායි අය්යයි විතරයි. මම හිතුව මේකත් සිඟිති ආතල් එකක් වෙන්න ඇති කියල. මේන්න අඩෝ මේක ඕනි කලාම හඳෙ විසික් වෙනවා. මම බලා ඉන්න අයට නොපෙනී යනකම් ඉඳල ගිරිය යටින් කෑගැහුවා. මම ඒකෙ බය උනෙ , බැරි වෙලා හරි මේ හත්තිලව්වෙ ඇන ගැලවුනොත් වෙන දේ ගැන කලපනා කරලා.
ඔන්න එකෙ ගියාට පස්සෙ නම් ටිකක් මට්ටු උනා. මේන්න ඒලඟට තියෙනව තවත් එකක්. ඒක නම් අන්තිම දරුනු පාටයි.
ඔය අතරෙ ඩ්‍රයිවර් අන්කල් කාරය කියනව කාට ගියත් මට නම ඕකෙ යන්න බෑලු. චාටර් වෙන්න බැරි නිසා මාත් ඕනි දෙයක් වුනාවෙ කියල ඕකට නැග්ගා. අර අය්ය කාරයත් එහා පැත්තෙන් හිටපු නිසා වැඩිය බය වෙන්න ඕනි නෑ කියල මට හිතුනා. මෙන්න බොලෙ මේක පටන් ගතතම හෙන ගහන්න වගෙ උඩ යට කැරකෙනව. මම නම් කියන්න හැම කොල්ලෙක්ම ගිහින් බලන්න ඕනි එකක් තමා මේක. සිරාවටම. කාවෘ හරි හිතාගෙන ඉන්නවා නම් තමා කිසි දේකට බය නැති බුවෙක් කියල මේකෙ ගිහින් බලන්න. හැබැයි චූ හෙම දාල යන්න නැත්නම් මඟ යන්න පුලුවන්. හිතන්නකො ඔය මම ඇඳල තියෙන එකෙ , මහ හය්යෙන් උඩට ගිහින් හෙන ගැහුව වගෙ පොලොව පැත්තට එනකොට එන ත්‍රිල් එක. සිරාවටම , මම ජීවිතෙ හෙන ගහන්න වගෙ බය වෙලා තියෙන්නෙ කිහිප වතාවයි. එක පාරක් කොහෙද හෙන ඈත යනකොට තාත්ත වාහනෙ මොටර් බය්ක් කාරයෙක්ගෙ බය්ක් එකක ඇන ගත්ත දවසෙ.ඒ යකාට හොඳටම අමාරු උනා. ඒට පස්සෙ ඒයෙ. මේක ඔය ගොල්ලනට හිතෙනවට වඩා දරුනු වැඩක්. හපොයි. මම උගුර ගෙවනකම් බෙරිහන් දෙන අතරෙ අය්ය කාරය එහා පැත්තෙ ඉඳන් කියනව මිනිහ කෙල්ලෙක් දාගත්ත දවසට ලෙශර් වර්ල්ඩ් එක්කං ඇවිත් මේකෙ අරන් යනවලු. එකෙ නම් සිරා ආතල් එකක් ගත්තා.මම හරියට දුක් වෙනව මේක රෙකෝඩ් කර ගන්න බැරි වෙච්ච එක ගැන.....

ඕකන් පස්සෙ බම්ප් කාර් එකකත් ගිහින් ඒලඟට ආව කෝච්චියක යන්න. එක අර පිට රට ඒවත් එක්ක බලනකොට නම් වැඩක් ම නෑ. ඒත් ඉතින් ආපු එකෙ මේකෙත් යමු කියල අපිත් නැග්ගා.
පිලි පැනපු රේල් ඩක්කුවක් තිබ්බ මේක මෙන්න එක පාට්ටම ස්පීඩ් උනා. ඔය බලන්නකො මම ආතල් එකෙ රෙකොර්ඩ් කර කර ඉඳල උන වැඩෙ.

ලෙශර් වර්ල් එක ගොඩක් ම ප්‍රසිද්ධ එකෙ වොටර් පාක් එකටනෙ. ඔන්න ඉතින් අපි ඇඳුම් මාරු කරන්න යනකොට අම්ම මගෙ ශොට දාගෙන නෑ. ( අම්මයි මායි උදෙම අඳින්න ඕනි ශෝට ගැන වලියක් දා ගත්තා... අම්මට තරහ ගිහින් මට එකක් දාගෙන නෑ. මල්ලිට පමනයි. ) අලි කෑස් එක. කොහොම හරි තාත්තා කිව්වා අය්යට තාත්තගෙ ශෝට අඳින්න , මට අය්යගෙ එක අඳින්න කියල. අය්ය තාත්තගෙ එක ඇඳල බෙල්ට් එකකුත් දාගත්තා. ඕන්න ඉතින් පීනන්න කිසිම විදිහකින් දන්නෙ නැති මාත් අය්යත් ගියා වොටර් පාක් එකට.

අපි ආපුම හින්ඳද කොහෙද අද කෘතිම මුහුද වැඩ කරන්නෙ නෑ. නොදෝකින්.. ඒත් අනිත ඒව නම් වැඩ. ඉස්සෙල්ලාම අපි රබර් ටියුබ් වල නැගල බටයක් දිගෙ කැරකි කැරකි පල්ලෙහට ඇවිත් වතුරට වැටෙනවා. සාමාන්‍යෙන් තට්ටු 2 ක් විතර උඩ ඉඳන්. සිරාවටම මම පීනන්න බැරි නිසා ඕවට කැමති නෑ. එහෙම කියල චාටර් වෙන්නත් බෑ නෙ. මේ වෙනකොට අරහෙන් මෙහෙන් සිරා කෑලි බැහැල තිබ්බා. ඉස්සෙල්ලාම අය්ය පැන්න. ඒට පස්සෙ මම. මම ඉතින් දෙය්යො බුදුන් සිහි කරගෙන පැන්න. ආතල් එකෙ ගිහින් වතුරට පැන්න.මට ඉතින් පීනන්න බෑ නෙ. මම ටියුබ් එකෙ ඉඳගෙනම අතින් ගගහ ගොඩ බිමට එනව. මෙන්න කස්ටිය කට කොනින් හිනා වෙනවා මට පේනව. බැලින්නම් මේක අඩි 2ක් වත් ගැඹුර නෑ. ඩොම් චාටර්. මාත් ඉතින් දැක්කෙ නෑ වගෙ ආපු විදිහටම ආවා. ඒට පස්සෙ තියෙනව.


දැන ආව් වගෙ 3 ගුනයක් විතර උඩ ඉඳන් වැටෙන එකක්. මේකෙ නම් යන්නෙ රබර් ටියුබ්ත් නැතිව. මෙකෙ නම් කොහොම හරි යනව කියල මම ගියා. මේ පාර ඉස්සෙල්ලාම මම පැන්න. තට්ටු 5 ක විතර ඉඳන් ලිස්සල ගිහින් වැටුන කියන්නකො හෙන පූල් එකකට ඒක නම් අඩි 6 ක් වත් ගැඹුර ඇති. බුදු අම්මෝ. මම බඩ ගාගෙන ඇවිත් හති ඇරිය. පීනන්නත් බෑ නෙ. අනිත් උන්ට හිතන්න ඇති මම පීනලම එපා වෙලා දැන මේ අලුත් ක්‍රමයක් හොයනවා ඇති කියල.

කොහොම හරි අපි ඕකෙ එක එක විදිහෙ ආතල් ගත්තා. පොඩි උන්ගෙ වොටර් පාක් එකට රින්ගල බැනුනුම්ත් අහගත්තා. කොහොම කොහොම හරි තව එක එක එවල ලිස්සල , පීනන්න පුලුවන් , ඒත් මේ වතුර මදි වගෙ ඉඳල , කොල්ලො ටිකකින් ගුටි කන්න ගිහින් අනූ නමයෙන් බේරිලා කෑම කන්න ගියා.

කෑමත් කාල ආයෙ අපි කොලඹ තාත්තගෙ යාලුවෙක් ගෙ ගෙදර ගියා. ඒට පස්සෙ අම්මල රෙදි කඩවල් ගානෙ රින්ඟන අස්සෙ මායි අය්යයි අය්යගෙ Bcs එකෙ සල්ලි වගයක් ගෙවන්න තියෙනව කියල ගියා. ඒට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙ සල්ලි චෙක් කරනකොට තියෙන්නෙ රුපියල් තුන්සිය ගානයි. ඒකෙන් අයෙ චාටර් උනා. ඒට පස්සෙ රෑටත් කාලා ( ඒ කාපු හොටලෙ උඩ බිලියට් ගහනව , මම නම් බිලියට් ගහනව දැක්ක පලවෙනි පාර , මැජික් වගෙ බලාගෙන හිටියා ) හොඳටම රෑ වෙලා ගෙදර ආව. ඒක නම් කවදාවත් අමතක නොවන ගමනක්.

5 Blog.Dilshan.me: 2009 අම්මියෝ.... ඔන්න කාලෙකට පස්සෙ තමා මට වෙලාවක් ආවෙ ඩයරිය ලියන්න.සොරි වෙන්න ඕනි. ඔන්න ඊයෙ අපි ගියා ලෙශර් වර්ල්ඩ්. මමයි , මලයයි , අම්මයි , තාත...

Saturday, August 15, 2009

DragonD ගේ ආලය

ඔන්න අද මම ලියන්නෙ මම කවදාවත් ලියපු නැති වර්ගයක පිටුවක්. ඉතා විශ්වාස වන්ත අය පමනක් දැනගෙන තිබූ මේක දැන් සියල්ලන්ටම කියවන්න පුලුවන්. ඔව්. මාත් ඉතින් කොල්ලෙක් නේ. මටත් ලව් එකක් තිබ්බ තමා. මම කියල හඳෙන් ආව නෙමෙය්නෙ. මටත් දැනීම් තියෙනව. ඔන්න මම "DragonD" ලිපියෙන් කිව්ව වගේම මට කෙල්ලො ඇලජික් ඉස්සර.
5 Blog.Dilshan.me: 2009 ඔන්න අද මම ලියන්නෙ මම කවදාවත් ලියපු නැති වර්ගයක පිටුවක්. ඉතා විශ්වාස වන්ත අය පමනක් දැනගෙන තිබූ මේක දැන් සියල්ලන්ටම කියවන්න පුලුවන්. ඔව්. මාත...

Wednesday, August 12, 2009

කරාටි පන්ති - 2 කොටස


ඔන්න ඉතින් අදත් අපි ශැවොලින් පන්සලෙ ( අපෙ ගමෙ පන්සලෙ ) තියෙන කරාටි පන්තියට සේන්දු උනා 2 විතර වෙනකොට. අද අලුත් එකෙක් ඇවිත් හිටිය , ඉස්සර අපෙ පන්තියෙ එකෙක්. මිනිහටත් අපි මට පලවෙනි දවසෙ කරපු දේම කලා. අය්ය කෙනෙක් පෙන්නල මේ තමා සේන්සෙයි කියල ඇන්දුව. මූ මිනිහට නැමිල හෙම මල චාටර් එකක් කෑව.
ඔය අලුතෙන් ආපු පොර ගැන පොඩි දෙයක් මට කියන්න තියෙනව. මිනිහ මුහුනු පොතට ලොග් වෙන්නෙ මොබයිල් එකෙන්. ඕක මගෙ යාලුවන්ට කියල මට ( එකතරා මම අකමැති නමක් ) කියන්න කියල. මම මුගෙ අක්වුන්ට් එක හැක් කරනව , ඉන්ටනෙට් එකෙන් බෑන් කරනව අරව මේව ටෝක්ස් දාල හොඳටම බය කලා. ( අපෙ පන්තියෙ උන් හිතාගෙන ඉන්නෙ මම පට්ට හැකර් කෙනෙක් කියල )

අදත් පන දාගෙන එක්සයිස් කලා. ගියසතියට ඉස්සෙල්ලා මම ඒව කරපු හැටි කිව්ව මතකනෙ. ඒට පස්සෙ අපිට අද කියල දුන්න මූනට ගහන ශොට් එකක් වලක්වන හැටි. මට වම දකුන මාරුවෙන නිසා ඒක ටිකක් අප්සෙට් ගියා. කොහොමෙන් කොහොම හරි මාත් එක්ක ෆය්ට් කරන්න දැම්මෙ බතලයෙක්. හපොයි , බ්ලොක් කරන කොට අත පය ගැලවෙන්න එනව. සෙන්සෙයි ටික වෙලාවක් මා දිහා බලා ඉඳල අනිත් අයට කිව්ව මම දිහා බලා ඉන්න කියල. මම හිතුව අම්මට සිරි මම සිරාවට කරනවා ඇති එහෙනම් කියල.


5 Blog.Dilshan.me: 2009 ඔන්න ඉතින් අදත් අපි ශැවොලින් පන්සලෙ ( අපෙ ගමෙ පන්සලෙ ) තියෙන කරාටි පන්තියට සේන්දු උනා 2 විතර වෙනකොට. අද අලුත් එකෙක් ඇවිත් හිටිය , ඉස්සර අපෙ...

Tuesday, August 11, 2009

tech අදහස්



මෙන්න මගේ අලුත්ම සින්හල වෙබ් අඩවිය.

tech අදහස්

මේකෙන් ඔයාලට ගොඩක් දේවල් මුල ඉඳන් ඉගෙන ගන්න පුලුවන් වෙයි !
අද තමා පටන් ගත්තෙ.

ගිහිල්ලම බලන්නකෝ !

5 Blog.Dilshan.me: 2009 මෙන්න මගේ අලුත්ම සින්හල වෙබ් අඩවිය. tech අදහස් මේකෙන් ඔයාලට ගොඩක් දේවල් මුල ඉඳන් ඉගෙන ගන්න පුලුවන් වෙයි ! අද තමා පටන් ගත්තෙ. ගිහිල්...

Monday, August 3, 2009

අයියා කාරයා


ඕන් ඉතින් කස්ටිය දන්නවනෙ මට අය්ය කාරයෙක් ඉන්නව කියලා , මගෙම නෙමෙයි... මාමගේ පුතා. ඕක ජිම් එකට ගිහින් , කරාටි පන්ති ගිහින් , කරන්න ඕනි ඔක්කොම කරල ඉන්නෙ. කාටවත් නැමෙන්නෙ නෑ. ඕනි වලියකට හදවතින බහින එකෙක්. ඕන් ඉතින් මිනිහට ඊයෙ ජිම් එකෙදි වලියකට එන්න කොන්තරාත්තුවක් ඇවිත්.
වලි සේන කෙනෙක් තමා කියල තියෙන්නෙ , මේ යකත් හා කියල. ඕන් ඉතින් අද වලිය දවසෙ මූ එනකොට අපෙ තාත්තා ඇවිත් උන්ගෙ ගෙදර. ඒ නිසා මූ ටිකක් පරක්කු වෙලා. ඔය අතරෙ වලිය ගිහින්. මාර වැඩක් තමා වෙලා තියෙන්නෙ.
ඕන් ඉතින් අපෙ වලි සේන ගේම ඉල්ලපු එකාට කෙලලා අරිනවලු. ඌත් රම්බෝ වගෙ එකෙක්. එකක් කෑවොත් අයෙ ඕනි නෑ. ඔය අතරෙ පොලිසියෙ එස්.අයි. කෙනෙක් සිවිල් පිට ඉඳල.

එස්.අයි. කොල්ලෙක් ලු. මූ ඇවිත් උගෙ අයි.ඩී. එක පෙන්නල කිව්වලු , "මම ඇහැලියගොඩ පොලිසියෙ එස්.අයි. කෙනෙක් , ඕක නවත්තපන් කියල". මේ යකා කියල " අඩෝ , මට උඹ කවුරු උනත් ප්‍රශ්නයක් නෑ. මේජර් ජෙනරල් කමල් ........ මගෙ මාමා " කියල. එස්.අය්. කාරය කියල " ඉතින් මට මොකද හු.... , නැගපිය ට්‍රීවීල් එකට කියල." අන්තිමට හැම එකාම පොලිසියෙලු. අපෙ අය්ය කාරය නූලෙන් බේරිලා තියෙන්නෙ. මොකද ඕක ගියා නම් අරූ ගෙ අත පයත් කඩනව. එහෙනම් ඉතින් මුට ඇපත් නෑ.
ඕකට මම හෙම ගියානම් , මගෙ තියෙන සෙනසුරු අපල හැටියට , මාව තමා පොලිසියට අරන් යන්නෙ. අනිත් අයට ගෙදර යන්න කියල.
ඕන් ඉතින් වලි වලට ගිහින් මිනිහ අපේ ගෙදර ආව , මොන හරි චිත්තරපටි ටිකක් අරන් යන්න. ඔය අතරෙ මිනිහ කිව්ව උන්ගෙ ගෙදර යමු කියල මිනිහගෙ කොම්පුටරය ෆොර්මැට් කොරන්න. මම එක පාරකුත් කිව්ව වගේ එක මාර කොම්පුටරයක්. පෙන්ටියම් ක්වඩ් ෆොර් කෝර්, ඕන් කරල තේකක් එහෙම බීල එන කොට ඕන් වෙලා තියෙනව. එක පාට්ටම ශට් ඩවුන් හෙම උනොත් ඒක සාමාන්‍ය දෙයක්. ඒ මදිවට බිට් ඩෙෆෙන්ඩර් එකත් දාගෙන. එලම තමා. මල් හතයි , සින්දුවක් අහන ගමන් මයි කොම්පුටර් ඕන් කලොත් හෙම එවෙලෙම හිර වෙනවා. ඒට පස්සෙ අම්ම තාත්තා මතක් කරමින් රීස්ටාට් බොත්තමේ පිහිට හොයන්න වෙනවා.

ඕන් ඉතින් මාත් පොර වගේ මගෙ පෙන් කටුවට එක්ස් පී කොපි කරගත්තා. ( මම ගාව සීඩී නෑ , අලුතෙන් එකක් ගත්තත් මාසෙකට වඩා තියෙන්නෙ නෑ ). ඔය අතර අය්යා කාරයා මගේ බඩු ගැන තියෙන විස්වාසෙ වැඩි කමටම වෙනින් එකෙක්ට එක්ස් පී සී ඩී එකක් අරන් එන්න කිව්වා. ඒ ලඟට අපි ඩිස්කවර් කටුවට පැනල උගේ ගෙදර බලා පියෑඹුවා. ( මම කවද හරි ඔහොම ගිහින් අත පය කඩා ගන්න බව හැම කෙනාම අනාවැකි පල කරනවා ). අය්ය පිටිපස්සෙ ඉඳන් බෙරිහන් දෙන අතරෙ මම ආතල් එකෙ පියෑඹුවා.
ඔය අතර අනික් එකත් සීඩී එක අරන් ඇවිත් තිබ්බ. මාත් පොර වගෙ පෙන් එකට එක්ස්.පී. දාගෙන ආවට ආවට පස්සෙ තමා මතක් උනෙ පෙන් එකෙ එක්ස්.පී. තියාගෙන සී එක ෆොර්මැට් කොරන්න වෙන්නෙ අහවල් එකෙන් බව. හොඳ වෙලාව වෙනින් එකෙක්ට සී.ඩී එකක් ගේන්න කිව්වෙ. සී.ඩී. එක අරන් ආපු එකත් පොර වගේ සී.ඩී. එක දැම්ම , බූට් වෙන්නෙ නෑ. මම කිව්ව මචන් පොඩ්ඩක් දියන් සී.ඩී. එක කියල. සී.ඩී එකෙ පතුරු ගිහින් , මූ පිට කහන්න ගන්නෙ ඒකද කොහෙද , මාර ගෝතයෙක්. මූ කියනව සී.ඩී එක රය්ට් වෙන්නෙ සී.ඩී එකෙ දාරෙලු. නොදකින් , මේ වගෙ එවුනුත් මේ ලෝකෙ ජීවත් වෙනවනෙ. ශික් !
දැන් ඉතින් අය්යට ඇඬෙන්න ලඟයි. මිනිහ කිව්ව , පොරක් ඉන්නව ඌ ගාව නම් ඇති කියල . වලවල් උඩින් , කඳු නැගගෙන , කුඹුරු මැදින් ගිහින් අපි එකෙක් ගෙ ගෙදරකට ආව. අනෙ වාසනාවන් , සී.ඩී එක වෙනින් එකෙක්ට දීලලු. බයික් එකෙ තෙලුත් ඉවරය්. කොය් වෙලෙ මග හිටියි ද කියන්න බෑ. මොනව කරන්නද ඉතින් , ඊලඟට ඒ ගෝතයව හොයාගෙන ගියා. ඒ යකා ඔක්කොටම වඩා පිස්සෙක්. කොහොම හරි අපි උගෙන් සී.ඩී. එක පැහැර ගෙන ආව.

නියම සී.ඩී. එකක් ගෙනාවෙ, ඉන්දියන් හැක් එකක්. දැන් ඉතින් මොනව කරන්නද ? ඕනි එක වියන් කියල දැම්ම. ඒකත් ආතල් , රයිට් කිල්ක් කරාම පාට පාට ඉරි ඇඳෙනවා. අපෙ අය්යටත් ඉතින් ආතල්. අපි ඕකෙන් මෝඩ චූන් ගන්න ගමන් අය්යගෙ තාත්තා වැඩ ඇරිල ආව.
ආපු ගමන් මාමා අපෙ අය්යගෙන් අහුව , මොකටද පොලිසි ගියේ කියල. මුන් ටික අරු බලන්න පොලිසියට ගියානෙ. මාමාට පොලිසියෙ කෙනෙක් කියල ආන් පුතා පොලිසියට ඇවිත් හිටිය කියලා. මාමට හිතෙ මූ කාගෙ හරි අත පය කඩල කියල. අපි බොහොම අමාරුවෙන් කාරනය වටහා දුන්නා. ඒත් තත්වය හොඳ නෑ කියල මගෙ හිත කිව්ව. මම පරක්කු වෙනව කියල ශේප් එකෙ මාරු උනා. අය්යට බුදු සරනයි. ( අනෙ ගුටි කාපන් ! )


5 Blog.Dilshan.me: 2009 ඕන් ඉතින් කස්ටිය දන්නවනෙ මට අය්ය කාරයෙක් ඉන්නව කියලා , මගෙම නෙමෙයි... මාමගේ පුතා. ඕක ජිම් එකට ගිහින් , කරාටි පන්ති ගිහින් , කරන්න ඕනි ඔක්කො...

Thursday, July 30, 2009

කරාතේ පන්ති

ඕන් ඉතින් මම කියල ඇතිනෙ මගෙ යාලුවෙක් ඉන්නවා කියල , කලු පටි කාරයෙක්. මටත් ලඟදි හිතුනා කරාටි ඉගෙන ගත්තොත් පොර නේද කියල .. ( මම ජීවිතෙ ගතත ගොන්ම තීරන වලින් එකක් ). ඔක්කොටම කලින් ගෙදරින් අවසර ගන්නත් ඕනිනෙ , අමාරුම දේ අම්මගෙන් අවසර ගන්න එක. පුදුමෙකට වගෙ අම්මනම් කිව්ව , " ගිහින් පව් ටික ගෙවල එන්න " කියල. තාත්තා නම් ඉතින් හා කිව්වා.

ඕන් ඉතින් මායි , මගේ ඉස්සර O\L පන්තියෙ යාලුවො හතර දෙනෙකුයි ගියා ඔය කියන පන්තියට. තියෙන්නෙ මහ කැලේ පන්සලක. අපිත් ඉතින් ශැවොලින් පන්සලෙ යනව කියල හිතාගෙන ගියා. මේන් යනකොට ඉන්නවා පොරක් ත්‍රී වීල් එකක විට හප හප. මූ ලු සෙන්සෙයි ( කරාටි සෑර් ) ! මුන් ටික ගිහින් අත් දෙක දික් කරල "හෙයි" ගාල අමුතුම ඇඩ් එකක් උට දාල කියනව , මටත් කරන්නලු. මේ විට හපය සෙන්සෙයි කෙනෙක් නම් වෙන්න බෑ කියල මගෙ යටි හිත කිව්වත් ඉල්ලගෙන කන්න ඕනි නැති නිසා මාත් අරුන් කරපු වැඩෙම කොලා...

මේන් අරුන් ටික බඩ අල්ලගෙන හිනා වෙනවා , මූ සෙන්සෙයි නෙමෙයිලු... නොදකින් , මල චාටර් , මේ යකා නිල් පටි කාරයෙක් ( ඒ කියන්නෙ පොඩ්ඩක් විතර පොරක් ).


කොහොම හරි ටික වෙලාවක පස්සෙ මේන් අය්ය කෙනෙක් එනව කොර ගගහ , කස්ටිය කිව්ව ආන් සෙන්සෙයි එනව කියල. මේකත් ගැටයක් ද දන්නෙ නෑ නෙ , අරුන් ටික හෙයි ගාන කොට මම පොර වගෙ පුටුවක වාඩි වෙලා හිටියා , කොල්ලත් මන් දිහා අමුතු විහකට බලල ගියා , ඇත්තටම මිනිහලු සෙන්සෙයි. තව පොඩ්ඩෙන් අත පය ගලෝ ගන්න තමා වෙන්නෙ... මොකක් උනත් මිනිහ මාර විදිහට ඉවසනවලු , ඒකයි මම බේරුනෙ..

ඒ යකා කකුලෙ ඇනයක් ඇනගෙන , ඒකයි කොර ගහල තියෙන්නෙ . මිනිහට අමාරු නිසා මිනිහ අපෙ කලු පටි යාලුවට කිව්ව අද කට්ටියටම එක්සසයිස් කර වන්න කියල. මේ යකා එක දිගටම පැය එක හමාරක් විතර කලා. මම නම් දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිත හිත හිටියෙ.බතලයොත් කරනම් ගගහ , ඩිප් 20 - 30 ගගහ එක්සසයිස් කොරන අතරෙ මම දාන ශාලාවෙ කනු අල්ලගෙන , බඩා ගාගෙන දඟලනවා... මල චාටර්.. අන්තිමට සෙන්සෙයි මට උදව් කරන්න කියල පොඩි එව්වො දෙන්නෙක් ම දැම්ම.. අනිත් උන්ට මම එක්සසයිස් කරන හැටි බලල හිනා ගිහින් මැරෙන්න හදනවා , කට්ටිය මාල හපාගෙන හිනාව නවත්තගෙන ඉන්නවා.. හය්යෝ..... මේක ලියන කොටත් තාම මගෙ අත පය රිදෙනවා


එක්සසයිස් ටික කොලා විතරයි , ඒලඟට අලුත් ශොට් උගන්වන්න පටන් ගත්තා.... ඒකට අල්ල ගත්තෙත් මාවම තමා.... අපි අලුත් අය නිසා , පොඩි පොඩි ටිකක් තමා ඉගැන්වුවෙ. අන්තිමට කවෘ හරි කොන්ඩෙන් අල්ල ගත්තොත් උගෙ අත පය නොකඩා , තමනුත් නොකඩාගෙන බේරෙන්න විදිහක් කියල දුන්නා.... සෙන්සෙයි කිව්ව මේ වගෙ තැනකදි ඒක පාවිච්චි කරන්න කියලා...

ඕන් දැන අපි අපෙ යාලුවෙක් ගෙ කෑල්ලට ලියුමක් දෙන්න යනවා... එක පාට්ටම යාලුවගෙ කෑල්ලගෙ අය්ය පැනල , පැනපු ගමන් කොන්ඩෙන් අල්ලගෙන "අඩෝ , තෝ මගෙ නන්ගි පස්සෙන් එනව නේද? " කියල කෙලින්න යනව... යාලුවගෙ කෑල්ලගෙ අය්යට අත පය කැඩෙන්න ගැහුවොත් යාලුවගෙ මූන බලලත් ඉවරනෙ , ඒ වගෙ වෙලාවට ලොක් එකක් දාල ඒ යකාව බිමට හිර කරන ශොට් එකක් ලු... සෙන්සෙයිත් මාර පොරක් තමා...

කෑල්ලගෙ අය්ය වෙනුවට අසරන මාව තමා අල්ල ගත්තෙ... මට මින්හගෙ කොන්ඩෙන් අල්ලගන්න කිව්ව.. මම ඉතින් ඉතිපිසෝ ගාතාව කිය කිය ඇල්ලුව... හිතන්නත් කලින් මූ දඩ බිඩි ගාලා ලොක් එක දාල මාව බිම දාගෙන අතින් අදිනවා... මගේ පාප මිත්තරයො ටික හරියට දැක්කෙ නෑලු... අනෙ අසරන මම... අයෙත් මාව හෙන ගැහුව වගෙ බිම දැම්ම.... හය්යෝ... කරාටි නෙමෙයි ජීවිතෙත් එපා උනා... ඒට පස්සෙ එකා එකා දාල ට්‍රේන් වෙන්න කිව්ව... අන්තිමට ගුටි කාලා , බිම වැටිලා , චාටර කාලා , රුපියල් 500 කුත් නිකන් දීලා ගෙදර ඇවිත් දැන් බාම් ගාගෙන දුක් විඳිනවා

මේන්න මගේ අවවාදය , තමන්ගෙ යාලුවො සෙට් එකක් එක්ක කවදාවත් කරාටි පන්ති නම් යන්න එපා ! අනික තමා , එක වසරෙ එකෙක් හරි කමක් නෑ , ඌ කරාටි කාරයෙක් නම් , උනුත් එක්ක හැප්පෙන්න එපා , නැත්නම් අත්‍යාවශ්‍ය ප්‍රදෙශ තලා ගන්න තමා වෙන්නෙ !


5 Blog.Dilshan.me: 2009 ඕන් ඉතින් මම කියල ඇතිනෙ මගෙ යාලුවෙක් ඉන්නවා කියල , කලු පටි කාරයෙක්. මටත් ලඟදි හිතුනා කරාටි ඉගෙන ගත්තොත් පොර නේද කියල .. ( මම ජීවිතෙ ගතත ගොන්...

Thursday, July 23, 2009

වැලන්ටයින් ගේ ගෙදර යෑම

වැලන්ටයින් කියන්නෙ මගෙ අතිජාතම මිත්තරයා , එලකිරි යූ.නේම් එක "ජී.සී.ජේ" . "උපන්දා සිට මොන්ගලයෝ" සන්ගමයෙ ප්‍රධානම සාමාජිකයෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් තමා අපි. අනිකා තමා ජාකෝලිස්. සන්ගමයෙ ඉන්නෙත් අපි තුන් දෙනා විතරයි. දැන් නම් ඉතින් අපි සා.පෙ. ලියලා අරූ කොමර්ස් කරන්නෙ. ඒත් ඉතින් අපි අම්ම ඇවිත් ෆෝන් එකෙ වයර් එක ගලෝනකම්ම පච කියවනව....

මේ යකා අමුතු ජාතියෙ එකෙක්. කවුරු හරි උගෙ ගෙදර එන්න ඇහුවම කෙලින්ම කියනව ,"එපා , එන්න එපා" කියල. මූනටම කියනව. මට උනත් එහෙමයි. ඇයි කියල අහුවම මූ කියනව මම උගෙ ගෙදර ගිහින් සාලෙ වාඩි උනාම කියයිලු , "මචෝ , මොකද මේ අපි ගැරජ් එකෙ ඉන්නෙ ? යමුකො ගේ ඇතුලට ! " කියල .
අවුරුදු ගානක් අහල අහල සා.පෙ. නිවාඩු කාලෙ බොහෝම අමාරුවෙන් මම මුන්ගෙ ගෙදර යන්න පිටත් උනා. ටිකක් ඈත. ඕන් බොහොම අමාරුවෙන් කැලෑ අස්සෙන් ගිහින් , බඩගාගෙන ගියාට පස්සෙ වාහනෙ හර වන්න ඉඩ නෑ. අන්තිමට තාත්තා පාරවල් හදන එකා මතක් කරන අතරෙ මම බැහැලැ පයින්ම ගියා. මට සාමාන්‍යෙන් යාලුවන්ගෙ ගෙවල් වල යන්න දෙන්නෙ නෑ , ගඟෙ පනියි කියල බයෙ. කෙලින්ම කිව්වොත් මට පීනන්න බෑ.පූල් එකකට හෙම බැස්සොත් මල චාටර්. කෑලි පීනනවා , මම කබ්බ. මම ඉතින් කරන්නෙ පීනල පීනල එපා වෙලා වගෙ ඉන්න එක. වතුර යටදි විපර්යාස හෙම උනොත් ඉඳලත් ඉවරයි....

ඕන් ඉතින් මම ඕකගෙ ගෙදර ගියා. කිව්ව තරම් අප්සැට් එකක් නෑ.වයිඩ් ඉස්ක්‍රීන් ටී වී එකක් ඉස්සර වාඩි වෙලා මූ දත් මදිනවා , කලිසමක් ( කලිසමක් හෝ ඊට සමාන දෙයක් ) ඇඳගෙන. ටී වී එක ඇවිල්ල අඟල් 14. ලොකු ලොකු ටීවී වලින් බලනකොට ඇස් වලට අමාරුයිලු. මේක ඇවිල්ලා ඇන්ටික් ටී වී එකක්. රාජසින්හ රජ්ජුරුවොත් මේකෙන්ලු ටීවී බලල තියෙන්නෙ. රිමෝට් එක තියෙන්නෙ ටීවී එකේමයි. පොඩි තට්ටුවක් දැම්මම වැඩ. උටමයි ඒ ටීවී එක ගැලපෙන්නෙ.
යාලුවෙක් ආවම පොඩ්ඩක් හොඳට ඉන්න ඕනිනෙ. මූ "ආ මචන්" කියල ආයෙ ස්වර්නවාහනී එකෙ කබ්බන්ට යන කාටූන් එකක් බල බල දත් මදිනවා. මට එපා උනා. උදෙට හරියට කාලත් නෑ. ඕන් ඉතින් ඊලඟට අපි වාඩි උනා උගෙ කොම්පුටර් එක ගාව. එසෙ මෙසෙ එකක් හෙම නෙමෙයි , 256 කම රැම් එකක් තියෙනවා. මූ ඒකට රෑට දුමුත් අල්ලවද කොහෙද ! වඩෙ කියන්නෙ බ්‍රැන්ඩඩ් මැශින් නිසා දැම්ම ගමන් වැඩ.
ඒට පස්සෙ 10 විතර , මම තේ බොන වෙලාවට උදෙට කන්න එන්න කිව්ව.
නියමයි... ස්පෙශල් , මැක්ඩොනල්ඩ් එකෙන් ඕඩර් කරල තිබ්බෙ. පරිප්පු සහ පාන්. ඕනිම නම් එපා කරපු සම්බෝලෙකුත් තියෙනව. මූ නම් අලි කුනෙක්. තාත්තා ඉන්නෙ වරායෙ ( වරායෙ පඩි ගැන කතා කරන්න ඕනි නෑනෙ , අම්මට රෙදි කඩයක් තියෙනවා ) අමුත්තෙක් ගෙදර ආවම දෙන්නෙ මේව. මට නම් තමා හිතෙන්නෙ මූ මාව චාටර් කරන්න ගහපු ප්ලෑනක් වගෙ.
මමත් ඉතින් බඩගිනි නිසා කෑව මූ අපෙ ගෙදර ආවම දෙන්නම්කො කියල හිත හිතා.. මුට නම් කිසි ගානක් නෑ.. ඕනි මල හත්තිලව්වක් කනව. ඊට පස්සෙ අපෙ මුගෙ කාමරෙටම ගියා. කාමරෙ කොනක තිබ්බ පන්චිකාවත්තෙන් ගෙනාපු බඩ්ඩක්. මූ පොඩි තෙල් බෝතලක් අරන් තෙල් ටිකක් ඒකට දාල පයින් එකක් ගැහුවම පෙත්තක් කැරකෙන්න ගත්ත , මුගෙ ෆෑන් එක(ලු ). ආත්ල් එකෙ ඉස්සර අපි දෙන්න කරපු අවලම් කම් ගැන ටෝකක් දදා ඉඳල ටික වෙලාවකට පස්සෙ මම කිව්ව පොඩ්ඩක් යමු ගමෙ ඇවිදින්න කියල.

එලියට බැහැල මූ කියනව , අර පත්තෙ නම් යන්න බෑ මචන් මට අත පය ගලෝගෙන තමා එන්න වෙන්නෙ , මේ පත්තෙ ගියොත් මහ පාර දිහා බලාගෙන ඉන්න පුලුවන් ලු. ගමෙ කෑලිත් නෑලු. මොකද ඒ පත්තෙ තාම පරිනාමය වෙලා නැති අයලු ඉන්නෙ. අන්තිමට වෙන්න පුලුවන් ලොකුම කරුමෙට අපි මුහුන දුන්න. ගෝත් වැස්ස. වැස්ස කියන්නෙ ආතල් , මොකද මුන්ගෙ ගෙදෙට්ට එහා පත්තෙ තියෙන්නෙ කලු ගඟ. වැඩි දෙයක් වෙන්නෙ නෑ මුන්ගෙ ගේ ලඟට ගං වතුර දායි එච්චරයි. මගෙ තියෙන හොඳ වෙලාව ගැන දන්න නිසා අරූ හොඳට බය වෙලා හිටියෙ ගේත් ගහගෙන යය් කියල. කොහොම හරි පෙර පිනකට වැස්ස අඩු උනා.
කොහොමෙන් කොහොමෙන් හරි දවල්ට කන වෙලාවත් ආව. දවල්ටවත් හොඳට කන්න ලැබෙයි කියල මම බලාගෙන හිටියෙ. ඇති යන්තම් , ඒ පාර නම් පට්ට. උදෙ ඉතුරු උනු පරිප්පු ( උදෙ ඒවම තමා ) සහ චිකන්. තුක් නොදකින් ! ඒත් කමක් නෑ , මෙන්න කන්න හදන කොටම ගෝතයො ටිකක් පාත් උනා. මුන් ටිකටත් කන්න ඉන්න කිව්වොත් හෙම මට කන්න වෙන්නෙ නෑනෙ , මම පිඟානක් අරන් බෙදාගෙන කෑව. ඒට පස්සෙ අරූ ෆ්‍රිජ් එකෙන් තඩි බීම ජෝගුවක් ගත්තා , මට හිතෙන්නෙ ඒ බීම එක හඩල තියෙන්නෙ පලවෙනි ශතවර්ශෙයෙ. මූ මට පොඩ්ඩක් අල්ල ගන්න කිව්ව...

මම ඇල්ලුව විතරයි, "ඩොම් ! " බිම.. අනිතිමයි ! අජූතයි. මම ශේප් එකෙ "මොකද බන් කොලෙ?" කියල ඇහුව . ගෙදර කස්ටියටම හිතෙ අරූ තමා වැඩෙ කලෙ කියල උට දාගෙන බනිනවා , මූත් ඉතින් මම මොනවට වද්ද ගත්තද කියල බැන බැන ඉන්න ඇති..

අන්තිමට කොහොම කොහොම හරි උන්ට ලොකු අලාබෙකුත් කරල , හවසට තේත් බීලම මම එහෙන් මාරු උනා. හැබැයි මට "ආයෙ එන්න" කියල නම් වැරදිලාවත් කියනව ඇහුනෙ නෑ... මොකක් උනත් කියන්න ඕනි මූ හිත හොඳ එකා ! පොඩ්ඩක් විතර කුනා තමා , හැබැයි හොඳ එකා ! මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩා තමා ඉතින්.......




මේ පොඩි වීඩියෝ කටුවෙ මුලින්ම නිලපාට ශර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ වැලන්ටයින්. පැත්තකින් පේන්නෙ උගෙ ගෙවල් ගාව ඉන්න කබ්බෙක් , රතු පාට ශර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ මම. ඔය අපි ගමෙ පත්තෙ රව්මක් ගහන්න කියල එලියට බැහැපු වෙලාවෙ මගෙ අති නවීන ගඩොල් බාගෙන් ගත්ත එකක්. ඔච්චරයි ගත්තෙ , ඕෆ් උනා....





සින්හල උපසිරැසි....

වැ. :- උඹ මගෙ මොනවද ගන්නෙ ?
වැ :- ඕකෙ කැමරාව වැටිල නෑ , ඒකයි ඔක දාගෙන ඉන්නෙ.......
වැ :- මල්ලි මේ , කොහෙද බන් යනව නම් යන්න තියෙන්නෙ ?

මෙයාට වැලන්ටයින් කියන්නේ මෙයා වැලන්ටයින් දවසේ [ දන්නෙ නැති චුට්ටන්ට , පෙබරවාරි 14 ඕන් ] ඉපදුන නිසා...මෙයාගෙ නම වැලන්ටයින් ***** උනත් බ්ලොගේ version3 හි දි කල වෙනස් කම් හා පොශ් වීම් නිසා 3+ උඩ අකුරු කියවන්න පුලුවන් ඕනි කෙනෙක්ට කියවන්න පුලුවන් වෙන්න වෙනස් කරපු නිසාත් පෝස්ට් එක එඩිට් කරලා 18+ වගේ හිතුන ඒවත් මැකුවා.හෙහ්.
5 Blog.Dilshan.me: 2009 වැලන්ටයින් කියන්නෙ මගෙ අතිජාතම මිත්තරයා , එලකිරි යූ.නේම් එක "ජී.සී.ජේ" . "උපන්දා සිට මොන්ගලයෝ" සන්ගමයෙ ප්‍රධානම සාමාජික...

මට අසාධ්‍යයි

සිරාවටම , මට අසාධ්‍යයි. කෙලින්ම කිව්වොත් වැඩි අමාරුවක් නෑ.. පොඩ්ඩක් විතර මැරෙන්න වගෙ. එච්චරයි ! මට ඇවිල්ල උපන්දා සිට කැස්ස. ඒක තමා මගෙ උපන් හැකියාව , කැහීම.. මේ ලඟදි ටිකක් වැඩි වෙලා තිබ්බා.. මාත් ගනන් ගන්නෙ නතුව කූල් පීල් මයිලෝ එකක් බිව්වා , ගිය සෙනසුරාදා ( මයිලෝ කොම්පැනියට හෙන ගහපියව් ! ෆ්‍රිජ් එක හොයා ගත්ත එකාට අම්මට ........ [ කබ්බන්ද කියවන නිසා වැල කපා ඇත ] )
ඊට පස්සෙ ලියනවඩු සර් ගෙ පන්තියෙ ෆෑන් එක යට කූල් එකෙ ඉඳල ගෙදර ආවම ආතල් වැඩි උනා. සඳුඳා වැඩිය අප්සැට් එකක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙත් ගාටලා , කෙමෙස්ට්‍රයි පීරියඩ් එකෙ පිට්ටනිය පැත්තෙ රව්මක් හෙම ගහල , මලක් දෙකක් කඩල , වැස්සටත් තෙමිල ගෙදර ආවා... ඒට පස්සෙ තමා කැස්ස වැඩි උනෙ.
අඟහරුවාදා බලනකොට හොඳටම උණ. උණ කට්ට තිබ්බම 104 යි ලු ! අම්මට සිරි... ඩෙන්ගුද දන්නෑ නොවැ. ( හැබැයි ඩෙන්ගු මදුරුවො ඉන්නෙ පිරිසිදු තැන් වල විතරලු , ඒ නිසා මගෙ කාමරෙ නම් ඉන්න විදිහක් නෑ ) කොහොම හරි ඕන් බෙහෙත් ගන්නත් ගියා , බෙහෙතුත් ගත්තා.. ඊලඟ දවසෙ ඒත් අඩු නෑ.. මොනව නැතත් මහන්සි වෙන්න දෙයක් නම් නෑ ඕන්... කොම්පුටර් එක ලඟ මුලු දවසම ඉන්න පුලුවන්.. ඒත් මට නැඟිටල ඉන්න බෑ .. ඒකයි ඩයරියත් සතියම ලිව්වෙ නැත්තෙ.

වැඩෙ හරියන්නෙ නෑ , මට ගැලපෙන බෙහෙත් තාම හොයාගෙන නෑ.. මට රෑට නින්ඳ යන්නෙත් නෑ , ගෝත හීන පේනව.. හපොයි. අන්තිමට වී.පී. ජීවකයෙක් සොයාගෙන අයෙ ගියා.. රස්තියාදු වෙලා වෙලා පෙන්නලා බෙහෙත් මහා ගොඩක් දුන්නා...වැඩිය නෑ , වේලකට පෙති 9 යි.කොල්ල ඉස්කොලෙ පැත්තෙ දැන් දවස් 3 කින් ගිහින් නෑ.. ( මගෙ යාලුවො ටික නම් පින් දෙනව ඇති )

හරි යන්නෙම නෑ... ඊයෙත් නින්ඳ ගියෙ නැති නිසා අදත් ගියා දුර කතර ගෙවාගෙන ජීවක තුමියක් මුන ගැසෙන්න. නොම්බරෙ 13. අන්තිමයි.. අජූතයි. මේ ගෑනි ඊලඟට කිව්ව එක්ස් රේ ඒකක් ගන්නලු.. මගෙ අයෝමය ශරීරය පෙන්නන්නත් ලැජ්ජ නිසා මම ලේසියෙන් පිට කටුව ගලවන්නෙ නෑ. අද ඒත් චාටර් කාගෙන ගැලෙව්වා.. ඒක බලල ආයෙ බෙහෙත් දුන්න.අනිමට ඕන් දැන් තමා බෙහෙත් අරගෙන ආවෙ. කොහොමටත් හෙටත් අඩු උනෙ නැතොත් නවලෝකෙ තමා නතර වෙන්න වෙන්නෙ !
මම තව කාලෙකට ආවෙ නැතොත් කට්ටිය බය වෙන්න එපා... බැරි වෙලා හරි වල කජ්ජ ගැහුවොත් ආරන්චි වෙයි...
5 Blog.Dilshan.me: 2009 සිරාවටම , මට අසාධ්‍යයි. කෙලින්ම කිව්වොත් වැඩි අමාරුවක් නෑ.. පොඩ්ඩක් විතර මැරෙන්න වගෙ. එච්චරයි ! මට ඇවිල්ල උපන්දා සිට කැස්ස. ඒක තමා මගෙ උපන් ...

Thursday, July 16, 2009

DragonD

ඕන් මම හිතුව මම ගැන ඉතා කෙටියෙන් ලියා දක්වන්න.....

මම ඇවිල්ල ඔන් බොර්න් පිස්සෙක්... ( ඒක බොහෝ අය කියන දෙයක් , මොකද අනිත් අය කරන දේවල් වල කනපිට තමා මම බොහෝ විට කරන්නෙ ! )

මොන්ටිසෝරි යන කාලෙ මට පුරුද්දක් තිබ්බ පානුයි , බටරුයි , සම්බෝලයි කන්න ... මතක් වෙන කොටත් මට එපා වෙනවා !
මොන්ටිසෝරියෙ කොල්ලො කෙල්ලො වෙන වෙනම කන්ඩායම් වල ඉන්නකොට මම හිටියෙ කෙල්ලන්ගෙ ඩෙස් එකෙ ! මගෙ සපත්තුවෙ ලේස් එක ලෙහුනම ගැට ගහන්න වෙනම එකෙක් හිටිය !

ඒ කාලෙ මම අපෙ පාරෙ හාමුදුරු කෙනෙක් යන හැම වෙලේම , පස්සෙන් පන්නගෙන ගිහින් වඳිනවලු.. එක දවසක් මම තැඹිලි පාට සාරියක් ඇඳගෙන ගිය දෙමල කෙනෙක් ටත් වැන්ඳ කියල තාමත් මට අම්ම හිනා වෙනව...

ඒට පස්සෙ මට වෙනින් ලෝක වලට යන්න ඕනි උනාලු ( අපෙ අය්ය කෙනෙක් තමා මේක මට ලඟදි මටක් කරල දුන්නෙ ) ඉස්සර මිනිහ අපෙ ගෙදර ආවම අපි ඕන්චිලාවෙ ඉඳගෙන ( මට ඉස්සර තිබ්බ , දෙන්නෙක් ඉඳගෙන කකුලෙන් තල්ලුකරාම යන ඔන්චිල්ලාවක් ) වෙනින් ලෝක වලට යනවා කියලවලු , ඒට පස්සෙ අපි අඟහරු වලට ආව කියාගෙන පාරෙ යන මිනිස්සුන්ට " ආන් පිටසක්වල ජීවියො " කියල අපහාස කරල කෝටු කෑලි වලින් වෙඩි තියෙනවලු !

ඉස්කොලෙ එක වසරෙදි , ඉස් ඉස්සෙල්ලාම මම සබන් කෑල්ලකින් කොල්ලෙක් ගෙ පොතක් මකන්න ගිහින් හොඳට බැනුම් ඇහුව ! මට අද වගෙ මතකයි !

දෙක වසරෙදි මම ලඟ හිටපු කෙල්ල වෙනින් තැනකට දැම්මා කියල මම ඇඬුවා... ආ තව මම ලඟ කෙල්ලෙක් හිටිය හැම වෙලේම මට කිචි කවන ! උන්ටත් මරු ආතල් තමා යන්නෙ !

මට ඩොක්ට කෙනෙක් වෙන්න ඉස්සෙල්ලාම ඕනි උනා , ඒට පස්සෙ තාරකා විද්‍යාඥයෙක් වෙන්න ඕනි උනා , ඒට පස්සෙ මට සී අයි ඩී එකට යන්න ඕනි උනා , ඒට පස්සෙ මට අලි සල්ලි කාරයෙක් වෙන්න ඕනි උනා , ඒට පස්සෙ දූපතක් සල්ලි වලට අරන් වෙනම රටක් හදල පොලව යට ආමි එකක් හදන්න මට ඕනි උනා. ( දැන් නම් මට ඕනි පරිගනක විද්‍යාඥයෙක්ක් වෙන්න )

පහ වසරෙදි මම ඉන්ටවල් එක වෙලාවෙදි ඉස්කොලෙ මිදුලෙ මැනික් ගල් හෙව්වා ( කොහෙවත් යන ඇටි කුකුලෙක් මට කියල තිබ්බ අපෙ ඉස්කොලෙන් මැනික් ගල් හම්බුනා කියල )

ඒට පස්සෙ මම එක එක වාහන ගැන ප්ලෑන් අන්ඳා ! රුපියල් විස්සෙ මෝටරෙකින් උඩ යන පියාඹන පීරිසි , පොලව හාරගෙන යන වාහන , ඩ්‍රයිවර් පස්සෙන් යන වාහන වගෙ ඒව !

හය වසරෙදි මම පන්තියෙ මොනිටර් උනා , ඒ කාලෙ මම හැම තැනම කුඩයක් අරන් ගිහින් කිල්ප් ගහන උන් හොය හොයා ගැහුව !

අට වසරෙදි තමා මම කුනු හරප කියන ඒව දැන ගත්තෙ ! උඹ කියලවත් නොකියපු මම ඒ ලඟට අම්මගෙන් පටන් අරන් තාත්තගෙන් ඉවර වෙන විදිහට ආමන්ත්‍රනය කරන්න පුරුදු උනා...

කාලයක් මම හිතාගෙන හිටිය මම කුමාරයෙක් සහ මේ වෙන හැම දෙයක්ම පිය රජානන් විසින් මට ලෝකය පැහැදිලි කරන්න කරන නාට්‍යක් වගෙ එකක් කියල , ඒ කියන්නෙ හැම කෙනාම කරන්නෙ ඒ ගොල්ලන්ට අන කරපු දේ කියල !

නමය වසරෙදි මම ලස්සන කෙල්ලෙක් ව දැක්ක ! ඒ කාලෙ අපෙ හැම එකාටම විසෙ ගහල තිබ්බෙ ! කොහොම වෙතත් තාම මම ඒ කෙල්ල එක්ක වචනයක් වත් කතා කරල නෑ !

ඒට පස්සෙ ( මගෙ කරුමෙට ) මට කෙල්ලො ඇලජික් වෙලා තිබ්බ , කෙල්ලෙක් මගෙ ටිපෙට්ස් එක පාවිච්චි කලා කියල මම ඒක විසික් කලා , කෙල්ලෙක් ලඟින් වත් මම යන්න කැමති උනෙ නෑ...දැන් නම් ඒ පිස්සුව සනීපයි !

දහය වසරෙදි මට මොබයිල් එකක් ලැබුන ! මම ඒකෙන් කලෙ හදිස්සි වෙලාවට ගෙදෙට්ට කෝල් කරන එක හෙම නෙමෙයි , අපෙ සර් ට බැනල මැසෙජ් ගහන එක ! අන්තිමට ඕක ඉස්කොලෙට මාට්ටු වෙලා මාව අස් කරන්නත් ගියා ( ඒ කතාවත් මම පස්සෙ කියන්නම් කො ! )

එකොලහ වසරෙදි මම පාඩම් කරන එක අත ඇරල දාල ප්‍රොග්‍රැමින් කරන්න ගත්තා , O\L වලට මාසයක් තියෙද්දිත් මම හොරෙන් කොම්පියුටරෙ දාගෙන වැඩ කලා...

දැන් ඉතින් දොලහ වසරෙ , ලඟදිම තවත් පිස්සුවක් මට හැදෙයි !

තව අනන්ත අප්‍රමාන පිස්සු තිබ්බත් ඒව දැන් මතක නෑ ! මතක් උන හැම වෙලේම මම මේක අප්ඩේට් කරන්නම් !.......
5 Blog.Dilshan.me: 2009 ඕන් මම හිතුව මම ගැන ඉතා කෙටියෙන් ලියා දක්වන්න..... මම ඇවිල්ල ඔන් බොර්න් පිස්සෙක්... ( ඒක බොහෝ අය කියන දෙයක් , මොකද අනිත් අය කරන දේවල් වල ක...

Sunday, July 12, 2009

නිවාඩු සතිය

ඉස්කොලෙත් පටන් ගත්තා නොවැ. ඒ නිසා වැඩිය පිටු ලියන්න උනෙත් නෑ. හැබයි මේ සතියම ගෙදර තමා හිටියෙ , අපෙ මැත්ස් කරනා 13 අය්යල අක්කලට විභාගෙ නිසා.. ඒත් නිවාඩුවක් නම් තිබ්බෙ නෑ , මොකද මට මහා කටු ගනන් පේපර් එකක් හදන්න තිබ්බා.. පිස්සු හැදෙන ගනන් තියෙන්නෙ... මේ දවස් වල මගෙ මොලේ කචල් ගහල තිබ්බෙ ඒක නිසා... අදින් නම් නිවාඩුව ඉවරයි ! හෙට අයෙත් ඉස්කොලෙ !

ඊයෙ තමා දවස ! භෞතික විද්‍යාව සහ ගණන් පන්ති. උදෙ 8.00 සිට හවස 6.00 දක්වා. හපොයි ! මම කවදාවත් ගෙදර වැඩ කරන එකෙක් හෙම නෙමෙයි. ඒත් මම ඊයෙ හරියටම , මහන්සි වෙලා වෙලා ගෙදර වැඩ ටික කරගෙන ගියා. වෙනම කොල වල ලස්සනට අඩි රූලෙන් ඉරි ගහල ( වැස්සට වත් නොකරන දෙයක් ! ). ඒ නිසාම , මගෙ වෙලාවත් බලු නිසාම ගෙදර වැඩ බැලුවෙ නෑ. කොහොමද මට එන ආතල් එක ? හපොයි !

අපෙ භෞතික විද්‍යාව සර් ඇවිල්ල පිස්සු කතා කියනව. පිස්සු කිව්වෙ , මිනිහ ජීවිතය ගැන ගැඹුරට දන්න පොරක් ! මින්හගෙ දැනුම නම් නියමයි ! ජේ.වී.පී එකෙ පන්ති පහට හිටපු පොරක් ( ඒ කියන්නෙ ඉතින් පොරක් තමා ) ! මිනිහ කියනව , අපි ඇඟට ඕනි දේ කරන්න හොඳ නෑලු , මිනිහ මොනවද තව බන ටිකක කියල කියනව , අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනිලු ! හරි නම් පන්තියෙ වතුරවත් බොන්න ඕනි නෑලු !
මට මිනිහ දාන ටෝක්ස් එවෙලෙ එපා වෙලා තිබ්බෙ. ඒ නිසා මම කරපු වැඩෙ මගෙ වතුර බෝතලෙ අරන් සර් ට පේන්නම බිව්වා , පොඩ්ඩක් බෝතලෙ හොලෝල හෙම ජාකෝලිස් ටත් බොන්න දුන්න. අපිට ඇහුන පිටිපස්සෙ කස්ටිය හිනා වෙනවා. අපිත් ඉතින් පොරවල් වගෙ හිටිය ! හුලන් බැස්සෙ පන්ති ඉවර උනාම ! මෙන්න මෑන්ස් අපෙන් අහනව , කවද්ද පන්තියට ආවෙ , මොකක්ද ඉස්කොලෙ ! අම්මට සිරි ! අපිත් උත්තර දුන්න , මිනිහ හිනාවෙලා යන්න ගියා...
ඊලඟට තිබ්බෙ ගනන් පන්තිය , ගනන් අසූ ගානක ( 80+ ) ටියුට් එකක් දීල තිබ්බ ගෙදර වැඩට ! පුහ් ! මායි ජාකෝලිසුයි ඒක කියෝලවත් තිබ්බෙ නෑ. ජාකෝලිස් ගිය සතියෙත් පන්ති කට් කරල තිබ්බෙ.. මම එවෙලෙ පන්ති කට් කරන්න සර්ට වෙඩි තියන්න පුලුවන් තත්වයක හිටියෙ.. ඔය අතරෙ අපිට දැන ගන්න ලැබුන අපෙ පන්ති එන යාලුවෙක් ගෙ අම්ම කෙනෙක් නැති වෙලා කියල ! පව් මෑන්ස් , මගෙ හොඳ යාලුවෙක් ! නැතිවෙලා අවසන් කටයුතුත් ඉවර වෙලා , අද දානෙලු ! අපි දන්නෙත් නෑ...

මෙන්න චාන්ස් එකක් ! පන්ති කට් කොලෑකි ! ගියා ගෙදර ( ජාකෝලිසුත් පන්ති දවස් වලට කන්නෙ අපෙ ගෙදරින් තමා ! ) අහුව යන්නද කියල , දන්නවනෙ ඉතින් මම ටෝක්ස් දාන හැටි , කොහොම හරි අවසර ගත්තා , අපි දෙන්නම කවදාවත් ගෙදර අයත් නැතුව මල ගෙදරකට ගිහින් තිබ්බෙ නෑ. ඕන් ඉතින් අපි ගිහින් බැස්ස. යනකොට අද දානෙ . නිකන් අපි දානෙටම ආව වගෙ. මල චාටර්. කන්නත් එන්න කිව්ව , අපි ඉතින් බොහොම අමාරුවෙන් බෑ කිව්ව . ඔන්න ඉතින් යාලුවත් එලියට ආවා. පව් . දැන් මේකයි වැඩෙ , මොනව කියල කතා කරන්නද ?
මලෙ කවද්ද කියල අහන්න ඈ ? මේ යකා අඬයි ! කතා කරන්න දේකුත් නෑ , ඔහෙ බලාගෙන ඉන්නව , අන්තිමට මම මිනිහගෙ ඉස්කොලෙ ගැන අහුවා , තියෙන බිල්ඩින් ගාන , ඉන්න ලමයි ගාන අරව මේව , මෙන්න බොලෙ ඔය අතරෙ පිස්සු හැදෙන කෑල්ලක් යනව , මම මල ගෙදරත් අමතක කරල ඇහුව කව්ද බන් අර කියල ! අරුගෙ අක්කලු ! තව පොඩ්ඩෙන් අත පයත් ගලෝගෙන තමා මල ගෙදරින් එන්න වෙන්නෙ ! ජාකෝලිසුත් මාත් එක්ක ආපු මෝඩ කම කිය කිය බැන්න. කොහොම හරි මම කකුල් හතරම තියාගෙන ආව !

ඔය ඔක්කොම ඉවර වෙලා අද යාලුවෙක් ගෙන් ඇහුවම කියනව , ගණන් පන්තියෙ ගෙදර වැඩ බැලුවෙ නෑලු ! ලබන සතියෙ බලයිලු. නොදකින් විතරක් ! තිකෝණමිතියෙ හොඳම ටිකත් මිස් වෙලා , මල ගෙදර ගියා කියල වැඩ උනෙත් නෑ. මටමයි අප්ප වෙන්නෙ !

5 Blog.Dilshan.me: 2009 ඉස්කොලෙත් පටන් ගත්තා නොවැ. ඒ නිසා වැඩිය පිටු ලියන්න උනෙත් නෑ. හැබයි මේ සතියම ගෙදර තමා හිටියෙ , අපෙ මැත්ස් කරනා 13 අය්යල අක්කලට විභාගෙ නිසා.....

Sunday, July 5, 2009

ඒ ලෙවල් පටන් ගැනීම

ඕන් ඉතින් මාස 7 කට විතර පස්සෙ ආයෙත් අපෙ ඉස්කෝලෙ පටන් ගත්තා. දැන් ඉතින් අපි අය්යලා නොවැ. ( අපි හිතාගෙන ඉන්නෙ එහෙමයි. ) කොහොම හරි ඕන් ඉතින් මමත් පොලවට අඩි දෙකක් උඩින් , කොන්ඩෙ ස්ටයිල් එකත් වෙනස් කොරගෙන ඉස්කොලෙ ගියා. අපෙ අන්ශ බාර එකා ගෙ නම සිරා , මිනිහගෙ කෙමෙස්ට්‍රයි පන්තිය ගැන මම ලියල තිබ්බෙ , අර හිනා වෙන්නෙ නැති පොර.... ආන් ඌ. ඔන්න ඉතින් ඕකගෙයි , පිනාගෙයි දේශනෙන් පස්සෙ අපිව පන්ති වලට වෙන් කොලා. ජාකෝලිස් වැටුනෙ වෙනින් පන්තියකට ! අපරාදෙ ! ඕන් ඉතින් අපිත් අපෙ පන්ති බලා පිටත් උනා.

ඔන්න දැන් අපෙ පන්තියට ගියා , වරදක් නම් නෑ. අපෙ මැත්ස් පන්ති දෙකයි තියෙන්නෙ. එකක් අපි , අනිකෙ ජාකෝලිස්. ( අලුතින් දින පොත කියවන්නන්ට :- ජාකෝලිස් යනු මා හා සමාන් තවත් පිස්සෙකි. ). වැඩෙ කියන්නෙ උන්ගෙ පන්තියෙ ෆෑන් දාලා , ලයිට් දාලා සිරාවට තියෙනව , අපෙ පන්තියෙ බල්බ් එකක් තියා හෝල්ඩර් එකක් වත් නෑ. නොදකින් ! මේව ඇවිල්ල අදිරාජ්ය වාදී කුමන්ත්‍රන...ෆෑන් දාගෙන හිටියොත් සෙම හැදෙනව කියල මම හිත හදාගත්ත. මට එහා පත්තෙ ඉන්නෙ ගායකයෙක්. මිනිහ හිතාගෙන ඉන්නෙ කැසට් එකක් ගහන්නලු. වැඩෙ සින්දු කියනව. මම කනක් තියාගෙන ඉඳල ඉවරයි. අනිත් පැත්තෙ ඉන්නෙ මොන්ගලයෙක්. උගෙ විනෝදාන්ශෙ පච ගහන එක. මා මේ කුරිරු ලොවෙ තනිවී ඇත.
ඔන්න පොරක් ආව. මෑන්ස් හැම වෙලේම ඉන්නෙ බීල වගෙ. නම "දෑස පියා". හපොයි... මිනිහ තමා අපෙ පන්ති බාර. සැර නම් නෑ. ඒත් ඉස්සර වගෙ සෙල්ලම් කරන්න නම් වෙන්නෙ නෑ කියල අපිට හිතුන. මිනිහ උගන් වන්නෙ මැත්ස්. ඒක ඉගැන්නිල්ලක් නෙමෙයි... අම්මියො. ලියනවඩු සර් ( අලුතින් දින පොත කියවන්නන්ට :- මා යන ගනන් පන්තිය ) මාස දෙකක් කරපු පාඩම මූ එක දවසින් කොලා. පලවෙනි දවසෙම පීරියඩ් 4 යි. ආතල් හතයි.

ඊලඟට ආවෙ "ප්‍රභූ". කලු , රැව්ල වවාගත්ත , සිනාසීම පාපයක් යැයි සිතනා තවත් එක පිසික්ස් උගන්වන එකෙක්. අම්මට සිරි. මෑන්ස් නම් සැරයි. මිනිහ ආපු ගමන් බැලුවෙ අපෙ කොන්ඩ දිහා. දරුනුයි. මිනිහගෙ ඉගැන්විල්ල නම් ටිකක් විතර හොඳයි.
ඊලඟට ආවෙ මට අජූත විශය , ඒ කියන්නෙ කෙමෙස්ට්‍රයි. අන්තිම දරුනුයි. මිස් කෙනෙක් ආවෙ. ආපු ගමන් කිව්වෙ "කවුරුවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා , මම උගන්වන වෙලාවට පුටු හොල්ලන්න බෑ , පෑන් වලින් මේසෙට තට්ටු කරන්න් බෑ , මම තාත්තලට උගන්වන්නේ නෑ........." ඕන්න ටෝක්ස් ! අපි හොඳටම බය උනා.ඒ මදිවට මේයා ප්‍රශ්නත් අහනව.තාම නම් මගෙන් ඇහුවෙ නෑ. මට බුදු සරනයි.
ඒලඟට ආවෙ "බන්කු බන්කු". ඉන්ග්‍රිසි සර්. මෑන්ස් නම් හරී හොඳයි. පට්ට.

කොහොම හරි ඔන්න ඔහොම තමා අපෙ ඉස්කොලෙ පටන් ගත්තෙ. තාම පටන් අරන් දවස් 2 යි. ඉස්සරහට හොඳ හොඳ දේවල් වෙයි. බලමුකෝ.................

5 Blog.Dilshan.me: 2009 ඕන් ඉතින් මාස 7 කට විතර පස්සෙ ආයෙත් අපෙ ඉස්කෝලෙ පටන් ගත්තා. දැන් ඉතින් අපි අය්යලා නොවැ. ( අපි හිතාගෙන ඉන්නෙ එහෙමයි. ) කොහොම හරි ඕන් ඉතින් මම...

Tuesday, June 30, 2009

අලුත් කෙමෙස්ට්‍රි පන්තිය

ඔන්න ඉතින් කස්ටියම දන්නවානෙ මට කෙමෙස්ට්‍රි අජූතයි කියල. වැඩෙ හරි යන්නෙ නෑ. මම කරන්නෙ පන්තියට ගිහින් ෆිල්ම් එකක් මතක් කරන එක තමා. මෙහෙම ගියොත් වලෙ තමා නිසා මම අලුත් පන්තියක් හොයා ගත්ත. අවිස්සාවේල්ලෙ. ඒ කියන්නෙ මම ඉන්න අපායෙ ඉඳන් 15 Km විතර ඇති.

ඔන්න මේකයි වැඩෙ. විස්වාස කරන්න මම බස් එකක ගිහින් තියෙන්නෙ 10 ක් විතර විතරයි. දෙකක් ඉස්කොලෙ ට්‍රිප් එක. තුනක් ගොන් පන්තියකට. කියන්නත් ලැජ්ජයි මට බස් එකක යන්නත් නිකන් බයයි බයයි වගෙ තනියෙන්. ඔය කොන්දා කියන එකා සැරයිනෙ.
ඔන්න ඕක නිසා මම අපෙ පන්තියෙ කොල්ලෙක්ටත් අපෙ ගෙදර එන්න කිව්ව මාත් එක්ක යන්න. ඌ කලු පටි කාරයෙක්. ඌ ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ. ඔන්න ඉතින් මූ 2 ට එනව කිව්ව. බලා හිටිය හිටිය නෑ. මූ මල් කඩනව. මම කෝල් එකක් දාල හොඳැවැයින් දෙකක් කිව්වට පස්සෙ මූ ආව.
ඕන්න ඉතින් අපි බස් එකකට නැග්ග. තව මගෙ යාලුවෙකුත් බස් එකෙ හිටියා. කොහොම හරි ඉඳගන්න තැනකුත් හම්බුනා.

මේකයි දැන් වැඩෙ. මම ඉස්කොලෙ යන්නෙත් ඇහැලියගොඩ , පන්ති යන්නෙත් ඇහැලියගොඩ , ඉන්නෙත් ඇහැලියගොඩ නිසා මම මෙහෙ යකෙකුටවත් බය නැතුව හිටිය , මොකද කේස් එකක් ගියත් ටක් ගාල ගෙදෙට්ට දුවන්න පුලුව්න් නිසා. අවිස්සාවේල්ලෙදි බඩු. එකෙක් වත් දන්නෙ නෑ. ඒ නිසා ටිකක් විතර බයකුත් තිබ්බ. ඕන්න දැන් යනකොට මගෙ ෆ්‍රෙන්තො ටික කියනව බඳෝගන්න රුපියල් 300 ලු. බඩුම තමා. අදම සල්ලි ඉල්ලුවොත් පයින් තමා ගෙදර යන්න වෙන්නෙ. හොඳ වෙලාවට ගත්තෙ නෑ.

පතියෙ ගිහින් වාඩිවෙලා වෙලා අපි ලස්සන කෙල්ලො තෝර තෝර හිටියා.මායි මගෙ ෆ්‍රෙන්තො දෙන්නයි කෙල්ලෙක් තේරුවොත් බඩු. එක්කො ඒකිට කොල්ලෙක් ඉන්නව , නැත්නම් සතියකට විතර කලින් ලව් එක මාට්ටු වෙලා , එක්කො බඩ්ඩක්. මහ බබාට අපිව අමතක වෙලා. ඔය අතර මේන්න පොඩි කොල්ලෙක් වගෙ එකෙක් අවිත් උගන්වන්න ගත්තා. ඌලු සර් කාරයා. හපොයි , ඕනි නම් අවුරුදු 23 ක් ඇති. මූත් ශෝක් එකට උගන්වනව , එකම හැට පාරක් විතර කියනව. හපොයි. මාත් ආපු මෝඩ කම කියල හිටිය. ඒ මදිවට විදුලි කොටනවා. අම්මියෝ. මම විදුලි කොටනවට බයයි නොවැ. එපාම උනා. සාමාන්‍යෙන් මම තැනකට ගියොත් ඉවරයි. ඒක ඉතින් මගෙ ඩයරිය ඉස්සර ඉඳන් කියෝපු අය දන්නව ඇති නොවැ.
අන්තිමට පන්ති ඇරියම අම්මට කෝල් එකක් දෙන්න කිව්ව. විදුලිත් කොටනව. ඕනි හත්තිලව්වක් වියන් කියල ෆෝන් එක ගත්ත විතරයි ඒක බැට්‍රි බැස්ස. ඇයි අප්ප මටම මෙහෙම වෙන්නෙ.
ඕන්න අපි බස් ස්ටෑන්ඩ් එකට යනකොට රෝල්ස් අරව මේව තියෙන මිනි වෑන් එකක් දැක්ක. කස්ටියටම ඕක දැනල බඩගිනි හැදුන.මම යෝජනාවක් දැමම අපිත් මොනව හරි කමු කියල.සාමාන්‍යෙන් කවුරුවත් මගෙ යෝජනා ලේසියෙන් අනුමත කරන්නෙ නෑ , මොකද උන් දන්නව මම කියපු දෙයක් කරල කවදාවත් හොඳක් නම් උනෙ නෑ කියල.

වෙලාවත් 6.30 විතර නිසා කස්ටියම කමු කිව්ව. කලු පටිය කිව්ව ඌ දන්නව කියල කෑම කන්න පට්ට හෝටලයක් කියල. අපිත් ඕන්න ගියා මූ කිව්ව හෝටලෙට. අම්මට සිරි , දිව්ය ලෝකෙ වගෙ. මේසෙ උඩ පරිප්පු. පුටු කැඩිල. ඒකෙ කුස්සියත් පේනව. හපොයි. මාත් එක්ක ගිය හැලයො දෙන්නට ගානක් නෑ. මුන් ගිහින් ගෙදර වගෙ ඉඳ ගත්ත. කන්න මොනව හරි ගේන්න කිව්ව. මටත් ඉතින් කරන්න දෙයක් නති නිසා ඉඳගත්ත. මේන්න ගේනවා සතියක් විතර පරන කෑම ටිකක්.මුන් ටික රහ කර කර කනව.... මට නම් එපාම උනා.
ඕන්න ඉඳල ඉඳල ෆෝන් එක ඕන් උනා. අම්මට එනව කිව්වම කිව්ව , බස් එකෙ එන්න එපා තාත්ත එන්නම් කිව්ව කියල. අපිත් ඉතින් හිටිය. බැලුව බැලුව එන පාටක් නෑ. අන්තිමට කට්ටිය බස් වල ගෙදර ගියා. මායි කලු පටි කාරයය් විතරක් ඉතුරු උනා. ඕන්න ඉතින් තාත්ත ටික වෙලාවකට පස්සෙ ආව. අපි ඉතින් ඇති යන්තම් කියල වාහනෙට නැග්ග. මෙන්න ටික දුරක් යනකොට අලි පෝලිමක් පේනව. හත්තිලව්වයි ! ඇක්සිඩන්ට් එකක්.

මටයි , කලු පටියටයි ජීවිතෙ එපා උනා. මට නම් තව කමක් නෑ කියමුකො , කලු පටිය ත්‍රී වීල් එකකුත් ඩ්‍රයිවින් කරගෙන ( උගෙ එක අපෙ ගෙදර දාල ගියෙ ) තව දුර යන්නත් ඕනිලු. රබර් වතුත් අහුවෙනවලු. ඌ බයෙ.

ඕන් තාත්ත විනාඩි පහක් විතර පෝලිමෙ හිටිය. අඩියක් වත් යන්නෙත් නෑ. මේන්න බොලෙ තාත්ත එක පාට්ටම අනිත් පැත්තට දාල කඩාගෙන යන්න ගත්ත. පාරෙ අනිත් සයිඩ් එකෙ වාහන නෑ. පෝල්මෙ කට්ටිය බලා ඉඳැද්දි අපි අනිත් පැත්තෙන් යනව. මම නම් දැන ගත්ත කොතන හරි හිර වෙනව කියල. තාත්ත් ඔය වගෙ ඒවට බය නෑ , මොකද තාත්තට අඳුනන ඇමතියෙක් වී.අයි.පී. කාර්ඩ් එකක් දීල.

මෙන්න යනකොට බස් එකක් පාර මැද හිර කරගෙන.තාත්තත් එක්ක හැම වෙලේම යනව තව ටික දෙනෙක්.අද නම් හිටියෙ එකයි. උස මහත කලු ආමි එකෙ හිටපු එකෙක්. මෑන්ස් බැස්සා. බස් එක ගාවට ගිහින් මොනවද ටිකක් කිව්ව. ශුවර් එකට ටොම් පචයක් ගහන්න ඇති. ( මන්ත්‍රී කෙනෙක්ගෙ වාහනයක් වත් කියන්න ඇති! ) ඒට පස්සෙ අපි ආයෙ හරි පෝලිමටම දාගත්ත.ඉස්සරහින්ම. ඕන් කොහොම හරි තව ටික වෙලාව පොලිසිය ඇවිත් ට්‍රැෆික් එක අයින් කොලා. අපිත් බොහොම අමාරුවෙන් ගෙදර ආව.

මටයි මගෙ යාලුටයි ඒක අමතක නොවන ගමනක්.

5 Blog.Dilshan.me: 2009 ඔන්න ඉතින් කස්ටියම දන්නවානෙ මට කෙමෙස්ට්‍රි අජූතයි කියල. වැඩෙ හරි යන්නෙ නෑ. මම කරන්නෙ පන්තියට ගිහින් ෆිල්ම් එකක් මතක් කරන එක තමා. මෙහෙම ගියොත...

Tuesday, June 23, 2009

පාසලෙන් පැන්නීම

මම ඇවිල්ල ඉස්කොලෙ කාඩ් එකක් තියාගෙන හිටපු පොරක්. ඉස්කොලෙ කොම්පුටර් එකක කේස් එකක් ගියොත් , ඔෆිස් එකෙ කොම්පුටර් එකක් කචල් ගියොත් මටයි ජාකෝලිස්ටයි තමා හදන්න එන්න කියන්නෙ.

ඔන්න මේක උනෙ අවුරුදු 3-4 කට විතර කලින්. මම 9 වසරෙ විතර ඉන්න කොට. ඔය කාලෙ අපෙ පන්තියෙ කොල්ලො 3 දෙනෙක්ට විතර ෆෝන් තිබ්බ. මට තිබ්බෙ චුට්ටන් සැම්සුන් ෆෝන් එකක්.එකෙක් දවසක් ඕක ඉස්කොලෙ ගෙනාව. අපිටත් මෝඩ චූන් තමා ඒකාලෙ තිබ්බෙ.

අපෙ හිටිය ගණන් උගන්වන්න සර් කෙනෙක්. අපි කලෙ ඕකට උගන්වන්න නොදී මිස් කෝල් ගහපු එක. ආතල් වැඩෙ. හැබැයි මම පිස්සෙක් උනාට ගොනෙක් නෙමෙයි. ඒ නිසා මම මිස් කෝල් ගැහුවෙ නෑ , මම මැසෙජ් ගහුවා." අඩො තෝ අහු වෙන්න එපා. " , "මම තමා මරු සිරා ", "පුලුවන් නම් මාව හොයා ගනින්", " මම උඹව අත් අඩන්ගුවට ගන්නවා" , "මම එෆ්.බී.අයි. එකෙන් " කිය කියා. ටික කාලයක් අපි ආතල් ගත්ත. එක දවසක් මිස් කෝල් ගහපු එකා මාට්ටු උනා. හපොයි. උට ගැහුවා එපා වෙන්න.

5 Blog.Dilshan.me: 2009 මම ඇවිල්ල ඉස්කොලෙ කාඩ් එකක් තියාගෙන හිටපු පොරක්. ඉස්කොලෙ කොම්පුටර් එකක කේස් එකක් ගියොත් , ඔෆිස් එකෙ කොම්පුටර් එකක් කචල් ගියොත් මටයි ජාකෝලිස්...

Saturday, June 20, 2009

වැද්දන් කොලඹ යෑම

ඔන්න කස්ටිය මට පරන කතාත් කියන්න කියපු නිසා මම මගෙ පරන කතාවක් කියන්නම්. මේක ඉතින් පරනමත් නෑ. මාස 3 ක් විතර ඇති.

මගෙ හොඳ ෆ්‍රෙන්ඩෙක් ඉන්නවා , මෑන්ස්ත් කැමති ඔය කොම්පුටර් , සොෆ්ට්වෙයා , ප්‍රොග්‍රෑමින් වැඩ වලට තමා. මම ඩයරියෙ කිව්ව එක්ස් පී දාන්න ගියේ මෑන්ස්ට තමා. කෝඩ් නේම් එක ජාකෝලිස්.

අපි දෙන්නට ආරන්චි උනා කොලඹ ජාවා එක්සිබිශන් එකක් තියෙනවා කියල. බී.එම්.අයි.සී.එච් එකෙ. අපි දෙන්න බොහොම අමාරුවෙන් අවසර ගත්තා ඕක බලන්න යන්න. තාත්තා වෑන් එකකුත් සෙට් කරල දුන්න. අපිව තනියෙන් යවන්න බැරි නිසා මගෙ මහප්පාටත් යන්න කිව්වා.
ඔන්න ඉතින් දැන් කොලඹ යන්න ඉන්නවා , පිස්සො දෙන්නෙක් , මාරයගෙ සේනධිපතියෙක් සහ පිස්සු ඩ්‍රයිවර් කෙනෙක්.
ඔය ඩ්‍රයිවර් ඇවිල්ල කියාපු මිනිහෙක්. ඩුබායි වල ඩ්‍රයිවින් කරපු පොරක්. මිනිහ ලන්කාවත් එහෙ කියල හිතාගෙන ඉන්නෙ. මිනිහට තේරෙන්නෙ නැති එකම වචනෙ තමා "හිමින් යන්නෝ" කියන එක.
ඕන්න කොහොම හරි මායි , ජාකෝලිසුයි හොඳ ගානකුත් ගෙදරින් කඩා ගත්ත. ඕන් දැන් අපි යනව. උදෙන්ම. උදෙ 10 ට විතර මගෙ තේ වෙලාව ආව. අපි හොටෙල් එකක් ගාවින් වාහනෙ නැවැත්තුවා. ආ... මට කියන්න බැරි උනා. මහප්පගෙ පුතත් ආවනෙ අපිත් එක්ක. ඌ පොඩි එකෙක්. හපොයි. මට පොඩි එව්වො අල්ලන්නෙ නෑ.

ඕන්න ඉතින් කට්ටිය පොරවල් වගෙ කෑම ගත්ත. පේස්ට්‍රි , බන්ස්. ටික වෙලාවකින් බලන කොට කට්ටිය හොයා ගන්නවත් නෑ , ඒ ගොල්ලන්ට ඕනි එව අරන් වෑන් එකට ගිහින්. මාර යක්කු. මට තමා බිල ගෙවන්න උනෙ. රුපියල් 400 ගානක්. ජාකෝලිස් රුපියල් 100 ක් දීල ඌත් ගියා. ඉතුරු ටික මට. හපොයි.
අපිට යුනිටියටයි , බ්‍රිටිශ් කවුන්සිල් එකටයිත් යන්න ඕනි කම තිබ්බ. ඉස්සෙලාම ගියෙ බ්‍රිටිශ් කවුන්සිල් එකට. ඒකෙ මාර සෙකියුරිටි එකක් නෙ අප්ප තියෙන්නෙ. මගෙ ෆෝන් එකත් අරන් , බෝම්බ චෙක් කරන මැශින් එකෙ අස්සෙනුත් යන්න උනා. උන් මොක්කු කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ. මාව ත්‍රස්තවාදියෙක් විදිහටවත් පේනවද දන්නෙ නෑ. කොහොම හරි බ්‍රිටිශ් කව්න්සිල් කියා කියලත් වැඩක් උනෙ නෑ. උන්ගෙ කෝස් පටන් ගන්නෙ අප්‍රේල් 15 ලු. අවුරුදු නෙ ! ඒක හරි නෑ. මට ඒකෙ සෙකියුරිටිය ඇල්ලුවෙත් නෑ.

ඒලඟට තමා අපි බී.එම්.අයි.සී.එච් එකට ගියෙ. වාහනත් චෙක් කරල තමා ගන්නෙ. හරි වදෙ. අපෙ ඩ්‍රයිවරයට තියෙනව හොර රෙඩ් ක්‍රොස් කාඩ් එකක්. ඒක පෙන්නල අපි ඇතුලට ටක් ගාල පැන්න. ඕන්න බලන්න ජාතික ආරක්ශාවට ගිය කල. ඕන්න දැන් අපි ජාවා එක්සිබිශන් එකෙ. මරු. වැඩෙ කියන්නෙ අපිට මෙලෝ සන්සාරයක් තෙරෙන්නෙ නෑ.කට්ටිය ලැප්ටොප් තියාගෙන මොනවද කියෝනවා, තව අය ඒ ගොල්ලන්ගෙ වැඩ ගැන කියනව. කෙලින්ම කියනවා නම් අපි ජාවා ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒ මදිවට එනව කියපු ගයාන් කල්හාර ෆොස් පිස්ස ආවෙත් නෑ. ඕන්න ඉතින් ඉඳල ඉඳල කරගත්තා වැඩක්.අය්යෝ. අන්තිමට අපි එක කොනක ඉඳන් එහා කොනටයි මෙහා කොනටයි ඇවිද්දා.
ඔය අතරෙ අපි දැක්ක SCJT කියල ගහ ගත්ත කස්ටියක් ඔෆිස් එකක් දාල.අපි ටිකක් ඈතට වෙලා බලා හිටිය. කට්ටිය ඇවිල්ල ඉඳගෙන මොනවද කියෝනව. අපිටත් දැන් ඉන්න බෑ. මාත් ගිහින් ඉඳගත්තා. මට අහු උන එකාට හැරී පොටර් ගෙ ලුක් එකක් තිබ්බෙ. මම වාඩි උන ගමන් මිනිහ කඩ්ඩෙන් මොනවද කිව්ව. මම ටක් ගාල කිව්ව , "අපිට මොනවද දැන ගන්න පුලුවන් කියල" සින්හලෙන්. මිනිහ හිනාවක් දාල කිව්ව මේක ජාව පන්තියකට කස්ටිය බඳෝගන්න තැනක් කියල.
මම කිව්ව අපි දෙන්නත් කැමතියි ඕකට බැඳෙන්න කියල. මිනිහ අපිට ෆෝම් දෙකක් පුරවන්න දුන්න. අපිත් ඉතින් පොරවල් වගෙ පිරෙව්වා. පිරෙව්වට පස්සෙ මූ කිව්ව එකෙක් රුපියල් 1000 ගානෙ දෙන්න ඕනි කියල. අපිත් පොරවල් වගෙ දුන්න. මිනිහ අපිව රැවැට්ටුවා. කෝස් එක රුපියල් 40 000 ලු. අපිට 22 000 ට දෙන්නම් ලු. අපිත් ඇන්ඳුනා. මොකද පන්ති තියෙන්නෙ රෑලු. දවස් වෙනස් කරන්නත් බෑලු. අපිට ඕව ටික මූ කිව්වෙ සල්ලිත් දුන්නට පස්සෙ. හපොයි. සල්ලි ආපහු ඉල්ලන්නත් බෑනෙ. අපි දැන ගත්ත ගෙදරින් නම් රෑ වෙලා කොලඹ එන්න දෙන එකක් නෑ කියල. අපිත් අඬාගෙන ආව.
කොහොම හරි බී.එම්.අයි.සී.එච් එකෙත් කර ගත්ත වැඩක් නෑ.

ඒලඟට අපි ගියෙ යුනිටියට. මගෙ කොම්පුටර් එක ගන්න අඩුම තැන බලන්න. අපි ඕකෙ හැම කඩෙකටම ගියා , ගියෙ නම් නිකන් අද ගන්නවා වගෙ. අනෙ ඉතින් කඩෙ කට්ටියත් පන දගෙන ගනන් හදනවා. කට්ටිය ගනන් හැදුවට පස්සෙ අපි කියනව, "අපි එහෙනම් හෙට එන්නම්" කියල. ඒ ලඟට ඒලඟ කඩෙට යනවා. ඔහොම එපා වෙනකම් කඩවල් වලට ගියා. ඔය අතරෙ අපෙ කට්ටියට එපා වෙලා, මහප්පටයි , උගෙ පුතටයි , ඩ්‍රයිවර්ටයි.

මම කිව්ව එහෙනම් දැන් කමු කියල. මේන්න කට්ටිය දාගෙන යනව මැජෙස්ටික් සිටි එකට. මම කිව්ව හෝව් හෝව් , ඕකට ගියොත් පිඟන් හෙම හෝදල තමා එන්න වෙන්නෙ. ඕකෙ කන්න තරම් සල්ලි ගෙනාව් නෑ කියල. අන්තිමට අපි මැක්ඩොනල්ඩ් එකට ඇල්ලුව. හෙන ගහපිය. බත් එකක් රුපියල් 200යි. 5 ක් ඉන්නවා. අර මේව කරල මගෙ අතෙ තියෙන්නෙ රුපියල් 500. අන්තිමට ජාකෝලිස් ගෙ තාත්තා ප්‍රින්ටරෙට තින්ත ගන්න දුන්න සල්ලි වලින් ටිකක් අපි ගත්තා.

හරි , දැන් ඔක්කොම හරි. පොඩි දෙයක් අඩුයි. අත හෝදන්න ටැප් එකක් නෑ. මෙන්න බොලෙ මහප්පයි, පුතයි , ඩ්‍රයිවරුයි හැන්දෙන කනව. බොරු කියන්න ඕනි නෑ , මට නම් ඕක බෑ. බැරි දේවල් කරල නිකන් චා කන්න බැරි නිසා මායි ජාකෝලිසුයි ටොයිලට් එකෙ අත හේදුව. ඕන්න ඒ ගමන තව එකක් නෑ. බොන්න වතුර. ඇහුවම කියනව , වතුරනම් නෑ. ඕනි නම් බෝතලයක් දෙන්නම්. ඒකටත් සල්ලි ඕනිලි. නාගනිව්. මෙහෙමත් හෝටල්. බොන්න වතුර දෙන්නෙ නැති හෝටල් තියෙනව ද ? නොදකින් මෙහෙම යක්කු ! ගෙනාපු වතුරත් ඉවරයි. අනිතිමට අපි පොඩි කඩෙකින් වතුර බෝතලෙ පුරෝ ගත්ත.
මේ වෙනකොට නම් අපිට එපා වෙලා තිබ්බෙ. අන්තිමට බොහොම අමාරුවෙන් අපි ගෙදර ආව. අයෙ නම් , ජීවිතෙටවත් ඔය වගෙ දේවල් වලට කොලඹ යන්නෙ නෑ කියල අපි දෙන්න දිවුර ගත්ත.
5 Blog.Dilshan.me: 2009 ඔන්න කස්ටිය මට පරන කතාත් කියන්න කියපු නිසා මම මගෙ පරන කතාවක් කියන්නම්. මේක ඉතින් පරනමත් නෑ. මාස 3 ක් විතර ඇති. මගෙ හොඳ ෆ්‍රෙන්ඩෙක් ඉන්නවා ...
< >