+ -

Pages

මේජර් X - මූලාරම්භය [ මගෙන් තවත් 3D සින්හල FPS පරිගනක ක්‍රීඩාවක් ]

මෙන්න මගෙන් තවත් පරිගනක ක්‍රීඩාවක් , "මේජර් X - මූලාරම්භය" [ Major X - The Origin ]

මේකෙ කතාව ගත්තොත් ,




" 2058 දි ලංකාවෙ සිංහ රෙජිමේන්තුව පරීක්ශන්යක් කරන්ව සුපිරි සොල්දාදුවො හදන්න. මේකට මූලික වෙලා වැඩ කරන්නෙ මහාචාර්‍ය Laz.

කොහොම හරි මේ ගොල්ලන්ට පුලුවන් වෙනව මේ සොල්දාදුවො හදන්න. ඒ උනාට එයාලට බැරි වෙනව ඒ ගොල්ලන්ව පාලනය කරන්න.


ඒ මහාචාර්‍ය Laz හොයා ගන්නව මේ ගොල්ලන්ව පාලනය කරන්න ක්‍රමයක්. මේකෙන් ප්‍රයෝජය ගත්ත මහාචාර්‍ය Laz ඒයාගෙ වාසියට මේ සුපිරි සොල්දාදුවො යොදාගන්නව. එයා මේ සොල්දාදුවන්ව පාලනය කරමින් කඳවුරේ පාලනය ගන්න හදන්ව.

මේ වෙනකොට ජෙනරල් DragonD [ කවද මේ ..... ? ] එයාගෙ උපරිම බලය පාවිච්චි කරල බොහෝම අමාරුවෙන් මහාචාර්‍ය Laz ඇතුලු පිරිස පාලනය කරගෙන ඉන්නෙ. ජෙනරල්ට බැරි වෙනව මේ පිරිස මදනය කරන්න.

ජෙනරල් DragonD දන්නව මේ වගෙ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් එකම සොල්දාදුවයි ඉන්නෙ බව. ඒ කිසි කෙනෙක් නම නොදන්න , X කියා පමනක් හඳුන්වන , අති දක්ශ මේජර් X

ජෙනරල් DragonD , මේජර් X ට මේ මෙහෙයුම බාරදෙනව [ ක්‍රීඩකයාට ]. මුලු හමුදාවේ , සමහර විට මුලු ලංකාවේම අනාගතය තීරනය වන්නෙ ඔබ මත. "


මේතනින් ක්‍රීඩාව ආරම්ඹ වෙනව.....



මගේ වෙනත් ක්‍රීඩා වලට වඩා මෙහි ඇති අලුත් දේ ,

1.ආරම්ඹ වූ මොහොතේ සිට වෙඩි තබා ගැනීමට වඩා වෙනස් ක්‍රීඩාවක් වීම.

2.හතුරන්ගේ හා මිතුරු පාර්ශවන්ගේ කටහඬ හොඳින් ශවනය වීම

3.තෝරා ගැනීමට අති විශාල ආයුද ගනනක් පැවතීම [ මේ සඳහා ඔබට හතුරන්ගේ ආයුධ ගබඩාව අත්පත් කර ගැනීමට සිදුවේවි ]

4.මෙහෙයුම් 3 ක් පැවතීම [ මගේ පරන ක්‍රීඩා වල වූවේ 1 මෙහෙයුමක් බැගින් පමනි ]


5.නවීන පන්නයේ ආයුද

6.ලෝඩ් වීමට යන කාලය අඩු වීම

7.මෙහෙයුමක් අවසාන කිරීමට එක මාර්ගයකට වඩා ක්‍රම තිබීම


ඔයාලම ටෙස්ට් කරල බලන්න. ඔයාලගෙ අදහස් ලියන්නත් අමතක කරන්න එපා. ඔයාල කොමෙන්ට්ස් දැමීමෙන් තමා මට කරන්න පුලුවන් ලොකුම උදව්ව කරන්න පුලුවන් වෙන්නෙ.




EDITED -මෙහි විශාල බග් එකක් ඇති බව වාර්තා වී ඇත.
ඒ නිසා දැනට මෙය බාගත කර ගැනීමෙන් වලකින්න [ සමහර අයගේ වැඩ කර ඇත ]
මම හැකි ඉක්මනින් බග් එක ෆික්ස් කර අප්ලෝඩ් කරන්නම්.




link :-removed / will be added soon


මගේ පරන ක්‍රීඩා


1. ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම
2. හොල්මන් අඩවිය


මේන්න මම පොඩි trialer එකක් හැදුව.මේ නම් චා වගේ. හදල අප්ලෝඩ් කලාටත් පස්සෙ චා කියල හිතුනෙ. හොඳ එකක් හදන්න ඕනි.







5 Blog.Dilshan.me: මේජර් X - මූලාරම්භය [ මගෙන් තවත් 3D සින්හල FPS පරිගනක ක්‍රීඩාවක් ] මෙන්න මගෙන් තවත් පරිගනක ක්‍රීඩාවක් , "මේජර් X - මූලාරම්භය" [ Major X - The Origin ] මේකෙ කතාව ගත්තොත් , " 2058 දි ලංකා...
< >