+ -

Pages

වන්නි මෙහෙයුම 2 | සිංහල පරිගනක ක්‍රීඩාව




[ 2015/10/28 ] - මෙම පරිගනක ක්‍රීඩාව 2010 වර්ශයේදී මා නිර්මානය කරන ලද්දක් වන අතර මෑත කාලයේ නිර්මානය වී තහනමට ලක්වූ වන්නි මෙහෙයුම වෙනත් පරිගනක ක්‍රීඩාවක් බව කරුනාවෙන් සලකන්න.


වන්නි මෙහෙයුම 2

මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.

මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල ,
ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක.

මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. නොවැම්බර් වල එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. news වලටත් පෙන්නුවා. කස්ටිය මාව දක්කද දන්නෙ නෑ.

කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක ඒ මදිවට ඒකෙ 4D වීඩියෝස් හිටන් තියෙනවා.හම්මො ! එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා.Certificate of Appreciation දෙකයි හම්බ උනෙ.

මේක හදල නම් ගොඩක් කල් , ඒත් අප්ලෝඩ් කරන්න තමා මෙච්චර කල් ගියේ. අන්තිමට බැරිම තැන මෙගාබයිට් 20 කෑලි වලට ස්ප්ලිට් කලා. ෆයිල් 7 බාගත කරලා , 001.rar එක ඕපන් කරල extract කරන්න.

මේ තියෙන්නෙ trailer එක.




Single Link Download

http://www.mediafire.com/download/39p3qddeh8jnjfz/OperationWanni+2+-+3D+PC+Game+%5BFREE%5D+%5B+blog.dilshan.me+%5D.rar

mediafire | 200 MB | RAR
System requirements

Minimum


Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card


Recommended


Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher



ඔයාලගෙ අදහස් මට කියල යන්න



5 Blog.Dilshan.me: November 2010 [ 2015/10/28 ] - මෙම පරිගනක ක්‍රීඩාව 2010 වර්ශයේදී මා නිර්මානය කරන ලද්දක් වන අතර මෑත කාලයේ නිර්මානය වී තහනමට ලක්වූ වන්නි මෙහෙයුම වෙනත් ...

හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්‍රීඩාව]

මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්.
හොල්මං අඩවිය 2

මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.
ඔව් , මගේ අනිත් පරිගණක ක්‍රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්‍රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ.


මගේ අනිත් ක්‍රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්‍රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්‍රීඩාවේ විශේශත්වයක් තියෙනවා.
ඒ තමා මේ ක්‍රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්‍රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්‍රීඩා වල දැක ඇති ආකාරයට.
මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්‍රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.


මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.


මෙතනින් බාගත කරගන්න


[ZIP / 58 MB]
[Mediafire]

Trailer
ඔබ ක්‍රීඩාව අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.



ඔබේ අදහස් මට ඉතාමත් වටී. ඒ නිසා අමතක නොකර comment එකක් දමා යන්න.


5 Blog.Dilshan.me: November 2010 මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්. හොල්මං අඩවිය 2 මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි. ...
< >