+ -

Pages

Tuesday, June 30, 2009

අලුත් කෙමෙස්ට්‍රි පන්තිය

ඔන්න ඉතින් කස්ටියම දන්නවානෙ මට කෙමෙස්ට්‍රි අජූතයි කියල. වැඩෙ හරි යන්නෙ නෑ. මම කරන්නෙ පන්තියට ගිහින් ෆිල්ම් එකක් මතක් කරන එක තමා. මෙහෙම ගියොත් වලෙ තමා නිසා මම අලුත් පන්තියක් හොයා ගත්ත. අවිස්සාවේල්ලෙ. ඒ කියන්නෙ මම ඉන්න අපායෙ ඉඳන් 15 Km විතර ඇති.

ඔන්න මේකයි වැඩෙ. විස්වාස කරන්න මම බස් එකක ගිහින් තියෙන්නෙ 10 ක් විතර විතරයි. දෙකක් ඉස්කොලෙ ට්‍රිප් එක. තුනක් ගොන් පන්තියකට. කියන්නත් ලැජ්ජයි මට බස් එකක යන්නත් නිකන් බයයි බයයි වගෙ තනියෙන්. ඔය කොන්දා කියන එකා සැරයිනෙ.
ඔන්න ඕක නිසා මම අපෙ පන්තියෙ කොල්ලෙක්ටත් අපෙ ගෙදර එන්න කිව්ව මාත් එක්ක යන්න. ඌ කලු පටි කාරයෙක්. ඌ ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ. ඔන්න ඉතින් මූ 2 ට එනව කිව්ව. බලා හිටිය හිටිය නෑ. මූ මල් කඩනව. මම කෝල් එකක් දාල හොඳැවැයින් දෙකක් කිව්වට පස්සෙ මූ ආව.
ඕන්න ඉතින් අපි බස් එකකට නැග්ග. තව මගෙ යාලුවෙකුත් බස් එකෙ හිටියා. කොහොම හරි ඉඳගන්න තැනකුත් හම්බුනා.

මේකයි දැන් වැඩෙ. මම ඉස්කොලෙ යන්නෙත් ඇහැලියගොඩ , පන්ති යන්නෙත් ඇහැලියගොඩ , ඉන්නෙත් ඇහැලියගොඩ නිසා මම මෙහෙ යකෙකුටවත් බය නැතුව හිටිය , මොකද කේස් එකක් ගියත් ටක් ගාල ගෙදෙට්ට දුවන්න පුලුව්න් නිසා. අවිස්සාවේල්ලෙදි බඩු. එකෙක් වත් දන්නෙ නෑ. ඒ නිසා ටිකක් විතර බයකුත් තිබ්බ. ඕන්න දැන් යනකොට මගෙ ෆ්‍රෙන්තො ටික කියනව බඳෝගන්න රුපියල් 300 ලු. බඩුම තමා. අදම සල්ලි ඉල්ලුවොත් පයින් තමා ගෙදර යන්න වෙන්නෙ. හොඳ වෙලාවට ගත්තෙ නෑ.

පතියෙ ගිහින් වාඩිවෙලා වෙලා අපි ලස්සන කෙල්ලො තෝර තෝර හිටියා.මායි මගෙ ෆ්‍රෙන්තො දෙන්නයි කෙල්ලෙක් තේරුවොත් බඩු. එක්කො ඒකිට කොල්ලෙක් ඉන්නව , නැත්නම් සතියකට විතර කලින් ලව් එක මාට්ටු වෙලා , එක්කො බඩ්ඩක්. මහ බබාට අපිව අමතක වෙලා. ඔය අතර මේන්න පොඩි කොල්ලෙක් වගෙ එකෙක් අවිත් උගන්වන්න ගත්තා. ඌලු සර් කාරයා. හපොයි , ඕනි නම් අවුරුදු 23 ක් ඇති. මූත් ශෝක් එකට උගන්වනව , එකම හැට පාරක් විතර කියනව. හපොයි. මාත් ආපු මෝඩ කම කියල හිටිය. ඒ මදිවට විදුලි කොටනවා. අම්මියෝ. මම විදුලි කොටනවට බයයි නොවැ. එපාම උනා. සාමාන්‍යෙන් මම තැනකට ගියොත් ඉවරයි. ඒක ඉතින් මගෙ ඩයරිය ඉස්සර ඉඳන් කියෝපු අය දන්නව ඇති නොවැ.
අන්තිමට පන්ති ඇරියම අම්මට කෝල් එකක් දෙන්න කිව්ව. විදුලිත් කොටනව. ඕනි හත්තිලව්වක් වියන් කියල ෆෝන් එක ගත්ත විතරයි ඒක බැට්‍රි බැස්ස. ඇයි අප්ප මටම මෙහෙම වෙන්නෙ.
ඕන්න අපි බස් ස්ටෑන්ඩ් එකට යනකොට රෝල්ස් අරව මේව තියෙන මිනි වෑන් එකක් දැක්ක. කස්ටියටම ඕක දැනල බඩගිනි හැදුන.මම යෝජනාවක් දැමම අපිත් මොනව හරි කමු කියල.සාමාන්‍යෙන් කවුරුවත් මගෙ යෝජනා ලේසියෙන් අනුමත කරන්නෙ නෑ , මොකද උන් දන්නව මම කියපු දෙයක් කරල කවදාවත් හොඳක් නම් උනෙ නෑ කියල.

වෙලාවත් 6.30 විතර නිසා කස්ටියම කමු කිව්ව. කලු පටිය කිව්ව ඌ දන්නව කියල කෑම කන්න පට්ට හෝටලයක් කියල. අපිත් ඕන්න ගියා මූ කිව්ව හෝටලෙට. අම්මට සිරි , දිව්ය ලෝකෙ වගෙ. මේසෙ උඩ පරිප්පු. පුටු කැඩිල. ඒකෙ කුස්සියත් පේනව. හපොයි. මාත් එක්ක ගිය හැලයො දෙන්නට ගානක් නෑ. මුන් ගිහින් ගෙදර වගෙ ඉඳ ගත්ත. කන්න මොනව හරි ගේන්න කිව්ව. මටත් ඉතින් කරන්න දෙයක් නති නිසා ඉඳගත්ත. මේන්න ගේනවා සතියක් විතර පරන කෑම ටිකක්.මුන් ටික රහ කර කර කනව.... මට නම් එපාම උනා.
ඕන්න ඉඳල ඉඳල ෆෝන් එක ඕන් උනා. අම්මට එනව කිව්වම කිව්ව , බස් එකෙ එන්න එපා තාත්ත එන්නම් කිව්ව කියල. අපිත් ඉතින් හිටිය. බැලුව බැලුව එන පාටක් නෑ. අන්තිමට කට්ටිය බස් වල ගෙදර ගියා. මායි කලු පටි කාරයය් විතරක් ඉතුරු උනා. ඕන්න ඉතින් තාත්ත ටික වෙලාවකට පස්සෙ ආව. අපි ඉතින් ඇති යන්තම් කියල වාහනෙට නැග්ග. මෙන්න ටික දුරක් යනකොට අලි පෝලිමක් පේනව. හත්තිලව්වයි ! ඇක්සිඩන්ට් එකක්.

මටයි , කලු පටියටයි ජීවිතෙ එපා උනා. මට නම් තව කමක් නෑ කියමුකො , කලු පටිය ත්‍රී වීල් එකකුත් ඩ්‍රයිවින් කරගෙන ( උගෙ එක අපෙ ගෙදර දාල ගියෙ ) තව දුර යන්නත් ඕනිලු. රබර් වතුත් අහුවෙනවලු. ඌ බයෙ.

ඕන් තාත්ත විනාඩි පහක් විතර පෝලිමෙ හිටිය. අඩියක් වත් යන්නෙත් නෑ. මේන්න බොලෙ තාත්ත එක පාට්ටම අනිත් පැත්තට දාල කඩාගෙන යන්න ගත්ත. පාරෙ අනිත් සයිඩ් එකෙ වාහන නෑ. පෝල්මෙ කට්ටිය බලා ඉඳැද්දි අපි අනිත් පැත්තෙන් යනව. මම නම් දැන ගත්ත කොතන හරි හිර වෙනව කියල. තාත්ත් ඔය වගෙ ඒවට බය නෑ , මොකද තාත්තට අඳුනන ඇමතියෙක් වී.අයි.පී. කාර්ඩ් එකක් දීල.

මෙන්න යනකොට බස් එකක් පාර මැද හිර කරගෙන.තාත්තත් එක්ක හැම වෙලේම යනව තව ටික දෙනෙක්.අද නම් හිටියෙ එකයි. උස මහත කලු ආමි එකෙ හිටපු එකෙක්. මෑන්ස් බැස්සා. බස් එක ගාවට ගිහින් මොනවද ටිකක් කිව්ව. ශුවර් එකට ටොම් පචයක් ගහන්න ඇති. ( මන්ත්‍රී කෙනෙක්ගෙ වාහනයක් වත් කියන්න ඇති! ) ඒට පස්සෙ අපි ආයෙ හරි පෝලිමටම දාගත්ත.ඉස්සරහින්ම. ඕන් කොහොම හරි තව ටික වෙලාව පොලිසිය ඇවිත් ට්‍රැෆික් එක අයින් කොලා. අපිත් බොහොම අමාරුවෙන් ගෙදර ආව.

මටයි මගෙ යාලුටයි ඒක අමතක නොවන ගමනක්.

5 Blog.Dilshan.me: June 2009 ඔන්න ඉතින් කස්ටියම දන්නවානෙ මට කෙමෙස්ට්‍රි අජූතයි කියල. වැඩෙ හරි යන්නෙ නෑ. මම කරන්නෙ පන්තියට ගිහින් ෆිල්ම් එකක් මතක් කරන එක තමා. මෙහෙම ගියොත...

Tuesday, June 23, 2009

පාසලෙන් පැන්නීම

මම ඇවිල්ල ඉස්කොලෙ කාඩ් එකක් තියාගෙන හිටපු පොරක්. ඉස්කොලෙ කොම්පුටර් එකක කේස් එකක් ගියොත් , ඔෆිස් එකෙ කොම්පුටර් එකක් කචල් ගියොත් මටයි ජාකෝලිස්ටයි තමා හදන්න එන්න කියන්නෙ.

ඔන්න මේක උනෙ අවුරුදු 3-4 කට විතර කලින්. මම 9 වසරෙ විතර ඉන්න කොට. ඔය කාලෙ අපෙ පන්තියෙ කොල්ලො 3 දෙනෙක්ට විතර ෆෝන් තිබ්බ. මට තිබ්බෙ චුට්ටන් සැම්සුන් ෆෝන් එකක්.එකෙක් දවසක් ඕක ඉස්කොලෙ ගෙනාව. අපිටත් මෝඩ චූන් තමා ඒකාලෙ තිබ්බෙ.

අපෙ හිටිය ගණන් උගන්වන්න සර් කෙනෙක්. අපි කලෙ ඕකට උගන්වන්න නොදී මිස් කෝල් ගහපු එක. ආතල් වැඩෙ. හැබැයි මම පිස්සෙක් උනාට ගොනෙක් නෙමෙයි. ඒ නිසා මම මිස් කෝල් ගැහුවෙ නෑ , මම මැසෙජ් ගහුවා." අඩො තෝ අහු වෙන්න එපා. " , "මම තමා මරු සිරා ", "පුලුවන් නම් මාව හොයා ගනින්", " මම උඹව අත් අඩන්ගුවට ගන්නවා" , "මම එෆ්.බී.අයි. එකෙන් " කිය කියා. ටික කාලයක් අපි ආතල් ගත්ත. එක දවසක් මිස් කෝල් ගහපු එකා මාට්ටු උනා. හපොයි. උට ගැහුවා එපා වෙන්න.

5 Blog.Dilshan.me: June 2009 මම ඇවිල්ල ඉස්කොලෙ කාඩ් එකක් තියාගෙන හිටපු පොරක්. ඉස්කොලෙ කොම්පුටර් එකක කේස් එකක් ගියොත් , ඔෆිස් එකෙ කොම්පුටර් එකක් කචල් ගියොත් මටයි ජාකෝලිස්...

Saturday, June 20, 2009

වැද්දන් කොලඹ යෑම

ඔන්න කස්ටිය මට පරන කතාත් කියන්න කියපු නිසා මම මගෙ පරන කතාවක් කියන්නම්. මේක ඉතින් පරනමත් නෑ. මාස 3 ක් විතර ඇති.

මගෙ හොඳ ෆ්‍රෙන්ඩෙක් ඉන්නවා , මෑන්ස්ත් කැමති ඔය කොම්පුටර් , සොෆ්ට්වෙයා , ප්‍රොග්‍රෑමින් වැඩ වලට තමා. මම ඩයරියෙ කිව්ව එක්ස් පී දාන්න ගියේ මෑන්ස්ට තමා. කෝඩ් නේම් එක ජාකෝලිස්.

අපි දෙන්නට ආරන්චි උනා කොලඹ ජාවා එක්සිබිශන් එකක් තියෙනවා කියල. බී.එම්.අයි.සී.එච් එකෙ. අපි දෙන්න බොහොම අමාරුවෙන් අවසර ගත්තා ඕක බලන්න යන්න. තාත්තා වෑන් එකකුත් සෙට් කරල දුන්න. අපිව තනියෙන් යවන්න බැරි නිසා මගෙ මහප්පාටත් යන්න කිව්වා.
ඔන්න ඉතින් දැන් කොලඹ යන්න ඉන්නවා , පිස්සො දෙන්නෙක් , මාරයගෙ සේනධිපතියෙක් සහ පිස්සු ඩ්‍රයිවර් කෙනෙක්.
ඔය ඩ්‍රයිවර් ඇවිල්ල කියාපු මිනිහෙක්. ඩුබායි වල ඩ්‍රයිවින් කරපු පොරක්. මිනිහ ලන්කාවත් එහෙ කියල හිතාගෙන ඉන්නෙ. මිනිහට තේරෙන්නෙ නැති එකම වචනෙ තමා "හිමින් යන්නෝ" කියන එක.
ඕන්න කොහොම හරි මායි , ජාකෝලිසුයි හොඳ ගානකුත් ගෙදරින් කඩා ගත්ත. ඕන් දැන් අපි යනව. උදෙන්ම. උදෙ 10 ට විතර මගෙ තේ වෙලාව ආව. අපි හොටෙල් එකක් ගාවින් වාහනෙ නැවැත්තුවා. ආ... මට කියන්න බැරි උනා. මහප්පගෙ පුතත් ආවනෙ අපිත් එක්ක. ඌ පොඩි එකෙක්. හපොයි. මට පොඩි එව්වො අල්ලන්නෙ නෑ.

ඕන්න ඉතින් කට්ටිය පොරවල් වගෙ කෑම ගත්ත. පේස්ට්‍රි , බන්ස්. ටික වෙලාවකින් බලන කොට කට්ටිය හොයා ගන්නවත් නෑ , ඒ ගොල්ලන්ට ඕනි එව අරන් වෑන් එකට ගිහින්. මාර යක්කු. මට තමා බිල ගෙවන්න උනෙ. රුපියල් 400 ගානක්. ජාකෝලිස් රුපියල් 100 ක් දීල ඌත් ගියා. ඉතුරු ටික මට. හපොයි.
අපිට යුනිටියටයි , බ්‍රිටිශ් කවුන්සිල් එකටයිත් යන්න ඕනි කම තිබ්බ. ඉස්සෙලාම ගියෙ බ්‍රිටිශ් කවුන්සිල් එකට. ඒකෙ මාර සෙකියුරිටි එකක් නෙ අප්ප තියෙන්නෙ. මගෙ ෆෝන් එකත් අරන් , බෝම්බ චෙක් කරන මැශින් එකෙ අස්සෙනුත් යන්න උනා. උන් මොක්කු කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ. මාව ත්‍රස්තවාදියෙක් විදිහටවත් පේනවද දන්නෙ නෑ. කොහොම හරි බ්‍රිටිශ් කව්න්සිල් කියා කියලත් වැඩක් උනෙ නෑ. උන්ගෙ කෝස් පටන් ගන්නෙ අප්‍රේල් 15 ලු. අවුරුදු නෙ ! ඒක හරි නෑ. මට ඒකෙ සෙකියුරිටිය ඇල්ලුවෙත් නෑ.

ඒලඟට තමා අපි බී.එම්.අයි.සී.එච් එකට ගියෙ. වාහනත් චෙක් කරල තමා ගන්නෙ. හරි වදෙ. අපෙ ඩ්‍රයිවරයට තියෙනව හොර රෙඩ් ක්‍රොස් කාඩ් එකක්. ඒක පෙන්නල අපි ඇතුලට ටක් ගාල පැන්න. ඕන්න බලන්න ජාතික ආරක්ශාවට ගිය කල. ඕන්න දැන් අපි ජාවා එක්සිබිශන් එකෙ. මරු. වැඩෙ කියන්නෙ අපිට මෙලෝ සන්සාරයක් තෙරෙන්නෙ නෑ.කට්ටිය ලැප්ටොප් තියාගෙන මොනවද කියෝනවා, තව අය ඒ ගොල්ලන්ගෙ වැඩ ගැන කියනව. කෙලින්ම කියනවා නම් අපි ජාවා ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒ මදිවට එනව කියපු ගයාන් කල්හාර ෆොස් පිස්ස ආවෙත් නෑ. ඕන්න ඉතින් ඉඳල ඉඳල කරගත්තා වැඩක්.අය්යෝ. අන්තිමට අපි එක කොනක ඉඳන් එහා කොනටයි මෙහා කොනටයි ඇවිද්දා.
ඔය අතරෙ අපි දැක්ක SCJT කියල ගහ ගත්ත කස්ටියක් ඔෆිස් එකක් දාල.අපි ටිකක් ඈතට වෙලා බලා හිටිය. කට්ටිය ඇවිල්ල ඉඳගෙන මොනවද කියෝනව. අපිටත් දැන් ඉන්න බෑ. මාත් ගිහින් ඉඳගත්තා. මට අහු උන එකාට හැරී පොටර් ගෙ ලුක් එකක් තිබ්බෙ. මම වාඩි උන ගමන් මිනිහ කඩ්ඩෙන් මොනවද කිව්ව. මම ටක් ගාල කිව්ව , "අපිට මොනවද දැන ගන්න පුලුවන් කියල" සින්හලෙන්. මිනිහ හිනාවක් දාල කිව්ව මේක ජාව පන්තියකට කස්ටිය බඳෝගන්න තැනක් කියල.
මම කිව්ව අපි දෙන්නත් කැමතියි ඕකට බැඳෙන්න කියල. මිනිහ අපිට ෆෝම් දෙකක් පුරවන්න දුන්න. අපිත් ඉතින් පොරවල් වගෙ පිරෙව්වා. පිරෙව්වට පස්සෙ මූ කිව්ව එකෙක් රුපියල් 1000 ගානෙ දෙන්න ඕනි කියල. අපිත් පොරවල් වගෙ දුන්න. මිනිහ අපිව රැවැට්ටුවා. කෝස් එක රුපියල් 40 000 ලු. අපිට 22 000 ට දෙන්නම් ලු. අපිත් ඇන්ඳුනා. මොකද පන්ති තියෙන්නෙ රෑලු. දවස් වෙනස් කරන්නත් බෑලු. අපිට ඕව ටික මූ කිව්වෙ සල්ලිත් දුන්නට පස්සෙ. හපොයි. සල්ලි ආපහු ඉල්ලන්නත් බෑනෙ. අපි දැන ගත්ත ගෙදරින් නම් රෑ වෙලා කොලඹ එන්න දෙන එකක් නෑ කියල. අපිත් අඬාගෙන ආව.
කොහොම හරි බී.එම්.අයි.සී.එච් එකෙත් කර ගත්ත වැඩක් නෑ.

ඒලඟට අපි ගියෙ යුනිටියට. මගෙ කොම්පුටර් එක ගන්න අඩුම තැන බලන්න. අපි ඕකෙ හැම කඩෙකටම ගියා , ගියෙ නම් නිකන් අද ගන්නවා වගෙ. අනෙ ඉතින් කඩෙ කට්ටියත් පන දගෙන ගනන් හදනවා. කට්ටිය ගනන් හැදුවට පස්සෙ අපි කියනව, "අපි එහෙනම් හෙට එන්නම්" කියල. ඒ ලඟට ඒලඟ කඩෙට යනවා. ඔහොම එපා වෙනකම් කඩවල් වලට ගියා. ඔය අතරෙ අපෙ කට්ටියට එපා වෙලා, මහප්පටයි , උගෙ පුතටයි , ඩ්‍රයිවර්ටයි.

මම කිව්ව එහෙනම් දැන් කමු කියල. මේන්න කට්ටිය දාගෙන යනව මැජෙස්ටික් සිටි එකට. මම කිව්ව හෝව් හෝව් , ඕකට ගියොත් පිඟන් හෙම හෝදල තමා එන්න වෙන්නෙ. ඕකෙ කන්න තරම් සල්ලි ගෙනාව් නෑ කියල. අන්තිමට අපි මැක්ඩොනල්ඩ් එකට ඇල්ලුව. හෙන ගහපිය. බත් එකක් රුපියල් 200යි. 5 ක් ඉන්නවා. අර මේව කරල මගෙ අතෙ තියෙන්නෙ රුපියල් 500. අන්තිමට ජාකෝලිස් ගෙ තාත්තා ප්‍රින්ටරෙට තින්ත ගන්න දුන්න සල්ලි වලින් ටිකක් අපි ගත්තා.

හරි , දැන් ඔක්කොම හරි. පොඩි දෙයක් අඩුයි. අත හෝදන්න ටැප් එකක් නෑ. මෙන්න බොලෙ මහප්පයි, පුතයි , ඩ්‍රයිවරුයි හැන්දෙන කනව. බොරු කියන්න ඕනි නෑ , මට නම් ඕක බෑ. බැරි දේවල් කරල නිකන් චා කන්න බැරි නිසා මායි ජාකෝලිසුයි ටොයිලට් එකෙ අත හේදුව. ඕන්න ඒ ගමන තව එකක් නෑ. බොන්න වතුර. ඇහුවම කියනව , වතුරනම් නෑ. ඕනි නම් බෝතලයක් දෙන්නම්. ඒකටත් සල්ලි ඕනිලි. නාගනිව්. මෙහෙමත් හෝටල්. බොන්න වතුර දෙන්නෙ නැති හෝටල් තියෙනව ද ? නොදකින් මෙහෙම යක්කු ! ගෙනාපු වතුරත් ඉවරයි. අනිතිමට අපි පොඩි කඩෙකින් වතුර බෝතලෙ පුරෝ ගත්ත.
මේ වෙනකොට නම් අපිට එපා වෙලා තිබ්බෙ. අන්තිමට බොහොම අමාරුවෙන් අපි ගෙදර ආව. අයෙ නම් , ජීවිතෙටවත් ඔය වගෙ දේවල් වලට කොලඹ යන්නෙ නෑ කියල අපි දෙන්න දිවුර ගත්ත.
5 Blog.Dilshan.me: June 2009 ඔන්න කස්ටිය මට පරන කතාත් කියන්න කියපු නිසා මම මගෙ පරන කතාවක් කියන්නම්. මේක ඉතින් පරනමත් නෑ. මාස 3 ක් විතර ඇති. මගෙ හොඳ ෆ්‍රෙන්ඩෙක් ඉන්නවා ...

Friday, June 19, 2009

මටමයි නෙ වෙන්නෙ !

වහිනවා , වහිනවා ! ඉවරයක් නෑ. අනෙ මම අයෙ ඇහැළියගොඩ නම් ඉපදෙන්න එපා. ගිය ආත්මෙ මම හොබී එකක් විදිහට කරල තියෙන්නෙ පව් කරන එක. මම ටීවී බලන්න හැදුවොත් වහිනව , රැපිඩ්ශෙයා එකෙන් ෆයිල් එකක් ගන්න කොට , 90 % විතර අරන් තියෙද්දි කරන්ට් යනවා , යූ.පී.එස්. එක ඕෆ් උන ගමන් අයෙ එනවා. මම ඉතින් මෙහාට වෙලා වස්සවන එකාලටයි , විදුලිබල මණ්ඩලෙයි ඉන්න එවුන්ගෙයි අම්මල මතක් කර කර ඉන්නවා. ඔයගොල්ලොත් වැරදිලා වත් ඇහැළියගොඩ පැත්තෙ නම් එන්න එපා....

ඒ මදිවට අද මට කරන්න වැඩ්කුත් නෑ .ප්‍රොටොටයිප් ගේම් එක නිසා මට ගේම්ස් කියන ජාතියම එපා උනා. ඇයි කියන්න නම් දන්නෙ නෑ. ඒත් එක නිකම් මාව කෑව වගෙ. ඕනිවට වැඩියි. ඒ මදිවට දැන් එක පාට්ටම අද පිස්සෙක් ගෙන් කෝල් එකක් ආව. මට කාලෙකින් දැන ගන්න ලැබුන හොඳම ආරන්චිය මිනිහ කිව්වෙ. ජුලි 20 පටන් ගන්න නියම වෙලා තිබ්බ අපෙ ඉස්කොලෙ ජුලි 1 පටන් ගන්නවලු. අපෙ ඉස්කොලෙ එහෙම තමා. කියන දෙ නොකරන , නොකරන දේ කියන එකක්. අපෙ ප්‍රින්සිපල් ගෙ කාර් එකක් තියෙනව. ඒ වගෙව ඔයාලගෙ දෙකයි පනහෙ ප්‍රින්සිපල් ලට නෑ. ඒ කාර් එක ලක්ශ 6 ක් ලු. කොහොමද ? ටාටා එකක්. හමර් ගහන කොම්පන්ය් එකෙන් ලු ගහන්නෙ. එක ස්ටාර්ට් කරනකොට අපි ඔක්කොම දන්නව , ආන් අරු යනව කියල. චෝයි.මොකක් උනත් මගෙ සොඳුරියගෙන් ( මගෙ කොම්පුටර් එකෙන් ) වෙන් වෙන්න කාලෙ හරි වගෙ ! අනේ !
කරන්න වැඩක් ඇත්තෙම නැති නිසා මම අය්යා කෙනෙක් ගෙ ගෙදර යන්න පිටත් උනා. මිනිහ ඉන්නෙ 300 m විතර ලඟ. ඒත් ඉතින් අඩියක් ගියත් මම යන්නෙ බයික් එකෙනෙ ! බයික් එක එලියට ගත්ත විතරයි අයෙ වහින්න පටන් ගත්ත.
ඕනි මල හත්තිලව්වක් වියන් කියල මාත් ඇරල දාල ගියා. මඟක් ගිහින් නෑවෙනකොට තමා කර ගත්ත මෝඩ කම තෙරුනෙ. ගෙදර ගියොත් කොහොමටත් බැනුම් නිසා කරන්න ආපු දෙ කරගෙනම යන්න කියල මම ආපු ගමන ගියා. පෙන් එකට ෆිල්ම් ටිකක් දා ගන්න.

අරුගෙ ගෙදර ගියා විතරයි ලයිට් ඩිම්. හපොයි. වැස්සත් වැඩි උනා. මේ වෙනකොට නම් මට ජීවිතෙ එපා වෙලා ඉවරයි. එපාම උනා.ගහෙන් වැටුන මිනිහගෙ ඔලුවට දෙවාලෙ කඩා වැටිල ගොනත් ඇන්න වගෙයි මට.

ඌත් එක්ක විනාඩි දහයක් විතර චැටක් දාල මම වැස්සෙම ගෙදර එන්න පිටත් උනා. ඔය අතර අපෙ පැත්තෙ පන්තියකට යන කෙල්ලො සෙට් එකක් එනව.

මටත් ඉතින් ඉන්න බෑනෙ. මාත් වැඩ කෑල්ලක් දාන්න කියල පොඩ්ඩක් නැමුවා. හැලපය නැමුවෙ වලකට. අපෙ පාර ගැන ඉතින් මම කියල තියෙනවනෙ. කෙල්ලොත් ඉවරයි. මාත් ඉවරයි. මගෙ කාඩ් එකත් ඉවරයි ( නෑ මම බොරු කිව්වෙ , මට කාඩ් එකක් නෑ. පොඩි කාලෙම මම ඒක කා ගත්තා. ) කෙල්ලො ටික දිහා බැලුවෙත් නෑ. කඩාගෙන ආව. ඇවිල්ලා පන දාගෙන බයික් එක පිහි දැම්ම.

දැනට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අර කෙල්ලන්ගෙන් එකෙක් හරි මඩ නෑවනම් , ඒකිගෙ කොල්ලා මාව නමනව ! ශුවර් ! හපොයි. ඉඳල ඉඳල කර ගත්ත දෙයක් ! අයෙ නම් වැස්ස දවස් වලට ගෙදරින් එලියටවත් බහින්නෙ නෑ.

ඇයි අප්ප මේව මටම වෙන්නෙ !

5 Blog.Dilshan.me: June 2009 වහිනවා , වහිනවා ! ඉවරයක් නෑ. අනෙ මම අයෙ ඇහැළියගොඩ නම් ඉපදෙන්න එපා. ගිය ආත්මෙ මම හොබී එකක් විදිහට කරල තියෙන්නෙ පව් කරන එක. මම ටීවී බලන්න හැදු...

Thursday, June 18, 2009

වින්ඩෝස් දැමීම

මම සාමන්යෙන් ඇහැරෙන්නෙ උදෙ 9.00 විතර. උදෙ 6.00 ඇහැරිලා තේ බීලා අයෙ නිදා ගන්නවා. අම්ම ඇවිල්ල කෑ ගහනකොට තමා අයෙ ඇහැරෙන්නෙ. O\L නිවාඩු කාලෙනෙ. නියමයි. අද නිදාගෙන ඉන්න කොට මට නිකන් හීනෙන් වගෙ අහුන කොල්ලො දෙන්නෙ කෑ ගහනව. බලනකොට යාලුවො දෙන්නෙක් ඇවිත්.උන්ට ඩී වී ඩී ගහ ගන්න. මුන් එන්නෙත් මගෙ ජනෙලෙ ලඟට. කිසි චාරයක් නෑ. නෑ , මම කියන්නෙ මම කලිසම ගලෝගෙන හිටියත් මුන්ට පේනවනෙ. (හැබැයි ඉතින් එහෙම ඉඳල දැක්කොත් නම් උන් අයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ.) මුන්ට වැස්සට වත් ගෙදෙට්ට වෙලා ඉන්න බෑනෙ !

ඔන්න ඉතින් මුන්ටත් බොහොම අමාරුවෙන් මම නැගිටලා ඩී වී ඩී ටික ගහල දුන්න. වින්ඩෝස් සෙවන් එකයි, එක්ස් පී එකයි.මම මයික්‍රොසොෆ්ට් අය්යටල උදව්වක් වශයෙන් ඕනි කෙනෙක්ට එක්ස් පී , විස්ටා , සෙවෙන් ගහල දෙනව. මෙහෙ සී.ඩී. කඩවල් වල ඉන්න පොරව්ල් නම් ඉතින් බයෙ මැරෙන්න හදනවානෙ.


ආපු එක කොල්ලෙක් ඉන්නෙ ටිකක් ලඟ. 1 Km විතර දුර ඇති මිනිහගෙ ගෙදරට..මට ගෙදරට වෙලා කරන්න ලොකු වැඩකුත් තිබ්බෙ නෑ. ගියොත් බය්ක් එකෙ යන්න හම්බෙන නිසා මමත් මිනිහගෙ ගෙදර යන්න හිතුවා. ( මිනිහට ලස්සන නන්ගි කෙනෙකුත් ඉන්නවා ).අරුන් දෙන්න ඇවිත් තිබ්බෙ පුශ් බයිසිකල් එකක. මොටර් බයික් එකෙ තුන් දෙනෙකුට යන්න අමාරු නිසා එකෙක් බය්සිකලෙ ගියා.

මූ ගිහින් ටික වෙලාවකට පස්සෙ තමා මායි අනිත් කොල්ලය් බය්ක් එකට නග්ගෙ. අරූ මට කලින් ගෙදර බය්සිකලක් පැදගෙන ගියොත් වස ලැජ්ජාවනෙ. ඒ නිසා මම ඇරල දාල ගියා. ඉස්සෙල්ල කිව්ව වගෙ උදෙ වැහැල තිබ්බ. පාරත් තෙමිලා , අපෙ පාරෙ වැව්ත් පිරිලා ! අරු පිටිපස්සෙ ඉඳන් බෙරිහන් දෙනකොට මම 50 Kmph විතර ඇල්ලුවා. ඉස්සරහ තිබ්බ අලි වන්ගුවක්. මම ආපු වේගෙට නම් ගන්න බැරිවෙයි තමා කියල මට හිතුනා , කරන්න දේකුත් නෑ. ඒ මදිවට ඇන්ටි කෙනෙකුත් එතනින් මාරුවෙනවා. ඇල්ලුවා ගේකට. ගහුව බ්‍රේක් එක. ජරාස් !

බයික් එකෙ බැලන්ස් නැතුව ගියා. එතනම දොයි. තුවාලයක් නම් නෑ. බයිසිකලෙ බිම. මම ඒක අල්ලගෙන කෑගහනකොට "උස්සපිය" කියල ඌ හෙන ඈත.හොඳටම බය වෙලා මල යකෙක්. අනිතිමට මම ඒක බොහොම අමාරුවෙන් අයෙ උස්සගෙන යන්න පටන් ගත්ත. හිමින් යනව කියල අරුට පොරොන්දු වෙලා. මොන හිමින්ද ? ඇරියා අයෙ පාරක්. ඒ පාර නම් කෙලින් පාරක් තිබ්බෙ. කොහොම හරි පුශ් බය්ක් කාරයට කලින් අපි ගෙදර ගියා.


මගෙ යාලුව්ට තියෙන්නෙ අමුතුම කොම්පුටර් එකක්. රැම් එක 1.5 GB. VGA එක 512 mb , ඒත් ප්‍රොසෙසර් එක P IV 1.7 Ghz. ගොඩක් ගේම් වලට ඔක්කොම හරි , ප්‍රොසෙසර් එක නිසා කචල්. වුල්වරින් එකෙ ඉසරහට යන බොත්තම ඔබල තප්පර 5 කට විතර පස්සෙ යනව. වැඩෙ කියන්නෙ ඒත් මු මේකෙ ගේම් ගහනව.
දැන් මුට මේක ෆෝමැට් කරන්න ඕනිලු. ඒකලු මේ තරම් ස්ලෝව්. මම ඔලුවෙන් හිටගෙන ප්‍රොසෙසර් එක මදි කිව්වත් ඌ පිලිගන්නෙ නෑ. මුගෙ රොම් එකත් පට්ට. ඒක වැඩ කරන්න නම් සී.පී.යූ එකෙ කේසින් එක ගලවලා වයර් එකක් තද කරගෙන අල්ලගෙන ඉන්න ඕනි. කොහොමද ආතල් එක ?

අර මම කියපු අනිත් මෑන්ස් ඕක නිසාම මිනිහගෙ රොම් එක ගෙනල්ල තිබ්බ. ඕක යූඑස්බී. ඒ ගමන එක බූට් ඩිවය්ස් එකක් විදිහට ගන්නෙ නෑ. හපොය්. මම එක පාරකුත් කිව්ව වගෙ අපිව පරිගනක ලෝකයෙක් බෑන් කරල. දැන් ඉතින් මොනව කරන්නද ? බඩුම තමා. දැන් ඉතින් තියෙන්නෙ මැරෙනකම් වයර් එක අල්ලගෙන ඉන්න එක තමා.
උට ඕනි හත්තිලව්වක් කර ගන්න කියල මම ගෙදර ආව.උට අඩු ගානෙ තේ එකක්වත් හදල දෙන්න වටිනවනෙ ! මොන , චික්. මුන් නිසා මට හරියට කාල එන්න උනෙත් නෑ. මම හරියට කෑවෙ නෑ කියන්නෙ මාව බාගෙට මැරුව වගෙ තමා. උගෙ නන්ගිත් ඉස්කොලෙ ගිහින්. ශික්. අද නම් වැඩක්ම නැති දවසක්.

5 Blog.Dilshan.me: June 2009 මම සාමන්යෙන් ඇහැරෙන්නෙ උදෙ 9.00 විතර. උදෙ 6.00 ඇහැරිලා තේ බීලා අයෙ නිදා ගන්නවා. අම්ම ඇවිල්ල කෑ ගහනකොට තමා අයෙ ඇහැරෙන්නෙ. O\L නිවාඩු කාලෙනෙ. ...

Tuesday, June 16, 2009

ෆිෆා 2008 , අහෝ

ඔන්න මම ඉඳල ඉඳල ගත්ත තව මඟුලක් ! ෆිෆා 2008. මට නම් ස්පෝට්ස් ගේම්ස් අල්ලන්නෙ නෑ. ඒත් අපෙ අය්ය කෙනෙකුට ඕනි කියල මැරෙන්න හැදුවා. සෙටප් එක කොම්ප්‍රෙස් කරලත් 2.6 GB. මගෙ තියෙන්නෙ අධි වේගී අන්තර්ජාල පහසුකමක් නෙ.තප්පරේට කිලෝ බයිට් 56 ක් ම එනවා. අම්මෝ , ෆිල්ම් එකක් ගන්න දවසක්ම කෙල හල හල බලාගෙන ඉන්න ඕනි. කොහොමද SLT ලගෙ ටෝක්ස් එක. උන් නිකන් අඟවන්නෙ නම් තප්පරෙට 512 KB ක් එනව වගෙ. පුහ්.

දවස් තුනක් තිස්සෙ මැරීගෙන ඩවුන්ලෝඩ් කලා.
ඩවුන්ලෝඩ් කලාට පස්සෙ මෙන්න මේක ස්ප්ලිට් කරපු එකක්. අයෙ ඩවුන්ලෝඩ් කලා ජොයින් කරන එකක්. ඒට පස්සෙ ආව ISO ෆයිල් එකක්. මම ඔව මවුන්ට් කරන්නෙ නෑ. ගෝතය වගෙ rar කියල වර්ගය වෙනස් කරල ඒකත් එක්ස්ට්‍රැක්ට් කලා. ඉන්ස්ටෝල් කරන්න හදන කොට මේන්න සී.ඩී කී එකක් ඉල්ලනවා. ඒ ගමන ඒක හෙව්ව. බොහොම අමාරුවෙන් හිඟන වෙබ් එකක තිබිල හොයාගත්තා. ඉන්ටෝල් උනාට පස්සෙ ක්‍රැක් එක නෑ. හය්යො.... ක්‍රැක් 4 ක් විතර ගත්ත.
කොහොම හරි අන්තිමට හදා ගත්තා...

හරි දැන් ඊ ලඟ වඩෙ තමා අය්යගෙ ගෙදර යන එක. ඌ ඉන්නෙ කැලෑවක. පොඩි පාරවල් අස්සෙන් රින්ගල , කඳු නැගගෙන , කුඹුරු මැදින් යන්න ඕනි. ඔන්න ඉතින් බොහොම අමාරුවෙන් ගෙදරිනුත් අවසර අරන් මම යනව. කොල්ලගෙ හැටි දන්නවනෙ , ඉස්කොලෙ ඇරෙන වෙලාවම තෝර ගත්ත. ( මට ඉතින් O\L නිවාඩුවනෙ )

කොල්ල පොර වගෙ නමල අරන් ගියා කෙල්ලො හෙම යනකොට. දන්න ඔක්කොම වැඩ කෑලි දැම්ම.
දැන් ඔහොම යනකොට අර මම කියපු කන්ද අහු උනා. ඒක ඉතින් කන්ඳක්ම කියන්නත් බෑ. මගෙ හැටියට ඒක කන්ඳක්. ඔකෙ යනකොට මග හිටියනෙ. හපොයි. මම පොර වගෙ හතර වෙනි ගියර් එකෙ ගියෙ. එකෙත් හිමින් ගියෙ. පොඩි වැඩ කෑල්ලක් දදා..
ස්ටාට් කොල කොලා හරි යන්නෙ නෑ. වස ලැජ්ජාවයි. අහල පහල මිනිස්සු හෙම එලියට බැහැල බලනවා. උන්ට මැජික්. අන්තිමට බොහොම අමාරුවෙන් ස්ටාට් කරගෙන උගෙ ගෙදර ගියා.

අපෙ පරම් පරාවටම අයෙ ස්පෙශල් බඩුනෙ තියෙන්නෙ. උගෙ කොම්පියුටර් එක ඇවිල්ල පරිගනක හොයා ගත්ත කාලෙ හදපු එකක්. අත්ට්‍රැක්ටරයක් වගෙ සද්දෙ. ඕන් වෙන්න දාල තේ එකක් හෙම බීල එකකොට ඕන් වෙලා තියෙනව. පට්ට.

ඕකට ඉතින් බොහොම අමාරුවෙන් සෙටප් එක කොපි කලා , දැන් ඉන්ස්ටෝල් කරන්න හදනකොට මම සී.ඩී කී එක අරන් ඇවිල්ල නෑ. අරූට සන්සාරෙ එපා උනා.පව්.

මම ඇහුව ලඟම ඉන්ටනෙට් තියෙන එකා කොහෙද ඉන්නෙ කියල. 3 km විතර ලඟලු. නාපිය. අන්තිමට මිනිහ අඬ අඬ මිනිහගෙ ෆෝන් එක ගැහුව. මොබිටෙල් එකෙන් ඩේටා පැකෙජ් එකක් ගන්න. ඌ ලඟත් තියෙන්නෙ පට්ට ෆෝන් එකක්. ෆෝන් එකට ඕනි වෙලාවට තමා එක ඕන් වෙන්නෙ. සිරා. ඒක ඇවිල්ල ස්පෙශල් මේඩ් එකක්. කබ්බන්ට පමනයි.

ඕක ගහල බොහොම අමාරුවෙන් සී.ඩී කී එක හොයාගත්ත.බලන්නකො ෆිෆා 2008 ට සී.ඩී කී එකක් හොයල ලේසියෙන් එනවද කියල ? ඒ ගමන ශොක් වෙයා එක ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ.

දැන් ඉතින් අපිට කොම්පුටර් එක හදපු එවුන්ගෙ පරම් පරාව මතක් වෙන ගමන් තිබ්බෙ. අම්මල තාත්තල හෙම. කොහොම හරි ඕක යන්තම් ඉන්ස්ටෝල් කලා. දැන් අපෙ බලාපොරොත්තු උඩටම ඇවිල්ල. ක්‍රැක් එකත් දාල ගහන්න දැම්ම. එච්චරම තමා. ස්ක්‍රීන් එක කලු පාට උනා. එච්චරය්. අඩු ගානෙ මේ අමනයන්ට තිබ්බනෙ , "යකුනෙ , තොපිට මේ ගේම් එක ගහන්න බෑ" කියල මැසෙජ් එකක් දෙන්න. ඒ මොකුත් නෑ. අපිට වැඩෙ එපා උනා.
මල් හතයි. හරි ආතල්.මම උගෙ හිත හදල ආව මම ගෙදර ගිහින් මොනව හරි කරල දෙන්නම් කියල. මම කියල මොනව කරන්නද ? අපරාදෙ බයික් එකෙ තෙල් ටික. ඒ මදිවට කන්දක හිට්ටෝගෙන මල චාටරුත් කෑවනෙ.

මට පේන්නෙ මාවයි , අපෙ නෑදෑයො සෙට් එකයි පරිගනක ලෝකයෙක් බෑන් කරලා....
5 Blog.Dilshan.me: June 2009 ඔන්න මම ඉඳල ඉඳල ගත්ත තව මඟුලක් ! ෆිෆා 2008. මට නම් ස්පෝට්ස් ගේම්ස් අල්ලන්නෙ නෑ. ඒත් අපෙ අය්ය කෙනෙකුට ඕනි කියල මැරෙන්න හැදුවා. සෙටප් එක කොම්ප...

Monday, June 15, 2009

ඇඩ්සෙන්ස් ලට හෙන ගහපියව්

ඉන්ටනෙට් මනි , මොන බොරුවක්ද ? කොහොමද විජය පරිගනක පත්තරෙ හෙම යන්නෙ , හප්පා , මාසෙකට රුපියල් 30 000 කට වඩා සොයන්න , උන්ගෙ කෝස් එක කරන්න ලු. මොන බොරුද ?


මම බ්ලොග්ස් 22 ක් කරනවා ! 22 ක් ! එක සයිට් එකක් කරනවා. හැබැයි තාම හිඟන්නා. ඉස්සෙල්ලාම මම මාර මාර වැඩ කලා. මම ඇඩ්සෙන්ස් ගැන මුලින්ම දැන ගත්ත කාලෙ ලොකු ප්ලෑන් එකක් ගහුවා. එක මෙහෙමයි , ඉස්සෙල්ලාම මම මගෙ ඇඩ්ස් ගොඩක් ක්ලික් කරල ලක්ශයක් විතර හොයා ගන්නවා. ඒට පස්සෙ මම කොල්ලො ටිකක් හයර් කරල උන්ටත් කියනව ඇඩ්ස් ක්ලික් කරන්න කියල. ඔහොම ටික කාලයක් යනකොට මම තව කොම්පියුටර් 10 ක් විතර ගන්නවා.
ඒට පස්සෙ මම ඕව මගෙ කාමරෙ තියාගෙන අපෙ කොල්ලන්ට ජොබ්ස් දෙනව මගෙ ඇඩ්ස් ක්ලික් කරන්න. ඔහොම ටික කාලයක් යනකොට මට මගෙම කොම්පැනි එකකුත් දාගන්න පුලුවන් වෙයි. ඒට පස්සෙ මම පොර. අපි හැමදාම මාසෙකට පාරක් කොම්පනියෙ කට්ටිය එකතු වෙලා පාටියක් දානවා. ඒට පස්සෙ සැපෙන් සතුටින් ජීවත් වෙනව කියල.

ඇඩ්සෙන්ස් ලගෙ හැටියි නීති රීති හෙම දැන ගත්තට පස්සෙ මට ඇඬුනා. හපොයි. අයෙත් අර හිටපු එකාම උනා. ඒත් කමක් නෑ. මම මාසෙකට 50 000 ක් හොයනව කියල මම කැෆෙ වලට රින්ගල මගෙ ඇඩ්ස් ක්ලික් කර ගත්තා , එලකිරි වෙබ් අඩවියෙ තොග පිටින් ස්පෑම් කලා , මගෙ ෆෝන් එකෙන් ගිහින් ක්ලික් කලා , යාලුවන්ට කරන්න කිව්ව. ඔහොම 15 $ හොයා ගතතා.

ඒත් එක දවසක් බලනකොට මගෙ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකයි , මගෙ ඊ මේල් ඇඩ්‍රස් එකයි , බ්ලොග්ස් ටිකයි , ගූගල් සයිට් ටිකයි අනතුරු හැඟවීමක් නැතිවම බෑන් කරලා..

ඒත් කාලෙකට පස්සෙ මම ආයෙත් බ්ලොග්ස් ගැහුව , ඇඩ්‍රස් හදා ගත්තා. ඇඩ්සෙන්ස් ගිනුමකුත් හදා ගත්තා. ( මේ පාර හැදුවෙ අම්මගෙ නමින් , වෙන ගෙදරක ඇඩ්‍රස් එකට ). මම සාමාන්‍යෙන් ඔය කචල් යන්න පුලුවන් ගිනුම් කවදාවත් මගෙ නමින් හදන්නෙ නෑ.

ඔන්න දැන් නම් මම සදාරනව සල්ලි හොයනව. ඔව් , දැන් මාස හයකටම ම මම 11 $ ම හොයල තියෙනව. ඕක කෑශ් අවුට් කරල මම හමර් එකක් අරන් කොලඹින් ගේකුත් ගන්න ඉන්නෙ. නොදකින් විතරක් !

මම ගිය මාසෙ මට ආපු ගාන බැලුවම 0.96 $. ඒ ක්ලික්ස් 61 කට. අහෝ. එකකට 0.01 ටත් අඩුවෙන්.

මට එපා උනා. දැන් මම ඇඩ්සෙන්ස් කරන්නෙ නෑ. එලකිරි එකෙ GTRZ අය්යයි , බයිස්කොප් සින්හලෙන් වෙබ් අඩවිය කරන පොතෙ ගුරා අය්යයි වගෙ මාත් ඇඩ්ස් නොදා රෙස්පෙක්ට් පිට සය්ට් කරනවා.දැන් ඉතින් එහෙමවත් හිතල හිත හදා ගන්නවා. මේව ඇවිල්ලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.අපි ඔව්ට නැමෙන්නෙ මොකටද ?

හෙන ගහපියව් ඇඩ්සෙන්ස් යක්කුන්ට............
5 Blog.Dilshan.me: June 2009 ඉන්ටනෙට් මනි , මොන බොරුවක්ද ? කොහොමද විජය පරිගනක පත්තරෙ හෙම යන්නෙ , හප්පා , මාසෙකට රුපියල් 30 000 කට වඩා සොයන්න , උන්ගෙ කෝස් එක කරන්න ලු. මො...

ඡායාරූප එකතුව

පාසල් මතකයන්..


ඔය කන්නාඩි දෙකක් දාගෙන , කොන්ඩෙට හෙන ගහපු එකා තමා මම... ( ලොකු කරල බලන්න )

උඩ තියෙන ෆොටො එකම තමා , හැබැයි මෙතන පොඩ්ඩක් මෝල් වෙලා... ( ලොකු කරල බලන්න )

දකුනු පැත්තෙ කොනට වෙන්න , ඇඟිලි දෙකකට මොනවද වෙලා දික් කරගෙන , ශර්ට් එක උඩින් දාගෙන ඉන්නෙ මම තමා..... ( ලොකු කරල බලන්න )

ටිකක මොන්ගල් වගෙ එකෙ ඉන්නව නෙද ? ශුවර් එකටම ඒ මම තමා.... ( ලොකු කරල බලන්න )

බීල වගෙ ඉන්නෙ මම , දකුනු පැත්තෙ ඉඳන් දෙවෙනියා , කවුරු හරි පින්වතෙක් ඉන්නවානම් ෆොටොශොප් දන්න , මට මේ පින්තූරෙ බලන්න පුලුවන් විදිහකට හදලා දෙන්න.. ලොකු පිනක් ( ලොකු කරල බලන්න )



වෙනත් මතක

ඔය උස එකා තමා මම , ඒක ඉතින් පේනවනෙ ! අනික තමා මාරයා , මට කරන තරමක් කෙලවන එකා , මගෙ මල්ලි . ( ඒ යකා තරම් මම සුදු නෑනෙ ! ශික් ! ) ( ලොකු කරල බලන්න )

මේ ඉන්නෙ මායි , තාත්තයි , අම්මයි , හෙනහුරයි ! ( ඔය පිටිපස්සෙ තියෙන්නෙ අපේ ගේ හෙම නෙමෙයි ඕන් ! ) ( ලොකු කරල බලන්න )



තව පින්තූර ටොන් ගානක් එකතු වීමට ඇත.....................



මේක මම පවර් පොයින්ට් වලින් එහෙම හදපු එකක් නෙමෙයි ඕන්... මේක ඇවිල්ල මට ඇමරිකානු රහස් පොලිසියෙන් දීපු එකක්.. වැල බලන උන් අල්ලන්න. මම මේකෙ පිරින්ට් අවුට් එකක් හෙම අරන් මගෙ පසුම්බියේ හෙමත් දාගෙන තමා ඉන්නෙ ඕන්..

5 Blog.Dilshan.me: June 2009 පාසල් මතකයන්.. ඔය කන්නාඩි දෙකක් දාගෙන , කොන්ඩෙට හෙන ගහපු එකා තමා මම... ( ලොකු කරල බලන්න ) උඩ තියෙන ෆොටො එකම තමා , හැබැයි මෙතන පොඩ්...

වහලෙට බඩු

අපෙ පාරට වඩා ස්පෙශල් දෙයක් තියෙනව ඒ අපෙ ගෙදර වහලෙ. අපෙ ගෙදර වටෙම ගස්. ජුරාසික් පාක් වගෙ තමා. වැල් එල්ලෙනෙව , කුරුල්ලො කෑ ගහනව. ඕකෙ තියෙන හොඳෙ තමා හෙවන වැටෙන එක. හැබැයි ආතල් වැඩෙ තමා වහලෙට බෝම්බ ගහනවා වගෙ අඹ ගෙඩි වැටෙන කොට. නින්ද යනව ආතල් එකට. කියල වැඩක් නෑ.

ඩයලොග් ටීවී එක ගන්න කලින් අපිට තිබ්බ එක්දාස් අටසිය බර ගනන් වල සැටලය්ට් එකක්. හෙන සයිස්. අඩි 6 ක් විතර ඇති ඒක. ගෙනාව කියල මෙලෝ වැඩක් උනෙ නෑ. ගස් වල අතු නිසා චැනල් එන්නෙ නෑ. මට මතකයි ඕක ටෙස්ට් කරන්න අපි ඕක එහා ගෙදර ගිහින් ඇටෙව්වා. එච්චරම තමා. ගස් වල අතු කැපුවෙත් නෑ , පරන යකඩ වලට විකිනුවෙත් නෑ. ඕන් තාම ඒක වහලෙ උඩ. ඩයලොග් ටීවී එක නම් හයි කරන සෙට් එක ගේ වටෙම ඒක උස්සගෙන ගිහින් ගස් අඩුම තැන ගහුවා. හපොය්.
උන්ට ජීවිතෙ එපා වෙලා. උන් ඩයලොග් රස්සාවෙන් අස් වෙන්න ඇති. ශුවර්.

දැන් මේකයි වඩෙ. ඔය ගල් අඹයක් ඒයෙ හෙන ගහන්න වගෙ වහලෙට වැටුන. මගෙ කාමරෙ උඩට තමා. ඒත් ඉතින් මහ ලොකු අව්ලක් නෑ. මොකද ඉතින් ඕක සාමාන්‍ය දෙයක් නෙ. ඒයෙ ඒ මදිවට වැස්ස. මෙන්න බොලෙ උදෙ බලනකොට උලු කැටයක් කැඩිල සිවිලිමත් තෙමාගෙන වතුර වැටිල.

සීන් එක මේකයි. උලු කැටයක් බිඳුනයි කියමුකො. දැන් ඕක මගෙ කාමරේම , මගෙ මේසෙ උඩින්ම , මගෙ අසරන පෙන් ඩ්‍රයිව් එකටම වැටෙන්න ඕනිද ? නෑ , මම අහන්නෙ අපෙ මලයව තෙමෙන්න තිබ්බ , අම්මගෙ අල්මාරිය උඩට වටෙන්න තිබුන , අපෙ පූසගෙ ඔලුවට වැටෙන්න තිබ්බ. ඒත් ඒ කොහාටවත් නැතුව වැටුනෙ මගෙ මේසෙ උඩටමයි , එකෙත් පෙන් එක උඩට. මොන තරම් ගිය ආත්මෙ පව් කරල ඇත්ද මටම මෙහෙම වෙන්න ?



මගෙ තොප්පියය් , පොත් දෙක තුනකුයි ත් නාලා. ඒකට නම් කමක් නෑ. කරන්න දෙයක් නැති නිසා පෙන් එක ගිහින් ෆෑන් එකෙ ගහුව. ෆෑන් එකෙ ඩුස්ට් එක නවත්වන්න තියෙන කවර් එකෙ හල් අස්සෙන් ගහල තිබ්බ. අව්ලක් නෑ. අයෙ වැඩ. ඔය ගොල්ලොත් පෙන් ගන්නව නම් ඉමේශන් පෙන් ගන්න. දැක්කනෙ , ගඟෙ දලා හෝදල ගත්තත් වැඩ.

දැන් ඉතින් වහලෙ හදන්නත් වෙලා. මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් තාත්තට කිව්වම ගහ බැරි නම් අතු වත් කපන්න කියල ඒත් බෑලු. දැන් ඉතින් වහලෙ හදනකම් බාල්දිවල පිහිට තමා.
5 Blog.Dilshan.me: June 2009 අපෙ පාරට වඩා ස්පෙශල් දෙයක් තියෙනව ඒ අපෙ ගෙදර වහලෙ. අපෙ ගෙදර වටෙම ගස්. ජුරාසික් පාක් වගෙ තමා. වැල් එල්ලෙනෙව , කුරුල්ලො කෑ ගහනව. ඕකෙ තියෙන හොඳ...

5 Blog.Dilshan.me: June 2009

Sunday, June 14, 2009

කෙමස්ට්‍රි

රසායන විද්‍යාව මට ඇලජික්. සමහර විට ගිය ආත්මෙ මම මැරෙන්න අත්තෙ රසායනික පරීක්ශනයක් කර කර ඉන්න කොට වෙන්න ඇති. මම ගෙදරින් පන්නනවට තමා රසායන විද්‍යාව පන්ති යන්නෙ. අයෙ ඉතින් දෙකක් නෑ A\L රසායන විද්‍යාව නම් ෆේල්. මම ඉතින් එන ඕනි දෙයක් බාර ගන්න එකා නිසා අව්ලක් නෑ.

අපෙ සර් ගෙ වයර් මාරු වෙලා. අඟහරුවාදා හවස තිබබ පන්තිය දැන් තියෙන්නෙ රෑ. රෑ 8 ට තමා පන්ති ඉවර වෙන්නෙ.හපොයි.

අද පන්ති පටන් ගන්න කලින් වෙන පන්ති ටිකක් තිබ්බ. වෙනදා වගෙම මාය් , මගෙ සෙවලෙයො සෙට් එකයි නන්ගිල පන්ති ඇරිලා යනව බලා ගෙන හිටියා.

වැඩෙ කියන්න නන්ගිල යනකොට අපෙ සෙවලයො හැම එකාගෙම ෆෝන් එලියෙ. කට්ටිය කෝල් ගන්නව , තව අය බොරුවට ඔබනව. රටෙ නැති වැඩ. මගෙ වාහන වලට අඩ තියන්න සහ අඹ කඩන්න විතරක් ගන්න තියෙන ෆොන් එක නම් ඉතින් සාක්කුවෙ. කොහොම උනත් මම ඔය වගෙ දෙකය් පනහට වැටෙන්නෙ නෑ.

අද කොලු කාරයෙකුත් පන්ති ඇවිත්. අපි ඉවරයි. මම ඇඳගෙන ගිය ශර්ට් එක මහ මොනගල් එකක්.එකෙ උඩ ඉඳන් පල්ලෙහටම සිප් එකක් තියෙනවා. ඇරියොත් බඩු. මම සාමාන්‍යෙන් බැනියම් අඳින්නෙ නෑ. මහ වදයක්නෙ. මේන්න මූ ඔක්කොම ඉස්සරහ එක පාට්ටම සිප් එක ඇරිය. බොඩිය එලියෙ. ඔන්න ෆිට් ඇඟක් වත් තිබ්බ නම් කමක් නෑ. මගෙ ඇට කටු ඔක්කොම එලියෙ. හය්යෝ.... වස ලැජජාව


හප්පෝ ඒ මදිවට පන්තියත් වෙනදා වගෙම මට එපා උනා. වෙනදා කරනව වගෙම මම ෆිල්ම් එකක් ගැන හිතන්න පටන් ගත්ත. මම රසායන විද්‍යාව පන්ති යනකොට තෙමා ගත්ත ලේන්සුවක් අරගෙන යන්නෙ. නිදිමත එනකොට පිහිදා ගන්නව.

අපෙ සර් හිතා ගෙන ඉන්නෙ මෑන්ස් මහාචාර්‍ය කෙනෙක් කියල. වැඩෙ කියන්නෙ මූ කෙලින්ම කියනව ඌ මහාචාර්ය කෙනෙක් වගෙ තමා කියල. උට පිස්සු. පව්.

වැඩෙ කියන්නෙ මට වෙන රසායන විද්‍යාව පන්ති අල්ලන්නෙත් නෑ. එකකට ගියා. ඌ මහ මල යකෙක්. උට හිනා යන්නෙත් නෑ.මට හිනා වෙන්නෙ නැති මිනිස්සු අල්ලන්නෙ නෑ. ඌ හිනා වෙන්නෙ කන කහනකොට විතරයි. මිනිහ අපිට හිනා කතා කියනව , හැබැය් ඒවට අපිට හිනා යන්නෙ නම් නෑ.මට එක දවසින්ම ඒ පන්තිය එපා උනා.

මට නම් හිතෙන්නෙ රසායන විද්‍යාව උගන්වන හැම එකාටම පිස්සු.

5 Blog.Dilshan.me: June 2009 රසායන විද්‍යාව මට ඇලජික්. සමහර විට ගිය ආත්මෙ මම මැරෙන්න අත්තෙ රසායනික පරීක්ශනයක් කර කර ඉන්න කොට වෙන්න ඇති. මම ගෙදරින් පන්නනවට තමා රසායන විද්...

Saturday, June 13, 2009

බාර් එක්සසයිස්

කොල්ල ඇටකෝට්ටා උනාට ජිම් එකට නම් යනවා. මම හිතන්නෙ ජිම් එකට එන කෙට්ටුම පොර තමා මම. අපෙ ජිම් එක ඇවිල්ල අපෙ පාර වගෙ ස්පෙශල් ම එකක්. ජිම් එකෙ ශෙඩියුල් දෙන්නෙ ඒ ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැති එකෙක්. ඌ ශෙඩියුල් දෙන්නෙ ඉන්ටර්නෙට් එකෙන් බලලලු. අපෙ ශරීර කූඩු වලට බුදු සරණයි.

අපෙ ජිම් එක සපොර්ට් දෙන්න එකෙක් ලේසියෙන් නෑ. අලුත් එකෙක් ආවත් දවසයි දෙකයි ඉන්නෙ අයෙ යනවා. ඒ නිසා අපෙ සපොර්ට් අපිම සලස ගන්න ඕනි. බර දාන පඩියක් 10 Kg නම් , ඒවල මලකඩ එකතු උනාම 11 Kg විතර එනවා.... පට්ට ! මොනව නැතත් ගානට මාසයක් ගානෙ සල්ලි නම් ගන්නවා.

මම නම් ඉතින් උස්සන වැඩිම බර 15 Kg ! ( බාර් එක 10 Kg බරයි , එතකොට 25 Kg නෙ ) ෆ්‍රන්ට් එකට 10 Kg ! බැක් එකට 6 Kg ! අනිත් ඒවටත් ඉතින් ඔය වගෙ පොඩි පොඩි වෙයිට්ස් තමා දාන්නෙ. ජිම් එකට එන අය සපොටර් කියල තියෙන වෙනම අන්ඩර්වෙයා එකක් ගහන්න ඕනිලු ! ඒත් මම නම් දාන්නෙ නෑ. ඔව කඩෙන් ඉල්ලන්නෙ කොහොමද ? හම්මො... කඩෙට ගිහින් , "මට සපොර්ටර් ජන්ගියක් දෙනවද ? " කියල අහන්නද ? කඩෙ ඉන්න කෙල්ලො ටික මගෙ අහයි , " මල්ලි , ඔයත් ජිම් එකට යනවද ? මොකක්ද ඔය සාර්ථක ශරීරයෙ රහස" කියල. අඩු ගානෙ කිව්වෙ නැතත් හිතෙන හරි හිතයි නෙ , මේ වගෙ ඇටකොට්ටොත් ජිම් යනවද කියල !

අපෙ කොල්ලො නම් ජිම් එකෙ අයිති කාරයගෙ නෝනට ලයින්. පිස්සු යක්කු. මට නම් එයාව අල්ලන්නෙ නෑ. ආ තව එකක්. එහා පත්තෙ තියෙන ගෙදර ඉන්නවලු මාර කෑල්ලක්. තාම දක්කින බැරි උනානෙ. චික් !

කොහොම හරි මෙන්න තියෙන මම බාර් එක්සසයිස් කරන වීඩියො එකක්. ඕක රෙකෝඩ් කලෙ මගෙ ෆොන් කට්ටෙන්. මගෙ ෆොන් එකත් අයෙ ඇවිල්ල ස්පෙශල් ම එකක්. ඒක අඹ කඩන්න , බල්ලො පන්නන්න , වාහනෙකට අඩයක් තියන්න හෙමත් පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වැඩක් නෑ. බලන්නකො වීඩියො එක.





මේ වීඩීයෝ එක බලල ඉවර වෙලා පල්ලෙහා ටික කියවන්න...

ජිම් වලට යන පොරවල් ඉන්නව නම් දන්නව ඇතිනෙ ඔය වැඩෙ කොයි තරම් අමාරුද කියල , යන්නෙ නැති අයට නම් හිතෙනව ඇති , හපො , ඔය මොකක්ද කියල. ඒත් ඕක හිතනවට වඩා පටට අමාරුයි.

දන්නව වැඩක්. මට ඕකෙ එකක් වත් ගහන්න බෑ. වීඩියො එකෙ අව්ලක් දැක්කෙ නැද්ද ? මගෙ කකුල් දෙක කෝ ? හහ් හහ් හා...........

මම බන්කුවක් උඩ හිටගෙන ගහන්නෙ.................
5 Blog.Dilshan.me: June 2009 කොල්ල ඇටකෝට්ටා උනාට ජිම් එකට නම් යනවා. මම හිතන්නෙ ජිම් එකට එන කෙට්ටුම පොර තමා මම. අපෙ ජිම් එක ඇවිල්ල අපෙ පාර වගෙ ස්පෙශල් ම එකක්. ජිම් එකෙ ශෙ...

ලියන්නගෙ පන්තිය

වෙනද වගෙම තමා..... ඉන්ටවල් එක දෙනකම් ආතල් ! දුන්නට පස්සෙ කචල්. අද පන්ති පටන් ගන්න විනාඩි 40 ක් විතර තියල පන්ති ගියෙ ! ඉගෙන ගන්න ආසාවකට නම් නෙමෙයි. ගිය සතියෙ මම ලයින් කරන කෙල්ල දැක්ක ! ශික් ! ගිහින් අව්වෙ වේලි වේලි හිටිය අදත් දකින්න කියල. ශික් ! අද ආවෙ නෑනෙ !

මම ඉතින් මොනව හරි කරන්න හැදුවොත් ඔහොම්ම තමා.......

අද හැබැය් පන්තියෙ මට ඈනුම් මහ ගොඩක් ගියා. අද තිබ්බෙ ත්‍රිකෝණමිතියයි වර්ගජ සමීකරණයි. ! මට නම් මෙලෝ දෙයක් තේරුනෙ නෑ. අනිතිමට මට එපා උනා. කරන්න වැඩකුත් නෑ. අන්තිමට මම ඇමෙරිකන් පයි ෆිල්ම් එක මතක් කරන්න පටන් ගත්ත. මම ආතල් පාටියක ඉන්න හැටි. දැන් ඉතින් කෙල්ලෙකුට් ඕනි නෙ. බැලුව පන්තියෙ ඉන්න කෙල්ලො ටික දිහා. ඕකෙ ඉන්නව මහ අමුතු ගතියක් තියෙන කෑල්ලක්. හිතෙන් කපල ගත්ත එයාගෙ ඔලුව. ගහ ගත්ත අමෙරිකන් පයි එකට. දැන් අපි දෙන්න පාටි එකෙ. ශැම්පේන් බිබී නටනවා...... ආතල් තමා... ( තව බොහෝ දේ සිතුනත් ඒවා මෙතන ලියන්න බෑ. පොඩි අයත් මේක කියෝනවනෙ.. )


ඇමෙරිකන් පයි එපා උනෙ සර් කාරය ගනන් ටිකක් හදන්න දුන්නට පස්සෙ. මෙන්න තියෙනව එක ගානක්.

"px2+4x-3=0 හි P , 0 අසමාන වූ සහ P , |R හි අවයවයක් වේ. මෙහි මූල දෙක ත්වාත්වික හා ප්‍රභින්න වේ නම් P හි අගය පරාසය සොයන්න."

හයියො.... බාගයක් ම තේරෙන්නෙත් නෑ , මොකද O\L පොර වගෙ ඉන්ග්ලිශ් මීඩියම් වලින් කලානෙ. දැන් තමා තේරෙන්නෙ කර ගත්ත මෝඩ කම්. හපොයි.


ගනන් ටිකත් එහා පැත්තෙ එකාගෙ කොපි කරල හදා ගත්ත. මම එහා පැත්තට පොරක් දාගෙන ඉන්නෙ. ඌ ඔක්කොම හදනව. මට තියෙන්නෙ ඒ ටික ලියාගන්න එක.

ඉන්ටවල් එකෙදි කඩෙන් කෑම කාපු එකෙක් ව අම්බානට බයකලා. අපෙ පත්තෙ සෙන්ගමාලෙ හැදිල ඉස්කොලෙ සෙට් එකකට. මම අරුට කිව්ව "අඩො බීම එකක් බීපන් , මෙහෙ කවුරුවත් ඔව කන්නෙ නෑ කියල." ඌ මෙහෙ එකෙක් නෙමෙය්. ඌ හොඳම බය උනා. ගල් මෝඩයෙක්. අන්තිමට මම උට කිව්ව බය නැතුව කාපන් , දැන් සෙන්ගමාලෙ නෑ කියල. පව් ඒ යකා.

කොහොම හරි ඉතින් ඉතුරු වෙලාවෙත් ෆිල්ම් එක හදල බලල ගෙදර ආව.ආවෙ තව කොල්ලෙක් එක්ක. මම බලෙන් ඒ යකාව ගෙන්න ගත්තෙ ෆිල්ම් එකක් දෙන්නම් කියල. මට ඕනි උනෙ මෑන්ස්ව ගෙදෙට්ට ගිහින් දාන්න කියල බයික් එකෙ රව්මක් ගහල එන්න.

බොහොම අමාරුවෙන් අවසර අරන් ඔන්න අපි දැන් යනව. මම යන හැටි හිතා ගන්නකො. මෙන්න බොලෙ යනකොට යාලුවගෙ තාත්තා කාර් එකක එනව. හත්තිලව්වයි. මම නම් ඌව ගෙදර දාල ආව. උගෙ තාත්ත ගෙදර ආවම බනින්න අති පලු යන්න. හෙට තමා දැන ගන්න පුලුව්න් වෙන්නෙ.

මෑන්ස් ගෙ තාත්තා මම ගිය හැටි අපෙ තාත්තට හෙම කිව්වොත් මම අයෙ බයික් පැදල ඉවරයි. අනෙ කියන්න නම් එපා..................................................

5 Blog.Dilshan.me: June 2009 වෙනද වගෙම තමා..... ඉන්ටවල් එක දෙනකම් ආතල් ! දුන්නට පස්සෙ කචල්. අද පන්ති පටන් ගන්න විනාඩි 40 ක් විතර තියල පන්ති ගියෙ ! ඉගෙන ගන්න ආසාවකට නම් න...

Friday, June 12, 2009

ඩිස්කවර් එකෙන් රයිඩ්

ඔන්න ඉතින් මම ඉස්සෙල්ල කිව්ව වගෙ පදින්න පුරුදු උනා.. දැන් ඉතින් මට පොඩි රවුමක් ගහන්න ඕනි උනා. මම ඉස්සෙල්ල කියපු අය්ය , මට උගන්වන්න ආපු , අන්න එයාවත් දාගෙන ඕන් මම දැන් යනව. ( ඌව දාගෙන ගියාට මට තෑගි දෙන්න ඕනි. මෑන්ස් අලියෙක්ට වඩා බරයි. )

අපෙ පාර අයෙ ස්පෙශල් පාරක්. අයෙ ඉතින් ඇමෙරිකාවෙ වත් නැතුව ඇති මේ වගෙ පාරක්. අඩි දෙකෙන් දෙකට වලවල්. ඒ වලවල් වල මාලු දාල තියන්නත් පුලුවන්. තඩි වලවල්.

මම කරපු දේ , මේක රේසින් ට්‍රැක් එකක් කියල හිතා ගත්ත එක. ඒ පාරෙ අලියෙකුත් පිටිපස්සෙ දාගෙන ඔන්න මම යනවා...

එක තැනක තියෙනව පරාක්‍රම සමුද්‍රෙ වගෙ වලක්. අයෙ ඉතින් ආතල් තමා. අඩි 3 ක් විතර දිග ඇති. ( මහින්ද අන්කල් අපෙ පාරෙ වලවල් ටික වහන්න කලින් , ලී මෝලට යන ට්‍රක් ටික නවත් වන්න ඕනි. ඒකය් මේ ටරම් වලවල් හැදෙන්නෙ ) ඕකෙ මැදදි මට බැලන්ස් නැතුව ගියා. මොනව කරන්නද ඉතින් , වලෙ කකුල තිබ්බ. පිටිපස්සෙ හිටපු එකාට ජීවිතෙ එපා වෙලා. අයෙ මට බය්ක් පදින හැටි උගන් වන්න නම් එන්නෙ නෑ කියල මිනිහ දිවුර ගන්න ඇති.

ඔන්න දැන් ඉතින් ආයෙ ඔහොම යනවා...

මම එපා කරපු ශෝටක් ගහල තිබ්බෙ , ඔන්න මට නිකන් දැනෙනව දැනෙනව වගෙ A\C එකක් කලිසම ඇතුලෙ වැඩ කරනව වගෙ. මමත් ඉතින් ගනන් ගන්නෙ නැතුව දිගටම ගියා.

ඔන්න එක තැනකට ඇවිත් අපි හරවල මාරු උනා. මෙන්න බොලෙ මම බහින කොට දැක්කෙ මගෙ කලිසම ඉරිල. ඇතුලෙ තිබ්බ අන්ග උපාන්ග එලියෙ. හපොයි. එහා පැත්තෙ ගෙදර ගෑනු ලමයි දෙන්නෙක් බෝල ගහන්වා. අය්යො.... උනුත් දැක්ක. මගෙ හෙල්මට් එකෙ මූන වැහිලත් නෑ. අහෝ. අර කෙල්ලො දෙන්න ටක් ගාල ගේ අස්සට ගියා.

අය්යො... මොනව කරන්නද ඉතින් , කලිසම ගලෝල මුන වහ ගන්න තමා තිබ්බෙ. ශික්.

අයෙ හැරිල ගෙදර ආව. ඔන්න අයෙ අහුවෙනව අර පරාක්‍රම සමුඩ්‍රය. මේ පාර මම පිටිපස්සෙ. අය්ය කාරයා ඇරල දැම්ම ඌව මඩ නාවපු එකට. මාත් ඉතින් ඇඬිල ගෙදර ආව.....

හපොයි..... මෙන්න මගෙ අවවාදය. ශෝට් ගහගෙන බය්ක් පදින්න පුරුදු වෙන්න නම් එපා.

5 Blog.Dilshan.me: June 2009 ඔන්න ඉතින් මම ඉස්සෙල්ල කිව්ව වගෙ පදින්න පුරුදු උනා.. දැන් ඉතින් මට පොඩි රවුමක් ගහන්න ඕනි උනා. මම ඉස්සෙල්ල කියපු අය්ය , මට උගන්වන්න ආපු , අන්...

ඩිස්කවර් එක

ඔන්න ඉතින් මම O\L පාස් උනාට ඩිස්කවර් එකක් හම්බ උනා.135 cc. අවුලක් නම් නෑ. ඒත් මම කිව්වෙ ෆ්ලේම් එකක් හරි පල්සර් එකක් හරි ඕනි කියල. කමක් නෑ ඉතින්. මොකෙ ගියත් වෙන්නෙ එකමනෙ කියල හිත හදා ගත්ත.


ඕන්න දැන් මේකයි සීන් එක. මට මෝටර් සයිකල් පදින්න බෑ. ඔන්න ඉතින් , කාලෙකට ඉස්සර මට චැලියක් හම්බ උනා. පැදල බලන්න. මමත් ඉටින් චුට්ට චුට්ට පැද්ද.ගෙදරින් එපා කියද්දි පැද්දෙ. ඔන්න දැන් පැදල ඉවර වෙලා බැස්ස. මට මතක් උනා , අපෙ තාතගෙ ඩ්‍රය්වර් එයගෙ මෝටර් සයිකල් එක රේස් කරන හැටි. මාත් පොර වගෙ රේස් කරන්න ඇක්සලේටර් එක අන්ශක 90 ක් ම අද්ද. මෙන්න බොලෙ මෙක මාවත් ඇදගෙන ගිහින් තාප්පෙ වැදුන.අම්මප ඇත්ත. ( මම පස්සෙ දැන ගත්තෙ එක කරන්නෙ ක්ලච් එක අල්ලල කියලය් , චැලියෙ ඕව බෑ කියලයි ) මම හිතුව ඉවරම තමා කියල.

අම්මට සිරි , මට මතකයි මුරට හිටිය ඈයො දෙන්න මාව උස්සනව... මම ඉස්සෙල්ලාම බැලුවෙ මගෙ අත් දෙක කැඩිලද කියල. කොහොම හරි ඉතින් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් තුවාල වලට බෙහෙත් දාගන්නත් උනා.

ඒට පස්සෙ මදුරුවෙක් එහෙම පැද්දා. ( අර "බ්‍රා" ගාගෙන යන්නෙ. )

කොහොම කොහොම හරි ඕන් දැන් මම ඩිස්කවර් එක නැග්ග. අපෙ අය්ය කෙනෙක්ටත් එන්න කිව්ව මට උගන් වන්න. අව්ලක් නෑ. ශේප් එකෙ පලවෙනි ගියර් එකෙ ගියා 400m විතර. කොල්ලට එක පාරටම හරවන්න බෑ නෙ. ඉතින් නවත් වල හැරෙව්ව. ඔන්න දැන් මම සෙල්ෆ් ස්ටාට් බොත්තම ඔබනව ඔබනව හරි යන්නෙ නෑ.මල කෙලියයි. මට එපා උනා. මේ අතරෙ කෑලි සෙට් එකකුත් යනව මට හිනා වෙවී. හපොයි.

බැලුව , බැලුව හරියන්නෙ නෑ. මොනව කරන්නද ? තල්ලු කරගෙන ආයෙ ගෙදර ආව. මෙන්න මට ආවට පස්සෙ කට්ටිය කියනව , ස්ටාට් කරන්න ක්ලච් එක අල්ලගන්න ඕනිලු. මෙහෙමත් යක්කු.මුන් ටික මේක ප්ලෑන් කරලද කොහෙද කරල තියෙන්නෙ.

කොහොම කොහොම හරි පැය 3 ක් විතර චාටර් කාලා වැඩෙ හරි ගියා. ඔය පැය තුන ඇතුලතත් රසවත් වැඩ ටිකක් උනා. ඒ ටික මම පස්සෙ කියන්නම්.....

ප.ලි - දැන් කොල්ලා FZ එකකින් ඔය කරන ඔක්කොම කටු ආයෙ කනව ඕන්..ඒ කතාත් කියන්නම්කො [2009 පෝස්ට් එක 2011 දි එඩිට් කරන ලදී]
5 Blog.Dilshan.me: June 2009 ඔන්න ඉතින් මම O\L පාස් උනාට ඩිස්කවර් එකක් හම්බ උනා.135 cc. අවුලක් නම් නෑ. ඒත් මම කිව්වෙ ෆ්ලේම් එකක් හරි පල්සර් එකක් හරි ඕනි කියල. කමක් නෑ ඉත...

එක්ස් මෙන් - වුල්වරින් ගේම් එක

අම්මෝ... පිස්සු හැදෙනකම් ගහපු ගේම් එකක් තමා එක්ස් මෙන් - වුල්වරින් ගේම් එක ! ගහනව ගහනව , ඉවරයක් නෑ. හැබැයි ඉතින් ඒ ගේම් එකෙ ආතල් එකකුත් තිබ්බ.මොකද ඒකෙ පිස්සු හැදෙන ඇක්ශන් ටිකක් දාන්න පුලුවන්...



ගේම් එක හදන අයගෙ අම්මල තාත්තල අඩුවෙන්ම මතක් උන ගේම් එකක් තමා එක්ස් මෙන් - වුල්වරින් ගේම් එක. ජි-ටි-ඒ 4 එහෙම ගහන කොට හදපු අයගෙ පරම් පරාවම මතක් වෙනවනෙ , මෙන්න එහෙම වෙන්න එක හේතුවක් , මැරිල මැරිල බොහොම අමාරුවෙන් කාර් රේස් එකක පලවෙනියට යනකොට කොහෙවත් ඉඳන් එන මල යකෙක් ඇනගෙන යනව , ඉස්සරහ දිනුම් කනුව පෙනි පෙනි තියෙන කොට...... හය්යෝ!

ඒ අතින් එක්ස් මෙන් - වුල්වරින් ගේම් එක හොන්දයි , ඔන්න ඉතින් කොහොම හරි ඒයෙ තමා අනිතිම ගේම තිබ්බෙ. එක්ස් මෙන් ලගෙ ඔක්කොම පවර්ස් තියෙන එකෙක් එක්ක ගහ ගන්න එක. ඔන්න ඉතින් කොහොම හරි මැරි මැරී ගහුවය කියමුකො , විනාඩි 15 කින් විතර. ඔන්න ඉතින් හතුරගෙ ලය්ෆ් මීටරෙත් ඉවරයි.


මෙන්න බොලෙ එක පාට්ටම ඒක පිරිල අයෙ පටන් ගත්ත.... මට නෙද ? අම්මියො.... දැන් හතුරට එක්ස්ට්‍ර පවර්ස් ඇවිත්.... පොඩි තීරුවක වැටෙන්නෙ නැතුව ගහ ගන්න ඕනි , ඒ මැදිවට දැන් ඒ ටිබ්බ තීරුවත් කැඩෙනව. කොහොම කොහොම හරි පැයක් විතර උත්සාහ කරල ඉවර කලා... අනෙ , හතුරෙක්ටවත් ඔය වගෙ මිශන් නම් හම්බවෙන්න එපා.....

5 Blog.Dilshan.me: June 2009 අම්මෝ... පිස්සු හැදෙනකම් ගහපු ගේම් එකක් තමා එක්ස් මෙන් - වුල්වරින් ගේම් එක ! ගහනව ගහනව , ඉවරයක් නෑ. හැබැයි ඉතින් ඒ ගේම් එකෙ ආතල් එකකුත් තිබ...

ඔන්න මමත්

ඔන්න අද ඉඳන් මමත් ලියනව ඩිජිටල් දින පොතක්.... හහ් හහ් හා.... හැබයි ඉතින් ලියන්නෙ මොනවද කියල නම් දන්නෙ නෑ.

ඔන්න ඔහෙ ලියනවා.........

මගෙ එදිනෙදා ජීවිත කතාව තමා.....


5 Blog.Dilshan.me: June 2009 ඔන්න අද ඉඳන් මමත් ලියනව ඩිජිටල් දින පොතක්.... හහ් හහ් හා.... හැබයි ඉතින් ලියන්නෙ මොනවද කියල නම් දන්නෙ නෑ. ඔන්න ඔහෙ ලියනවා......... මගෙ ...
<