+ -

Pages

Wednesday, January 27, 2010

හුරේ .. 10,000 යි




හුරේ .. ඔන්න අද DragonDගේ දින පොත පිටු පෙරලුම් 10,000 පහු කලා...

පට්ට බ්ලොග් ලියන ගොඩක් බ්ලොග් බුවාලට පිටු පෙරලුම් 10,000 ක් ඒතරම් වැඩක් නොවුනත් මේ පුන්චි බ්ලොග ලියන මට නම් ඒක ලොකු දෙයක්

www.channelslk.com එක රන් කරන අය්යාට ( මට දැන් නම මතක නෑ ) , පොතේ ගුරා අය්යාට , එලකිරි එකෙ GTRZ අය්යට ( දැන් අපි තරහ උනත් ) සහ එලකිරි කොමියුනිටි එකට  , ඉන්ද්‍රනාම ( ඉන්දරේ ) අය්යට , සින්හල බ්ලොගේස් යුනියන් එකට , දුකා අය්යට , මට නම් වශයෙන් කියන්න අමතක උනු අයට වගේම හැමදාම මගේ බ්ලොග කියවන  ඔය ගොල්ලො හැමෝටමත් , ලොග් වෙන්නෙ නැතුව බැනල කොමන්ට්ස් දාල ගිය අයටත් ගොඩාක් ස්තූතියි..
( visitor status from  whos.amoung.us )

ඔන්න මම ගොඩාක් වෙලා මහන්සි වෙලා , අර ඉස්සර තිබ්බ දැකල දැකලම එපා උන ටෙම්ප්ලේට් එක අයින් කරල ඊට වඩා වැඩ කෑලි තියෙන අලුත් ටෙම්ප්ලේට් එකක් දැම්මා... කොහොම හරි අඬල අඬල ඩොමේන් එකකුත් ගන්න ඕනි .. බොහෝ විට ලඟදිම දවසක ගන්න පුලුවන් වෙයි 

ඒ වගේම තමා මට ඔයාලගෙ කොමන්ට්ස් ලොකු හය්යක් .. ඒ නිසා පුලුවන් හැම වෙලාවකම කොමන්ට් එකක් දාල පුලුවන් නම් ට්වීට් ත් කරල යන්න ...
ආ ... තව දෙයක් කියන්න ඕනි .. ගොඩක් අය ෆේස්බුක් එකේදි මගෙන් අහන එකක් තමා මේකෙ තියෙන්නෙ ඇත්ත කතාද කියල...
ඔව්... මේකෙ තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත කතා තමා ... හිකි හිකි ... මේ තමා මගේ ඇත්තම ජීවිත කතාව



හැමෝටම තැන්කූ වෙවා


දිල්ශාන් අබේගුණවර්ධන
ඩ්‍රැගන් ඩී
5 Blog.Dilshan.me: January 2010 හුරේ .. ඔන්න අද DragonDගේ දින පොත පිටු පෙරලුම් 10,000 පහු කලා... පට්ට බ්ලොග් ලියන ගොඩක් බ්ලොග් බුවාලට පිටු පෙරලුම් 10,000 ක් ඒතරම් වැඩක...

Wednesday, January 20, 2010

Laptop.lk එකෙ පස් පාගන්න එපා

ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට් එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


techkatha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 )






ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව කොලඹ..


එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your cooling system have found , please shutdown immediately and return it to service )
ඔන්න වැඩ !


ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම් ලොකු කට්ටක් )
මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම් එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා කියල කැඩිච්ච එක අරන් එන්නද ?


ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට ආයෙ යන්නද කියන්නෙ ?


හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕනි....
මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන් කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින් ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත පලාතෙ යන්න එපා !!
 


p.s. - ටෙක්කතා එකෙ මලින්ත අය්යට , කාලින්ග අය්යට වගේම kandyan අය්යටත් ස්තූති වන්ත වෙන්න ඕනි  දුන්න හෙල්ප් වලට !
5 Blog.Dilshan.me: January 2010 ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද ...
< >