+ -

Pages

රු 10000 ට පටන් ගන්න පුළුවන් business

2014-11-10 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි.
අදහස් ප්‍රකාශ කිරීමට : http://www.elakiri.com/forum/showthread.php?t=1638121



මම දැක්ක 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහල ත්‍රෙඩ් එකක් දාල තියෙනවා.ඒ ගැන මගේ අදහසක් මෙන්න.මේක හැබැයි හැමෝටම හරියන එකක් නෑ..මම ආස ෆීල්ඩ් එක කම්පියුටර් නිස හැම එකක්ම ඒ සම්ඹන්දව තමා මම හිතන්නෙ, ඒ නිසා මේකත් ඒ සම්බන්දව තමා. මේ මම ලියන්න යන එක මගේ තව ත්‍රෙඩ් දෙක තුනක් එක්ක සම්බන්දයි.

ඉස්සෙලම කියන්න ඕනි මට තේරෙන විදිහට නම් (මම කියල මහලොකුවට දන්නෙ අනෙ මට තාම 21 යි ඈ) මොන හරි බිස්නස් එකක් කොර කරල ගනන් නම් ඒ කරන දේට බොක්කෙන්ම ආස වෙන්න ඔනි.මොකද බිස්නස් ලේසි දෙයක් නෙමේ, දැන් තරඟෙ හොඳටම වැඩියි.හැම දේදිම...අනික තමා හිතින් කඩාවෙටෙන වාර අනන්තයි, යකෝ මේක මල කරුමයක්නෙ කියල හිතෙන වෙලා...ඒත් අත අරින්න හොඳ නෑ..කට්ට කාගෙන ඉන්න ඕනි එල්ලිලා...එක තම බිස්නස් කියන්නෙ. මගේ භාශවෙනි කිව්වොත් කුනුම කුනු වෙනව...ඒත් හිතේ තියෙන හීන ආයෙ ආයෙ මතක් කරගන්න, ඩෙක්ස්ටොප් එකට ඒ හීන දාගෙන ඉන්න, හැමවෙලේම පේන තැනකට.


මම මීට මාස කීපයකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මනෙ දියුනු වෙන හැටි ගැන, මම ඒකෙ කම්පුටර් සයිඩ් එකෙන් 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි ගැන කියන්නම් , මැනික් බිස්නස් වලටත් 10,000ක් තිබ්බම ඇති ඒත් රත්නපුර නෙමේ නම් එක බෑනෙ..අනික ඒකට මැනික් අතපත ගාන්න තියෙන්නම ඔනි..පවුලෙන්ම එන බිස්නස් එකක් වගෙ නම් හරි.නැත්නම් තේරුමක් නෑ.අපරාදෙ ඒ කාලය.

කම්පුටර් බිස්නස්

ශොප් එකක් දාගනන් හැටි ඕනි නම් මේන්න මේ ත්‍රෙඩ් එක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1572190

මෙතන අපි 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි කතා කරමුකො.

ඇත්තම කිව්වොත් වැඩේ ලේසි නෑ...ලොවෙත්ම කට්ට කන්න වෙනවා.ඒත් මේක කරන මගේ යාලුවෙක් ඉන්නවා...මිනිහ නම් 10,000 ට අඩුවෙන් මේක පටන් ගත්තෙ.
වැඩේ තාම ගෙවල්, ඔෆිස් වලට ගිහින් කම්පියුටර් හදන එක.එකෙන් තමා පටන් ගන්න ඕනි, හැමෝටම කඩයක් දාන්න සල්ලි නෑනෙ.
ඉස්සෙල්ලම පෝස්ටර් ටිකක් ගහන්න ඕනි, නිවස් වලට පැමින පරිගනක අලුත්වැඩියකරදෙනු ලැබේ කියල.එහෙමම් නෙමේ නිකන් අම්බරල දෙන්න ඕනි...ඔබේ පරිගනයක ස්ලොව්ද, අරන් යන්න වෙලාවක් නැද්ද.අප නිවසටම පැමින රෙපයාර් කරල දෙන්නම් වගේ ලයින් එකක්.
අහ්...ඔක්කොටම කලින් රෙපයාර් කරන හැටි දැනගන්න එපෙයෙ.කිව්වට විස්වස කරන්න දැන් මම අවුරුද්දක ඉන්දන් කම්පුටර් හදන්නෙ..මාඉ මගේ යලුවඉ.මෙලෝ කෝස් එකක් කරල නෑ, ඉන්ටර්නෙට් එකයි ආසවයි අතපතගාලයි...
මහලොකු දෙයක් නෑ සිස්ටම් එක දාන එක, එක්ස්පී, වින්7, 8 පට්ට ලේස්යි, යූටියුබ් එකේම ඇති ඕනි තරම් ටියුට්ස්...හාඩ්වෙයාර් රෙපයාරුත් එහෙමයි, බීප් සද්ද ටික දැනගත්තටම හරි.
ගොඩක්ම එක්කෙ ඩිස්ප්ලේ දෙන්නෙ නෑ, ඉස්සෙල්ලම රැම් එක ගලොල සුද්ද කරල ගහනව, නැත්නම් අපේ රැම් එකක් ගහල බලනව, ඊට පස්සෙ වීජීඒ එක, ඉට පස්සෙ ප්‍රොසෙසර් එක, ඒත් නැත්නම් බොර්ඩ් එක, බෝඩ් එකට කරන් එන්නෙ නෑත්නම් සප්ලයි එක.බලමුකො මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ටිබ්බොත් මම රෙපයාර් ගැන දාන්නම්.ආයෙ මේන් සබ්ජෙක්ට් එකට බහිමුකො.

ඉස්සෙල්ලම ගහනව පෝස්ටර් පාරක්, 2000ක් යයිනෙ.
ෆෝර්මැට් එකකට ගන්නව 500ක්, ෆෝමැට් 4ක් ආවම වැඩේ ගොඩ.
පොඩි පොඩි අයිටර් ටිකක් ඕනි, ඩීඩීආර් 1,2,3 වලින් රැම් එක ගානෙ, රු.1000න් ගොඩ.40 හාර්ඩ් එකක්, 800යි, 80 සාටා හාඩ් එකක්, 1300යි (හාඩ් නම් අනිවාර්යත් නෑ, හාඩ් කේස් එකක්ද කියල චෙක් කරගනන් පුලුවන්නෙ, කම්පවුන්ඩ් (ප්‍රොසෙස රත් වෙනවට ගාන්නෙ, රු.100) ඒජීපී වීජීඒ එකක්, 500යි, පීසීඅයි එxප්‍රෙස් වීජීඒ එකක් 850යි.නියන් ටිකක්, 1000යි.දැනට 7500යි ගියේ..එක පෝස්ටර් එකකට 5ක් ගියා නම්, 400ක් ගහලනෙ, ගහන්න ඕනි කඩවල් වල, අහල ගැහුවම ගහන්න දෙනව ගොඩක් අය.
ඉස්සෙල්ලම දවස් 2-3කට පරක් කෝල් එන්නෙ, ඒට පස්සෙ වැඩේ හරියට ගොඩ දැම්මම බිස්නස් එන්න ගන්නවා....ලොකු පාර්ට් එකක් ඕනි නම් ගෙනත් දෙන්නම් කියල ශොප් එකකින් අරන් රු.300-500ක් තියගෙන ගිහින් දානවා.ශොප් එකෙන් දෙන වොරන්ටි එකම දුන්නම වොරන්ටි ගැන බය වෙන්න ඕනිත් නෑනෙ.
ලොවෙත්ම කට්ටක් නම් තමා, හද්ද ඩොටේ යන්න වෙනවා...ඒත් ටිකෙන් ටික ගානක්ක් හොයාගත්තෙකි.
ඒට පස්සෙ පොඩි කඩ කෑල්ලක් අරන් බඩු ටිකක් අරන් වැඩේ පටන් ගන්න තියෙන්නෙ, මේන්න තියෙනව මෙතනින් එහා ටික.

මේ වැඩේ කරන යාලුවෙක් ඉන්නවා, මගේ ශොප් එකෙන් බඩු ගන්නෙ, මිනිහ නම් ටවුමෙ ග්‍රැෆික් ශොප්ස් ටිකක් හෙම අල්ලන් ඉන්නෙ ඒවල වැඩ එනවා, ගෙවල් වල වැඩ අරව මේවා සෙට් වෙනවා, තාම පටන් අරන් මාසයක් වත් නෑ.

මම නම් කරන්නෙ ශොප් එකක්...ලොකු තරන්ගයක් තියෙනවා, මෙහෙ පලාතම හොල්ලන් හිටිය කඩේක් එක්ක මට තරඟ කරන්න වෙලා තියෙන්නෙ.ඒත් දැන් බිස්නස් හැදීගෙන එනවා, මන් මිනිස්සුත් එක්ක ටිකක් කතකරනව, කොහෙද ඉන්නෙ මොන වගේ එකක්ද ඕනි පොඩි අය ඉන්නවද එහෙනම් මෙන්න මගෙ ගානෙ ගේම් එකක්, අවම වාඩි වෙන්න කියල හිනා වෙලා ඉන්නකොට මිනිස්සු කැම්තියි. අනික මල්ලි මට ශොප් එකක හම්බුන අයගෙන හම්බුන හොඳම කොල්ලෙක් කියන අය ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් නේමේ..අනික තමා කොහොම හරි අඩු ගානෙ ගොඩ දාල දෙනව මොන හරි ආවමා, තව රැම් එකක් ඕනිද ඇහුවම ඕනි නෑ අය්යෙ මේ ස්පීඩ් මදෑ කියන්න, ලාබෙ අඩු උනත් මල්ලි ඔෆිස් වැඩ අවලට මොන වගේ මැශින් එකක්ද ඕනි ඇහුවම පෙන්ටියම් ෆෝත් ඇති අය්යෙ කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..මොනව උනත් සෙකන්ඩ් හෑන්ඩ් මැශින් (මම කරන්නෙ 99%ම සෙකන්හෑන්ඩ්) ගන්න සල්ලි කාරයො එන්නෙ නෑනෙ, ඒ ම්නිස්සුන්ගෙ අමරුවෙන් හම්බකරන දේ කඩන්න මට හිතෙන්නෙ නෑ.මෝඩකම වෙන්න ඇති, ඒත් මම සතුටෙන් ඉන්නව, උදේ ඇහැරිල ආතල් එකේ ශොප් එකට යනවා..
අනික තමා මගේ බිස්නස් පාට්නර් (මෙකේ මුල ඉඳන්ම හිටිය පට්ට සීනියර් කෙනෙක්) අයෙ ඉතින් බිස්නස් කරන එකෙක්ට හම්බෙන්න පුලුවන් සුපිරිම පාර්ට්නර් කෙනෙක් තමා, හරි හරියට වැඩ , උන ගැනිල මැරෙන්න ගියත් එනවා..ගේමක් නම්, කඩු පොලු අරන් ඒත් බහිනව.හික්z
අහ්.අනික තමා බොන්න නම් එප සහෝලා...මොන රෙද්දටඩ බොන්නෙ, හම්බකරන තුට්ටු දෙකෙන් බීල සල්ලි නෑ යකෝ ගාන යලුවො ඕනි තරම් ඉන්නවා..හ්ම්..බීපු අයට නම් නොබී බැරුව ඇති, යලුවො බොනකොට සෙට් එකෙ ඉන්නකොට නොබී ඉන්න බෑ කියන්නෙ පට්ට බොරුවක්, ට්‍රිප් ගිහින් මුලු සෙට් එකම බොනකොට මම (කුනුකතා අහ අහ ) නිකන් ඉඳල තියෙනවා.බොන්න නම් එපා ඉවරයි.

ම්ම්ම්..මන් ගැන ඇති..මන් මේක ලිව්වෙ අර 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහපු ත්‍රෙඩ් එකක් දැක්ක නිසා...වෙලාව රෑ 12.01යි, හෙට සෙනසුරාද වැඩ වැඩ්යි නිදාගත්තොත් හොඳයි.
ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචරයක් තිබ්බොත් මම පරිගනක රෙපයාර් කරන හැටි සහ මේ ගැන වැඩි විඩ්තර දාන්නම්.
එහෙනම්, ජය වෙවා.

ප.ලි : කඩේ දාල දැනට අවුරුද්දක් වගේ වෙනවා..මම මෝඩ වෙඩ ගොඩක් කරා ඉස්සර, කඩේ එහෙ මෙහෙ ගෙනිච්චා (යක ෆොටෝ එකෙ යට තට්ටුවෙ ගහල තියෙන බෝඩ් එක බලන්නකෝ, 1ස්ට් ෆ්ලොර් කියල ඇඩ්‍රස් එක තියෙන්නෙ, ඉස්සර උඩ තට්ටුවක හිට්ය කාලෙ එකක්)..බිස්නස් ගැන කවුරුත් කියල දෙන්න හිටියෙත් නෑ, ගෙදරින් නම් ගොඩක් අඩු සප් එකක් දුන්නෙ (ජොබ් එකක් කරන්නලුනෙ,ලොල්) හරි ට්‍රැක් එකට වැටෙන්න මාස 6ක් විතර කුනු උනා..තාම මාත් බිස්නස් ගැන ඉගෙන ගන්නවා, වැටෙනව නැගිටිනවා හැමදාම අවුරුදු නෑ ඒ බිස්නස් වල හැටි.
ඕනි දෙයක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ අහන්න නැත්නම් පී..එම්. එකක් දාන්න මම පුලුවන් වෙලවට රිපයි එකක් අනිවා දාන්නම්.

එහෙනම් නැවතත්, ජයවෙවා.

video
5 Blog.Dilshan.me: February 2015 2014-11-10 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි. අදහස් ප්‍රකාශ කිරීමට :  http://www.elakiri.com/forum/showthread.php?t=1638121 මම දැක...

දියුනු වෙන හැටි II - Computer Shop

2013-08-16 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි.
අදහස් ප්‍රකාශ කිරීමට : http://www.elakiri.com/forum/showthread.php?t=1572190

මගේ දියුනු වෙන හැටි ගැන ටිහිබ්බ ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා මම ඊ ලඟට දානවයි කිව්ව පරිගනක වෙලඳාම ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

ඉස්සෙල්ලාම බලමු කඩයක් හොයා ගන්න හැටි.ඒ කියන්නෙ කඩේ දාන්න තැනක්.
ටවුමක මැදක වගේ දාගන්න පුලුවන් නම් වැඩේ නැගලම යනව.ඒත් ඉතින් ටවුම් වල මැද කඩවල් වලට රෙන්ට් ගෙවනකොට ඉතින් ලාබ නෑනෙ.ඉස්සෙල්ලාම ඉතින් පොඩි තැනක් උනාට කමක් නෑ.උඩ තට්ටුවක උනාම ඉතින් කොහොමත් ගාන අඩුඉනෙ රෙන්ට් එක.
මේ පැත්තෙ තියෙන හොඳම කම්පියුටර් පාට්ස් කඩේ තියෙන්නෙත් උඩ තට්ටුවක.පොඩි ඉඩක.ඒත් පට්ට බිස්නස්.
මම ශොප් එකක් ගන්න හැටි මගේ පරන ත්‍රෙඩ් එකෙන්ම කොපියක් මෙතන දාන්නම්කො.

"හොඳම දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ.
ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.ලැලි කෑලි හරි ගහල වැඩේ අඩුවට කරගන්න තියෙන්නෙ.
ශොප් එකක් ගැන කියනකොට මග ඇරුන.සමහරු කීමනි (රෙන්ට් එකට ගන්නකොට කීයක් හරි ඇපේට තියන්න වෙනව ඔයලා තැනට හානියක් කලොත් කපාගන්න ) අවුරුද්දක ඉල්ලනව.ඒක අඩු කරගන්න බලන්න.සමහරු නම් දෙය්යනේ කියල ගන්නෙ මාස 3-4 ක.රු 5000 ශොප් එකක් සෙට් උනොත් ඒ කියන්නෙ තියන්න ඕනි 15-20ක්.ඒ ගාන ඉතින් ඔයලා මොකුත් හානියක් නොකලොත් බිල් ටික ගානට ගෙව්වොත් වෙනින් තැනකට යනකොට අනිව ලැබෙනව."

කඩේ පොඩි උනාට කමක් නෑ.මම දාල තියෙන එක අඩි 12x20ක වගේ කෑල්ලක්.
ආ කියන්න එකක් තියේ.උඩ තට්ටුවක කඩයක් ගන්නව නම් පඩිපෙල හොඳද බලන්න.සමහරු ඉඩ ඉතුරු කරගන්න කියල පොඩිම පොඩි පඩිපෙලවල් ගහනව කවුරුවත් ඕවට කම්පිටරත් උස්සගෙන කොඉ වෙලේ වැටේද කියල හිතෙන පොඩි පඩිපෙලවල් වල නගින්නෙ නෑ යට තට්ටුවක තියෙන කඩේකට දීල දානව.
හරි.ඔන්න දැන් කඩේකුත් සෙට් උනාය කියමුකො.

ඒට පස්සෙ කඩේට හොඳ නමක් හෙම දගන්න ඕනි .ටක් ගාල කියන්න පුලුවන් නමක් නම් හොඳයි.මම දැම්මෙ 'iCom' කියල.ස්ටීව් ජොබ්ස් මහත්තයව කොපි කරල.මට කවුරු හරි එහෙම කිව්වොත් කියනව 'නෑ, අයි කියන්නෙ ඉන්ටනැශනල් කියන්න' කියල.මම අයි අකුර වෙන් කරල දාල තියෙන්නෙ.මේ තියෙන්නෙ ලොගෝ එක.



ඒට පස්සෙ නම රු1500ක් දීල ප්‍රාදේශිය සභාවෙන් රෙගිස්ටර් කරගන්න.නැත්නම් කේස්.ඒට පස්සෙ ග්‍රාමසේවකයි, සභාවෙන් කෙනෙකුඉ ඇවිත් චෙක් කරල සහතිකේ දෙයි.
ඒකට අයිඩී එකේ කොපියක් සාමවිනිසුරු කෙනෙක් ලවා අත්සන් කරලයි, කඩේ අයිතිකාර කෙනාගෙන් ඉඩමෙ ඔප්පුවක කොපියකුඉ (ඒකත් සහතික කරල ) ඕනි.ඒට පස්සෙ කඩේ දාන කෙනෙයි අයිති කෙනයි ග්‍රාමසේවක හම්බෙන්න ගිහිහ් එයා ඉස්සරහ ඉඩමෙ අයිති කෙනා ලියුමක්
ලියන්න ඕනි 'මම මෙන්න මේ කෙනාට මෙන්න මේ තැන ව්යාපාරයක් කරන්න අවසර දෙනව' කියල.ඒක ග්‍රාමසේවක කරල දෙයි.කොහොමත් කඩ රෙන්ට් කරන අය වැඩේ දන්නව.ඊට පස්සෙ තමා ප්‍රාදේශිය සභාවට ඔය ටික බාරදෙන්න ඕනි.ඇතුලෙ කවුරු හරි අඳුනනව නම් හොඳයි නැත්නම්
හරි අමරුඉ ඉක්මනට ඕව ගන්න.

ඊට පස්සෙ රාක්ක ටිකක් ගහගන්න එපෑයෙ කම්පියුටර් තියන්න.මම හැදෙව්ව අඩි 4x2රාක්ක.යකඩ සහ ලී වලින් එකකට 8000ක් විතර ගියා.අඩි 6ක් උසයි.පොලවෙ ඉඳන් අඩියක් උඩින් පලවෙනි රාක්කෙ ඊට පස්සෙ අඩි 2.5ක් උඩින් ඊලඟ රාක්කෙ.

ඒට පස්සෙ ශොව්කේස් දෙකක් ගත්තා.එකක් උස එකක්.මේව ඉතින් ඕනිම කරන එව නෙමේ.අතේ සල්ලි ටිකක් තිබ්බ නිසාත් මේ පැත්තෙ නගරෙම හොල්ලගෙන ඉන්න කම්පියුටර් කඩ දෙකක් රන් වෙන නිසාත් තමා ගත්තෙ.ශෝ කේස් එකේ උස එකට (අලමාරි වගේ ශෝකේස් තියෙන්නෙ වීදුරු වලින් හදපු, යට තියෙන පින්තූරෙ දොර ගාව තියෙන එක ) ඒක ගත්තෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක්.හික්z.15 000ක් ගියා.හදන්න ගියොත් 22 000ක් විතර යනව.හොඳට තිබ්බ නිසාත් ඉක්මනට දාගන්න ඕනි උන නිසාත් ගත්තා.ඊට පස්සෙ හැදෙව්ව අර පොඩි එකක්.මේ ෆොටෝ එකේ යට තියෙනව වගේ එකක්.14 000ක් ගියා.සෙකන්ඩ් හෑන්ඩ් එකක් 10 000ක් වගේ වේ.අඩි 4x1 එකක්.
ඔය වගේ ඒකක් වත් ගන්න පුලුවන් නම් හොඳයි මොකද කගේ එක අයට අයිටම් දකින විදිහට තිබ්බම ආස හිතිලත් ගන්නව.
මම නම් තනිකට එක තට්ටුවක ඔක්කොම අයිටම් බොක්ස් වලින් අයින් කරල තියල තියෙනව දොර ගාවම එන අයට පේන්න.



ඊට පස්සෙ හොඳ තැනක මේසයක් හෙම තියල (ඉඩ තියේ නම්) කස්ටමර්ස් ලට පුටු දෙකක් තියල ගෙදර තියෙන පුටු සෙට් එකක් උස්සන් ඇවිත් තියල හෙම පොඩි වෙනසක් කරන්න (මෙහෙ තියෙන කඩ වල කස්ටමර්ස් ලට ඉඳගන්න හෙම නෑ.හිටගෙන අරගෙන යන්න තියෙන්නෙ.ඉතින් අපි අපේ පොඩි ඉඩේ කොහොම හරි වෙනසක් වෙන්නත් එක්ක දැම්ම පුටු සෙට් එකක් කට්ටියට ඉඳගන්න.ඊට පස්සෙ අනික තමා මෙහෙ අතින් ලියපු බිලක් තමා දෙන්නෙ.අපි දෙන්නෙ ප්‍රින්ට් කරල.හිහ්.පොඩි පොඩි දේවලින් හරි කොර කරන්න එපේයෙ මිනිස්සුන්ව )

නියම සොෆ්ට්වෙයා එකක් තියේ inFlow Inventory (site) කියල.ඒකෙ ප්‍රීමියම් වර්ශන් එකක් ගන්න පුලුවන් ටොරන්ට් එකකින්.
ඒකෙ ස්ටොක් තියාගන්න, ඉන්වොයිස් ප්‍රින්ට් කරන්න හෙම ටක් ගාල පුලුවන්.ලාබ බලාගන්නත් පුලුවන්.අනික තමා ඔයාට පුලුවන් වෙනින් කඩේට යන්නෙ නැතිව ගෙදර ඉඳන්ම ඒ සොෆ්ට්වෙයා එකට ඉන්ටර්නෙට් හරහ ලොග් වෙලා කඩේ බිස්නස් වෙන්නෙ කොහොමද ලාබ කොහොමද අරව මේව බලාගන්න.
සොෆ්ට්වෙයා එක ගැන වැඩි විස්තර ඕනි නම් අහන්න මම කියල දෙන්නම්.

හරි දැන් තියෙන්නෙ බඩු ගන්න එක.
අපි නම් දැනට ලොකුවටම කරන්නෙ පාවිච්චි කරපු කම්පියුටර්ස්.මොකද මේ පැත්තෙ (රත්නපුර පලාතෙ ) අලුතෙන්ම කම්පියුටර් ගන්න අය අඩුඉ.ගොඩක් අඩු ආදායම් ලබන අය තමා ඉන්නෙ.ඉතින් අලුත් එකක් ගන්න ගාන වගේ කීප ගුනයක් අඩු වෙන පරන එකක් ගන්න පුලුවන් නිසා හැමෝම ඒව තමා ගොඩක් ගන්නෙ.ඒවම කරන මේ පැත්තෙ කඩ්යක් තියේ කොයි වෙලේ ගියත් එකේ කට්ටිය.දැන් දාල අවුරුදු 3-4ක් වෙනව ඒක නම් (මම දාල මාසයක් වගේ වෙන්නෙ තාම ) පට්ට අලි එකෙන් ඉන්නෙ ඒකෙ කොල්ල නම්.හික්z.

පාවිච්චි කරපු කම්පියුටර්ස් කියන්නෙ කොරියාවෙ පාවිච්චි කරපු ඒවට.
ඒව ලොකුවටම හෝල්සේල් කරන අය දෙන්නෙක් ඉන්නව.ලොකුම තැන තමා නියෝවීව්. (මෙන්න එයාල කන්ටැක්ට් කරගන්න තොරතුරු , 95,නුවර පාර,යක්කල/ TEL 0332 232 232, ගම්පහයි නිට්ටම්බුවෙයි ශාකා තියේ ) ගානත් අවුලක් නෑ.මාසෙ හෝ මාස 6යේ වොරන්ටි ගන්න පුලුවන්.6යේ එක ගනන් අනික ගනන් අඩුයි.හැබැයි ඉතින් බඩු වලින් 10% අනිවා වැඩ කරන්නෙ නෑ.එයාල එවෙලෙ කම්පියුටර් නම් චෙක් කරනව.රැම් හාඩ් හෙම අපි ගෙඩර ඇවිත් කරගන්න ඕනි.ගෙඩර ආපු ගමන් කරනන් තියෙන්නෙ යාලුවො ටිකක් අල්ලගෙන ඔක්කොම ටික චෙක් කරන එක.
අනික තමා යනව නම් උඩේම යන්න.මොකද ඕවට බිල් දාල වැඩ ටික කරන්න පැය 4-5ක් යනව.තියෙන්නෙ යක්කල හරියට කෑම කන්න තැනක් ලඟ පාත නෑ.එකක් තියේ නිකන් ක්ලබ් එකක් වගේ එකක් කෑම පට්ට ගනන්.අනිත් තැන් එපා වෙනව.
අනිත් තැන තමා එස්.සී.ටී. (203/2, හොරන පාර,කොට්ටාව 011 2844228) බඩු අතෙන්ට වඩා පොඩ්ඩක් කොලිටි එකෙන් අඩුයි.ගාන ටිකක් වැඩ්යි.හැබැයි බඩු ඕනි තැනට වෑන් එකකින් ගෙනත් දානව කෝල් එකක් දුන්නම කිසි කරදරයක් නෑ.ඒත් අපි නම් බඩු වල පොඩි පොඩි කේස් නිසාම යක්කලින් තමා බඩු ගන්නෙ.යක්කල මොනව හරි ජාතියකින් බඩු 5කට වඩා ගන්නව නම් හෝල්සේල් ප්‍රයිස් තමා දාන්නෙ.

ආ.අනික තමා ඔය මවුස් කීබෝඩ් ස්පීකර්ස් වෙබ්කැම් වගේ ව නම් බ්‍රෑන්ඩ්නිව බඩු යක්කල නෑ.ඒව එස්.සී.ටී එකට කිව්වම ටක් ගාල ගෙනත් දානව අව්ලක් නෑ.ඒත් ඉතින් එකම බඩු ටිකක් තමා එන්නෙ.ඒ නිසා අපි කරන්නෙ පිටකොටුවෙන් ඒව ටික ගන්න එක.පිටකොටුවෙ 'පලවෙනි හරස් වීදියෙ' තමා කම්පියුටර් බඩු තියෙන්නෙ.බ්‍රෑන්ඩ්නිව් බඩු.ඕකේ තියේ ස්පෙන්සර් හවුස් කියල එකක්.නිකන් පිටකොටුවෙ යුනිටි ප්ලාස වගේ තැනක්.ඒකෙ යටම තට්ටුවෙ තියේ ඇට්කම්පියුටර්ස් කියල තැනක්.අන්න එතන ගොඩක් බඩු වල ගාන අඩුඉ.අනික තමා ඕනිවෙලාවක ගියාම බඩු මාරු කරල දෙනව.අවුරුදු2ක් විතර වොරන්ටි ඒ කියන්නෙ.තව එතනම උඩ තට්ටුවෙ කඩවල කීබොර්ඩ් වල හෙම ගාන අඩුඉ.කොයිකටත් ඔය පලවෙනි හරස් වීදියෙ ඇවිදල බලන්න තව වෙන හොඳ ශොප්ස් තියේද දන්නෙ නෑ.අපි ඉතින් වැඩේට අලුත්නෙ.

ඔන්න ඉතින් ඕනිම කරන ටික ලිව්ව.
දැන් නම් අතත් රිදෙහනව.ගෙවල් පැත්ටෙ ගිහින් කාල හෙම එන්න ඕනි.
මොනව හරි දැන ගන්න දෙයක් තියේ නම් මේ ගැන අහන්න.මම කියල දෙන්නම්.
ආ ඉවර වෙන්න කලින් යන ගානත් කියන්න ඕනිනෙ.සාමන්යෙන් කම්පිටර් 5-6ක් මිනිටොර් 5-6ක් මවුස්,කීබෝඩ්,ස්පේකර්ස්,වෙබ්කැම්,හාඩ් (80,40,60,160,250), රැම් (512,1) , මදර්බෝඩ්, පවර් සප්ලයි , ලප්ටොප් කූලර්ස්, වීජීඒ, කේබල්ස්, ඩොන්ගල්ස්, කාඩ් රීඩර්, හෙඩ්සෙට් ජාති දෙකකින්, සීඩී ඩීවීඩී රොම් වගේ හැම දේකින්ම 10-15 ගානෙ අරන් පොඩියට පටන් ගන්න අතේ ලක්ශ 3-3.5ක් තිබ්බම ඇති.

ආ...මම ගත්ත බඩු ලිස්ට් වල කොපි ටිකක් උප්ලොඅඩ් කරන්නම්කො ඔයාලට ඉස්සෙල්ලාම ඕනි බඩු මොනවද ඒවල ගනන් කොහොමද ගත්තෙ කොහෙන්ද අරව මේව ගැන අයිඩියා එකක් ගන්නත් එක්ක.

download bills

ආ අනික තමා ශොප් එකක් දානව නම් ලඟ තියෙන ශොප් වලට යලුවො හෙම යවල එයාලගෙ ප්‍රයිසස් කොහොමද කියල බලාගන්න.අනිවර්යෙන් එයල අලුතෙන් කඩයක් දැම්ම ගමන් ගනන් අඩු කරන්වා.ඒ නිස ඉස්සෙල්ලාම පොඩි ලාබ තියල බඩු දෙන්න.අපි නම් ලොකු රිස්ක් එකක් අරන් වෙඩක් කර්නව.අපි බඩු ගන්නෙත් මාස 1ක වොරන්ටි එකකට ඒ උනාට මාස 6ක් අපි කස්ටමර්ට දෙනව.ඒක වෙන මේ පැත්තෙ කඩවල් වල කරන්නෙ නෑ.අඩු ගානෙ මුල ටිකේ වත් අපි එහෙම දෙන්න ඉන්නෙ.
අනික තමා ඉතින් අනිත් කඩ වලට කෙලවෙන්නම ගනන් අඩු කරන්නත් එපා.ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපේයෙ.කාවවත් වට්ටල ඉස්සරහට අවිත් වැඩක් නෑ.

මුල මාස වල නම් අනිවා බිස්නස් අඩුයි.කට්ට කාගෙන ඉන්න.කම්පියුටරයක් හයි කරගෙන එලකිරියෙ රවුමක් ගහන්න ටීවී සීරිස් එකක් බලන්න.නැත්නම් මම වගේ මොකක් හරි ක්ලාඅස් තියෙන තැනක් ගාව කඩේ දාගන්න කෑලි බල බල ඉන්න.ඒතකොට යාලුවොත් අඩුවක් නැතිව එනව කෑලි බල බල කතා කර කර ඉන්න කම්මලිත් නැති නිසා.
අනික තමා මම කඩේට දාල තියෙන්නෙ මගෙ බොකකක්.උට දුන්නෙ පඩි නෙමේ ශෙයාර් එකක්.එතකොට එයත් මහන්සි වෙලා වැඩ කරනවනෙ.
මම නම් හිතන්නෙ අපි අදායම් හදාගන්න ඕනි අපි ඒ තැන වැඩිය ඉන්නෙ නෙති උනාට අපිට ඉන්කම් එක ගන්න පුලුවන් වෙන්න.තෙරුනද දන්නෙ නෑ එක.ඒ කියන්නෙ ගෙදෙට්ට වෙල හිටියත් ඉන්කම් එන්න.එහෙම කියල කම්මලි වෙලා හරියන්නෙ නෑ...මුල ටිකෙ මර කට්ටක් කන්න වෙනව.මම අවුරුදු 18ක් වෙනකම් බස් එකක ගිහින් නැති එකෙක් දැන් බස් එකෙ පිටකොටු ගිහින් බඩු එල්ලන් එනව.හික්z.යලුවන්ගෙ හැටියට නම් මම මේ පව් ගෙවනවලු.මට නම් මේව ආතල්.මහන්සි වෙලා තමන්ම කියල කීයක් හරි හොයන එක ගෙදරින් ඉල්ලල චටර් වෙනවට වඩා කොච්චර ශෝක්ද.අනේ මන්ද ඉතින්.ඒ මම හිතන හැටි.

කොහොම හරි වෙනසක් වෙන දෙයක් කරන්න.ලොකු අයිටම්ස් ගන්නකොට පට්ට ඉන්වොයිස් එකක් ගහල දෙන්න.කඩේට කෙනෙක් ආවම සර්,මිස් කියල කියන්න.වාඩිවෙන්න කියන්න.කොල්ලෙක් කඩේට අවම කොර වෙන්න ටෝක දාන්න යකෝ මූ දන්න දේවල් කියල හිතෙන්න.හැමදාම ඔය යුටියුබ් වගේ දේකින් රෙපෙයාර් ගැන ඉගෙන ගන්න.

ඊබේ එකෙ තියෙන අලුත් අයිටම් ගැන හෙවිල්ලෙන් ඉන්න.රෙපෙයා වලට ආවම ඉක්මනට සුපිරියට කරල දෙන්න.දන්නෙ නැති කෙනෙක් ආවම උන්ගෙන් කඩාගන්න හදන්න එපා සදාරනව බිස්නස් එක කර්න්න.පුලුවන් නම් උදේට ආවම බුදුන්ට පාන තියන්න.කඩේ වෙන කෙනෙක් යටතෙ තිබ්බට පොඩ්ඩක් අවිල්ල හොයල යන්න.මේ ටික කලේ මමනෙ කියල සතුටු වෙන්න.මිනිස්සුන්ව අන්ඳල පාට්ස් දාන්න යන්න එපා අමරුවෙන් හම්බ කරන දේනෙ උනුත්.20-30ක පඩියක් අරන් අමරුවෙන් ලමයට පරන කම්පියුටරයක් ගන්න ආවම උන්ව අඳන එක බලු වැඩක්නෙ.මම නම් සමහර වෙලාවට ෆෝමැට් වලට පොඩි උන්ට ගේම් එකක් දාල දෙන්න හෙම දුප්පත් පොරක් කියල පේනව නම් සල්ලි ගන්නෙ නෑ.මොකෝ ඉතින් අතින් දෙයක් යනව ඈ.
පොඩි එකෙක් ආසවට බඩුවක් ගන්න තාත්තත් එක්ක හෙම අවිත් සබ් එකක හෙම ගනන් අහල මූල කලු කරගෙන යන්න හැදුවම තවත් සමන්ය ගානටත් වඩ අඩු කර්ල දෙනව ඉතින් පව්නෙ.අපි ඒ කාලෙ කොහ්ච්චර ඕවට ආසද.එහෙම කියල මම වෙස්සන්තර වෙන්න යන්නෙත් නෑ මොකද අපි කරන්නෙත් බිස්නස් එකක්නෙ.යලුවෙක් හෙම ආවොත් ඉතින් අනිවා අඩු කර්නව.වයිරස් ගාඩ් එකක් හෙම දාල දෙන්න කිව්වම ඕවට සල්ලි ගන්නෙ නෑ අවාස්ට් දාන්න සල්ලි ගන්නෙ මොකටද හික්z.අනිත් තැන් නම් ඉතින් හෙනට සල්ලි කඩාගන්නව ඕවට මේ පැත්තෙ.පන්ඩිතයෙක් ඇවිල්ල අලි ටෝක දැම්මොත් නම් ඔන්න යක නගිනව.කියන දෙයක් අහන්නෙම නැති උන් හෙම ඉන්නෙ.අන්න උන්ට නම් මොනව දැම්මත් 250යි-500යි.ලොල්

කොහොම හරි කමක් නෑ සාදාරනව, හදවතක් ඇතිව බිස්නස් එක කර්න්න.ඒතකොට මොනව නැතත් අපිට සැටිස්.මිනිස්සුත් ටිකෙන් ටික හරි එන්නෙ එතකොට.

දැන ගන්න තව දෙයක් තියේ නම් අහන්න.මගෙ පරන ත්‍රෙඩ් එක කියෙව්වෙ නැත්නම් බලන්නකො.
ආයෙ වෙලාව තියෙන වෙලාවක තව බිස්නස් එකක් පටන් ගන්න හැටි කරගෙන යන හැටි දාන්නම්.ජය වේවා.


5 Blog.Dilshan.me: February 2015 2013-08-16 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි. අදහස් ප්‍රකාශ කිරීමට :  http://www.elakiri.com/forum/showthread.php?t=1572190 මගේ දියු...

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

2013-08-11 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි.
අදහස් ප්‍රකාශ කිරීමට : http://www.elakiri.com/forum/showthread.php?t=1571296

මම ලොකු ත්‍රෙඩ් නම් තාම ලියල නෑ.මේක මම කාලෙක ඉඳන් ලියන්න හිටියෙ හවස ෆ්‍රී වෙලාවල් වලට.හැමෝටම මෙකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි සමහරුන්ට නම් වැඩකුත් නැති වෙයි ඒත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලයි මේ ලියන්නෙ.
මුලින්ම කියන්න ඕනි මාත් මේව මේ පටන් ගත්ත විතරයි තාම සල්ලි කාරයෙක් නම් නෙවේ.මම මේ ලියන්නෙ මගේ අත්දැකීම් ටික.තාම මට වයස 20යි නොවෙ.

වයස 20-21 වෙනකොට අපි ගොඩක් අයට ඉතින් ඕනි සල්ලි හම්බ කරන්න.සමහරු නම් ඉන්නව ඉගෙන ගන්න මාර ඇම්මක් තියෙන අය.ඒත් මමත් දන්න අයගෙන් නම් ගොඩක් අයට ඕනි හම්බ කරන්න.ඕන් මුලදිම කිව්ව පතලකින් හෙන ගලක් හම්බුනේ නැත්නම් වෙන ටුකුස් ගාල දියුනු වෙන්න සල්ලි හම්බ කරන්න විදි නම් නෑ (තියෙනවද දන්නෙ නෑ.මම දන්න තරමින් නම් නෑ)

මම දන්න විදිහට සල්ලි හම්බ කරන්න නම් දඩ ඇම්මක් තියෙන්න ඕනි ඒකට.මම ඒකට කතාවක් අහල තියේ.
"ඔබේ මූන කවුරු හරි වතුරක ඔබල තද කරගෙන ඉන්නව කියල හිතන්න.ඒතකොට ඔබට ඕනි වෙන එකම දේ ඔලුව අහකට ගන්න එක.ඔබ දියුනු වෙන එක ගැන ආන් ඒ තරම් ඇම්මකින් හිතන්න ගත්තොත් ඔබට දියුනු උනෑකි."

එක එක පොත් නම් තියේ දියුනු වෙන එක ගැන වැඩේ කියන්නෙ ඉතින් ඔය එකකවත් කරන්න ඕනි එව නෑනෙ සල්ලි කොල ඉම්බින්න කියලයි උදේ හවස බිත්තියෙ ලියාගෙන ඕක දිහා බලන්නයි වගේ කතානෙ ඕවල තියෙන්නෙ.

මම මේ කියන්න යන්නෙ ප්‍රායෝගික වගේම කරන්න පුලුවන් දේවල් ගැන.

මෙහෙම දෙයක් තියේ හැබැයි.මේ දේවල් වලට අඩුම ගානෙ ලක්ශ 1-2ක් වත් අතේ තියෙන්න වෙනව (මැනික් බිස්න්ස් එකේදි ඇරෙන්න) .ඒක එක්කො ගෙදර අයගෙන්,යාලුවො කීපදෙනෙක් ගෙන්,බැන්කු නයකින්,නැත්නම් කාලයක් පොඩි ජොබ් එකකට ගිහින් වගේ දෙයක් කරල එකතු කරගන්න වෙනව.
දෙය්යනේ කියල මට නම් ගෙදරින් පොඩි මුදලක් ඉල්ලගන්න පුලුවන් උනා.

හරී.දැන් සබ්ජෙක්ට් එකට බහිමු.

මම සල්ලි හම්බකරන්න කියල ඉස්සෙල්ලාම කලේ මැනික් බිස්න්ස් එකට බහින එක.ඒකට හැබයි රත්නපූරේ වගේ කෙනෙක් වෙනව නම් ගොඩක් ලීස්යි.අතේ රුපියල් 1000ක් තිබ්බත් පටන් ගන්න පුලුවන් බිස්න්ස් එකක් තමා මැනික් කියන්නේ.1000ක් ඕනිත් නෑ අඳුනන මැනික් කාරයෙක් ඉන්නව නම් 'ඊරට්ටු' (මේ නම ශුවර් නෑ මොකද එක එක්කෙනා ඕක එක එක විදිහට කියනව )කරල ඒ 1000 හොයාගන්න පුලුවන්.
ඕනි කෙනෙක්ට රු5000ක්-10000ක් නම් හොයාගන්න පුලුවන් නෙ මුලින්ම.
මැනික් බිස්නස් එකේ හැබැයි මැනික් ගැන දැනීමක් තියෙන්න ඕනි.එකට මැනික් අතපත ගාන්න වෙනව.මේ වැඩේ එකම ඩවුන්සයිඩ් එක තමා මැනික් ගැන ඉගෙන ගන්න බිස්නස් එකේ ඉන්න කෙනෙක් අල්ලගන්න වෙන එක.ඒක තැපැල් මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන් එකකුත් නේමේ මාකට් එකට බහින්නම ඕනි.

මැනික් සංස්ථාවෙ 'කලර් ග්‍රේඩින්' කියල කෝස් එකක් තියේ අන්න ඒකෙ නම් මැනික් මිල කිරීම සාමන්යෙන් කියල දෙනව රු.10 000ක් විතර යනව හැබැයි කෝස් එකට.ඒක විතරක් නෙමේ මැනික් පැත්තෙන් යනව නම් ඒකෙ ගොඩක් කෝසස් තියේ.

ඉස්සෙල්ලාම ලොකු ලොකු ලාබ නම් හොයන්න බෑ මැනික් කරල.මම තාම පටන් අරන් අවුරුද්දක් විතර වෙලත් ලොකු ලාබ නම් හොයල නෑ .ලක්ශ කෝටි ගනන් ලාබ එක පාර හොයන්න නම් පතල් කාරයො එක්ක කන්ටැක්ට් තියෙන්න ඕනි.හොඳ දැනුමක් වගේම කපටිකමත් ටිකක් හරි ඕනි.එහෙම කන්ටැක්ස් හදාගන්න පිනයි දක්ශතාවයි මත අවුරුදු 3-4 ක් නම් යනව

පතල් කට්ටිය අල්ලගන්න කලින් මේ ෆීල්ඩ් එකට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් හම්බ කරන්නෙ කොහොමද කියල කියන්නම්කො.
මෙහෙමයි ගල් මිල කරන් හැටි නම් අහන්න ඒපා ඊක ආ මෙහෙමයි කියල කියන්න පුලුවන් එකක් නෙමේ.සති 3-4ක් ගල් ටිකක් අත පත ගානකොට වැඩේ ඇල්ලෙනව.ඒකට ගල් දන්න කෙනෙක් එක්ක ලඟට වෙලා ගල් ගන්නකොට විකුනනකොට ඉන්න ඕනි.
ඉස්සෙල්ලාම පොඩි පොඩි දලම් ලොට් (වැඩිය වටින්නෙ නැති ගල්) අරන් විකුනන්න ඕනි පොඩි පොඩි ලාබ වලට.ඒට පස්සෙ ශේප් එකේ ගල් ගැන ඉගෙන ගන්න ගමන් ටිකෙන් ටික ලොකු ගල් ගන්න ඕනි.ඒට පස්සෙ අතේ කීයක් හරි රන් වෙනකොට පුලුවන් ගල් වලට ත්‍රීට්මන්ට් කරන්න ගන්න.ඒ කියන්නෙ ගල් පුච්චන්න.

සමහර ගල් තියේ පිච්චුවම නිල් මැනික් වෙන්නෙ (වටිනම මැනික්) රු ලක්ශෙට ට අරන් පින තියේ නම්, පිච්චුව කෙනාත් දක්ශයෙක් නම් අපිත් හරියට ගල මෙහෙම මෙහෙම ඒ කියල ටාගට් කරල වැඩේ හරි ගියොත් ලක්ශ 20 ට උනත් ගල වටින්න පුලුවන්.පට්ට ලක් එකක් තියේ නම් ඒටට් වඩා උනත් වටින්න පුලුවන්.
ඒ වගේම තමා අනිත් පැත්තත්.මම ඉස්සරහම උන එකක් මේ.කෙනෙක් ලක්ශ 110ක් වටින් ගලක් පුච්චල ඒක අස්සෙ බබල්ස් තිබිල (ගලක් අස්සෙ වායු බුබුලු තිබිල පිච්චුවොත් සොරි ඩොට් කොම්) ගලට කෙල වෙලා වටින්නෙ ගල ලක්ශ 15ක් විතර.හොඳ වෙලාවට ඒ මනුස්සය සල්ලි කාරයෙක් වෙනින් එකෙක් නම් වහ බොනව.
මේකයි හැම ගලක්ම පිච්චුව කියල ලක්ශෙ ගල් ලක්ශ 10-20 වෙන්නෙ නෑ.ඒත් සාමන්යේන් ලක්ශෙක ගලක් පිච්චුවොත් ලක්ශ 1.2, 1.5 වගේ නම් ශුවර්.ඒකට හැම ගලක්ම හරියන්නෙත් නෑ.අනික පුච්චන්න දවස් 3 ඉඳන් මාස 2-3 ක් වගේ කාලයක් යන්න පුලුවන්.ඒ නිසා සමන්යෙන් ගල් පුච්චන්නේ සල්ලි හිර කරල තියන්න පුලුවන් අය.
කොහොම හරි මාසෙට හොඳ ගල් 4-5ක් අරන් පුච්චගත්තොත් 40 000-60 000ක් ශුවර්.
දැන් කට්ටිය හිතන්න එපා යකෝ මේක මාර ලීසියි නෙ කියල.හිතන තරම් වැඩේ ලීසි නෑ.අනික මැනික් කාරයෙක් උනාම මාර වියදම් තියෙන්නෙ.
කොහොම හරි හරියට ගේම ගැහුවොත් මාස 6-7 කින් මාසෙට 40කට වඩා අනිවා හොයන්න පුලුවන්

මමයි තව යලුවො දෙන්නෙකුඉ එකතු වෙලා තමා දැන් මැනික් බිස්නස් කරන්නෙ.අපේ ගෲප් එකේ නම iGems.



මේ ගැන කට්ටියට ඉන්ටරෙස්ට් එකක් තියේ කියල පෙනුනොත් මම මේ ගැන ලොකු විස්තරයක් දාන්නම්කෝ.දැනට මැනික් ගැන ඔය ඇති වගේ.

මේ ගැන උදව්වක් හෙම ඕනි නම් මට කියන්න පුලුවන් උදව්වක් කරනන්ම්.

ඔන්න ඉතින් මම ඕකෙන් මාස කීපයකින් ගානක් හොයාගත්තා.ඒට පස්සෙ මම කලේ ගෙදරින් අරන් දුන්න බයික් එක වික්ක එක.කොහොමත් මම හය්යෙන් යනව කියල හරියට කේස් ඇදිල තිබ්බේ,අරන් දැම්ම සල්ලි ටික කොමශල් එකට කීයක් හරි එකතු වෙයි කියල.

මැනික් ගැන කතාව ඉවර වෙන්න කලින් කියන්න ඕනි දැන් මම පතල් දාන්නයි ඉන්නෙ.මිනිස්සු දෙතුන් දෙනෙක් දන්නව නම් මැනික් තියේ කියල දන්න ඉඩම් වල (පතල් කපන අය දන්නව ) අයිතිකාරයන්ට පන්ගුවක් තියලා දාන එකයි තියෙන්නෙ.තාම වැඩේට බැස්සෙ නෑ තාම හොඳ පතල් නඩයක් සෙට් උනේ නෑ.

දැන් ආයේ බයික් සීන් එකට.
ඒට පස්සෙ මට ඕනි උනා මොකක් හරි අලුත් දෙයකට අත ගහන්න.මගේ යාලුවෙක් කලා මැනික් සන්ස්තාවෙම කස්ටියුම් ජුවලරි කියල කෝස් එකක්.ඒ කියන්නෙ ඔය එක එක කෑලි අමුනල මාල හදන එක.අලුත් දෙයක් ඕනිත් නිසා අයිඩියා එක මිනිහට දාල පටන් ගත්තා ජුවලරි හදන්න.මේන්න මේ වගේ එවා.

(මෙන්න මේ වගේ එව්ව කිව්වෙ මේ පල්ලෙහ තියෙන්නෙ අපි හදපු එව්ව තමා.අපි කියන්නෙ ඉතින් මායි යාලුවයි.සයිට් එකෙන් ගත්තෙ.සයිට් එක දැම්මෙ නෑ ස්පෑම් කියල මැරේයි මෙතන )



මේකට ලොකු දෙයක් නෑ.පිටකොටුවෙන් බඩු ටික ගත්තා.ඇමිනුවා.
බොක්ස් එකේ ඩිසයින් එක ග්‍රැෆික් වැඩ කරන තැනකට දුන්නම ටුකුස් ගාල හදල දුන්න.වැඩේට අපි යට කලේ 20 000යි.එකට එකක් ලාබ තියේ.දැයට කිරුල එකට 20ක් යැව්වා ඔක්කොම වික්ක.එකක් 500 ට තමා අපි දුන්නෙ හදන්න යන්නේ 250යි.
වැඩේ නැගල ගියත් පොඩ්ඩක් නවත්තන්න උනා මෙහෙ පාරවල් පලල් කරන්න ගත්ත නිසා අනිත් යාලුවට ගොඩක් කේස් ගිහින් කඩවල් හෙම කැඩුන නිසා.ඒ යලුවගෙ අම්මල කරන්නෙ ගෝල්ඩ් ජුවලරි ශොප් එකක්.ඒකටම වැඩට ගන්න අය ලව්ව මාල හදන්නයි අපි හිටියේ.එක මාලෙකට රු 50ක් වගේ දුන්නම ඇති.දැන් ආයෙ තව මාසෙකින් විතර අපි වැඩේට බහිනවා ආයේ.ඉස්සෙල්ලම මේ පැත්තෙ කඩවල් වලට බඩු දාන්නයි අපි ඉන්නෙ.

මැනික් ගැන කතාව ඕනිවට වඩා දිග වැඩි වෙලා කට්ටියට බොරින් උනාද දන්නෙ නැති නිසා කෙටියෙන් ලියන්නම්කො ඉතුරුවා.

ඔන්න ඒක මේ ටිකේ නතර උනා නිසා සල්ලි කාරයෙන් වෙන්නත් අලි ඇම්මක් තියෙන නිසා මම බැලුවා තව කොහොමද දියුනු වෙන්න පුලුවන් කියලා.

අහ්.තව කියන්න ඕනි ශෙයාමකට් එකේ සල්ලි දාල ගානකට කෙලෝ ගත්තා ඒකට නම් සල්ලි දාන එක මෝඩ කමක් (පොඩි මුදලක් යොදෝන එක ) මට හිතෙන විදිහට නම්.

ඊ ලඟට අත ගැහුව ග්‍රැෆික් ශොප් එකකට.ඔන්න දැන් ඒකක් දාන්න හෙන අයිඩියා.ඉස්සෙල්ලාම මැශින් ගන්න නම් මටම කියල සල්ලි නෑ.අයි අප්ප ලක්ශ 4යි 5යි 10යි 30යි මැශින්,මේ පැත්තෙ ලොකුවටම කරන ඩයල් ටිකකුත් ඉන්නව.ඉතින් වෙන්නෙ එහෙම තැනක් දැම්මොත් ඒයාලට එන වැඩ එයාලට බිසි නිසා ඉක්මනට ඕනි කියල එන අයගෙ වැඩ කරන්න තමා.තාත්තා වැඩේට ඉන්වෙස්ට් කරන්න හැදුවත් මම කැමති උනේ නෑ (එයත් එක්ක බිස්න්ස් බෑ අම්මොහ් ඒට වඩ හොඳා හිඟාකනව ) ඔන්න ඉතින් එන වැඩ වෙනින් තැන් වලට දීල කරන්න තමා ප්ලෑන් කලේ.ආ මේක නිකන් මගේ ජීවිත කතාව වගේ වෙලා නේද.
මෙහෙමයි ඔයාලටත් පුලුවන් ග්‍රැෆික් ශොප් එකක් පොඩියට පටන් ගන්න.කම්පුටරයක් තිබ්බම ඇති.කරන්න තියෙන්නෙ ග්‍රැෆික් වැඩ බාරගෙන ඒක කරල ප්‍රින්ට් කරන තැනට දීල ප්‍රින්ට් කරල ගානක් අපිටත් තියාගෙන දෙන එක.ඉතින් දැන් ඔයල හිතයි ඉතින් මිනිස්සු අපි ගාවට එන්නෙ මොකෝ කෙලින්ම ප්‍රින්ට් කරන ලොකු තැනකට දෙනවනෙ කියල.නෑ ග්‍රැෆික් එක කරන්න යන ගාන අපේ අඩුඉ නම් වැඩේ පට්ට නම් ඉක්මන් නම් එච්චරයි.මොකද ලොකු ලොකු සමහර තැන් වල ඕව ගන්න ගොඩක් වෙලා බලා ඉන්න ඕනි.ඉතින් අපිට වැඩේ ඉක්මනට පට්ටෙට කරල දෙන්න පුලුවන් නම් හරි.

එහෙම ග්‍රැෆික් ශොප් එකක් දාන්නෙ කොහොමද?
ඉස්සෙල්ලාම ඒකට ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනි එහෙනම් නැත්නම් එහෙම යලුවෙක් හොයා ගන්න ඕනි (පඩියට ගන්න ඉතින් සල්ලි නෑනෙ.තියේ නම් ඉතින් ගන්න.මම මේ කියන්නෙ පොඩියට මුල අඩියෙන් පටන් ගන්න හැටි )
ඒට පස්සෙ තැනක් ඕනි.ගමක නම් ගෙඩර සාලෙ හරි කරන්න පුලුවන්.ඒට පස්සෙ වැඩේ ටක් ගාල ටවුමට දුවල කරල දීල.ඒත් හොඳම් දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ.
ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න අපි ග්‍රැෆික් පොරක් තමා කියල.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.ලැලි කෑලි හරි ගහල වැඩේ අඩුවට කරගන්න තියෙන්නෙ.දැන් ඕනි කම්පුටර් එකක්.ඒකක් ඉතින් ඕනි එකෙක් ගාව තියේනෙ.ඒට පස්සෙ ඕනිම එකක් තමා ප්‍රින්ටර් එකක්.5000ක් වෙයි.
ඔයාලටම කියල ප්‍රින්ටින් මැශින් එකක් ගන්න ඩුප්ලෝ එකක් ගන්න සල්ලි නැත්නම් කරන්න තියෙන්නෙ ඕව කරන තැනකට දීල ගහගන්න එක.අර මම කිව්ව වගේ කට්ටිය නම් අනිව එනව.පොඩි උනට කමක් නෑ.

අනික තමා කියන්නම ඕනි දේ තමා අය්යෝ හරියන්නෙ නෑ බිස්නස් නෑ කියල වැඩේ අත අරින්න එපා ඉවසන්න නම් වෙනව.

දැන් ඉතින් තියෙන්නෙ දෙය්යනේ කියල මැශින් එකක් ගන්න හෙමින් හෙමින් සල්ලි එකතු කරන එක.

ශොප් එකක් ගැන කියනකොට මග ඇරුන.සමහරු කීමනි (රෙන්ට් එකට ගන්නකොට කීයක් හරි ඇපේට තියන්න වෙනව ඔයලා තැනට හානියක් කලොත් කපාගන්න ) අවුරුද්දක ඉල්ලනව.ඒක අඩු කරගන්න බලන්න.සමහරු නම් දෙය්යනේ කියල ගන්නෙ මාස 3-4 ක.රු 5000 ශොප් එකක් සෙට් උනොත් ඒ කියන්නෙ තියන්න ඕනි 15-20ක්.ඒ ගාන ඉතින් ඔයලා මොකුත් හානියක් නොකලොත් බිල් ටික ගානට ගෙව්වොත් වෙනින් තැනකට යනකොට අනිව ලැබෙනව.
අනික තමා කරන්ට් බිල.ඒකට 1500-2000ක් අනිවා වෙන් කරන්න.පොඩි තැනක් නම් (ලොකු ප්‍රින්ටර් මැශින් නැති ) ඒ ගානව එනව.

දැන් ඉතින් දෙය්යනේ කියල වැඩේ කරගෙන යන එකයි තියෙන්නෙ පොඩි ලීෆ්ලට් ටිකක් හෙම බෙදල.කාඩ් ටිකක් බිල් ටිකක් ප්‍රින්ට් කරල ක්ලාස් කරල් සර්ල මිස් ල ටිකක් අල්ලගෙන.අම්මල තාත්තල දන්න මිස් ල සර් ලට කියල.

අනික තමා මැශින් නැත්නම් තනියෙන් නැතුව තව කවුරු හරි (සහෝදරයෙක් එක්ක හරි ) එක්ක කරන් එකයි හොඳ මොකද ප්‍රින්ට් කරන්න දෙන්න වෙනින් තැනකට යන්න වෙන නිසා ඒතකල් කඩේ වහල තියන්න වෙනවනෙ.කඩේ දවල් වෙලාවට නම් අඩුවෙන් වහන තරමටම තමා හොඳ මොක්ද මිනිස්සුන්ට කඩේ හිටපු ගමන් වහනව කියල මීටර් උනොට් කේස්.
අනික තමා මෙහෙ කෙරෙන දෙයක් තමා ඈත ගනන් අඩු තැන් අවලින් ප්‍රින්ට් කරගත්තොත් ඒ බඩු ගේන්න යනව කියන්නෙ අලි කට්ටක් නෙ.ඉතින් කරන්නෙ අඳුනන බස් එකකට දාන්න කියන එක.

ආහ්.කම්පුටර් ශොප් එක වහන්න වෙලාව හරි.



අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල.

මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා.
තව මාත් මේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.මම මේ කියල තියෙන ඒවලත් ඉතින් ගැඹුරටම දන්නෙ අනෙ.මම තව අත ගහන්නෙ ඉන්නෙ මැනික් එක්ස්පෝට් ගැන, කොරියාවෙන් කම්පියුටර් ඉම්පොර්ට් කරන වැඩේට, ඒජන්ට්ශිප් ගන්න එකට, මොටර්බයික් රෙන්ට් කරන තැනක් දාන්න වගේ දේවල් ටිකකට.ඉස්සරහට ඒ ඒ දේවල් පට ගත්තම දැනගත්තම ඒව ගැනත් කියල දෙන්නම්.

කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ.
දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල.

මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා.



කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ.
දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.
දියුනු වෙන්න බොක්කෙන්ම ඕනි ඕනි කෙනෙක්ට මම පුලුවන් උපරිම සප් එකක් දෙහ්න්නම්.විකාර ලියල කාගෙ හරි කාලෙ කෑව නම් සොරි වෙවා.


ප.ලි: දැන් මෙහෙම අමුතු ඇම්මකින් දියුනු වෙන්න හැදුවට මම ඉස්සර කම්පියුටර් පිස්සෙක්.පොඩිම කාලෙ ආර්ට් වලට පිස්සෙක්.සහතික 60-70ක් තියේ.ලොකෙන්ම දෙපාරක් 3 වෙනිය උනා.ලන්කාවෙන් නම් හෙන පාරක් පලවෙනිය උන.ටෙලිකොම් එකේ පිටකවරෙ කැලැන්ඩර් වල ඇඳපු එව ගියා.ටීවී එකේ ප්‍රෝගර්ම් වල හිටියා බ්ලා බ්ලා.
පස්සෙ චිත්‍ර අත ඇරල කම්පියුටර් සබ්ජෙක්ට් එකට බැස්ස.ඊ ස්වභිමනි (අර ජනදිපති කර්යාලෙන් තියන්නෙ ) එකෙන් සම්මනත් හම්බුනා කම්පැනි එක තරඟ කරල දිනල. මැන්තන් ඇවොර්ඩ්ස් වලට දෙපරක් ශෝට්ලිස්ටඩ් උනා, සින්හල චැට්බොට්ල, සින්ග්ලිශ් කන්වටර් හෙම ගැහුවා,සින්හල බ්ලොග් පටන් ගත්ත කාලෙ (ඔය බයිස්කෝප් එල් කේ එක අයිති ඉසිර අය්යල එක්ක හෙම පටන් ගත්තෙ මුලදි එයගෙ බ්ලොග් එකට තියෙන කලෙ සප් එකක් දුන්න ඒවටත් )
මම දෙපාරක්ම ඒලෙවල් ෆේල් ඕන්.එක පාරක් මැත්ස් වලින් අනිත් පාර කොමර්ස් වලින්.හික්z.
කොහොම කොහොම හරි අයි ටී සයිඩ් එකත් එපා උනා දැන් දැන් ඉතින් බිස්නස්.



5 Blog.Dilshan.me: February 2015 2013-08-11 මා Elakiri.com හි ලියූ ලිපියක් ඇසුරුනි. අදහස් ප්‍රකාශ කිරීමට :  http://www.elakiri.com/forum/showthread.php?t=1571296 මම ලොකු ...
< >