+ -

Pages

Operation WANNI , 3D සිංහල පරිගණක ක්‍රීඩාව

මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් නොමිලයේ බාගත කරගන්න පුලුවන්.

මේක ලන්කාවේ යුධ හමුදාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.

මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ. 
මේ තියෙන්නෙ Demo version එක.





මේ පරිගනක ක්‍රීඩාව ක්‍රීඩාකිරීමට අවම වශයෙන් ,

1 GB රැම් එකක්
1500 MHz+ ප්‍රොසෙසර් එකක්
500 mb ඉඩක්

අවශ්‍ය කරනව. Graphic Card එකක් අත්‍යාවශ්යම නෑ. ඒත් තිබ්බොත් 3D Experience එක වැඩි කරගන්න පුලුවන් වෙයි.




[ Mediafire | zip | 222 MB ]










5 Blog.Dilshan.me: August 2010 මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් නොමිලයේ බාගත කරගන්න පුලුවන්. මේක ලන්කාවේ යුධ හමුදාව කොටි ත්‍රස්තවාදීන...

Operation WANNI - 3D සිංහල පරිගණක ක්‍රීඩාව [ Trailer 2 ]

කට්ටිය දන්නවා ඇතිනෙ මගෙ OPERATION WANNI [ වන්නි මෙහෙයුම ] පරිගනක ක්‍රීඩාව ගැන.

මෙන්න OPERATION WANNI එකෙ අලුත්ම Trailer එක.






direct link - http://www.youtube.com/watch?v=Oso2As9rqvY

කට්ටියගේ අදහස් , එකතු කරන්න ඕනි ඒව , අය්න් කරන්න ඕනි එව්ව , අරව මෙව්ව කියල යන්න අමතක කරන්න එපා.

හැමදාම කලා වගේ මේකත් මම දෙන්නෙ නොමිලය , මට ලැබෙන එකම ගෙවීම තමා ඔයාලගෙ කමෙන්ට්ස්. ඒ නිසා පොඩි කමෙන්ට් එකක් හරි දාල යන්න.

බොහෝම ස්තූතියි!

ආ තව එකක් , මෙන්න මගේ අලුත්ම වෙබ් අඩවිය [ බ්ලොග් අඩවිය :) ] [ www.slGames.org ]
Domain එක අරන් දුන්න එලකිරි.කොම් එකෙ Mohomed Hishan අය්යට විශේෂ ස්තූතිය !
5 Blog.Dilshan.me: August 2010 කට්ටිය දන්නවා ඇතිනෙ මගෙ OPERATION WANNI [ වන්නි මෙහෙයුම ] පරිගනක ක්‍රීඩාව ගැන. මෙන්න OPERATION WANNI එකෙ අලුත්ම Trailer එක. direct ...

මේජර් X - මූලාරම්භය [ මගෙන් තවත් 3D සින්හල FPS පරිගනක ක්‍රීඩාවක් ]

මෙන්න මගෙන් තවත් පරිගනක ක්‍රීඩාවක් , "මේජර් X - මූලාරම්භය" [ Major X - The Origin ]

මේකෙ කතාව ගත්තොත් ,




" 2058 දි ලංකාවෙ සිංහ රෙජිමේන්තුව පරීක්ශන්යක් කරන්ව සුපිරි සොල්දාදුවො හදන්න. මේකට මූලික වෙලා වැඩ කරන්නෙ මහාචාර්‍ය Laz.

කොහොම හරි මේ ගොල්ලන්ට පුලුවන් වෙනව මේ සොල්දාදුවො හදන්න. ඒ උනාට එයාලට බැරි වෙනව ඒ ගොල්ලන්ව පාලනය කරන්න.


ඒ මහාචාර්‍ය Laz හොයා ගන්නව මේ ගොල්ලන්ව පාලනය කරන්න ක්‍රමයක්. මේකෙන් ප්‍රයෝජය ගත්ත මහාචාර්‍ය Laz ඒයාගෙ වාසියට මේ සුපිරි සොල්දාදුවො යොදාගන්නව. එයා මේ සොල්දාදුවන්ව පාලනය කරමින් කඳවුරේ පාලනය ගන්න හදන්ව.

මේ වෙනකොට ජෙනරල් DragonD [ කවද මේ ..... ? ] එයාගෙ උපරිම බලය පාවිච්චි කරල බොහෝම අමාරුවෙන් මහාචාර්‍ය Laz ඇතුලු පිරිස පාලනය කරගෙන ඉන්නෙ. ජෙනරල්ට බැරි වෙනව මේ පිරිස මදනය කරන්න.

ජෙනරල් DragonD දන්නව මේ වගෙ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් එකම සොල්දාදුවයි ඉන්නෙ බව. ඒ කිසි කෙනෙක් නම නොදන්න , X කියා පමනක් හඳුන්වන , අති දක්ශ මේජර් X

ජෙනරල් DragonD , මේජර් X ට මේ මෙහෙයුම බාරදෙනව [ ක්‍රීඩකයාට ]. මුලු හමුදාවේ , සමහර විට මුලු ලංකාවේම අනාගතය තීරනය වන්නෙ ඔබ මත. "


මේතනින් ක්‍රීඩාව ආරම්ඹ වෙනව.....



මගේ වෙනත් ක්‍රීඩා වලට වඩා මෙහි ඇති අලුත් දේ ,

1.ආරම්ඹ වූ මොහොතේ සිට වෙඩි තබා ගැනීමට වඩා වෙනස් ක්‍රීඩාවක් වීම.

2.හතුරන්ගේ හා මිතුරු පාර්ශවන්ගේ කටහඬ හොඳින් ශවනය වීම

3.තෝරා ගැනීමට අති විශාල ආයුද ගනනක් පැවතීම [ මේ සඳහා ඔබට හතුරන්ගේ ආයුධ ගබඩාව අත්පත් කර ගැනීමට සිදුවේවි ]

4.මෙහෙයුම් 3 ක් පැවතීම [ මගේ පරන ක්‍රීඩා වල වූවේ 1 මෙහෙයුමක් බැගින් පමනි ]


5.නවීන පන්නයේ ආයුද

6.ලෝඩ් වීමට යන කාලය අඩු වීම

7.මෙහෙයුමක් අවසාන කිරීමට එක මාර්ගයකට වඩා ක්‍රම තිබීම


ඔයාලම ටෙස්ට් කරල බලන්න. ඔයාලගෙ අදහස් ලියන්නත් අමතක කරන්න එපා. ඔයාල කොමෙන්ට්ස් දැමීමෙන් තමා මට කරන්න පුලුවන් ලොකුම උදව්ව කරන්න පුලුවන් වෙන්නෙ.




EDITED -මෙහි විශාල බග් එකක් ඇති බව වාර්තා වී ඇත.
ඒ නිසා දැනට මෙය බාගත කර ගැනීමෙන් වලකින්න [ සමහර අයගේ වැඩ කර ඇත ]
මම හැකි ඉක්මනින් බග් එක ෆික්ස් කර අප්ලෝඩ් කරන්නම්.




link :-removed / will be added soon


මගේ පරන ක්‍රීඩා


1. ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම
2. හොල්මන් අඩවිය


මේන්න මම පොඩි trialer එකක් හැදුව.මේ නම් චා වගේ. හදල අප්ලෝඩ් කලාටත් පස්සෙ චා කියල හිතුනෙ. හොඳ එකක් හදන්න ඕනි.







5 Blog.Dilshan.me: August 2010 මෙන්න මගෙන් තවත් පරිගනක ක්‍රීඩාවක් , "මේජර් X - මූලාරම්භය" [ Major X - The Origin ] මේකෙ කතාව ගත්තොත් , " 2058 දි ලංකා...

ශ්‍රී ලන්කාවේ පලමුවැනි 3D හොල්මන් [ Horror ] පරිගනක ක්‍රීඩාව , මගෙන්

ගොඩක් අය දැන් දන්නවා ඇති , මම ලන්කාවේ 4වැනි 3D FPS ගේම් එක හැදුව කියල. මම හිතුව ලන්කාවෙ තාම හදල නැති ජාතියෙ එකක් හදන්න. ඕන්න මම හැදුව හොල්මන් එකක්. මේක ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම එකට වඩා 4 ගුණයක් විතර මැප් එකක් තියෙනව. ඒකට වඩා සංකීර්ණ බවෙනුත් වැඩියි.

ඉස්සේල්ල එකට හම්බ උන ප්‍රතිචාර නිසා මම මේක නිදි මරාගෙන හැදුවෙ. laptopඑක ගාවින් නැගිට්ටෙම නැති තරම්.

[1 මිශන් එකයි තියෙන්නෙ]
--------

මේකෙ කතාව ගත්තොත් ,
ඔයා යනවා පාලු මන්දිරයකට ඒකෙ තියෙනවා කියන රත්තරන්  ගන්න.ඒ උනාට ඔයා ගිය ගමන් දොර ලොක් වෙනව.ඔයා අතේ තියෙන්නෙ පරන ශොට් ගන් එකකුයි , උණ්ඩ 2 කුයි විතරයි.මෙත්නින් තමා ඔයාගෙ ගමන ඇරඹෙන්නෙ. මැරිච්ච මිනිස්සු ගෙනල්ල කන හොල්මන් මන්දිරයක තමා ඔයා මේ ඉන්නෙ. කාමර වලට ගියාම සමහර වෙලාවට ඔයා දන්නෙම නැතිව හොල්මනක් පිටිපස්සෙ ඉන්න පුලුවන්.අනික තමා මේකෙ යතුරු නැතිව ඉස්සරහට යන්න බෑ.ඒ නිසා මොන ලෝකෙන් හරි යතුරු නම් හොයාගන්න.[අමාරු නෑ].ඉස්සරහට යනකොට හොඳ හොඳ තුවක්කු හම්බවෙයි.
අන්තිමට ඉස්සරහ දොරේ යතුරයි ,රත්තරනුයි අරන් , ඉස්සරහ දොර ගාවට ඇවිත් ඒක ඇරල එලියට යන්න.එහෙම ගියොත් ඔයා දිනුම්.මෙකේ උපදෙස් පරන එකේ වගේ පෙන්වන්නෙ නෑ.කටින් කියනව.[මම තමා ඉතින් කියන්නෙ].ටිකක් ස්පීකරේ සද්දෙ දාගන්න.නැත්නම් හරියට ඇහෙන එකක් නෑ.

ආ , තව එකක් , රැම් එක අඩු නම් [ 512 Mb - 1 GB අතර නම් ] ලෝඩ් වෙන්න 1-5 විනාඩි යයි. මුලදි ටිකක් ස්ලෝව් උනත් පස්සෙ හරි යයි.මට මේක වෙනින් කාගෙවත් චෙක් කරන්න නම් බැරි උනා.මේ හදපු ගමන් තමා දැම්මෙ.ගේම් එක ඉස්සෙල්ල එකට වඩා ලොකු නිසා බග්ස් ටිකක් ඇති. මට නම් හම්බ උනේ නෑ තාම. ඒත් තිබ්බොත් මට කියන්න.


කතා ඇති. ඔන්න රස විඳින්න.



















.

මේක අප්ලෝඩ් වෙලා ඉවර උනු ගමන් ඊලඟ ගේම් එකෙ වැඩ පටන් ගන්නවා. දැන් මම මේකට ඇබ්බැහි වෙලාද කොහෙද.. එක අතකින් තමන්ට ඕනි විදිහට ගේම් එක හදල ඒක ගහන කොට පට්ට ආතල් එකක් තියෙනව [මේක මට ගොඩාක් කාලෙක ඉඳ තිබ්බ ආසාවක් , මමම ගේම් හදල මමම ගහන් එක]
ආ තව එකක් , මමයි , J යි "සුපිරි" ගේම් එකක් හදන්න ඉන්නෙ.දැනට ඒක රහසක්.හැබැයි ඒක හිතාගන්නවත් බැරි විදිහට සුපිරි වෙයි කියල අපි හිතනවා. Laz ඒකෙ video කටයුතු කරගෙන යනවා.


P.S -

කාට හරි ගේම් එකකට අලුත් අයිඩියා එකක් තියෙය් නම් කියන්න. එහෙමත් නැත්නම් මැප් එකට හොඳ ලේඅවුට් එකක් , එහෙමත් නැත්නම් හොඳ කතාවක් , එහෙම දෙයක් තියෙන්වා නම් මට කියන්න , ඒකට උදව්වක් විදිහට [ඔයා කැමතිනම්] ඔයාගෙ මූන තියෙන කැරැක්ටර් එකක් මම ගේම් එකට දාන්නම්.

උදා :- මේ ඉන්නෙ මගෙ අය්යා කෙනෙක් , එයා තාම දැක්කෙ නෑ , මිනිහ බොඩි බිල්ඩින් කරන්නෙ , මම මිනිහව චඩියෙක්ට ඇන්ඳුව , තාම දැක්කෙ නෑ , දැක්කම මාව මරයි ... [ ඉස්සර ඉඳන් ඩයරිය කියෝපු නැති අයට - මෙන්න ඒ අය්යා ගැන ]


 නැවත ලියමි,

උදේ උනා , වෙලාව රෑ 12.10 යි. මේ රෑ කියන්න ආවෙ මේකයි.මට නුවර යන්න වෙලා.[ ඉස්කොලේ නිවාඩු කාලෙ නිසා නෑදෑ ගෙවල් වල මංගච්චන්න ඕනි නෙ ] ඒ නිසා දවස් 2-3ක් යනකම් ඔයාලගෙ කොමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න වෙයිද කියල ශුවර් නෑ.ඒ උනාට ඔයාලගෙ සහය කොමෙන්ට්ස් හා ඒමේල් වලින් මට නොඅඩුව ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. ගිහින් එනකොට මොකක් හරි හදල ගේන්නම්.ලැප් එක බුදු වෙවා !
5 Blog.Dilshan.me: August 2010 ගොඩක් අය දැන් දන්නවා ඇති , මම ලන්කාවේ 4වැනි 3D FPS ගේම් එක හැදුව කියල. මම හිතුව ලන්කාවෙ තාම හදල නැති ජාතියෙ එකක් හදන්න. ඕන්න මම හැදුව හොල්මන...
< >