+ -

Pages

koobface වීම : Facebook

අද මා facebook වෙබ් අඩවියට ලොග් වෙන විට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබුනි!


එවිටම මට මා "koobface" වී ඇති බව කියමින් email එකක්ද ලැබිනි.මම ඒ වචනේ අසුවේද අදමය. එසේම ඒ email එකට පරිදි යම්කිසි worm / virus එකක් මගේ පරිගනකයේ ස්ථාපිත වී ඇති බව කියැවුනි. එම email එක ලැබුනේ සත්‍ය වශයෙන්ම facebook වෙබ් අඩවියෙන් යන්න තහවුරු කරගත් වහාම මා කලේ මගේ මුර පදය වෙනස් කිරීමයි.

කොහොම උනත් මේක false positive එහෙමත් නැත්නම් වරදවා වටහා ගැනීමක් කියල මට හිතුනේ මම කොයි කිසිමවිටක අන්තර්ජාලයේ සඳහන් වූ ලෙස, koobface කරගැනීමට අවශ්‍ය පියවරක් නොගත නිසායි.

මෙය අනිවාර්යෙන්ම වෙන්නට ඇත්තේ ඒට ටික මොහොතකට පෙර මගේ වෙබ් අඩවි වල සිදුවන පිටුපෙරලුම් ගණනය මගේ පරිගනකයෙන් යනවිට සිදු නොවීමට statcounter අඩවියේ ඔවුන්ගේ cookie එකක් install කරගත් නිසායි.කෙසේ වුවත් මම ඒ blocking cookie එක මකාදැමුවේ වැඩි හොඳටයි.

මා තවත් මේ "koobface" ගැන සොයාබලන විට සිත් ඇදගන්නා සුලු කරුණු කිහිපයක් මට සොයාගන්නට හැකි උනා.
koobface කියන්නේ facebook යන්නහි අකුරු පිලිවෙල වෙනස් කර හැදූ වචනයක්.
මේ koobface කියන්නෙ facebook , myspace , twitter වැනි social networks හරහා පරිශීලකයන් ගොදුරු කරගන්නා worm අකාරයේ Tojan horse එකක්. koobface, Windows , Mac OS X, Linux වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වන බව කියවෙනවා.
මෙයින් කෙරෙන්නේ credit card තොරතුරු , passwords වැනි දේ සොරාගැනීමයි.

මෙය බොහෝවිට පැතිරෙන්නේ video එකක් play වීමේදී එයට අවශ්‍ය codec එකක් නැති බව කියමින් එක install කරගන්නා මෙන් කියා එන දැන්වීමක් මගිනි.



එසේත් නැත්නම් එයින් දැනටමත් ආසාදනය වූ අයෙකු මගින් එන mail / Private message / link එකකිනි. මෙම link එක යොමුවනු ඇත්තේ මේම Trojan horse එක වෙතටයි.

කෙසේ වුවත් මෙය ටිකක් පැරනි වයිරසයක් නිසා දැන් ඒ තරම්ම ප්‍රභල ලෙස පැතිර යන්නෙ නැතිබව මම විශ්වාස කරනවා. නමුත් පිලියමට වඩා අරාක්ශාවීම හොඳ නිසා , මෙයින් ආරක්ශාවීමට නම් නොදන්නා කිසිම නොදන්නා script එකක් , codec එකක් හෝ නොදන්නා ඕනෑම "දෙයක්" install කර නොගැනීමටත් හැකි හැම විටම තමන්ගේ මෙහෙයුම් පද්ධතියත් , virus guard එකත් patch / update කරගැනීමටත් වගබලාගත යුතුයි.
5 Blog.Dilshan.me: October 2010 අද මා facebook වෙබ් අඩවියට ලොග් වෙන විට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබුනි! එවිටම මට මා "koobface" වී ඇති බව කියමින් email එකක්ද ලැබිනි...

Penzer100 : මගේ digital පෑන

නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල තිබ්බා. එයාගේ තාත්තා ඉංජිනේරුවෙක් නිසා එයාගෙනුත් උදව් ලැබුනා , හැබයි සාර්ථක උනේ නෑ.

මටත් ඒ නිසා එකක් හදන්න ඕනි උනා , අන්තිමට පැය 5 ක් විතර මහන්සි වෙලා , පොඩ්ඩක් වත් මුවහතක් නැති කියතකින් පැයක් විතර තිස්සෙ highlight පෑනක් කපලා , මගේ පරන පොඩි මවුස් එකකුත් කපලා , අමුනලා , අලෝලා හදාගත්තා.

කියන්න සන්තෝශයි , වැඩේ සාර්තකයි. digital pen එක වැඩ. මම බලාපොරොත්තු උන තරම් sensitivity එකක් නම් නෑ , ඒත් කමක් නෑ වැඩ නිසා.

නමකුත් දැමමා , Penzer100. ඒකෙන් අදහස් වෙන්නෙ තව වැඩිදියුණු කරපු versions අනාගතේදි එන බව.




5 Blog.Dilshan.me: October 2010 නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල තිබ්බා. එයාගේ තාත්තා ඉංජිනේරුවෙක් නිසා එ...

එකම ලෙය | Same Blood : අපේ පළමුවැනි කෙටි චිත්‍රපටය


මේ තියෙන්නෙ අපේ පලවෙනි කෙටි චිත්‍රපටය. මේකෙ නම Same Blood : එකම ලෙය. මේ චිත්‍රපටියෙන් අපි කියන්න උත්සාහ ගත්තෙ ජාතීන් අතර තිබිය යුතු සමඟියේ වැදගත්කම.

මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම පටිගත කලේ ජංගම දුරකතනයකින් [ camcorder එකක් video එකෙ දකින්න ලැබුනත් එක භාවිතා කලේ නෑ , මොකද ඒකෙ ටේප් එක ප්‍රශ්නයක් , අපි camcorder එක භාවිතා කලේ , ලේසියෙන් කිව්වොත් , "ඇඩ්" එකට ]


මුලු ෆිල්ම් එකම පටිගත කරන්න යන්න ඇත්තෙ පැය 4 ක විතර කාලයක්. A\L උපකාරක පන්ති , ඉස්කොලේ වගේ දේවල් නිසා මේ වෙනුවෙන් ඒ තරම් කාලයක් වැය කරන්න අපිට හැකියාවක් තිබ්බෙ නෑ. 

කොහොම උනත් , ගොඩාක් අයගෙන් අපි බලාපොරොත්තු උනාට වඩා ගොඩාක් සතුටු විය හැකි ප්‍රතිචාර ලැබුනා. මේ නිසාම අපේ 2වැනි කෙටි චිත්‍රපටයත් ඉක්මනටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පාර නම් camcorder එක භාවිතාකරනවා. 

චිත්‍රපටය නැරඹුවාට ස්තූතියි.

ප.ලි. - මේ චිත්‍රපටයේ මගේ දායකත්වය තියෙන්නෙ සහය අධ්‍යක්ශන , සංස්කරනය සහ පොඩි කොටසක රඟපෑමෙන් [ මෝටර්බයික් කරු ]







5 Blog.Dilshan.me: October 2010 මේ තියෙන්නෙ අපේ පලවෙනි කෙටි චිත්‍රපටය. මේකෙ නම Same Blood : එකම ලෙය. මේ චිත්‍රපටියෙන් අපි කියන්න උත්සාහ ගත්තෙ ජාතීන් අතර තිබිය යුතු සමඟියේ ...
< >