+ -

Pages

Thursday, July 30, 2009

කරාතේ පන්ති

ඕන් ඉතින් මම කියල ඇතිනෙ මගෙ යාලුවෙක් ඉන්නවා කියල , කලු පටි කාරයෙක්. මටත් ලඟදි හිතුනා කරාටි ඉගෙන ගත්තොත් පොර නේද කියල .. ( මම ජීවිතෙ ගතත ගොන්ම තීරන වලින් එකක් ). ඔක්කොටම කලින් ගෙදරින් අවසර ගන්නත් ඕනිනෙ , අමාරුම දේ අම්මගෙන් අවසර ගන්න එක. පුදුමෙකට වගෙ අම්මනම් කිව්ව , " ගිහින් පව් ටික ගෙවල එන්න " කියල. තාත්තා නම් ඉතින් හා කිව්වා.

ඕන් ඉතින් මායි , මගේ ඉස්සර O\L පන්තියෙ යාලුවො හතර දෙනෙකුයි ගියා ඔය කියන පන්තියට. තියෙන්නෙ මහ කැලේ පන්සලක. අපිත් ඉතින් ශැවොලින් පන්සලෙ යනව කියල හිතාගෙන ගියා. මේන් යනකොට ඉන්නවා පොරක් ත්‍රී වීල් එකක විට හප හප. මූ ලු සෙන්සෙයි ( කරාටි සෑර් ) ! මුන් ටික ගිහින් අත් දෙක දික් කරල "හෙයි" ගාල අමුතුම ඇඩ් එකක් උට දාල කියනව , මටත් කරන්නලු. මේ විට හපය සෙන්සෙයි කෙනෙක් නම් වෙන්න බෑ කියල මගෙ යටි හිත කිව්වත් ඉල්ලගෙන කන්න ඕනි නැති නිසා මාත් අරුන් කරපු වැඩෙම කොලා...

මේන් අරුන් ටික බඩ අල්ලගෙන හිනා වෙනවා , මූ සෙන්සෙයි නෙමෙයිලු... නොදකින් , මල චාටර් , මේ යකා නිල් පටි කාරයෙක් ( ඒ කියන්නෙ පොඩ්ඩක් විතර පොරක් ).


කොහොම හරි ටික වෙලාවක පස්සෙ මේන් අය්ය කෙනෙක් එනව කොර ගගහ , කස්ටිය කිව්ව ආන් සෙන්සෙයි එනව කියල. මේකත් ගැටයක් ද දන්නෙ නෑ නෙ , අරුන් ටික හෙයි ගාන කොට මම පොර වගෙ පුටුවක වාඩි වෙලා හිටියා , කොල්ලත් මන් දිහා අමුතු විහකට බලල ගියා , ඇත්තටම මිනිහලු සෙන්සෙයි. තව පොඩ්ඩෙන් අත පය ගලෝ ගන්න තමා වෙන්නෙ... මොකක් උනත් මිනිහ මාර විදිහට ඉවසනවලු , ඒකයි මම බේරුනෙ..

ඒ යකා කකුලෙ ඇනයක් ඇනගෙන , ඒකයි කොර ගහල තියෙන්නෙ . මිනිහට අමාරු නිසා මිනිහ අපෙ කලු පටි යාලුවට කිව්ව අද කට්ටියටම එක්සසයිස් කර වන්න කියල. මේ යකා එක දිගටම පැය එක හමාරක් විතර කලා. මම නම් දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිත හිත හිටියෙ.බතලයොත් කරනම් ගගහ , ඩිප් 20 - 30 ගගහ එක්සසයිස් කොරන අතරෙ මම දාන ශාලාවෙ කනු අල්ලගෙන , බඩා ගාගෙන දඟලනවා... මල චාටර්.. අන්තිමට සෙන්සෙයි මට උදව් කරන්න කියල පොඩි එව්වො දෙන්නෙක් ම දැම්ම.. අනිත් උන්ට මම එක්සසයිස් කරන හැටි බලල හිනා ගිහින් මැරෙන්න හදනවා , කට්ටිය මාල හපාගෙන හිනාව නවත්තගෙන ඉන්නවා.. හය්යෝ..... මේක ලියන කොටත් තාම මගෙ අත පය රිදෙනවා


එක්සසයිස් ටික කොලා විතරයි , ඒලඟට අලුත් ශොට් උගන්වන්න පටන් ගත්තා.... ඒකට අල්ල ගත්තෙත් මාවම තමා.... අපි අලුත් අය නිසා , පොඩි පොඩි ටිකක් තමා ඉගැන්වුවෙ. අන්තිමට කවෘ හරි කොන්ඩෙන් අල්ල ගත්තොත් උගෙ අත පය නොකඩා , තමනුත් නොකඩාගෙන බේරෙන්න විදිහක් කියල දුන්නා.... සෙන්සෙයි කිව්ව මේ වගෙ තැනකදි ඒක පාවිච්චි කරන්න කියලා...

ඕන් දැන අපි අපෙ යාලුවෙක් ගෙ කෑල්ලට ලියුමක් දෙන්න යනවා... එක පාට්ටම යාලුවගෙ කෑල්ලගෙ අය්ය පැනල , පැනපු ගමන් කොන්ඩෙන් අල්ලගෙන "අඩෝ , තෝ මගෙ නන්ගි පස්සෙන් එනව නේද? " කියල කෙලින්න යනව... යාලුවගෙ කෑල්ලගෙ අය්යට අත පය කැඩෙන්න ගැහුවොත් යාලුවගෙ මූන බලලත් ඉවරනෙ , ඒ වගෙ වෙලාවට ලොක් එකක් දාල ඒ යකාව බිමට හිර කරන ශොට් එකක් ලු... සෙන්සෙයිත් මාර පොරක් තමා...

කෑල්ලගෙ අය්ය වෙනුවට අසරන මාව තමා අල්ල ගත්තෙ... මට මින්හගෙ කොන්ඩෙන් අල්ලගන්න කිව්ව.. මම ඉතින් ඉතිපිසෝ ගාතාව කිය කිය ඇල්ලුව... හිතන්නත් කලින් මූ දඩ බිඩි ගාලා ලොක් එක දාල මාව බිම දාගෙන අතින් අදිනවා... මගේ පාප මිත්තරයො ටික හරියට දැක්කෙ නෑලු... අනෙ අසරන මම... අයෙත් මාව හෙන ගැහුව වගෙ බිම දැම්ම.... හය්යෝ... කරාටි නෙමෙයි ජීවිතෙත් එපා උනා... ඒට පස්සෙ එකා එකා දාල ට්‍රේන් වෙන්න කිව්ව... අන්තිමට ගුටි කාලා , බිම වැටිලා , චාටර කාලා , රුපියල් 500 කුත් නිකන් දීලා ගෙදර ඇවිත් දැන් බාම් ගාගෙන දුක් විඳිනවා

මේන්න මගේ අවවාදය , තමන්ගෙ යාලුවො සෙට් එකක් එක්ක කවදාවත් කරාටි පන්ති නම් යන්න එපා ! අනික තමා , එක වසරෙ එකෙක් හරි කමක් නෑ , ඌ කරාටි කාරයෙක් නම් , උනුත් එක්ක හැප්පෙන්න එපා , නැත්නම් අත්‍යාවශ්‍ය ප්‍රදෙශ තලා ගන්න තමා වෙන්නෙ !


5 Blog.Dilshan.me: July 2009 ඕන් ඉතින් මම කියල ඇතිනෙ මගෙ යාලුවෙක් ඉන්නවා කියල , කලු පටි කාරයෙක්. මටත් ලඟදි හිතුනා කරාටි ඉගෙන ගත්තොත් පොර නේද කියල .. ( මම ජීවිතෙ ගතත ගොන්...

Thursday, July 23, 2009

වැලන්ටයින් ගේ ගෙදර යෑම

වැලන්ටයින් කියන්නෙ මගෙ අතිජාතම මිත්තරයා , එලකිරි යූ.නේම් එක "ජී.සී.ජේ" . "උපන්දා සිට මොන්ගලයෝ" සන්ගමයෙ ප්‍රධානම සාමාජිකයෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් තමා අපි. අනිකා තමා ජාකෝලිස්. සන්ගමයෙ ඉන්නෙත් අපි තුන් දෙනා විතරයි. දැන් නම් ඉතින් අපි සා.පෙ. ලියලා අරූ කොමර්ස් කරන්නෙ. ඒත් ඉතින් අපි අම්ම ඇවිත් ෆෝන් එකෙ වයර් එක ගලෝනකම්ම පච කියවනව....

මේ යකා අමුතු ජාතියෙ එකෙක්. කවුරු හරි උගෙ ගෙදර එන්න ඇහුවම කෙලින්ම කියනව ,"එපා , එන්න එපා" කියල. මූනටම කියනව. මට උනත් එහෙමයි. ඇයි කියල අහුවම මූ කියනව මම උගෙ ගෙදර ගිහින් සාලෙ වාඩි උනාම කියයිලු , "මචෝ , මොකද මේ අපි ගැරජ් එකෙ ඉන්නෙ ? යමුකො ගේ ඇතුලට ! " කියල .
අවුරුදු ගානක් අහල අහල සා.පෙ. නිවාඩු කාලෙ බොහෝම අමාරුවෙන් මම මුන්ගෙ ගෙදර යන්න පිටත් උනා. ටිකක් ඈත. ඕන් බොහොම අමාරුවෙන් කැලෑ අස්සෙන් ගිහින් , බඩගාගෙන ගියාට පස්සෙ වාහනෙ හර වන්න ඉඩ නෑ. අන්තිමට තාත්තා පාරවල් හදන එකා මතක් කරන අතරෙ මම බැහැලැ පයින්ම ගියා. මට සාමාන්‍යෙන් යාලුවන්ගෙ ගෙවල් වල යන්න දෙන්නෙ නෑ , ගඟෙ පනියි කියල බයෙ. කෙලින්ම කිව්වොත් මට පීනන්න බෑ.පූල් එකකට හෙම බැස්සොත් මල චාටර්. කෑලි පීනනවා , මම කබ්බ. මම ඉතින් කරන්නෙ පීනල පීනල එපා වෙලා වගෙ ඉන්න එක. වතුර යටදි විපර්යාස හෙම උනොත් ඉඳලත් ඉවරයි....

ඕන් ඉතින් මම ඕකගෙ ගෙදර ගියා. කිව්ව තරම් අප්සැට් එකක් නෑ.වයිඩ් ඉස්ක්‍රීන් ටී වී එකක් ඉස්සර වාඩි වෙලා මූ දත් මදිනවා , කලිසමක් ( කලිසමක් හෝ ඊට සමාන දෙයක් ) ඇඳගෙන. ටී වී එක ඇවිල්ල අඟල් 14. ලොකු ලොකු ටීවී වලින් බලනකොට ඇස් වලට අමාරුයිලු. මේක ඇවිල්ලා ඇන්ටික් ටී වී එකක්. රාජසින්හ රජ්ජුරුවොත් මේකෙන්ලු ටීවී බලල තියෙන්නෙ. රිමෝට් එක තියෙන්නෙ ටීවී එකේමයි. පොඩි තට්ටුවක් දැම්මම වැඩ. උටමයි ඒ ටීවී එක ගැලපෙන්නෙ.
යාලුවෙක් ආවම පොඩ්ඩක් හොඳට ඉන්න ඕනිනෙ. මූ "ආ මචන්" කියල ආයෙ ස්වර්නවාහනී එකෙ කබ්බන්ට යන කාටූන් එකක් බල බල දත් මදිනවා. මට එපා උනා. උදෙට හරියට කාලත් නෑ. ඕන් ඉතින් ඊලඟට අපි වාඩි උනා උගෙ කොම්පුටර් එක ගාව. එසෙ මෙසෙ එකක් හෙම නෙමෙයි , 256 කම රැම් එකක් තියෙනවා. මූ ඒකට රෑට දුමුත් අල්ලවද කොහෙද ! වඩෙ කියන්නෙ බ්‍රැන්ඩඩ් මැශින් නිසා දැම්ම ගමන් වැඩ.
ඒට පස්සෙ 10 විතර , මම තේ බොන වෙලාවට උදෙට කන්න එන්න කිව්ව.
නියමයි... ස්පෙශල් , මැක්ඩොනල්ඩ් එකෙන් ඕඩර් කරල තිබ්බෙ. පරිප්පු සහ පාන්. ඕනිම නම් එපා කරපු සම්බෝලෙකුත් තියෙනව. මූ නම් අලි කුනෙක්. තාත්තා ඉන්නෙ වරායෙ ( වරායෙ පඩි ගැන කතා කරන්න ඕනි නෑනෙ , අම්මට රෙදි කඩයක් තියෙනවා ) අමුත්තෙක් ගෙදර ආවම දෙන්නෙ මේව. මට නම් තමා හිතෙන්නෙ මූ මාව චාටර් කරන්න ගහපු ප්ලෑනක් වගෙ.
මමත් ඉතින් බඩගිනි නිසා කෑව මූ අපෙ ගෙදර ආවම දෙන්නම්කො කියල හිත හිතා.. මුට නම් කිසි ගානක් නෑ.. ඕනි මල හත්තිලව්වක් කනව. ඊට පස්සෙ අපෙ මුගෙ කාමරෙටම ගියා. කාමරෙ කොනක තිබ්බ පන්චිකාවත්තෙන් ගෙනාපු බඩ්ඩක්. මූ පොඩි තෙල් බෝතලක් අරන් තෙල් ටිකක් ඒකට දාල පයින් එකක් ගැහුවම පෙත්තක් කැරකෙන්න ගත්ත , මුගෙ ෆෑන් එක(ලු ). ආත්ල් එකෙ ඉස්සර අපි දෙන්න කරපු අවලම් කම් ගැන ටෝකක් දදා ඉඳල ටික වෙලාවකට පස්සෙ මම කිව්ව පොඩ්ඩක් යමු ගමෙ ඇවිදින්න කියල.

එලියට බැහැල මූ කියනව , අර පත්තෙ නම් යන්න බෑ මචන් මට අත පය ගලෝගෙන තමා එන්න වෙන්නෙ , මේ පත්තෙ ගියොත් මහ පාර දිහා බලාගෙන ඉන්න පුලුවන් ලු. ගමෙ කෑලිත් නෑලු. මොකද ඒ පත්තෙ තාම පරිනාමය වෙලා නැති අයලු ඉන්නෙ. අන්තිමට වෙන්න පුලුවන් ලොකුම කරුමෙට අපි මුහුන දුන්න. ගෝත් වැස්ස. වැස්ස කියන්නෙ ආතල් , මොකද මුන්ගෙ ගෙදෙට්ට එහා පත්තෙ තියෙන්නෙ කලු ගඟ. වැඩි දෙයක් වෙන්නෙ නෑ මුන්ගෙ ගේ ලඟට ගං වතුර දායි එච්චරයි. මගෙ තියෙන හොඳ වෙලාව ගැන දන්න නිසා අරූ හොඳට බය වෙලා හිටියෙ ගේත් ගහගෙන යය් කියල. කොහොම හරි පෙර පිනකට වැස්ස අඩු උනා.
කොහොමෙන් කොහොමෙන් හරි දවල්ට කන වෙලාවත් ආව. දවල්ටවත් හොඳට කන්න ලැබෙයි කියල මම බලාගෙන හිටියෙ. ඇති යන්තම් , ඒ පාර නම් පට්ට. උදෙ ඉතුරු උනු පරිප්පු ( උදෙ ඒවම තමා ) සහ චිකන්. තුක් නොදකින් ! ඒත් කමක් නෑ , මෙන්න කන්න හදන කොටම ගෝතයො ටිකක් පාත් උනා. මුන් ටිකටත් කන්න ඉන්න කිව්වොත් හෙම මට කන්න වෙන්නෙ නෑනෙ , මම පිඟානක් අරන් බෙදාගෙන කෑව. ඒට පස්සෙ අරූ ෆ්‍රිජ් එකෙන් තඩි බීම ජෝගුවක් ගත්තා , මට හිතෙන්නෙ ඒ බීම එක හඩල තියෙන්නෙ පලවෙනි ශතවර්ශෙයෙ. මූ මට පොඩ්ඩක් අල්ල ගන්න කිව්ව...

මම ඇල්ලුව විතරයි, "ඩොම් ! " බිම.. අනිතිමයි ! අජූතයි. මම ශේප් එකෙ "මොකද බන් කොලෙ?" කියල ඇහුව . ගෙදර කස්ටියටම හිතෙ අරූ තමා වැඩෙ කලෙ කියල උට දාගෙන බනිනවා , මූත් ඉතින් මම මොනවට වද්ද ගත්තද කියල බැන බැන ඉන්න ඇති..

අන්තිමට කොහොම කොහොම හරි උන්ට ලොකු අලාබෙකුත් කරල , හවසට තේත් බීලම මම එහෙන් මාරු උනා. හැබැයි මට "ආයෙ එන්න" කියල නම් වැරදිලාවත් කියනව ඇහුනෙ නෑ... මොකක් උනත් කියන්න ඕනි මූ හිත හොඳ එකා ! පොඩ්ඩක් විතර කුනා තමා , හැබැයි හොඳ එකා ! මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩා තමා ඉතින්.......




මේ පොඩි වීඩියෝ කටුවෙ මුලින්ම නිලපාට ශර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ වැලන්ටයින්. පැත්තකින් පේන්නෙ උගෙ ගෙවල් ගාව ඉන්න කබ්බෙක් , රතු පාට ශර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ මම. ඔය අපි ගමෙ පත්තෙ රව්මක් ගහන්න කියල එලියට බැහැපු වෙලාවෙ මගෙ අති නවීන ගඩොල් බාගෙන් ගත්ත එකක්. ඔච්චරයි ගත්තෙ , ඕෆ් උනා....





සින්හල උපසිරැසි....

වැ. :- උඹ මගෙ මොනවද ගන්නෙ ?
වැ :- ඕකෙ කැමරාව වැටිල නෑ , ඒකයි ඔක දාගෙන ඉන්නෙ.......
වැ :- මල්ලි මේ , කොහෙද බන් යනව නම් යන්න තියෙන්නෙ ?

මෙයාට වැලන්ටයින් කියන්නේ මෙයා වැලන්ටයින් දවසේ [ දන්නෙ නැති චුට්ටන්ට , පෙබරවාරි 14 ඕන් ] ඉපදුන නිසා...මෙයාගෙ නම වැලන්ටයින් ***** උනත් බ්ලොගේ version3 හි දි කල වෙනස් කම් හා පොශ් වීම් නිසා 3+ උඩ අකුරු කියවන්න පුලුවන් ඕනි කෙනෙක්ට කියවන්න පුලුවන් වෙන්න වෙනස් කරපු නිසාත් පෝස්ට් එක එඩිට් කරලා 18+ වගේ හිතුන ඒවත් මැකුවා.හෙහ්.
5 Blog.Dilshan.me: July 2009 වැලන්ටයින් කියන්නෙ මගෙ අතිජාතම මිත්තරයා , එලකිරි යූ.නේම් එක "ජී.සී.ජේ" . "උපන්දා සිට මොන්ගලයෝ" සන්ගමයෙ ප්‍රධානම සාමාජික...

මට අසාධ්‍යයි

සිරාවටම , මට අසාධ්‍යයි. කෙලින්ම කිව්වොත් වැඩි අමාරුවක් නෑ.. පොඩ්ඩක් විතර මැරෙන්න වගෙ. එච්චරයි ! මට ඇවිල්ල උපන්දා සිට කැස්ස. ඒක තමා මගෙ උපන් හැකියාව , කැහීම.. මේ ලඟදි ටිකක් වැඩි වෙලා තිබ්බා.. මාත් ගනන් ගන්නෙ නතුව කූල් පීල් මයිලෝ එකක් බිව්වා , ගිය සෙනසුරාදා ( මයිලෝ කොම්පැනියට හෙන ගහපියව් ! ෆ්‍රිජ් එක හොයා ගත්ත එකාට අම්මට ........ [ කබ්බන්ද කියවන නිසා වැල කපා ඇත ] )
ඊට පස්සෙ ලියනවඩු සර් ගෙ පන්තියෙ ෆෑන් එක යට කූල් එකෙ ඉඳල ගෙදර ආවම ආතල් වැඩි උනා. සඳුඳා වැඩිය අප්සැට් එකක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙත් ගාටලා , කෙමෙස්ට්‍රයි පීරියඩ් එකෙ පිට්ටනිය පැත්තෙ රව්මක් හෙම ගහල , මලක් දෙකක් කඩල , වැස්සටත් තෙමිල ගෙදර ආවා... ඒට පස්සෙ තමා කැස්ස වැඩි උනෙ.
අඟහරුවාදා බලනකොට හොඳටම උණ. උණ කට්ට තිබ්බම 104 යි ලු ! අම්මට සිරි... ඩෙන්ගුද දන්නෑ නොවැ. ( හැබැයි ඩෙන්ගු මදුරුවො ඉන්නෙ පිරිසිදු තැන් වල විතරලු , ඒ නිසා මගෙ කාමරෙ නම් ඉන්න විදිහක් නෑ ) කොහොම හරි ඕන් බෙහෙත් ගන්නත් ගියා , බෙහෙතුත් ගත්තා.. ඊලඟ දවසෙ ඒත් අඩු නෑ.. මොනව නැතත් මහන්සි වෙන්න දෙයක් නම් නෑ ඕන්... කොම්පුටර් එක ලඟ මුලු දවසම ඉන්න පුලුවන්.. ඒත් මට නැඟිටල ඉන්න බෑ .. ඒකයි ඩයරියත් සතියම ලිව්වෙ නැත්තෙ.

වැඩෙ හරියන්නෙ නෑ , මට ගැලපෙන බෙහෙත් තාම හොයාගෙන නෑ.. මට රෑට නින්ඳ යන්නෙත් නෑ , ගෝත හීන පේනව.. හපොයි. අන්තිමට වී.පී. ජීවකයෙක් සොයාගෙන අයෙ ගියා.. රස්තියාදු වෙලා වෙලා පෙන්නලා බෙහෙත් මහා ගොඩක් දුන්නා...වැඩිය නෑ , වේලකට පෙති 9 යි.කොල්ල ඉස්කොලෙ පැත්තෙ දැන් දවස් 3 කින් ගිහින් නෑ.. ( මගෙ යාලුවො ටික නම් පින් දෙනව ඇති )

හරි යන්නෙම නෑ... ඊයෙත් නින්ඳ ගියෙ නැති නිසා අදත් ගියා දුර කතර ගෙවාගෙන ජීවක තුමියක් මුන ගැසෙන්න. නොම්බරෙ 13. අන්තිමයි.. අජූතයි. මේ ගෑනි ඊලඟට කිව්ව එක්ස් රේ ඒකක් ගන්නලු.. මගෙ අයෝමය ශරීරය පෙන්නන්නත් ලැජ්ජ නිසා මම ලේසියෙන් පිට කටුව ගලවන්නෙ නෑ. අද ඒත් චාටර් කාගෙන ගැලෙව්වා.. ඒක බලල ආයෙ බෙහෙත් දුන්න.අනිමට ඕන් දැන් තමා බෙහෙත් අරගෙන ආවෙ. කොහොමටත් හෙටත් අඩු උනෙ නැතොත් නවලෝකෙ තමා නතර වෙන්න වෙන්නෙ !
මම තව කාලෙකට ආවෙ නැතොත් කට්ටිය බය වෙන්න එපා... බැරි වෙලා හරි වල කජ්ජ ගැහුවොත් ආරන්චි වෙයි...
5 Blog.Dilshan.me: July 2009 සිරාවටම , මට අසාධ්‍යයි. කෙලින්ම කිව්වොත් වැඩි අමාරුවක් නෑ.. පොඩ්ඩක් විතර මැරෙන්න වගෙ. එච්චරයි ! මට ඇවිල්ල උපන්දා සිට කැස්ස. ඒක තමා මගෙ උපන් ...

Thursday, July 16, 2009

DragonD

ඕන් මම හිතුව මම ගැන ඉතා කෙටියෙන් ලියා දක්වන්න.....

මම ඇවිල්ල ඔන් බොර්න් පිස්සෙක්... ( ඒක බොහෝ අය කියන දෙයක් , මොකද අනිත් අය කරන දේවල් වල කනපිට තමා මම බොහෝ විට කරන්නෙ ! )

මොන්ටිසෝරි යන කාලෙ මට පුරුද්දක් තිබ්බ පානුයි , බටරුයි , සම්බෝලයි කන්න ... මතක් වෙන කොටත් මට එපා වෙනවා !
මොන්ටිසෝරියෙ කොල්ලො කෙල්ලො වෙන වෙනම කන්ඩායම් වල ඉන්නකොට මම හිටියෙ කෙල්ලන්ගෙ ඩෙස් එකෙ ! මගෙ සපත්තුවෙ ලේස් එක ලෙහුනම ගැට ගහන්න වෙනම එකෙක් හිටිය !

ඒ කාලෙ මම අපෙ පාරෙ හාමුදුරු කෙනෙක් යන හැම වෙලේම , පස්සෙන් පන්නගෙන ගිහින් වඳිනවලු.. එක දවසක් මම තැඹිලි පාට සාරියක් ඇඳගෙන ගිය දෙමල කෙනෙක් ටත් වැන්ඳ කියල තාමත් මට අම්ම හිනා වෙනව...

ඒට පස්සෙ මට වෙනින් ලෝක වලට යන්න ඕනි උනාලු ( අපෙ අය්ය කෙනෙක් තමා මේක මට ලඟදි මටක් කරල දුන්නෙ ) ඉස්සර මිනිහ අපෙ ගෙදර ආවම අපි ඕන්චිලාවෙ ඉඳගෙන ( මට ඉස්සර තිබ්බ , දෙන්නෙක් ඉඳගෙන කකුලෙන් තල්ලුකරාම යන ඔන්චිල්ලාවක් ) වෙනින් ලෝක වලට යනවා කියලවලු , ඒට පස්සෙ අපි අඟහරු වලට ආව කියාගෙන පාරෙ යන මිනිස්සුන්ට " ආන් පිටසක්වල ජීවියො " කියල අපහාස කරල කෝටු කෑලි වලින් වෙඩි තියෙනවලු !

ඉස්කොලෙ එක වසරෙදි , ඉස් ඉස්සෙල්ලාම මම සබන් කෑල්ලකින් කොල්ලෙක් ගෙ පොතක් මකන්න ගිහින් හොඳට බැනුම් ඇහුව ! මට අද වගෙ මතකයි !

දෙක වසරෙදි මම ලඟ හිටපු කෙල්ල වෙනින් තැනකට දැම්මා කියල මම ඇඬුවා... ආ තව මම ලඟ කෙල්ලෙක් හිටිය හැම වෙලේම මට කිචි කවන ! උන්ටත් මරු ආතල් තමා යන්නෙ !

මට ඩොක්ට කෙනෙක් වෙන්න ඉස්සෙල්ලාම ඕනි උනා , ඒට පස්සෙ තාරකා විද්‍යාඥයෙක් වෙන්න ඕනි උනා , ඒට පස්සෙ මට සී අයි ඩී එකට යන්න ඕනි උනා , ඒට පස්සෙ මට අලි සල්ලි කාරයෙක් වෙන්න ඕනි උනා , ඒට පස්සෙ දූපතක් සල්ලි වලට අරන් වෙනම රටක් හදල පොලව යට ආමි එකක් හදන්න මට ඕනි උනා. ( දැන් නම් මට ඕනි පරිගනක විද්‍යාඥයෙක්ක් වෙන්න )

පහ වසරෙදි මම ඉන්ටවල් එක වෙලාවෙදි ඉස්කොලෙ මිදුලෙ මැනික් ගල් හෙව්වා ( කොහෙවත් යන ඇටි කුකුලෙක් මට කියල තිබ්බ අපෙ ඉස්කොලෙන් මැනික් ගල් හම්බුනා කියල )

ඒට පස්සෙ මම එක එක වාහන ගැන ප්ලෑන් අන්ඳා ! රුපියල් විස්සෙ මෝටරෙකින් උඩ යන පියාඹන පීරිසි , පොලව හාරගෙන යන වාහන , ඩ්‍රයිවර් පස්සෙන් යන වාහන වගෙ ඒව !

හය වසරෙදි මම පන්තියෙ මොනිටර් උනා , ඒ කාලෙ මම හැම තැනම කුඩයක් අරන් ගිහින් කිල්ප් ගහන උන් හොය හොයා ගැහුව !

අට වසරෙදි තමා මම කුනු හරප කියන ඒව දැන ගත්තෙ ! උඹ කියලවත් නොකියපු මම ඒ ලඟට අම්මගෙන් පටන් අරන් තාත්තගෙන් ඉවර වෙන විදිහට ආමන්ත්‍රනය කරන්න පුරුදු උනා...

කාලයක් මම හිතාගෙන හිටිය මම කුමාරයෙක් සහ මේ වෙන හැම දෙයක්ම පිය රජානන් විසින් මට ලෝකය පැහැදිලි කරන්න කරන නාට්‍යක් වගෙ එකක් කියල , ඒ කියන්නෙ හැම කෙනාම කරන්නෙ ඒ ගොල්ලන්ට අන කරපු දේ කියල !

නමය වසරෙදි මම ලස්සන කෙල්ලෙක් ව දැක්ක ! ඒ කාලෙ අපෙ හැම එකාටම විසෙ ගහල තිබ්බෙ ! කොහොම වෙතත් තාම මම ඒ කෙල්ල එක්ක වචනයක් වත් කතා කරල නෑ !

ඒට පස්සෙ ( මගෙ කරුමෙට ) මට කෙල්ලො ඇලජික් වෙලා තිබ්බ , කෙල්ලෙක් මගෙ ටිපෙට්ස් එක පාවිච්චි කලා කියල මම ඒක විසික් කලා , කෙල්ලෙක් ලඟින් වත් මම යන්න කැමති උනෙ නෑ...දැන් නම් ඒ පිස්සුව සනීපයි !

දහය වසරෙදි මට මොබයිල් එකක් ලැබුන ! මම ඒකෙන් කලෙ හදිස්සි වෙලාවට ගෙදෙට්ට කෝල් කරන එක හෙම නෙමෙයි , අපෙ සර් ට බැනල මැසෙජ් ගහන එක ! අන්තිමට ඕක ඉස්කොලෙට මාට්ටු වෙලා මාව අස් කරන්නත් ගියා ( ඒ කතාවත් මම පස්සෙ කියන්නම් කො ! )

එකොලහ වසරෙදි මම පාඩම් කරන එක අත ඇරල දාල ප්‍රොග්‍රැමින් කරන්න ගත්තා , O\L වලට මාසයක් තියෙද්දිත් මම හොරෙන් කොම්පියුටරෙ දාගෙන වැඩ කලා...

දැන් ඉතින් දොලහ වසරෙ , ලඟදිම තවත් පිස්සුවක් මට හැදෙයි !

තව අනන්ත අප්‍රමාන පිස්සු තිබ්බත් ඒව දැන් මතක නෑ ! මතක් උන හැම වෙලේම මම මේක අප්ඩේට් කරන්නම් !.......
5 Blog.Dilshan.me: July 2009 ඕන් මම හිතුව මම ගැන ඉතා කෙටියෙන් ලියා දක්වන්න..... මම ඇවිල්ල ඔන් බොර්න් පිස්සෙක්... ( ඒක බොහෝ අය කියන දෙයක් , මොකද අනිත් අය කරන දේවල් වල ක...

Sunday, July 12, 2009

නිවාඩු සතිය

ඉස්කොලෙත් පටන් ගත්තා නොවැ. ඒ නිසා වැඩිය පිටු ලියන්න උනෙත් නෑ. හැබයි මේ සතියම ගෙදර තමා හිටියෙ , අපෙ මැත්ස් කරනා 13 අය්යල අක්කලට විභාගෙ නිසා.. ඒත් නිවාඩුවක් නම් තිබ්බෙ නෑ , මොකද මට මහා කටු ගනන් පේපර් එකක් හදන්න තිබ්බා.. පිස්සු හැදෙන ගනන් තියෙන්නෙ... මේ දවස් වල මගෙ මොලේ කචල් ගහල තිබ්බෙ ඒක නිසා... අදින් නම් නිවාඩුව ඉවරයි ! හෙට අයෙත් ඉස්කොලෙ !

ඊයෙ තමා දවස ! භෞතික විද්‍යාව සහ ගණන් පන්ති. උදෙ 8.00 සිට හවස 6.00 දක්වා. හපොයි ! මම කවදාවත් ගෙදර වැඩ කරන එකෙක් හෙම නෙමෙයි. ඒත් මම ඊයෙ හරියටම , මහන්සි වෙලා වෙලා ගෙදර වැඩ ටික කරගෙන ගියා. වෙනම කොල වල ලස්සනට අඩි රූලෙන් ඉරි ගහල ( වැස්සට වත් නොකරන දෙයක් ! ). ඒ නිසාම , මගෙ වෙලාවත් බලු නිසාම ගෙදර වැඩ බැලුවෙ නෑ. කොහොමද මට එන ආතල් එක ? හපොයි !

අපෙ භෞතික විද්‍යාව සර් ඇවිල්ල පිස්සු කතා කියනව. පිස්සු කිව්වෙ , මිනිහ ජීවිතය ගැන ගැඹුරට දන්න පොරක් ! මින්හගෙ දැනුම නම් නියමයි ! ජේ.වී.පී එකෙ පන්ති පහට හිටපු පොරක් ( ඒ කියන්නෙ ඉතින් පොරක් තමා ) ! මිනිහ කියනව , අපි ඇඟට ඕනි දේ කරන්න හොඳ නෑලු , මිනිහ මොනවද තව බන ටිකක කියල කියනව , අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනිලු ! හරි නම් පන්තියෙ වතුරවත් බොන්න ඕනි නෑලු !
මට මිනිහ දාන ටෝක්ස් එවෙලෙ එපා වෙලා තිබ්බෙ. ඒ නිසා මම කරපු වැඩෙ මගෙ වතුර බෝතලෙ අරන් සර් ට පේන්නම බිව්වා , පොඩ්ඩක් බෝතලෙ හොලෝල හෙම ජාකෝලිස් ටත් බොන්න දුන්න. අපිට ඇහුන පිටිපස්සෙ කස්ටිය හිනා වෙනවා. අපිත් ඉතින් පොරවල් වගෙ හිටිය ! හුලන් බැස්සෙ පන්ති ඉවර උනාම ! මෙන්න මෑන්ස් අපෙන් අහනව , කවද්ද පන්තියට ආවෙ , මොකක්ද ඉස්කොලෙ ! අම්මට සිරි ! අපිත් උත්තර දුන්න , මිනිහ හිනාවෙලා යන්න ගියා...
ඊලඟට තිබ්බෙ ගනන් පන්තිය , ගනන් අසූ ගානක ( 80+ ) ටියුට් එකක් දීල තිබ්බ ගෙදර වැඩට ! පුහ් ! මායි ජාකෝලිසුයි ඒක කියෝලවත් තිබ්බෙ නෑ. ජාකෝලිස් ගිය සතියෙත් පන්ති කට් කරල තිබ්බෙ.. මම එවෙලෙ පන්ති කට් කරන්න සර්ට වෙඩි තියන්න පුලුවන් තත්වයක හිටියෙ.. ඔය අතරෙ අපිට දැන ගන්න ලැබුන අපෙ පන්ති එන යාලුවෙක් ගෙ අම්ම කෙනෙක් නැති වෙලා කියල ! පව් මෑන්ස් , මගෙ හොඳ යාලුවෙක් ! නැතිවෙලා අවසන් කටයුතුත් ඉවර වෙලා , අද දානෙලු ! අපි දන්නෙත් නෑ...

මෙන්න චාන්ස් එකක් ! පන්ති කට් කොලෑකි ! ගියා ගෙදර ( ජාකෝලිසුත් පන්ති දවස් වලට කන්නෙ අපෙ ගෙදරින් තමා ! ) අහුව යන්නද කියල , දන්නවනෙ ඉතින් මම ටෝක්ස් දාන හැටි , කොහොම හරි අවසර ගත්තා , අපි දෙන්නම කවදාවත් ගෙදර අයත් නැතුව මල ගෙදරකට ගිහින් තිබ්බෙ නෑ. ඕන් ඉතින් අපි ගිහින් බැස්ස. යනකොට අද දානෙ . නිකන් අපි දානෙටම ආව වගෙ. මල චාටර්. කන්නත් එන්න කිව්ව , අපි ඉතින් බොහොම අමාරුවෙන් බෑ කිව්ව . ඔන්න ඉතින් යාලුවත් එලියට ආවා. පව් . දැන් මේකයි වැඩෙ , මොනව කියල කතා කරන්නද ?
මලෙ කවද්ද කියල අහන්න ඈ ? මේ යකා අඬයි ! කතා කරන්න දේකුත් නෑ , ඔහෙ බලාගෙන ඉන්නව , අන්තිමට මම මිනිහගෙ ඉස්කොලෙ ගැන අහුවා , තියෙන බිල්ඩින් ගාන , ඉන්න ලමයි ගාන අරව මේව , මෙන්න බොලෙ ඔය අතරෙ පිස්සු හැදෙන කෑල්ලක් යනව , මම මල ගෙදරත් අමතක කරල ඇහුව කව්ද බන් අර කියල ! අරුගෙ අක්කලු ! තව පොඩ්ඩෙන් අත පයත් ගලෝගෙන තමා මල ගෙදරින් එන්න වෙන්නෙ ! ජාකෝලිසුත් මාත් එක්ක ආපු මෝඩ කම කිය කිය බැන්න. කොහොම හරි මම කකුල් හතරම තියාගෙන ආව !

ඔය ඔක්කොම ඉවර වෙලා අද යාලුවෙක් ගෙන් ඇහුවම කියනව , ගණන් පන්තියෙ ගෙදර වැඩ බැලුවෙ නෑලු ! ලබන සතියෙ බලයිලු. නොදකින් විතරක් ! තිකෝණමිතියෙ හොඳම ටිකත් මිස් වෙලා , මල ගෙදර ගියා කියල වැඩ උනෙත් නෑ. මටමයි අප්ප වෙන්නෙ !

5 Blog.Dilshan.me: July 2009 ඉස්කොලෙත් පටන් ගත්තා නොවැ. ඒ නිසා වැඩිය පිටු ලියන්න උනෙත් නෑ. හැබයි මේ සතියම ගෙදර තමා හිටියෙ , අපෙ මැත්ස් කරනා 13 අය්යල අක්කලට විභාගෙ නිසා.....

Sunday, July 5, 2009

ඒ ලෙවල් පටන් ගැනීම

ඕන් ඉතින් මාස 7 කට විතර පස්සෙ ආයෙත් අපෙ ඉස්කෝලෙ පටන් ගත්තා. දැන් ඉතින් අපි අය්යලා නොවැ. ( අපි හිතාගෙන ඉන්නෙ එහෙමයි. ) කොහොම හරි ඕන් ඉතින් මමත් පොලවට අඩි දෙකක් උඩින් , කොන්ඩෙ ස්ටයිල් එකත් වෙනස් කොරගෙන ඉස්කොලෙ ගියා. අපෙ අන්ශ බාර එකා ගෙ නම සිරා , මිනිහගෙ කෙමෙස්ට්‍රයි පන්තිය ගැන මම ලියල තිබ්බෙ , අර හිනා වෙන්නෙ නැති පොර.... ආන් ඌ. ඔන්න ඉතින් ඕකගෙයි , පිනාගෙයි දේශනෙන් පස්සෙ අපිව පන්ති වලට වෙන් කොලා. ජාකෝලිස් වැටුනෙ වෙනින් පන්තියකට ! අපරාදෙ ! ඕන් ඉතින් අපිත් අපෙ පන්ති බලා පිටත් උනා.

ඔන්න දැන් අපෙ පන්තියට ගියා , වරදක් නම් නෑ. අපෙ මැත්ස් පන්ති දෙකයි තියෙන්නෙ. එකක් අපි , අනිකෙ ජාකෝලිස්. ( අලුතින් දින පොත කියවන්නන්ට :- ජාකෝලිස් යනු මා හා සමාන් තවත් පිස්සෙකි. ). වැඩෙ කියන්නෙ උන්ගෙ පන්තියෙ ෆෑන් දාලා , ලයිට් දාලා සිරාවට තියෙනව , අපෙ පන්තියෙ බල්බ් එකක් තියා හෝල්ඩර් එකක් වත් නෑ. නොදකින් ! මේව ඇවිල්ල අදිරාජ්ය වාදී කුමන්ත්‍රන...ෆෑන් දාගෙන හිටියොත් සෙම හැදෙනව කියල මම හිත හදාගත්ත. මට එහා පත්තෙ ඉන්නෙ ගායකයෙක්. මිනිහ හිතාගෙන ඉන්නෙ කැසට් එකක් ගහන්නලු. වැඩෙ සින්දු කියනව. මම කනක් තියාගෙන ඉඳල ඉවරයි. අනිත් පැත්තෙ ඉන්නෙ මොන්ගලයෙක්. උගෙ විනෝදාන්ශෙ පච ගහන එක. මා මේ කුරිරු ලොවෙ තනිවී ඇත.
ඔන්න පොරක් ආව. මෑන්ස් හැම වෙලේම ඉන්නෙ බීල වගෙ. නම "දෑස පියා". හපොයි... මිනිහ තමා අපෙ පන්ති බාර. සැර නම් නෑ. ඒත් ඉස්සර වගෙ සෙල්ලම් කරන්න නම් වෙන්නෙ නෑ කියල අපිට හිතුන. මිනිහ උගන් වන්නෙ මැත්ස්. ඒක ඉගැන්නිල්ලක් නෙමෙයි... අම්මියො. ලියනවඩු සර් ( අලුතින් දින පොත කියවන්නන්ට :- මා යන ගනන් පන්තිය ) මාස දෙකක් කරපු පාඩම මූ එක දවසින් කොලා. පලවෙනි දවසෙම පීරියඩ් 4 යි. ආතල් හතයි.

ඊලඟට ආවෙ "ප්‍රභූ". කලු , රැව්ල වවාගත්ත , සිනාසීම පාපයක් යැයි සිතනා තවත් එක පිසික්ස් උගන්වන එකෙක්. අම්මට සිරි. මෑන්ස් නම් සැරයි. මිනිහ ආපු ගමන් බැලුවෙ අපෙ කොන්ඩ දිහා. දරුනුයි. මිනිහගෙ ඉගැන්විල්ල නම් ටිකක් විතර හොඳයි.
ඊලඟට ආවෙ මට අජූත විශය , ඒ කියන්නෙ කෙමෙස්ට්‍රයි. අන්තිම දරුනුයි. මිස් කෙනෙක් ආවෙ. ආපු ගමන් කිව්වෙ "කවුරුවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා , මම උගන්වන වෙලාවට පුටු හොල්ලන්න බෑ , පෑන් වලින් මේසෙට තට්ටු කරන්න් බෑ , මම තාත්තලට උගන්වන්නේ නෑ........." ඕන්න ටෝක්ස් ! අපි හොඳටම බය උනා.ඒ මදිවට මේයා ප්‍රශ්නත් අහනව.තාම නම් මගෙන් ඇහුවෙ නෑ. මට බුදු සරනයි.
ඒලඟට ආවෙ "බන්කු බන්කු". ඉන්ග්‍රිසි සර්. මෑන්ස් නම් හරී හොඳයි. පට්ට.

කොහොම හරි ඔන්න ඔහොම තමා අපෙ ඉස්කොලෙ පටන් ගත්තෙ. තාම පටන් අරන් දවස් 2 යි. ඉස්සරහට හොඳ හොඳ දේවල් වෙයි. බලමුකෝ.................

5 Blog.Dilshan.me: July 2009 ඕන් ඉතින් මාස 7 කට විතර පස්සෙ ආයෙත් අපෙ ඉස්කෝලෙ පටන් ගත්තා. දැන් ඉතින් අපි අය්යලා නොවැ. ( අපි හිතාගෙන ඉන්නෙ එහෙමයි. ) කොහොම හරි ඕන් ඉතින් මම...
< >