+ -

Pages

Tuesday, September 28, 2010

අපේ සංගීත ප්‍රසංගය

ඔන්න අද බොහොම කාලෙකට පස්සෙ අයෙත් මම ධයරියට ආවා. මෙ ටිකෙ එන්න විධිහක් තිබ්බෙම නැනෙ. වැඩ වැඩ , ඉස්කොලෙ වැඩ , පන්ති වල වැඩ , අලුතෙන් හදපු ගෙම් වල වැඩ ....

කොහොම හරි , ඔන්න දැන් අයෙ පරන ජීවිතෙටම බැස්සා. ඉස්කොලෙ යනව. ගෙදර එනවා. ඇදුම් මාරු වෙනකම් කම්පුටර් එක ඔන් වෙන්න දානවා. කී බොඩ් එක තියෙන තැන තියාගෙන කනවා. අයෙ රැ 12 ට 1 ට නිදා ගන්නවා.


කොහොම හරි ඔය ඒකාකරී ජිවිතෙ පොඩි වෙනසක් උනා. මොකද අපේ ආදි ශිෂ්ය සංගමයෙන් සන්ගීත උලෙලක් ලැහැත්ති කලා. කොහොම කොහොම හරි ඕන්න තිබ්බා. එන්නෙ කසුන් කලහාරයි , දීපිකා පිර්යධර්ශනියි. අනෙ මම අහන සින්ඳු... කසුන් කල්හාරගෙනම් ඔන්න කමක් නෑ , මම මිනිහගෙ ඒව එහෙන් මෙහෙන් අහනව.

ටිකට් අපිට ඉස්සෙල්ලා දීල තිබ්බෙ. ඉස්සෙල්ලාම 250 යි. මොකෙක් වත් ගත්තෙ නෑ. හත්තිලව්වෙ 250 කින් ඔව්ව අහන්නෙ මොකටද ? බුරියානි එකක් කාලා , ආතල් එකෙ කන පැලෙන්න සබ් එක දාගෙන මුලු දවසම කසුන් අය්යගෙ සින්ඳු ඇහුවත් යන්නෙ 150 යි. ඉතුරු රු 100 න් රා කට්ටක් ගහලා ආතල් එකෙ නිදා ගන්නවනෙ. 
ඊ ලඟ දවසෙ රු 150 යි. ඒත් මොකෙක් වත් නෑ , බුරියානි එකක් කන සල්ලිනෙ. කොහොම හරි බල්ලෙක් වත් එන පාටක් නෑ කියල තේරුම් ගත්ත ආදි ශිෂ‍ය සන්ගමේ අය්යල ටික රු 100 ට ටිකක් දුන්නා. 100 නම් ඉතින් කමක් නෑ නෙ කියල කට්ටිය ගත්තා.

ඔන්න සන්දර්ශනෙ දවස , අපෙ අර අය්යත් ආවා [ එය ගැන දන්නෙ නැති අයට ] ඔන්න එදා ටිකට් එකක් 250 යි. අය්යට 250 ක් කියන්නෙ ඇඟෙන් කෑල්ලක් යන්ව වගේ. බැලුව බැලුව ටිකට් නැතුව ඇතුලට යන්න , හරි යන්නෙ නෑ , අන්තිමට ඔන්න පටන් ගන්න විනාඩි පහක් තියෙද්දි අපි අය්යව ටිකට් එකක් ගත්තෙ නැත්නම් අපායෙ  යන බව ඒත්තු ගන්වල ටිකක් එකක් ගැන්නුවා.

රු 100 අයට බැල්කනි ලු. රු 250 අයට ඉස්සරහලු. අය්යට මේකට යකා නැග්ගා. හත්තිලව්වෙ 250 ක් දුන්නෙ ගොතයා වගෙ බලන්න නෙවෙයි කියල ඌ එතන මරා ගන්න හැදුවා. එන පොට හොඳ නැති නිසා ටිකට් කාරයො ඕනි හත්තිලව්වකින් ඉඳ ගනින් කිව්වා. ඔන්න දැන් අපි ආරධිත අමුතොතො වගෙ බැල්කනි ගියා.

පට්ට කොලිටි. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අපතයො පිරිලා. පස්සෙ තමා අපිට තේරුනෙ බැල්කනි හොඳ ෆිල්ම් බලන උන්ට කියලා. ආ , දැන් කට්ටිය හිතා ඇත්තෙ බැල්කනි කිව්වම සැවොයි වගේ ඇති කියල වෙන්න ඇති.
මේකයි , ඒකෙ බැල්කනි හදල තියෙනෙ හොරර් [හොල්මන් , අවතාර] ෆිල්ම් බලන්න. පුටු කැඩිලා , යන්න ඉඩ නෑ , හැම තැනම හිල් , හදපු දවසෙ ඉඳන් තින්ත ගාල නෑ , මකුලු දැල් ඇත්තෙම නෑ. කස්ටම් මේඩ්.

ඔන්න ඒ මදිවට අය්ය කියනවා තැනක් පෙන්නල , කාලෙකට කලින් ඌ එතන චූ කලාලු. මට හොඳටම එපා උනා. ඒ මදිවට එකෙ හිටපු උන් බෙරිහන් දෙනවා.ශෙක්.

මම ආයෙ ගිහින් 250 ටිකට් එකක් අරන් අය්යත් එක්ක පල්ලෙහට ගියා. ගිහින් මොකෙක්වත් නැති කොනකින් ඉඳ ගත්තා.
ඔන්න ශොව් එක පටන් ගත්තා. කසුන් කල්හාර කියන්නෙ ගොඩාක් උස , බඩක් නැත්තටම නැති බුවෙක් කියල මම එදා දැන ගත්තා. මිනිහ මොන තරම් කික් එකෙ හිටියද කියන්වා නම ඌ සින්ඳු කියන කොට හෙල්ලුනේ තොල් දෙක් විතරයො. මම හිතන්නෙ සිඳුවක් කියලල ඉවර වෙන හැම වෙලේම , අනෙ මොකෙක් හරි මට වෙඩි තියපන් කියල හිත හිත ඉන්න ඇති.

ඔන්න මට නම් මේක ඇල්ලුවේ නෑ !



EDITED -


ඉස්කොලෙන් මහන්සි වී කල වැඩක් ගැන ඇදකුද කීම නරක නිසා එඩිට් කලෙමි. යම් කිසි කෙනෙක්ට මේ නිසා හිත රිදීමක් වූවේ නම් සමාව ඉල්ලමි!
5 Blog.Dilshan.me: September 2010 ඔන්න අද බොහොම කාලෙකට පස්සෙ අයෙත් මම ධයරියට ආවා. මෙ ටිකෙ එන්න විධිහක් තිබ්බෙම නැනෙ. වැඩ වැඩ , ඉස්කොලෙ වැඩ , පන්ති වල වැඩ , අලුතෙන් හදපු ගෙම් ...
< >