+ -

Pages

Wednesday, November 9, 2011

බේබද්දෝ [Adic ShortFilm]

මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.
5 Blog.Dilshan.me: 2011 මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.

Monday, November 7, 2011

ෆන්එක [ සිංහල කෙටි චිත්‍රපටය ]


මේ තියෙන්නෙ Addict තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපටයක්.
චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි.
මේක හදන්න ගියේ විනාඩි 20ක් වගේ කාලයක්.
චිත්‍රපටය තත්පර 45කට වඩා වැඩි වෙන්න බෑ කියල තිබ්බා.නැත්නම් මීට වඩා හොඳට ගහනවා..මේකත් මේ කපල කලප බොහොම අමාරුවෙන් තප්පර 45ට අඩු කරගත්තෙ.
තව එකක් තියෙනවා..තාම ඒක එඩිට් කරල ඉවර නෑ.
මේක බලල හොඳ නරක කියන්න.



link : http://youtu.be/l1W2niWF3MM
share on FB : https://www.facebook.com/photo.php?v=2575358744869

5 Blog.Dilshan.me: 2011 මේ තියෙන්නෙ Addict තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපටයක්. චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි. මේක හදන්න ගියේ විනාඩි 20ක් වගේ ...

Monday, September 5, 2011

ඩ්‍රැගන්ඩී නැවතත්....


බුහහහා...
මට ආයෙත් මගේ පරන බ්ලොග පටන් ගන්න හිතුනා.
ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති.ඉස්සර ඩ්‍රැගන්ඩී කියන නමින් පිස්සු බ්ලොග් එකක් ලිව්වෙ මම තමා.මම ඒ කාලෙ ගොඩක් ඔපන් විදිහට හිතට එන ඔක්කොම ඒ විදිහටම ලිව්ව නිසාත් ඒ ලිව්ව ස්ටයිල් එක නිසාත් ඒ කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බ බ්ලොග් එක.මේ කියන්නෙ දෙදහස් නමවෙනි ගනන් වල.දෙදහස් අටෙ තමා මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.ඒ කියන්නෙ අවුරුදු 15 හිච්චි කොලුව කාලෙ.ඔය සින්ඩි හෙම නෑ ඒ කාලෙ ඕන්..කොහෙ හරි ගිහින් ස්පෑම් කලොත් තමා එකෙක් හරි පෝස්ට් කියෙව්වෙ.


[ මේ ඉස්සර වැටිච්ච කමෙන්ට් වගයක්.ඉස්සර තිබ්බ පෝස්ට් ගැන පොඩි අයිඩියා පාරක් අලුතෙන් කියෝන අයට ගන්නයි මේක දැම්මෙ.මේව තිබ්බ සමහර පෝස්ට් නම් ආරක්ශක හේතූන් මත ඩ්‍රාෆ්ට් වෙලා ඇති.ලොකු කරල බලන්න ඕනි නම් ක්ලික් කරන්ට පින්තූරෙ උඩින් ඕන්.. ]


කොහොම කොහොම හරි මම ඔය කාලෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා හෙම හදල පස්සෙ දඩ කම්පියුටර් ගේම් හිටන් හදල මගෙ බ්ලොග හරහයි ඒ කාලෙ තිබ්බ මගෙ සයිට් එක හරහයි දෙන්න පටන් ගත්තා.මේ වෙනකොට ඩ්‍රැගන්-ඩී කියන අනුවර්ථ නමින් හිටපු මම කව්ද කියල ගොඩක් අය දැනගත්තා.

ඉස්සර ආදි කාලෙ මම කව්ද කියල නොදන්න නිසා හොඳ සිංහලෙන් 18+ විදිහට තමා මම ලිව්වෙ.ඊට පස්සෙ මම ටිකෙන් ටික ජීවිත කතාව කියන එක නතර කරල මම හදන එක එක දේ සහ 'පොශ්' පෝස්ට් දාන්න පටන් ගත්තා.ඒත් ඒ වෙනකොට බ්ලොග් එකෙ තිබ්බ යුනික් ගතිය නැතිවෙලා සාමාන්‍ය ටෙක් බ්ලොග් එකක් බවට පත් වෙලයි තිබ්බෙ.

ඔය කාලෙ මම අපේ ඉස්කොලෙ තිබ්බ ප්‍රසන්ගයක් ගැන අලි පෝස්ට් එකක් ලිව්වා.ඒ කාලෙ කියෝපු අය නම් දන්නව ඇති ඉතින් මම මට අල්ලනෙ නැති දේවල් ගැන ලියන විදිහ.කොහොම හරි එකෙ සංවිධායක කමිටුවෙ එකෙක් ඔක දැකල ප්‍රින්ට් අවුට් එකක් අරන් ප්‍රින්සිපල් ට දීල ඒට පස්සෙ ඉස්කොලෙයි ඉස්කොලෙ වැඩයි විවේචනය කරා කියල මට සීන් දාල මාර වැඩ ටිකක් උනා.කොහොම හරි මගේ බ්ලොග් එකෙ අනිත් පෝස්ට් ගැනත් කියල මම පොඩ්ඩක් පිස්සු තද උන අහින්සක කොල්ලෙක් කියල ඔප්පු කරල ලොකු සීන් එකකින් බේරුනා.ඒත් ඒ එපා උන එපා විල්ල නිසා මම මගේ ටෙක් පෝස්ට් ඇරෙන්න අනිත් ඔක්කොම පෝස්ට් මැකුවා.

කොහොම හරි දැන් ඔවා වෙලා අවුරුද්දක් විතර ඇති.දැන් ආයෙ ඒ ලෙවල් හෙම ලියල ගෙදර ඉන්න නිසා මට හිතුනා අයෙ බ්ලොග් එක ලියන්න.මම කව්ද කියල දැන ගත්තත් කමක් නෑ ඔන්න ඔහේ පරන ස්ටයිල් එකෙන්ම ලියනවා මම.ඉස්සර තිබ්බ පෝස්ට් ඔක්කොම ඩ්‍රාෆ්ට් කරල හංගලයි තිබ්බෙ.මම කියවන්න හොඳයි කියල හිතුන ටිකක් අයෙ පබ්ලිශ් කලා.[ගොඩක් එවා කියවන්න බෑ, පෞද්ගලික වැඩියි.හිහ් හිහ්]
මොකක් උනත් ඔන්න ඩ්‍රැගන්-ඩී [අනේ මන්ඳ ඒ කාලෙත් දාගන්න නම්] ආයෙ බ්ලොගට බැස්සා.

පීස් අවුට් !!!

ඩ්‍රැගන්ඩී සහ ගැස්ටෝ...
දැන් ඉතින් මම මොකාද කියල කොහොමටත් දන්න නිසා ඉතින් පින්තූරත් එකම පෝස්ට් ලියන්න පුලුවන්.

5 Blog.Dilshan.me: 2011 බුහහහා... මට ආයෙත් මගේ පරන බ්ලොග පටන් ගන්න හිතුනා. ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති.ඉස්සර ඩ්‍රැගන්ඩී කියන නමින් පිස්සු බ්ලොග් එකක් ලිව්වෙ ...

Tuesday, February 1, 2011

Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]




link - http://www.youtube.com/watch?v=_R74cXkhy7o


අපි මේ පොඩි ෆිල්ම් එක හැදුවෙ ගේම් ප්ලේ එකක් වගේ වෙන්න.
මෙක හදන්න භාවිතා කල එකම සොෆ්ට්වෙයා එක 'ulead'
ලෝඩ් බාර් එක 'powerpoint 2010' න් හදල තියෙන්නෙ.
එෆෙක්ට් ටිකත් වෙනම අරන් ක්‍රොම් කරල විතරයි.
මතක් කරල කමන්ට්ස් දාන්න.
5 Blog.Dilshan.me: 2011 link - http://www.youtube.com/watch?v=_R74cXkhy7o අපි මේ පොඩි ෆිල්ම් එක හැදුවෙ ගේම් ප්ලේ එකක් වගේ වෙන්න. මෙක හදන්න භාවිතා කල එකම සොෆ්...

Tuesday, January 18, 2011

කොස් - මගේ RealTime යුනිකේත පරිවර්තකය

ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.

මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ].  පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.


 125 KB | RAR | mediafire
last update on - 2011/01/19








5 Blog.Dilshan.me: 2011 ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි...

ඩුම්ඩුම් - සිංහල කෘතිම බුද්ධිය

ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.

FyRa , මගෙ පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.

තාම ටෙස්ටින් තත්වෙ තියෙන්නෙ. ඒ නිසා බග්ස් හෙමත් ඇති. මේකෙ සාකච්චා රෙකෝඩ් වෙනවා. කම්මැලි නැති අය මට ඒක එවන්න [ dilshanzmail@gmail.com ].ඒක මට මේකෙ වැඩිදියුනු කිරීම් වලට ගොඩාක් උදව් වෙනවා.
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.




 450 KB | RAR | mediafire


link :- http://www.mediafire.com/?f2e6a605g58sjpm
5 Blog.Dilshan.me: 2011 ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ. මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර්...
< >