+ -

Pages

Edit Bloggy [Full Ver:] | ඔබේ බ්ලොගය පහසුවෙන් එඩිට් කරන්න මගේන් ටූල් එකක්

මෙන්න ඊයෙ දැම්ම සොෆ්ට් එකෙම අලුත් version එක
මේක .NET වලින් හදපු නිසා unicode හෙමත් සපොර්ට්

බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ template එක තමන්ට ඕනි විදිහට edit කරගන්න දන්නෙ නෑනෙ.
මෙන්න ඒවගේ අයට මම හැදුව පොඩි ටූල් එකක්
මේකෙන් ඔයාලට තත්පර ගානක් ඇතුලත ඔබේ blogger / blogspot බ්ලොගයේ template එකෙ කල හැකි ප්‍රධානම වෙනස්කම් බොහෝමයක් කල හැකියි.




මේකෙන්


  • මුල පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • පැරනි පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • ඊලඟ පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
  • labels යන නම වෙනස් කරන්න
  • comment යන නම වෙනස් කරන්න
  • comments යන නම වෙනස් කරන්න
  • post a comment යන නම වෙනස් කරන්න
  • labels යන නම වෙනස් කරන්න
  • label ගණනය අය්න් කරන්න
  • comment box එකට උඩින් යමක් ලියන්න
  • ලියන්නාගේ නම වෙනස් කරන්න
  • search කියන වචනය වෙනස් කරන්න
  • බ්ලොගයට icon එකක් දාන්න
  • Email me බොත්තමක් දාන්න
  • උඩට යන්න බොත්තමක් දාන්න
  • මෙටා ටැග් එකතු කරන්න
  • බ්ලොගය ගැන විස්තරයක් ලියන්න [search engine එකෙ result එකට දිස් වෙන්න ]
  • බ්ලොගය ලියන්නගේ නම  [search engine එකෙ result එකට දිස් වෙන්න  ]
  • ලියන්නාගේ නම බ්ලොගය යටින් ලියන්න
  • Dig බොත්තමක් දාන්න
  • Navigation bar අය්න් කරන්න
  • Subscribe to-post (atom) අය්න් කරන්න



වගේ වැඩ කරන්න පුලුවන්. 
මේකෙ ගුණ දොස් මට කියන්න

කොහොමටත් මෙකේ Help එකෙ තියෙන විදිහට ආරක්ශක පියවරවල් අනුගමන කරල කරොත් ප්‍රශනයක් නෑ.

 2.5 MB | RAR


mediafire  - http://www.mediafire.com/?89alrr77kb6jkk1
megaupload -  http://www.megaupload.com/?d=XK2ECSOF

older version [written in VB6] - http://www.mediafire.com/?e2aqh5aah4z7ley [ 800 KB | mediafire | RAR ]
5 Blog.Dilshan.me: December 2010 මෙන්න ඊයෙ දැම්ම සොෆ්ට් එකෙම අලුත් version එක මේක .NET වලින් හදපු නිසා unicode හෙමත් සපොර්ට් බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ ...

VPN තාක්ශණය

කාලෙකට පස්සෙ තාක්ශනික ලිපියක් ලියන්න හිතුනා
මේ ගැන දැනටමත් කට්ටිය ලිපි ලියල තියෙනවද දන්නෙ නෑ , කොහොම හරි VPN  ගැන වැඩිය දන්නෙ නැති අය මේකෙන් ඒ ගැන යමක් ඉගෙන ගනීවි යැයි හිතනවා.

VPN

Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ශිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි. මෙය Wide Area Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැඳින්විය හැක.


1990 වර්ශයේ අග භාගය වන තුරු දුරස්ථ පරිගනක ජාල බොහෝ විට සම්ඹඳ වූවේ ඒ සඳහා වෙනම නිර්මාණය කරන ලද පෞද්ගලික කේබල් මාර්ග මගින් හෝ dial-up දුරකථන මාර්ග මගිනි. මේවා එකල ඉතා මිල අධික වුව අතර දත්ත ආරක්ශාව ඒතරම් හොඳ තත්වයක නොපැවතිනි.

ආරක්ශිත VPN මගින් දත්ත encrypt කරීමක් කරනු ලබයි. මෙමඟින් කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවාදැයි දැනගත නොහැක.මෙම නිසා packet sniffing ( මෙය ආරක්ශ රහිත ලෙස ජාල අතරේ හුවමාරු වන දත්ත වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ක්‍රමයකි. wireshark වැනි මුදෘකාංග මඟින් කල හැක. ) හෝ වෙනත් අන් කිසියම් ක්‍රමයකින් විශේෂයෙන්ම හැකර් කරුවෙකුට ඔබගේ සන්නිවේදය වන තොරතුරු ලබාගැනීම අතිශයෙන් අසීරු කාර්‍යක් වේ.


VPN එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම මුදෘකාංග හා දෘඩාංග පිහිටුවාගත යුතුය. දෘඩාංග ලෙස අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්ඹන්ඳ වීමට අවශ්ය කරන උපාංග පමණක් වන අතර මුදෘකාංග ලෙස VPN සේවාව ලබාදෙන මුදෘකාංගයක් අවශ්‍ය වේ. පහත දැක් වෙන්නේ ඒ සඳහා ප්‍රසිද්ධ මුදෘකාංග කිහිපයකි.


1.CyberGhost - www.cyberghostvpn.com
2.Hotspot Sheild – www.hotspotshield.com
3.OpenVPN – www.openvpn.net


VPN භාවිතය මගින් මෙම ජාල සඳහා වැය වෙන මුදල් ඉතිරි කරගත හැකිවූ අතර පුද්ගලික භාවිතයට වෙන වෙනම සකස් කලයුතු ජාල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද නැතිවිය.
එසේම ඒ සියල්ලටම වඩා පරිශීලිකයන් හට ආරශක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසරීමට හා වෙනත් ජාල සමඟ දත්ත හුවමාරුවට මෙමඟින් හැකියාව ලැබිනි.

එසේම ඔබට proxy සේවාවකින් ලබාගන්නා සේවාවම VPN මුදෘකාංගයක් භාවිතයෙන්ද ලබාගත හැක. proxy වලට වඩා මෙහි ඇති වාසිය නම් proxy වෙබ් අඩවි වල මෙන් කරදරකාරී වෙළඳ දැන්වීම් නොමැති වීමත් , දත්ත ආරක්ශාව ප්ලිඹ්ද සහතික වීමට හැකිවීමත්ය. කෙසේ වුවත් VPN මුදෘකාංගයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා පිලිගත් මුදෘකාංගයක් භාවිතා කිරීම වඩාත් උචිතය.



උදාහරණයක් ලෙස අප CyberGhost මුදෘකාංගය සලකමු. දැනට ඇති පිලිගත් encryption තාක්ශණයක් වන 128-bit AES encryption තාක්ශණය භාවිතා කරන CyberGhost , වෙනත් VPN මුදෘකාංග හා සැසඳීමේදී වේගවත් සේවාවක් ලබාදෙයි. මෙහි basic version එක ඔබට www.cyberghostvpn.com
වෙබ් අඩවිය හරහා download කරගත හැක.



මෙය download වී පරිගනකයේ ස්ථාපනය කරගත් පසු එය භාවිතා කිරීමට නම් ඔබහට username හා password එකක් අවශ්‍යවේ. මේ සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස (www.cyberghostvpn.com ) සාමන්‍ය ආකාරයේ ගිනුමක් නිර්මාණය කර ගත හැක. දැන් ඔබ ඔබේ ගිනුම නිර්මාණයේදී ලබාදුන් username හා password භාවිතාකර CyberGhost මුදෘකාංගය open කරගන්න.

දැන් ඔබටත් CyberGhost හි VPN තාක්ශණය මඟින් ඔබටත් නිර්නාමිකව , ඔබගේ IP ලිපිනය සඟවාගනිමින් ආරක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරසැරිය හැක.


ප.ලි. - පරිගනක ලෝකයේ කිසිවක් 100% ආරක්ශිතවත් , කිසිවෙක් 100% නිර්නාමිකවත් නැත.
5 Blog.Dilshan.me: December 2010 කාලෙකට පස්සෙ තාක්ශනික ලිපියක් ලියන්න හිතුනා මේ ගැන දැනටමත් කට්ටිය ලිපි ලියල තියෙනවද දන්නෙ නෑ , කොහොම හරි VPN  ගැන වැඩිය දන්නෙ නැති අය මේකෙන...
< >